නාඩි සෙට් එක

Friday, July 5, 2013

රතු පාට ලේ

මේ නාඩිය කොටන්න ඉස්සරලා ප්‍රමුදි ළමයාට ස්තුතියි කියන්න ඕනේ.. මොකෝ ඒ ළමයා තමයි මේ අපූරු වැඩේට පලයන් කියලා මාව තල්ලු කලේ! හැබැයි එහෙම ටෝක්ස් දීපු එයානම් ඇවිත් හිටියේ නෑ...

Future Leaders Conference Season5 – 2013; Sri Lanka Unites නැත්නම් “එක්වෙමු ශ්‍රී ලංකා” සංවිධානය පස්වෙනි වරටත් සංවිධානය කරපු අනාගත නායකයන්ගේ සමුළුව!

ශ්‍රී ලංකාවේ හතර දිග්බාගයෙන්ම විවිධ ජාතින් නියෝජනය කරන පාසල් ළමුන් 500කත අධික ප්‍රමාණයක් එක තැනකට ගෙනල්ලා සාමය හෑ සංහිඳියාව පිලිබඳ ඔවුන් තුළ යහපත් ආකල්ප ඇති කිරීම තමයි මේ සමුළුවේ අරමුණ.

ගිය අවුරුද්දේ යාපනේ පැවතිච්ච මේ සමුළුව මේ සැරේ තිබ්බේ ගාල්ල සංඝමිත්තා පාසලේ. නාඩියා මේකට සහසම්බන්ධ උනේ ස්වෙච්චා සේවකයෙක් විදිහට.. අපිට තිබිච්ච වගකීම තමයි ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරන ළමුන් 25 විතර ඉන්න කණ්ඩායමක් හසුරුවන එකත්..ඒ අයට මග පෙන්වන එකත්..

අලුතින් හදපු high way එකේ උදේ රැයින්ම ගාල්ලට ගියා. ඒ යද්දිත් ලංකාවේ එහා කොනේ ඉදලා මෙහා කොනට එනකම් පාසල් වලින් එක එක හැඩයේ ළමයි එනවා. ලියාපදිංචි වෙනවා. කවුරු මොනවා කිව්වත් ළමයි ටිකක් කුලෑටියි වගේ.

කට්ටිය කතා බහ කරන්නේ තමන්ගේ ඉස්කෝලෙන් ආපු යාලුවෝ එක්ක විතරයි.. කොහොම කොහොම හරි teams බෙදුවා.. Badulla Braves, Colombo Chargers, Anuradhapura Avengers, Mathara Magicians, Galle Gladiators, Ampara Astros, Baticaloa Bandits, Gampaha Gators, Hambanthota Hurricanes, Jaffna Giants, Kandy Knights, Kegalle Kawhawks, Kilinochchi Kingsmen, Mannar Maestros, Mulathivu Mustangs, Polonnaruwa Pirates, Putalam Powerhouse, Rathnapura Rhinos, Trinco Titans, Vavniya Vikings  වගේ නම් වලින් මේ teams හැදින්වුනා. එක ටීම් එකක හැම ජාතියක්ම නියෝජනය කරන සිසුන් හිටියා.

පලවෙනි දවස ඉවර වෙද්දී නාඩියාට නම් හිතුනේ මේක මහා අභියෝගයක් විදිහට! මොකෝ ඒ ළමයි එකිනෙකා අවබෝධ කරගන්නේ හරිම හිමින් කියලා මට හිතුනා. මොකද කරන්නේ??

අපේ කණ්ඩායම උනේ Badulla Braves! මතී සහ දෙවන්ෂි; මාත් එක්ක හිටිය අනිත් ස්වෙච්චා සේවකයන් දෙන්නටත් ඒ හිතුවිල්ල ආවට කිසිම සැකයක් නෑ! හැබැයි මේ දවස් පහ ඉවර වෙද්දී මේ හැමෝම එකෙක් මෙන් සලකන සහෝදර පිරිසක් කල යුතුමයි...

නියමිත කාලසටහනක් ඇසුරින් වැඩසටහන ක්‍රියාත්මක උනා. තම තමන්ගේ කණ්ඩායම් එක්ක එකතු වෙච්චි පාසල් සිසුන් විවිධ ක්‍රීඩා වල නිරත උනා.

උන් ක්‍රිකට් ගැහුවා. දිව්වා..පැන්නා.. සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිලා ජිවත් වෙන්න හුරු වෙච්චි ළමයි එකම කණ්ඩායමක දිනුමක් ලබා ගන්න තමන්ගේ දහඩිය හෙලුවා. උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවා... “සහෝදරත්වය...”

අගවිනිසුරුතුමිය, හිටපු තානාපතිවරුන් ඇතුළු විශේෂ අමුත්තන් රැසක් මේ සහෝදරත්වයෙන් එක් වෙච්ච ළමයි බලන්න ආවා. ඒ අය එක්ක කතා කළා. ශ්‍රී ලංකාව තුළ නැවත යුධ අරගල ඇති නොවීමට වග බලා ගන්නා හැටි කියා දුන්නා.

අනාගත නායකයන් එක්ක ගාලු පුරවරේ ගෙවපු ඒ සුන්දර දවස් පහේ රැයවල් අමතක කරන්නම බෑ. රන්දීර්, දුෂ්යන්ත් වීරමන් වගේ ගායක ගායිකාවෝ රැසක් ඒ වේදිකාව ගීතවත් කළා හැමදාම! ශ්‍රී ලංකාවේ අපූරු විවිධත්වය විදහා පෙන්වමින් අපේ සහෝදර සහෝදරියෝ අත්වැල් අල්ලාගෙන නැටුවා.ප්‍රීති උනා.

මම ජිවිතේ ගත්ත අත්දැකීම් ඇතුලේ අපූරුතම අත්දැකීම් ගොන්නක් මේ දවස් 5 ඇතුලේ හැංගිලා තියනවා. ඉස්කෝලේ යන වයසේ ඉන්න විවිධ භාෂා කතා කරන විවිධ සමාජ මට්ටම්වල ළමයින් පාලනය කරන එක.. ඔවුන්ගේ අවශ්‍යතා හොයා බලන එක! ඇත්තටම අභියෝගයක්! 

විටෙක අභියෝගයක් වගේ පෙනුණු... ජය ගන්න බැරි ඉලක්කයක් වගේ පෙනුණු.. එකම රටක එකම මවකගේ දරුවන් වගේ අපි හැමෝම ජිවත් වෙන දවසක් ගැන බලාපොරොත්තු අපිට ආයේ තියාගන්න පුළුවන් කියලා නාඩියාට හිතුනා.

ශ්‍රී ලංකාව විවිධ ජාතින් සහයෝගයෙන් සාමදානයෙන් ජිවත් උණු රටක්. හැබැයි නිදහසෙන් පස්සේ අවුරුදු 65ක් ගත උනත් අපි තාම තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක්. ඇයි ඒ??? අවුරුදු 30ක් අපි යුද්ධයක් වවාගෙන කෑවා! ඊට කලින් ඉඳලම ජාතින් අතර විවිධ ප්‍රශ්න ඇති උනා. හැබැයි මේ දේවල් වලින් වාසි ගත්තේ පිට ඉන්න එවුන්!

අනාගතයේ අපේ දරුවන්ට “යුද්ධය” කියන වචනය ශබ්ද කෝෂයෙන් ඉවත් කරන්න වගකීම තියෙන්නේ අපිට! මේකට දේශපාලන විසඳුම්... විවිධ බැරෑරුම් කාරනා පස්සේ යන්න ඉස්සරලා අපි හිතන පතන විදිහ වෙනස් කරගන්නයි ඕනේ!

හිතන්න ඕනේ මෙච්චරයි!

“අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම රතු පාට ලේ!”

වෙච්චි කෙරිච්චි විදිහ බලා කියා ගන්න ෆොටෝ ඇල්බම් දෙක තුනක ලින්කු ඔන්න එබුවා!

     

24 comments:

  1. මේ වැඩේ නං සෑහෙන්න වටිනවා බං...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. ප්‍රසන්ටේෂන් නොතිබුනා නම් මාත් එනවා බං.කමක් නෑ මගේ වෙනුවට බොලාව යැව්වා නේ.
    අදටත් මම කියන්නේ මගේ ජීවිතේ ලස්සනම දවස් ටික තමා ගිය අවුරුද්දේ යාපනේ සතියක් තිබුන මේ කන්ෆරන්ස් එක.
    ඒ සහෝදරකම් ගැන කියන්න මට වචන නෑ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. ඒකනේ... ප්‍රසන්ටේෂන් බල්ලට දාල එන්න තිබ්බේ! :D

      Delete
  3. අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම රතු පාට ලේ!!!
    එච්චරයි..අපි හැමෝම ඔය ටික තෙරුම් ගන්න ඔනේ..කියවද්දිත් ආසයි නාඬියෝ..හොඳ වැඩක්!!සුභ පැතුම්!!

    ReplyDelete
  4. “අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම රතු පාට ලේ!”
    හැබෑමයි නාඩියෝ ....අපේ ඔක්කොගෙම ලේ එක පාටයි ..හොඳ නරක කියන දෙකම තියන මිනිස්සු ඒ හැම ජාතියක් අතරේම ඉන්නවා . මේ වගේ දේවල් කරන එක කොච්චර හොඳද .... අනාගතේ බාරගන්න ඉන්න ඒ පිරිසගේ මොළ වලට මේ සහයෝගය ,එකමුතුකම කා වද්දන්න පුලුවන්නම් ඒක හුඟක් වටිනා කාරණාවක් !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.. ඒ අය තමයි මේ දේ තේරුම් ගන්න ඕනේ... නැත්නම් ඉස්සරහ අඳුරුයි....

      Delete
  5. සෑහෙන හොද වැඩක්..... හැමෝටම දැනෙනවා නම් හැමෝගෙම ඇගේ දුවන්නේ රතු පාට ලේ කියල මේ ලෝකේ මිට වඩා සුන්දර වේවි.....

    ReplyDelete
  6. හැමෝම ඔය වගේ එකමුතුවෙලා එකිනෙකා තේරුම්ගන්නවනං දේශපාලන වාසි තකා මිනිස්සු බේද කරන අයට ඒදේ කරන්න පුලුවං වෙන්නෙ නෑ.

    ReplyDelete
  7. ඔයවගෙ අත්දෑකිම් නියමයි නෙ

    ReplyDelete
  8. උබ හරි නාඩියා අපි හැමෝගෙම ඇගේ දුවන්නේ එක ලේ

    ReplyDelete
  9. ඔව් අපේ රටේ ඇති වන හුඟක් ප්‍රශ්නවලට හේතුව ජාතීන් වශයෙන්, ආගමික වශයෙන් අපි එකිනෙකා තේරුම් නොගැනීම. එකිනෙකාට ගරු නොකිරීම. මේ වගේ වැඩසටහන්වලින්වත් අනාගත පරපුර මේ අභියෝග ජයගත්තොත්, අනාගතයේදිවත් අපිට රටක් විදියට ඉස්සරහට යන්න පුළුවන්වෙයි.

    ReplyDelete
  10. අඩේ මේකනම් මරු. දැක්කම ආසා හිතෙනවා

    ReplyDelete
  11. මේක නං සිරා වැඩක්. කොච්චර වියදමක් ගියත් මේ වගේ වැඩ නං රජයෙන් කරන්න ඕනේ. මොකද අයෙමත් යුද්ධයක් අවොත් ඉතිං ඔලුව උස්සල ඉවරයි නේ!!
    අර කිව්ව වගේ අපි හැමෝගෙම ලේ රතු පාට නං මොකටද ගහ මරා ගන්නේ ඈ??...
    ඊලග FLC එකට නං කොහොම හරි set වෙන්න ඕනේ.... :)

    ReplyDelete
  12. මමත් හැමවෙලාවෙම හිතන දෙයක් තමයි, :) මොකටද නිකම් බේද, හැමෝගෙම ඇගේ තියෙන්නෙ එකම ලේ,

    ReplyDelete
  13. මෙහෙම හිතන එක තමා වෙන්න ඕනි එත් එහෙම හිතන අය කොච්චර අඩුද?

    ReplyDelete
  14. මොකෙන්ද ඕව කරන්නේ ? ආණ්ඩුවෙ එකෙක් දැක්ක නම් කියාවි NGO කුමන්ත්‍රණ කියලා.. මටත් ඕවට සෙට් වෙන්න ආසයි.. කවුරුවත් ගන්නෙ නෑනේ :(

    ReplyDelete
  15. අපි හැමෝගෙම ඇඟේ තියෙන්නේ රතු ලේ..........! මේක තේරුම් ගන්න සමහර සිංහල දෙමල මුස්ලිම් ඔල මොට්ටලයින්ට තව කොච්චර කාලයක් යයිද?

    ReplyDelete
  16. “අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම රතු පාට ලේ!”

    මෙහෙම හිතන/ ඒ ඇත්ත තේරුම ගත්තු පිරිස මීට වඩා වැඩි වුනු දවසක ලෝකය මීට වඩා ලස්සන වෙයි.

    ReplyDelete
  17. අගවිනිසුරුවරිය (???_) ආව කිව්වම මගේ ඇගේ ලේ නං කෝප උනා..

    ReplyDelete
    Replies
    1. කෝප වෙන්න එපා බං දේශා. ඔය කියන්නෙ එයා නෙවි. වැඩබලපු සීජේ ගැන. දෙන්නගෙම නම එකයි, නාමෙ විතරයි වෙනස්.

      ඒ උනාට ඇයි බං උඹේ ලේ කෝප උනේ. හිටපු අගවිනිසුරුවරියගෙ ලේ රතුපාට නෙවෙයිද?

      Delete
  18. අහන්නත් ආසයි බං. අනික ඕකෙ තියෙන ජොලිය. මම කියන්නේ ඔය ගත කරන කාලයේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...