නාඩි සෙට් එක

Monday, April 8, 2013

තෙල් ඉහිරෙන්ඩ හිනා වෙන්ට 21යි නැකත!!!


https://www.facebook.com/JehansVideos
කොහෝ කොහෝ....කොහේ ඉඳන් කොහෝ කියනවදෝ ඇසූ පසු මම කොහේ සිට කොහෝ කීවත් උඹට *කද කියලා අහන කාලේ මේකය!!! ඒ කියන්නේ අවුරුද්දය! මටනම් මේ ටික පට්ට ෆන් වන්නේ කොකිස් සමග අච්චාරු කෑමට පුළුවන් වෙන නිසාය! ටෙස්ට් කර බලා ගුණදොස් පවසනු යෙහෙකි! බඩේ රුජාවට වග කියනු නොලැබේ!

14 උදේ පාන්දර කිරිබත් එහෙම කා බි 15 තෙල් ගා නෑදෑ සනුහරේ බලාකියාගෙන එන්න නාඩියා දැන් තියාම ප්ලැන් කර ඇත්තේය! ඒ සඳහාම පරණ ඇන්ටික් දඩු මොනරයක් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව ගෙදර ඇද ගෙන ආවෙමි! මේ ටිකේ ඒක ගැරේජ් එකේය! පාරට දැමු විට හෝන් එක හැර අනික් ඒවා ඔක්කොම සද්ද වෙයි!!

මේ මොන නැකත් තිබ්බත් 21 ඉතා උත්කෘෂ්ට නැකතක් තියෙන්නේය! අන්තර්ජන්ජාලේ වනසන බ්ලොග්කරුවන්ගේ මහා සිහින බක් මහ උළෙලයි!

නාඩියා වෙන මංතුමාගේ බ්ලොග් ආගමනය සිදුවුනේ ගිය අවුරුද්දේ මැයි මාසේ නිසා ඒ අවුරුද්දේ මේ සිහින අලකලංචිය මට මිස් උනේය! මේ අවුරුද්දේ ඒකටත් එක්ක ඇරියස් ගන්න මං තුමා අනිවා 21 උදේ 9 වෙද්දී පයට සපත්තුද... හිසට තොප්පියද එකම ඩෙනිමද ගසා මහරගම youth එක අසල සිටිනන්නට දැන්ම තියාම ලෑස්ති වෙනවාය!!!

ජනවාරි 27 ගම්පහ මඩ එකතු කල බාල්දිය හොයාගෙන අලුත් පේන්ට් පාරක් ගසා ගත යුතුය! ඒ මඩ එක්රැස් කරන්නටය! උම්මා දීම් ආදී නොමනා ක්‍රියා රෙකෝඩ් කර ගැනීමට රෙකෝඩරයක් හොයා ගත යුතුය! බනිස් කෑමට එහෙම ප්‍රක්ටිස් වෙන්න දෙයක් නැත! ඒ සඳහා උපරිම දක්ෂතා ඇත!

රජාට මේ සැරේ නම් නංගි එක්ක එන්න බැරි වෙනවා සිකුරුය! මොකෝ අඩි 4 ට අඩු උන්ට 138 පාරේ ස්කුටර් පදින්න දෙන්නේ නැති නිසාය!

ප්‍රදීප් අයියා හිමිච්චා වගේ සිටියට මේ සැරේ නම් පුතේ ගමේ එකා වශයෙන් මම මගේ වගකීම හරි හැටි ඉටු කරන්නට මඟ බලං ඉන්නවාය! මඩ වලින් නාවනවාය!

සු දී ක අයියේ..මේ සැරේ උඹ ක්‍රිකට් ගහන්නට එහෙම ආවොත් *කට දෙකක් දීලා එළවනවාය! නිශානයා මං වැනි දක්ෂ ක්‍රීඩකයන්ට එය අසාධාරනයක්ය!

බස් සෙට් එක එද්දී මතක් කරලා කිරල ඇබ ටිකකුත් ගෙනාවානම් පංකාදු පහය!!! නැත්නම් අයිස් ව දාල වර!

චිත්ත දෙකක් හෝදන්නය යන රත්ගමයා මේ සැරෙත් රත්ගමි එක්කන් එනවානම් අපි මනාපය! මොකෝ ජනකවි තරඟයක් තිබෙන බැවිනි! (සෑමෝ මේ සැරේ උඹ කප් එක ගැසුවත් උඹට උම්මා දෙන්නට බැරිය! දනගසා වදින්නට වෙන්නේය! මේ අවුරුදුය!)

කොහොමෙන් කොහොම හරි ඔක්කොම වරෙල්ලා ඈ! යකෝ උඹලගේ actual මුණත් තහඩුව දකින්න හරි ආසයි බොල!


අටුවා ටීකා ටිප්පනි ඔක්කොම මෙතනින්!!

තව පොඩ්ඩෙන් අතමක වෙනවා!! බ්ලොග් ලියන කියවන අහලා තනා හැමෝටම එන්න පුළුවන් ඈ!!! තම තැනගේ දන්නා කියන කස්ටියත්  එක්කන් එන්නකෝ අපිටත් බලා කියා ගන්න.....ඒ යටත් ෆෝම් එක පිරෙව්වනම් හොඳා!!!

ඔන්න මංතුමා වෙනදා වගේම තනියම අවුරුදු කුමාරයා වගේ සැපත් වෙනකම් බලං ඉන්න ඈ!!!!!! අප්‍රේල් 21!!! මතකනේ!!!!!

59 comments:

  1. ///බනිස් කෑමට එහෙම ප්‍රක්ටිස් වෙන්න දෙයක් නැත! ඒ සඳහා උපරිම දක්ෂතා ඇත!////


    මම නම් එනවා යකෝ , හොල්මන හරි එනවා

    ReplyDelete
    Replies
    1. වර වර!!!! නැතනම් අරයා තනියම නේ!!!

      Delete
  2. එන්නෙමි,, ගිය පාර හැම බ්ලොගේම වගේ මට මඩ ගසා තිබූ නිසා මේ සැරේ එන්නෙ අලුත් කැමරාවකුත් අරගෙනමය,, දෙන්නම් කස්ටියටම මෙදා පාර,, මටත් ගිය සැරේ මිස් වුනා මගේ බ්ලොග් එක පටන් ගත්තේ ජූනි මාසේ නිසා.. :D
    ඒනම් 21 හමුවෙමු..

    ReplyDelete
    Replies
    1. ශම්මි බලාගෙන, මුන් බනිස් කෑම වෙනුවට කැමරාව කයිද දන්නේ නැහැ.

      Delete
    2. මෙදා දෙන්න අත්වැල් බැදන්න එන්නේ...

      Delete
    3. අයිලාෂ් අයියා - ඒක නම් කියන්න බෑ තමයි,, කොහොමටත් නාඩියා අයියා නම් ෂුවර්ම නෑ,, පාන් ගෙඩියක් තනියම කෑවා කිව්ව කෙනානේ..

      නලීන් අංකල් - නෑ නෑ මේ සැරේ එයාව හලලා එන්නේ,, හික්ස්.. :D

      Delete
    4. ආ නංගි එන්නකෝ මේ පාරත්! දෙන්නං මඩ :)

      Delete
    5. ආ..තෙල් සංස්ථාව..එන්නකෝ බලන්න කැමරාවකුත් එල්ලන්!
      අයිලාස් අයියා එනවා නේද?
      කොහොමද නලීන් අයියේ කතාව....අපිට බෝලේ බස්සන්න... ;)

      Delete
    6. රජා - ගිය පාර බොලා අපිව මුලා කරා අහිංසක පාර්ට් දාලා,, මෙදා සැරේ නම් රැවටෙන්නෙ නෑ රජෝ,, අනේ නිකා හිටු,, දෙන්නම් බොට,,

      නාඩියා - අනේ යනවා යන්න,, දෙන්නම්කෝ මේ පාර..

      Delete
  3. 'යකෝ උඹලගේ actual මුණත් තහඩුව දකින්න හරි ආසයි බොල'

    ඊට පස්සෙ නූල් බඳින්න වෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. බලමු! සන් නූල් පන්දුවක් අරගෙන එන්නම්!

      Delete
  4. Replies
    1. මතක් කරලා K අකුර දාන්න වරෙන්!

      Delete
  5. Replies
    1. ඇයි උඹ ලංකාවට එන්නේ නැද්ද????

      Delete
  6. එල එල බොහොම සතුටුයි...

    ReplyDelete
  7. මට කොළඹ එන්න දෙන්නෑ යකෝ බයික් එකේ.
    මම එන්නේ බෝඩිමේ ඉදන්....

    පල ඩෝ යන්න. හරි උස එකා වගේ කතාව $%%#$

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ත කියහන්... උඹේ “.“ කී එක වැඩ නෑ නේද? ^_^

      Delete
    2. එහෙමවත් කියපන් දැන් ඉතිං! ඔව් යකෝ! උඹට වඩා නම් මම උසයි! වැඩ වැඩ......................................... මේ!!!!!!!

      Delete
  8. sorry wena ona mata ena wena naha..
    Suba Alut Arudak weva..Jayawewa

    ReplyDelete
  9. එලම කිරි නාඩියා...මම නම් දැන්ම ඉඳන් දත කට මැද මැද ඉන්නේ

    ReplyDelete
    Replies
    1. හික්ස්!! මම දැන ගතිමි! මම සැක කලෙමි!!!!

      Delete
  10. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  11. එන්නම ට්‍රයිම කරමින්මය.

    ReplyDelete
  12. සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  13. යූත් එකේ නේ... ඔලුව දාලා යන්නවත් එන්නම්... හි හි

    ReplyDelete
    Replies
    1. ඔලුව විතරක් මදි!!! ඇඟම දාල යන්න එන්න!!!

      Delete
  14. අයියෝ ඉතින් දුකම තමයි..

    ReplyDelete
  15. හයිවේ ආවොත් නම් පැය එක හමාරෙන් එන්න පුළුවන් වෙයි... බස් එකටම 1000/- ක්නෙ බොලේ... ලෝබ කමේ බෑ..
    බලමුකෝ... හැබැයි මේ කොනේ ඉදන් ඔය කොනට යන්න එන්නම දවස ඉවරයි :(

    සතුටට හේතුවන එකම කාරණය හනී බනීලගෙ ඇනෙක්ස් එක තියෙන්නෙ ඔය කිට්ටුවමලු :)

    ReplyDelete
    Replies
    1. මේ! විකාර නොකර වර! 1000 පටි වගේද බං ආතල් එක!!!!

      Delete
    2. යසිතයා,, මැරුම් නොකා වර,,, ආයේ බොලාගේ බ්ලොග් එක පැත්තෙවත් එන්නෙ නෑ නැතිනම්,, අච්චර අර බණ්ඩාරවෙල,නුවර,ගාල්ල ඉදනුත් එනවා,අනික එක දවසනේ..

      Delete
  16. අවුරුදු ජන ක්‍රීඩා වලට ක්‍රිකට් නැති එක හෙන අපරාධයක් නෙහ් බන්?. මට නම් එන එක ෂුවර් නැහැ බන්!

    ReplyDelete
    Replies
    1. හරිම අපරාධයක්!!!!!! ඒ මොකෝ බං..අනි වරෙන්!!!

      Delete
    2. හික්ස් නිශාන්ට ගම්පහ ගේට්ටුවෙන්ම කස්ටිය එපා වෙලාද කොහෙද

      Delete
    3. එන්නේ තැතිනම් කාරණා දක්වන්නට ඕනි..

      Delete
  17. එමී එමී :) ඔන්න මේ පාරවත් මතක් කරලා කතා කරන්න හොඳේ

    ReplyDelete
  18. happy newyear and youth fest ehenam..ekath iwarai :P

    ReplyDelete
  19. තරුණ සේවා සභාවට නාකින්ට එන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. හා..කවුද දැන් නාකි??? මේ මාතලන් අයියේ..විකාර නොකර 21 ඒ පැත්තේ එන්නකෝ!!!

      Delete
  20. ජනකවි තරගෙ ගැන කලින් නොකීවෙ මොකෝ..හෆ්ෆා දැන් ඉතින් ප්‍රැක්ටිස් කරපල්ලාකෝ...

    ReplyDelete
    Replies
    1. හරි!! මේ සැරෙත් එහෙනම් කනට ගහගන්න ඇබ ගේන්න වෙනවා!!!

      Delete
    2. අපිට ඉතිං ගේමක් නැහැ මෙව්වා..

      දණ ගහන්න තමා බං බැරි !

      Delete
  21. ඇඩෝ මාත් එනෝ බොල මේ පාර :)

    ReplyDelete
  22. හරි හරි එහෙනං එදාට හම්බ වෙමු. තව දවස් 11 නේ.

    ReplyDelete
  23. සිත්තමී කෙල්ලට මේ පාරත් බක්මහ උළෙල මිස් වෙනවා....................අයියෝ ආසයි අනේ එන්න............ඔයාල සතුටු වෙන්නකෝ මටත් එක්ක

    ReplyDelete
    Replies
    1. අඩේ... ඒ මොකෝ??? එතකොට කවුද මේ සැරේ මගේ චිත්තරේ අඳින්නේ???

      Delete

Related Posts Plugin for WordPress, Blogger...