නාඩි සෙට් එක

Thursday, April 11, 2013

ඇවිල්ලලු අවුරුදු!!!!

'එරබදු මල් කෙට්ටු කෙට්ටු
කොහා බදී පත්තු පත්තු'

බඩගින්නේ තටමන ගමන් ඇඟිලි තුඩු අස්සෙන්
හිරිකිත හීන මිරිකන අපිටත්
ඇවිල්ලලු අවුරුදු...!!

ස්ත්‍රීලිංග ගානට පාටි දාන
තඩි බඩගෙඩි කාරයන්ට
සැන්ඩි දාන්නමූදෙ ලුණු වතුරත් මදි වෙද්දි..,
බතට පොල් ගන්න...
බැදුමට තෙල් ගන්න...
ණය වෙනවා අපේ උන්
හතර අතේ...!!

අඩේ ජයලලිතා වරෙන්
'උණු කිරිබත් කටක් කමු...
කළු කෝපි උගුරක් බොමු...'

අපි නොදකින
ආශ්චර්යමත් අනාගතේටවත්
බලාපොරොත්තු වෙමු;

සුභ අලුත් අවුරුද්දක්...!!

]ඇම්සීඇස්
]McS

මේ කියන්නේ මම නෙවෙයි! ඇම්.සී.ඇස් !!!! කවියෙක්!!!! ඉහ නිකට පැහිලා නැති උනාට පෑන T56 එකකටත් වඩා දරුණු විදිහට භාවිතා කරන කොල්ලෙක්!!! නමින් මන්රුචි චතුරංග සිරිවර්ධන! මේ කවිය නාඩි බ්ලොගේ වැටෙන්නේ හැමදාම උගේ කවි වලට වහ වැටිලා කෑදරෙන් ඒවා තලු මරන නාඩියාගේ ඉල්ලීමකට මේකා අද කන් දීපු නිසා!!!

එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!

19 comments:

  1. පට්ටයි නාඩියා නිසඳැස... :D

    ReplyDelete
  2. හි හි.. අලුත් අවුරුදු කවියක්.

    ReplyDelete
  3. කලු කෝපි උගුරක් බිව්වනං ජයලලිත කටක් අරින එකක් නෑ ආයෙ.

    නාඩියාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  4. වෙඩි වගේම කවියක් තමා මලයා දෙන්නටම ස්තුතියි.

    ReplyDelete
  5. නියම හදුන්වාදීමාක්...!!!

    ReplyDelete
  6. කවියාටත් නාඩියාටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  7. නාඩියාටත් කෝපි ලැබේවා..

    නව වසර සුභම සුභ වේවා !

    ReplyDelete
  8. පට්ට නව වසරක් කිව්වොත් හොඳයි වගේ මං..

    ReplyDelete
  9. අහ අහ... "මන්රුචි චතුරංග සිරිවර්ධන" කියන්නෙත් නාඩියගෙ ඇත්ත නමද දන්නෑ.. සුදු වෑන් එකට බයේ වෙන එකෙක්ගෙ පිට දානවද කොහෙද...

    ReplyDelete
  10. එසේම වේවා නාඩියෝ !!

    ReplyDelete
  11. සුබ නව වසරක් වේවා නාඩියෝ!

    ReplyDelete
  12. සිරා කවි ටික.. කවුද මේ.. නාඩියගේ කැම්පස් මිත්තරයෙක් ද..?

    නාඩියාට සහ McS ටත් අනෙක් හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  13. අදේ මේක මරු,, හික්,, ස්බඅ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  14. සුබ අලුත් අවුරුද්දක් වේවා නාඩි සහෝ

    ReplyDelete
  15. හරිම අපුරුයි... ජයෙන් ජය

    ReplyDelete
  16. නඩියටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  17. ලැබූ අළුත්අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අළුත්අවුරුද්දක් වේවා.........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...