නාඩි සෙට් එක

Wednesday, April 24, 2013

සයිබරේ අවුරුදු


සයිබර් සිහින උළෙල අහවර උනාය! ඒ 21ය! මේ දවස් ටිකේ බුකියේ ටැග් ගැහුණු ෆොටෝ කෑලි ටික.. බ්ලොග් ලියවිලි ටිකවත් ඉස්පාසුවක් ඇතිව බලා කියා ගන්න බැරි උනේය! “වසන්තය” ඇවිත්ය. ;) පිලි ගන්නට ගජරාමෙට වැඩ තිබ්බේය!

මොනවා නොකිව්වත් 21 වැඩේ ගැනනම් ටිකක්වත් කොටන්නට ඕනෑය! උදේ පාන්දරම ලක ලැස්ති වී මංතුමා මාරගම බලා යන ගමන පටන් ගතිමි. තව පොඩ්ඩෙන් අවුරුදු කුමාරයාටයි කුමාරිටයි දාන්න අන්දපු සාටකේ ගෙදර දමා එනවාය!නොයෙක් අලකලංචි මැද්දේ කොටුවට සේන්දු උනෙමි.හැත්තාවයි! රජා කොටුවේය! ඒකාට කවුදෝ එනකම් ඉන්ට ඕනෑය කිව්වේය! මම “තනියම” 138 ක නැගී ආවෙමි! මුදියා නොහොත් සමියා මොකද්දෝ හුස්ටප්පරයක් මම බස් එකේ කරනු දැක්කා යැයි මඩක් ගසා තිබුණි! අමුලික පචය!

කස්ටිය රෙජිස්ටර් උනේය! චිකන් කියා බෝඩ් කෑල්ලක් ෂර්ට් එකේ ගසා ගන්න කියා චතු මිතු අක්කා දුන්නාය! 

තහනමා සරමක් පටලවාගෙන යටට සිවිල් පිට බැස්සේය! තරියාද එසේමය! අනේ දෙව්දත් නොදුටු මොක් පුර!

මුලින්ම තිබ්බේ මීටර් 100ක් දුවන්න කියලා එකක්ය! ඒකනම් ටක්කෙටම මීටර් 100 ට වැඩිය! ඉවාන් පවුලුෂා අයියා තම සිවිල් දැනුම උපයෝගී කරගෙන එය කියා පෑවේය!( එදා තමා මිටින් උනේ! සෝයි අයියා පොඩ්ඩ)!
සොනිකා, දඟයා දිව්වේය! මං තුමා නම් හිමින් හිමින් ආවෙමි! නොහික්මුණු එකා එකය! (අන්තිමෙන්ය)

කාන්තා මීටර් 100 පස්ටය! උමා අක්කා එකය! දිව්වේ එකය! චතු මිතු ඉතා වේගයෙන් ඇවිදිමින් තියුණු තරඟයක් ලබා දුන්නාය!

බස් එකේ අයිසා..දුලාන් කොලුවා..නෙරන්ජි අක්කා උෂාන් ළමයා උදේ ඉඳන්ම අවුරුදු කන් පැලීම පටාන් අරගෙන තිබුණි!

සු දී ක අයියා හරිම හුරතල් අක්කලා දෙන්නෙක් එක්කන් ඇවිත් තිබ්බේය! ඒ redbull බෙදන්නය! තැන්කු ඈ! ;)

මුට්ට්ය බිඳින එක ඉක්මනින්ම ඉවර උනේය! අනේ ඒකට මට උස නෑ කියා ශම්මි කෙල්ල අඬන වෙලේ සාදිරිසා ඇය සනසන බව නම් හුදී ජනයා දුටුවෝය!

අලියාට ඇහැ තිබ්බේය! නිශානයා කොහේදෝ කොලේකට ඇහැ තිබ්බේය! ඉසුරු කොලුවා ටක්කෙටම ඇහැ තිබෙබේය! කොහොමද දන්නේ නෑ නේ? ඌ ට කළු අතරින් විනිවිද පේනවාවත් ද?

මේ අලකලංචි අස්සේ බලද්දී කස්ටිය ගජරාමෙට මොනවාදෝ ලියනවාය! ප්‍රෙහේලිකා පුරවනවාය! යාන්තම් මගේ කොලේ frozen Heart කෙලි පුරවා දමා තිබ්බේය! දිනුම් නම් නැත! අවුලක් නෑනේ!

“නංගි ඔයා ලියන බ්ලොග් ඒක මොකද්ද?”
“කියවනවා විතරයි අයියේ....”
“ආ... මම ඒක දැකලා නෑනේ..ලින්ක් එක එවන්නකො බලන්න..”
“නෑ අයියේ එහෙම බ්ලොග් එකක් නෑ! මම බ්ලොග් කියවනවා විතරයි!”
“&^ ^%&^*&$^” !!
මේ ආකාරයේ සංවාදයක් සිදු වූයේ කලණි ළමයා හා මි ගොඩ අයියා අතර නොවන බව කරුණාවෙන් සලකන්න.

තුන් පා දුවද්දී සාදිරිසා සමඟින් ශම්මි පවුල් කණ්ඩායම් ලෙසද.. සෑම් සමඟින් උමා මඩ පවුල් කණ්ඩායම් ලෙසද තරඟයට අවතීර්ණ විය!

මංතුමා හිතුවේ බනිස් වැඩියෙන්ම කාපු එක්කෙනා දිනුම් කියාය! මොකෝ මාරයා අයියා කිව්වේ එහෙමය! කොහොමෙන් කොහොම හරි බනිස් කෑමේ තරඟයේ යෙදී නාඩියා බනිස් තුන හතරකටම වග කිව්වේය!

දවල් කෑම ටිකක් පරක්කු විය! තව පොඩ්ඩෙන් අපෙ උන් ප්‍රදීප් අයියාව කනවාය!කෑම එනකම් නටන්න කියා සින්දු දැම්මේය! අපිනම් ඔන්න නැටුවේ නැත! ;)

කළුවර හීනේ අක්කා, සිත්තරි,ස්කුබියා, සුදු මහත්තයා, ගවේශකයා, මංජුල අයියා, ලොකු ජෝන්, වෙනි අයියා, බනියා මෙකි නොකී පෙරකී සෑම සියලු දෙනාම ඇවිත් සිටියෝය! එහෙන් මෙහෙන් කතා බතා කළෙමු! මිස් උනා නම් සොරි ඈ!

කෑම කාල බිලා ජන ගී මෙව්වා ඒක පටාන් ගත්තේය! පස්ටම ජජ් බෝඩ් එකක් උන්නේය! ඕනයා අයියා ඉතා කෘතහස්ත සංගීත වේදියෙකුගේ ප්‍රතිභාව පෙන්නුම් කළේය! වැප් නිශාන්ත අයියාද ඉතා විශිෂ්ට සංගීත විචාරකයෙක් බව අපි දැන ගත්තේ එදාය!

ලොකුම බොරුවාද සෙව්වේය! මම නම් ඉතිං බොරු නොකියන එකානේ! බොරු කිව්වේ නැත! සෑම්, රනා, චමිල, මංජුල සෙට් එක තරඟයට බොරු කිව්වෝය!

වෙනදා අක්කපාල කියා බොරුවට ලෙඩ ඇඟේ දමා ගන්නා බිම්සර කොලුවා මේ සැරේ නම් හුරුබුහුටි නංගි පොඩිත්තක් එක්කන් ඇවිත් තිබ්බේය! අනේ වාසනාවන්!

පස්සේ දවසේ උදේම විස්ස විද්‍යාලේ ඉන්න ඕනෑය! ඒ නිසා අවුරුදු කුමාරයාට සෙට් නොවී එන්නට පිටත් උනේය! (මොකෝ හිටියානම් පණු අයියාට ප්ලේස් නැත!) 

එන අතරමග ප්‍රමුදි කෙල්ල සෙන්ටිමෙන්ටල් විය! යකෝ එදානේ දැක්කේ මෙච්චර කල් බැන ගහ ගත්තට! සාමිට අයියා, පිටස්තරයා, දුෂ් ඩ කොහේදෝ ගිහින් එද්දී සෙන්ටිමෙන්ටල් විය!

අටං අයියා පොඩි එකිවත් එක්කන් ඇවිත් තිබ්බේය! මෙකි නේද අටං අයියේ අර Hanthana වලින් වැඩ දාන එකී? වාසනාවන් ඈ!

මොනවා උනත් රෙපා අයියා, සිහින මදාරා, සදකිදුරා, ප්‍රදීප් අයියා, වර්ණා අක්කා ඇතුළු මුළු සංවිධායක මණ්ඩලේම සෑහෙන මහන්සියක් වෙලා තිබ්බේය! පංකාදු පහයි ඈ! අපි අඩු පාඩු හදාගෙන ඉස්සරහට යමු බොල!

තොරෝන්චියක් නැතිව හිතට එන අනම් මනම් බ්ලොගියකට කොටන ඒක වගේ උන් ගොඩක් එක තැනක මෙහෙම කාල බිලා ජොලි කරන ඒක කොච්චර සුන්දර ද ඈ?????

මේකේ ෆොටෝ නැත! උඩම එක cyber festival බ්ලොගෙන් ඉස්සුවෙමි! රජා ගෑනු බෑග් උස්සන එක ලෝක ප්‍රසිද්ධ නිසා ඒක දාලත් වැඩක් නැත!

ඔච්චරම ෆොටෝ ඕනෙනම් වැප් අයියාගේ පෝස්ට් එකට යනවා හොඳය! එකේ සුපිරියට ඔක්කොම කැටගරි කරලා තියනවාය! 


අප්පේ... මම ඔන්න නාඩි 50ක් කෙටුවලු  ඈ! මේ 50ස් වෙනි නාඩිය බොල!!!!

කාටද ඉතිං ආඩම්බර..... ;)  

56 comments:

  1. සිවිල් වැසියකු වන මම සිවිල් පිට නැතුව වෙන කොහොම ඉන්ඩද ආයිබෝං...

    ReplyDelete
  2. “නංගි ඔයා ලියන බ්ලොග් ඒක මොකද්ද?”
    “කියවනවා විතරයි අයියේ....”
    “ආ... මම ඒක දැකලා නෑනේ..ලින්ක් එක එවන්නකො බලන්න..”
    “නෑ අයියේ එහෙම බ්ලොග් එකක් නෑ! මම බ්ලොග් කියවනවා විතරයි!”

    හා හා මෙක නමි අපිටත් හොදට මතකයිලු!......

    ReplyDelete
  3. සටහන් 50ක් තැබූ නාඩියාට මගේ උණුසුම් සුබ පැතුම් !!!

    ReplyDelete
  4. නාඩිත් සහභාගීවූ නර්තනය පිළිබඳ වචනයක් නැති එක හෙළා දකිමි ..

    ReplyDelete
  5. 50ට සුබ පැතුම්..! තව ..තව ..නාඩි වැටේවා..!

    ReplyDelete
  6. එල එල නාඩියෝ.. 50 ට සුබ පැතුම්..!!

    ReplyDelete
  7. එල එල නාඩියෝ..!!
    යූත් ෆෙස්ට් එකේදියි SLU එකේදියි අපි නැවත හමුවෙමු..!! :D

    ReplyDelete
  8. අම්ම ගහයි බැට්එකෙන් කිව්වලු....එළ ඔළ....ජය වේවා !

    ReplyDelete
  9. ඇයි යකෝ උඹ එක්කන් ආපු අක්කත් චෝ....යි ඈ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. පනස් වැනි විය පසු කල නාඩියාට සුබ පැතුම්ය, දීර්ඝායුෂ ලැබේවා ,අර කෙට්ටු කෙල්ලක් නටන තැනකට ලංවී නාඩියා වැටී සිටි අමාරුව දැක තාම දුකය, නාඩියා ගැන දුක සිතී ඒ කෙල්ල නැටුම නැවැත්තුවාය, නැත්තම් කෙල්ලගේ කෙසේ වෙතත් නාඩියාගේ හතර හන්දි ගැලවෙනවාය,(හැබැයි නාඩියා නම් සිතා සිටින්නේ ඌ නැටුවා කියාය,ඒ හරිය පෙනුනේ අපටය.)

    ReplyDelete
    Replies
    1. අඩේ අපි නැටුවා තමයි හරිය! හතර හන්දි නම් තවම රිදෙනවාය!

      Delete
  11. සුබ පැතුමි නාඩි මලයා....

    ReplyDelete
  12. ආ 50ට සුභ පැතුං ඈ......
    නාඩියාගේ නාඩි නැවතුනේ අර හීන්දෑරි දැරිවිගේ බ්‍රේක් ඩාන්ස් එක දැක බව බොහෝ දෙනාගේ අදහස විය ඈ...

    ReplyDelete
    Replies
    1. යකෝ! මේ තව හොඳට වැඩ කරන්නේ!!!!

      Delete
    2. අන්න හරි!! අන්න හරි!! තරියා ගේ පැත්තට සාක්ෂි දෙමි!!!

      Delete
  13. //මම “තනියම” 138 ක නැගී ආවෙමි! මුදියා නොහොත් සමියා මොකද්දෝ හුස්ටප්පරයක් මම බස් එකේ කරනු දැක්කා යැයි මඩක් ගසා තිබුණි! අමුලික පචය!//

    අඩේ මට බ්ලොග් එල ලියන්න විදියක් නැති උන නිසා බේරුනා කියල හිතාගනිං :P

    ReplyDelete
    Replies
    1. 50ස් වෙනි මෙව්ව එකට සුභ පැතුම් ලොක්කා :) ජය!!!

      Delete
  14. //මංතුමා හිතුවේ බනිස් වැඩියෙන්ම කාපු එක්කෙනා දිනුම් කියාය! මොකෝ මාරයා අයියා කිව්වේ එහෙමය! කොහොමෙන් කොහොම හරි බනිස් කෑමේ තරඟයේ යෙදී නාඩියා බනිස් තුන හතරකටම වග කිව්වේය!

    දවල් කෑම ටිකක් පරක්කු විය!//

    ආයේ ඉතිං මං බොරුවක් කිව්වෑ.. දවල් කෑම පරක්කු වෙන බව දන්න හින්දා තමා මං කිව්වේ වැඩියෙන් කාපියවු බනිස් කියලා... කෑව උන් දිනුං.. අනිත් උන් බඩේ ගින්දරේ.. :D

    ReplyDelete
  15. හාෆ් සෙන්චරි නොවැ! මරු නේ බං. මගෙන් සුභ පතුං...
    හැබැයි උඹ අර බනිස් කන පින්තුරේ දාන්න තිබ්බේ! එක පට්ට....

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා!
      යකෝ එහෙම දානවද වැදගත් ෆොටෝ... ;)

      Delete
  16. 50වෙනි ලිපියට සුභ පැතුම් මචන්.එදා දවස නම් ෆුල් ෆන් ලබන අවුරුද්දෙත් සෙට් වෙමු!

    ReplyDelete
  17. සුබ පැතුම්.. නාඩියා

    ReplyDelete
  18. සිත්තමී කෙල්ල 50හට විශ් නොකලොත් නාඩි අයිය 51 ලියන්නෙ නැති බව දන්න නිසාම සිත්තමී කෙල්ල දුවල ආවෙ.........හික්ස්

    සුභපැතුම් සිත්තමීගෙ චූටි නාඩිය අයියට ඉදිරියටත් ලියන්න නාඩි නවතිනකම්ම..................

    අපි දැක්කා ලස්සන ඩාන්ස් පාරවල් එහෙම නාඩි කොල්ල හලනවා..............එතකොට තරග ඉවරවෙලත් පෙරේතකම පරද්දන්න බැරි කමට හැමෝම කාල ඉතුරු කරපු බනිස් කෑලි බිම ඉදන් කනවා............

    එන්න බැරිවුණාටනම් ගොඩක් දුකයි........

    ReplyDelete
    Replies
    1. ඒකනේ!! සිත්තමි කෙල්ල විශ් කලේ නැත්නම් මම 51 ලියන්නෙම නෑ! ;)

      අපරාදෙනේ අනේ ඉතුරු වෙච්ච බනිස් කෑලි....

      Delete
  19. 50 වෙනි නාඩියට සුබ පැතුම්. දිගටම ලියන්න ශක්තිය ලැබේවා !

    ReplyDelete
  20. අර කාටද නංගි කෙනෙකුටයි මීගොඩයාටයි වුනේ නෑ කිව්වා සීන් එක පට්ට යකොව්

    50ම කොහොමද කියහන්කෝ මේවගේ දෛවෝපගත පොස්ට් එකක් වුනේ... සුභ පැතුම් ඈ..කී බෝඩ් කුඩු වෙනකම් තව තවත් වැඩි වැඩියෙන් ලියන්න පුළුවන් වේවා කියලා ප්‍රර්ථනා කරනවා නාඩි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් හිතන්නේ! කොහොම හරි වෙලානේ!!!!

      Delete
  21. 50 වැනි පොස්ට් එකට සුභ පැතුම්.

    ReplyDelete
  22. එදාදවස කියන්නේ මාරම සතුටු දවසක් මතක් වෙනකොටත් තාම හීනාපින්තර දකිනකොට ඉල ඇට ටික ඉන්ෂුවරන්ස් කරගත්තානම් හොඳයි කියලාහිතෙනවා එතරම්ම සතුටින් ගෙවුන දවසක්
    ටැන්කූ ඇ ලඟටම ඇවිත් කතා කලාට :) :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ! ඒකනම් ඇත්ත!!
      අපි එහෙමයි! :)

      Delete
  23. පෝස්ට් එක මග ඇරිලා බොලව් :/ 50ට සුබ පැතුම්,,

    අදේ අර කනා මුට්ටිය ගහන්න මම උසයි ඇ :/ ඒක ඒ වුනාට වෙන කවුද බින්දනේ..

    ReplyDelete
  24. හප්පේ........ 50ත් කෙටුව නේ එහෙනම් ;) ඊලඟ අවුරුදු උත්සවේ වෙද්දි 50හෙ අගට තව බින්දුවක් වත් එකතු කරගමු ;) :p

    ReplyDelete
    Replies
    1. පිස්සු බම්ප් වෙයි එච්චර ලිව්වොත් නම්!

      Delete
  25. ලබන සැරේ මම දෙනව මීටර් 100ට බැටේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...