නාඩි සෙට් එක

Tuesday, April 30, 2013

එමමයි! අපේ මැයි!

නැගිට ඉදිව් නිල් කොඩි තොග ගෙන අතට...
කෑමට බත් පාර්සල දෙයි හෙට දවාල ට...
හවසට නිකං ගල් බොමු තනි උගුරක ට...

හිරුණිලා දුමින්දලා අත් අල්ලන් යා වී...
රතු කොළ පාට කොඩි කඳුලින් තෙත් වේ වී...
හවසට පාරේ බැරියර් ලඟ තග දා වී...
ගෙවපං ලයිට් බිල් දැං මගෙ බඩ යා වී...


කියපං කට වහං හිටියා හොඳට ඇතී...
'දිනවව් අපේඅතිගරු මිහිඳු  ජනපතී...
කේ එෆ් සී කෑම කෑමට මුදල් නැතී...
මෙහෙමයි ගෙවෙන්නේ අපෙ මැයි දිනය නිතී...

]ඇම්සීඇස්
]McS

42 comments:

  1. රට(අපි ) සංවර්‍දනේ වෙනකොට ඔහොම තමයි
    බිල් නගිනවා ලෝකෙ කොයි රටෙත් එකයි (අපි කනවා තොපි ගෙවිය යුතුයි )
    මැයි දිනේ දිවිදුන්නේ අපේ එකෙක් තමයි (සුදු කොඩි නම් නොවැනිය යුතුයි )
    සරම කැහැපට ගැහැව්වා පුලුවන් නම් වරෙව්

    ReplyDelete
  2. රට පෙරට අපේ පස්සට ...

    ජය වේවා, ,,,!! සුබ අනාගතයක් ...!!

    ReplyDelete
  3. දැන් කම්කරුවො මැයි පෙළැපාලි යන්නෙත් අපේ ජනාධිපතිතුමාට ජයවේවා කිය කිය..

    ReplyDelete
  4. මැයි දිනේ දේසපාලකයින් පසුපස යන බොහෝ ජනතාවට බත් පැකට් එකට එහා ගිය අරමුණක් තියෙනවා...ඒවා වෙනුවෙන් එයාල පෙනී සිටිනවා...
    අඩුම තරමෙ තමන් වෙනුවෙන් හරි එයාල පෙනී සිටිනවා...

    නමුත් මේ නරමවාදයට එරෙහි පිරිස කොහේද පෙල ගැහනේනෙ? සයිබරයේ අහුමුලු වලල විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් හේතු ඇති! මොකෝ මර්දනේ ගොඩක් බලවත් වෙලානේ!

      Delete
  5. හ්ම්.. මැයි රැලි...

    ReplyDelete
  6. Liya la tiyenne hariyata ekaka kattiyak witarai weradi karanne wage. Ohoma be owa minisunta , kiyawana ayata wadinna liyanawanam pata kannadi galawala liwwanam hari,

    ReplyDelete
    Replies
    1. නෑ මචං! අපි හැමෝම වැරදියි!

      Delete
  7. හෙට සිට පුරුදු විදියට අපි වැඩට යති.

    ReplyDelete
  8. තිත්ත ඇත්ත... ++++ හොඳටම ලයික් ඈ...

    ReplyDelete
  9. හිරුණිලා දුමින්දලා අත් අල්ලන් යා වී...
    මේක නම් හෙට අනිද්දම වේවි...

    ReplyDelete
    Replies
    1. වෙන දවසට අපි හයියෙන් හිනැහේවි....

      Delete
  10. මරු, අපේ මැයි, අදෝමැයි

    ReplyDelete
  11. ළෝකේ කොයි රටෙත් බඩු මිළ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.
    එක්කෙනුකුට මාසෙකට කන්න යන්නේ 2500 යි.
    භූමිතෙල් වලින් ඉව්වනම් මාසික වියදම 900 යි.
    - බන්දුල ගුණවර්ධන (ආන්ඩුවේ සිටිනා විට.)

    ReplyDelete
  12. අපිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. පට්ට ආ
    මොනා වුනත් ඇත්තම ලියලා තියෙනවා!

    ReplyDelete
  14. සුභ අනාගතයක් වේවා!!

    ReplyDelete
  15. හික්... හික්...

    ReplyDelete
  16. ලෝකේ ලොකුම කැබිනෙට්ටුව අපේ දෝ
    ලෝකේ වැඩිම හොරකම් ටික අපේ දෝ
    ලෝකේ ලොකුම ලයිට් බිලත් අපේ දෝ
    සේරම හොරු දැන් දැන් මෙහෙ එවි දෝ

    කන්න අඳින්නට එක පඩියෙන් නොහැකි රටේ
    ඉන්න හිටින්නට ගේ දොර නොමැති රටේ
    යන්න ගන්න වාහනයක් නොමැති රටේ
    ආශ්චර්ය විතරයි අද අඩුව රටේ

    රොකට් යැව්වා ලෝකෙට අපි හඬගාලා
    ලම්බෝගිනි වගේ බඩගිනි සූ ගාලා
    රුසියන් කෙල්ලෝ විත් නැටුවේ බඩගාලා
    ලයිට් බිලට කෙලියා නේද හිටු ගාලා

    රෑට රෑට රේස් පැද්දා ලයිට් දමා
    පොඩි මිනිහට විද්දේ බිල මුලට දමා
    කරන්ට් වදිනවා පෙර පිං අගින් දමා
    දෙයියෝ බලාපං මගේ රට උඩින් තෙමා


    ReplyDelete
  17. මේවා මහිංන්ද මාමිත් බලන්න ඕනි අප්පා.. :D

    ReplyDelete
    Replies
    1. එපා ඕයි! මම සුදු වෑන් වලට බයයි!

      Delete
  18. අද හෙට එයි එස් බී අපේ ලොකු මාමා
    වනසයි අපිව ලෙසටම ගොන් තෙල් ගාලා
    මැයි නම් ඉතින් බොරුවක්මැයි නාඩිය දීලා
    බස් එක ආවේ 12යි 30හ පහුවීලා.....

    ReplyDelete
  19. මොනවා නැතත් එතුමා නිසානේ අපි පාරේ බැහැල යන්නේ. :P

    ReplyDelete
  20. මේකනම් සිරාම නාඩියක්. මෙච්චරකල් මට හමුවුණ හොඳම යථාර්ථවාදී කවිය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...