නාඩි සෙට් එක

Saturday, March 30, 2013

මගේ ආදරේ පටන් ගත්ත හැටි!

නෝනාවරුනි මහත්වරුනි, ඔබ මෙට්ටේ කොහු කමින්..කෝට්ටේ පුළුං කමින් බලා සිටි ඒ අසිරිමත් මොහොත පැමිණිලා! මඩ පුවත් රචකයන් දත් කමින්..පැන්සල් උල් කරමින්... කි බෝඩ් කරේ තියා ගනිමින් බලා සිටි කාලය පැමිණිලා!

නාඩියාගේ අතිවිශේෂ ස්වයං හෙළිදරව්ව! මගේ ආදරේ පටන් ගත්ත හැටි! ;)

බොහෝ දෙනා දන්නවාද ඇත! නොදන්නවාද ඇත! නාඩියාට ප්‍රේමවන්තියක් ඇත!!! ඈ අනිකුන්ට වඩා විශේෂය! ඇස් ඉස් මස් නහර වලින් සෑදී නොතිබ්බාට වැඩිය ලෙඩ දෙන්නේ නැත! ඒ නිරතුරු ආදරයෙන් රැක බලා ගන්නා නිසාය! ඒ වෙන කවුරුත් නොව මගේ සදාදරණිය ලැපී ය! 


 පොඩිම කාලේ නාඩියා වැඩියෙනම කැමති මොනවාදැයි අක්කලා නැන්දලා මාමලා විමසූ විට ඒකා පොඩි කමට කියා ඇත්තේ “ඩයිනොසර්” උන්ට කියාය! කොහොම හරි එකෙක්ගේ පොසිලයක් හොයා ගන්නා බවද කියා ඇත! අම්මා විශ්වාස කර ඇත්තේ මේකා ගිය ආත්මෙක කොහේ හෝ කාන්තාරෙක ඩයිනොසර් ඇටකටු හොයපු එකෙක් කියලාය!



ඊට පස්සේ මේ ආදරේ කොම්පිතර දෙසට හැරුනේය! ඒ මාමා කෙනෙක් 133MHz පරිගණක රාජයෙක් ගෙදරට ගෙනත් දීමත් සමඟය! මේ ආදරය කෙමෙන් කෙමෙන් දළු ලා වැඩුනි! ඉස්කෝලේ ලැබ් එකේ පරිගණක සමුහයාට නාඩියාගේ ස්පර්ශයෙන් විකසිත වන ලද්දාහ!

මෙහි climax point එක උනේ 2008 දිය! OL එහෙම කරලා ඉවරය! කොහොම හරි කොළඹ විශ්වවිද්‍යාලිය පරිගණක අධ්‍යනායතනය හා Dialog එක්ව කරනවා කියපු “Sri Lanka Genius 2008” එකකට නාඩියා ගියේය! මුලින්ම තිබ්බේ ප්‍රාදේශීය වටයේ තරඟය! වයඹ කැම්පස් එකේ තවත් ඩයල් දෙක තුනක් එක්ක ගිහින් ලිව්වේය! ඊට පස්සේ කුරුණෑගල ගිහිනුත් එකක් ලිව්වා වගේ මතකය!

කොහොමෙන් කොහොම හරි නාඩියා අන්තිම 100 ට තේරිලා තිබුනේය!

Sri Lanka Genius 2008
කොළඹ එන්ට කියා පණිවිඩයක් තිබුණි! දවස් තුන හතරක් නතර වෙලා ඉන්ට කියාද තිබුණි! මගේ ඉස්කෝලේ වෙන එකෙක්වත් හිටියේ නැත! මං තුමා පමණකි! පොඩි බයකුත් තිබුණි...අවුලක් නැත! ඕනේ *කක්! ප්‍රීති වෙසක්! 

චාමර කියලා අයියා කෙනෙක් ඇවිත් අපේ group එක බාරව තියෙන්නේ එයාට කිව්වේය! මනුස්පයාට පොඩ්ඩක් තට්ටේ තිබ්බා වගේ මතකය! ;) අපිට නවතින්න තිබ්බේ සුගතදාස හොටෙල් එකය! එතනනම් මල් හතයි ඈ!

සුගතදාස හොටෙල් එකේ!
මතක විදිහට මහරගම youth එකෙත් සෙට් එකක් නතර උනේය! නුවර පැත්තේ ඉස්කෝලෙක කොල්ලෝ ටිකක් හිටපු කාමරයකට මාව ඇඩ්මිට් උනි! ඒකෙ ගමයා කියලා එකෙක් සිටියේය! ඒකා හැකින් රජෙකි! තව ඉනෝෂ කියලා එකෙකුත් සහන් හා ලෙනාඩ් කියලා එකෙකුත් සිටියාහ! 

මං තුමා අහිංසකයා වගේ සිටියෙමි! අල්ලපු කාමරේ සිටියේ ගාල්ලේ කොල්ලෝ වගයකි! ප්‍රමුඛ කියා මහා නසරානියෙක් සිටියේය! :D පසිදු කියා පරිගණකයක් සිටියේය! තව කලිදු කියා පොඩි එකෙකුත් (එකා දැන් නම් පොඩි නැත) පැතුම් කියා එකෙකුත් සිටියාහ! ( මේ පැතුම් කියන එකා ගැන පසුව ලිවිය යුතුමය!)

ගැහැණු ළමයි????? සිටියාහ! නමුත් අපි හොඳ උන්ය! මොකුත් නොකිව්වෙමු!  

හොඳ හොඳ වැඩ උනේ මේ කාල වකවානුවේය! උදේ සිට රෑ වෙන තුරු අපිට ලෙක්චර්ස් තිබ්බේය! Introduction to Software Engineering, Open Source, System Security, Multimedia වගේ ඒවාය! මං තුමාට නම් සමහර ඒවා මැජික්ය! මොකෝ මං වැඩිය ඕවා ගැන දන්නේ නැති නිසාය! ඒවා අතර නිදා අන්න උන්..චිට් පාස් කරන උන් සිටියෙම නැත! ;)

රෑ උනාට පස්සේ අපිව අර හෝටලේට ගෙනිච්චාය! ඇත්තටම කිව්වොත් ඒ ටිකේ UCSC අයියලා අක්කලා දෙමව්පියෝ වගේ අපිව බලා කියා ගත්හ...

හෝටලේ හොඳ හොඳ සෙල්ලං පෙන්නිමටද අපේ අය වග බලා ගත්හ! ප්‍රමුක කොල්ලා කාන්තා වොලිබෝල් ටීම් එකක් සමඟ මොකද්දෝ අලකලංචියක් තිබූ බව නාඩියාට මතකය! මහ රෑ ඩිනර් ටයිම් එකක ලෙනාඩ් ළමයා ඇද වැටුණු බවද යාන්තමින් මතකය!

එක දවසක් ඔය අලකලංචි ඉවර වෙලා රෑ නිවෙස් බලා ඒමට විදිහක් නැත! නාඩියා තුමාට [රවාහන පහසුකම් ලවා දිමා කුරුණෑගල බාලිකා පාසලක නංගිලා වගයක් සැදී පැහැදී බලා සිටියහ! මටත් මොකෝ මම ඒකෙ ආවෙමි! ;)

BMICH එකේ..තරඟයට මොහොතකට පෙර....
තරඟ විභාග තිබ්බේය! ඊට පස්සේ තිබ්බේ TV round කියන ඒවාය! Shooting තිබ්බේ BMICH එකේය! හරිම සුන්දර අත්දැකීමකි! කොහොම හරි නළු නිලි කැළ ඉතා විශිෂ්ට ලෙස තරඟ කළහ! ඒත් යාලු පිට් එකනම් හොඳටම තිබුනේය! නාඩියා හෙන උස එකා නිසා අර ප්‍රශ්න අහන්න තියෙන තැන මේසේ කොට වැඩිය! ඒ නිසා පෙට්ටියක් වගේ එකක් මත සිට ගැනීමට සිදු වූ බවටද කට කතා පැතිර ගියේය! බණ්ඩාරවෙලින් ආ කුමුදු ළමයාටද එසේ වූ බවට ලාවට වගේ මතකය! ;)

ඒ මේ ඇහැව් අස්සේ රජරටින් ආ තරුණ කොල්ලන් දෙදෙනෙකු ( තරිඳු හා සත්‍යජිත් නෙවෙයි ඈ) උඩරට පැත්තේ ලලනාවන් දෙදෙනෙකුට ඇහැ දමාගෙන සිටි බවටද අපිට ආරංචිය!
අන්තිම 64 ද කොහෙද?

Genius හොයාගෙන යන ගමනේ පස් වෙනියාටද කොහෙද ඉවත් වූයේ මං තුමාය! ඇහුවේ Linux ගැන ප්‍රශ්නයකි! මම කොර විය! මොකෝ එතකොට මම ඒ ගැන මෙලෝ දෙයක් දන්නේ නැත!
සේනානි ළමයාගේ ෆොටෝ එකතුවෙන්

අන්තිමේ පැතුමා කප් එක ගත්තේය! නමුත් ඌ පාටි දුන්නේ නැත! 2010 ආයේ සෙට් එක එකතු වූ වෙලේදීද මූ හොරෙන් පැන්නේය! එදා නම් කවුදෝ ස්ත්‍රී පරාණයක් එක්කන් ඇවිත් තිබ්බ බවත් මතකය! හැබැයි ඒ කාන්තා රත්නය මව් තුමිය කැටුව පැමිණීම පැතුමා හෙලා දැක්කේ පොළොවේ හැපී වැලපෙමිනි!

2010 IFO++ එකේදී...
ඒ වෙනකොට මං තුමා බුකිය ගැන අහලා තිබ්බා පමණකි! 56K මොඩම් එකෙන් නෙට් යන කාලේය! කොහොම හරි මේ අතිජාත මිත්තර සෙට් එක Keep In Touch විය යුතු නිසා මං තුමා බුකි ගත උනේය! 

2008 සිද්ධ වූ මේ අල කලන්චි නිසා මට අතිජාත මිත්තර සෙට් එකක් සෙට් විය! අදත් උන් එහෙ මෙහේ කලාතුරකින් හම්බ වෙති! බුකියේ නම් මොනවා හෝ කියති! මා ලැබූ ලොකුම දේ එයයි! සහතිකෙයි සල්ලියි නම් මොනවාද ඈ!

මමනම් කරන්නේ IT ම තමයි කියා හිතට මාරම හැඟීමක් වගේ එකක් ආවේ මේ එක්කමය! ඒ UCSC එකේ VK සමරනායක හෝල් එකේදිය! ඒ නිසා මං තාමත් එතනට ආදරය කරමි! එතනින් පටන් ගත් ආදරය එලෙසම මම අදත් මා සදාදර ලැපී උදෙසා වෙන් කර ඇත්තෙමි...

අන්තිමේ පොඩි පහේ යෝජනාවක් කරන්නට සිත් වුනෙමි! ඒ 2008 ය! දැන් 2013 ය! මතක විදිහට ඊට පස්සේ ඒ වගේ දැවැන්ත පාසල් අතර තොරතුරු තාක්ෂණ දැනුම මිනුම තරඟයක් තිබුනේ නැත! අපි දැන් එදා අමිල අයියලා චාමර අයියලා හිටපු තැන් වලට ටිකක් හෝ ලඟින් සිටිමු! අපේ සෙට් එකේ බොහෝ උන් තාමත් IT කෙල්ලට පෙම් කරමින් සිටිමු!

ආයෙත් කරමුද ඒ වගේ වැඩක්??????????

Sri Lanka Genius 201* ?????

මං තුමා එකතු කර ගත්තු පොඩි පොඩි වීඩියෝ කෑලි දාලා හදපු මෙව්වා එකක්! මේ 2008 ඈ!!!! )


72 comments:

  1. සුපිරි.
    අලකලංචියකට තියෙන්නේ උඹ පකිස් පෙට්ටියක් උඩ හිටගත් බව උඹටම මතක නැති වීමය. :P

    ReplyDelete
    Replies
    1. පකිස් පෙට්ටි??? ඒ මොනවාද ඒ??? ;)

      Delete
  2. නියමයි මලයා... ඔබ පිය මැන ආ මාවත ගැන හරිම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඒ කටු පිරුණු මාවතට මං හරිම කැමතියි අයියා...

      Delete
  3. හුටාඅ.... මටත් ලැපියෙක් හිටිය නම් පෙම් සුව විදින්න තිබ්බා......

    ReplyDelete
  4. කියා ඇති විදියට නම් නාඩියා යනු ආචාර්්‍යතුමාගේ වර්ගයේ එකෙකි...ඒ අනුව මතු යම් දවසක අගමැති පදවියක් ලැබීමට අවැසි සුදුසුකම් සපුරා ඇති වග පෙනේ...

    නිවාඩු පාඩු වෙලාවක ඇවිත් ගොඩවැදිලා යන්න එන්න...

    www.amila-psx.blogspot.com

    ReplyDelete
    Replies
    1. ආචාර්ය තුමා කිව්වේ?? මොකද්ද බං මේ අගමැති කතාව??? ටියුබ් ලයිට් නේ!

      Delete
  5. මැට්ට, මමත් තියන වැඩ සේරම දාල ආවා උදේම රොමෑන්ටික් ප්‍රේම කතාවක් රස විදින්න.. චික් විතරක්..
    ඒ උනාට ලැබිල තියන අවස්ථාවෙන් මල්ලි උපරිම ප්‍රයෝජනය අරගෙන වගේ.

    ReplyDelete
    Replies
    1. මේත් ඉතිං ප්‍රේම කතාවක් නේ! ;)

      Delete
  6. හොඳ අදහසක් ආයෙමත් කරන්න... පොඩි කොල්ලන්ට මැජික් වගේ කියල දුන්නෙ ඉගනගන්න ආස හිතෙන්න. ඒක නිසාම computer science ඉගනගනන් ආපු එවුන් ඉන්නවා කියල දැනගනිද්දි අපේ උත්සාහය වතුරෙ ගියෙ නැති එක ගැන සතුටුයි...... රහසින් (ඩයලොග් එක බංකොලොත් වුනේ අපෙ SL Genius 1න් පස්සෙ ) කාටවත් කියනවා එහෙම නෙමෙයි ඕං..

    ReplyDelete
  7. ඔය වගේ මොරාල් අප් වෙන වැඩ නම් හොඳයි තමා. අද කාලෙ රියැලිටි ශෝ වගේ වෙන්නෙ නැතුව කරා නම් එල

    ReplyDelete
    Replies
    1. අනිවා! ටියලිටි ෂෝ නම් මෙලෝ රහක් නෑ තමා!

      Delete
  8. ඔය ඔතන හිටියේ නැද්ද නාඩියා කියල කොට ඩයල් එකක්????? හිකිස්......... නාඩියට කෑල්ලක් වැටුනේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. හිටියලු! ඒ ළමයා හරි අහිංසක එකාලු! ඔය කෑලි සීන් වලට නෑලු!

      Delete
  9. ලැප බදාගෙන නිදාගනින්. උදේට බිම තියෙයි. !

    ReplyDelete
    Replies
    1. සෑමගේ ඩොන්ගල් එකට වුනා වගේ ද..?? :D

      Delete
    2. එහෙම කරන්නේ නෑ මම මහේ සුදු ලැපී ට!

      Delete
    3. Pramudi
      දැන් එතකොට මොකද ඩොන්ගල් එකක් බදාගෙන නිදාගත්තේ.

      Delete
  10. අද මාව මෙතනට ගේන්න SLGENIUS ගොඩක් හේතු උනා.කොච්චර උදව් උනාද කිවිවොත් මම අද UCSC හී පරිගණක විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් බවට පත් කරෙ SLGENIUS එක...ඒ සුන්දර මතකය මතක් කරපු එකට නාඩියට ගොඩක් ස්තූති වෙනවා මචං.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..අපි හැමෝම එකම බෝට්ටුවේ බලං ගිහාම!

      Delete
  11. ශෙක්,, මම ඉස්කෝලේ යද්දි ඕක ගැන දන්නෙ නෑනේ,, කියන්න එපැයි අප්පා,, 2011ද කොහෙද තිබ්බ මොකක්ද මන්දා තරගෙකින් 3වෙනියා වුනා,,එදා එතන පේපර්ස් බලපු අය්යලා ඇවිත් බැන්නා 1වෙනියා වෙන්න තිබ්බ එක මොඩියෙක් මහ හරි උත්තර ලියලා ආයේ කපලා කියලා :(

    ReplyDelete
    Replies
    1. ඉතිං කලින් දැනගෙන ඉන්න එපැයි! කොහොමත් මොඩියෙක් තමා නේ! ;) ඒ අයියලා හරියට තේරුම් අරං!

      Delete
    2. bakjbfkjdsbgjdbskbgdskbgkjdfbgkjdbsgkjdbsbgkdsbgkdsbkgdgbdfkgkjbඉබනවඉරටනවඉිනටඉාිනටඉානෙඉටනාටෙනානෙටඉනෙවඉටஇகமதஇனளஇபமதனளஇபஇளகமதபஇனகதஇபமதஇக

      Delete
  12. wow this reminds me our good old days at ucsc bro.. And the idea is superb Nadiya. Now the time is yours for organizing an event like SL genius. They organized it when they were in second year (we were first years at that time) We'll give support as much as we can :)

    ReplyDelete
  13. අපි හැමොවම අයෙත් ලස්සන් කාලෙක අරන් ගියාට මුලින්ම ස්තුතියි.ඔයගොල්ලො විතරක් නෙමෙ ඔය අපෙ බැච් එක එව්න් කීප දෙනෙකුත් ආදරේ පටන් ගත්තෙ ඔකෙන් තමා. (චාමර ඇතුලුව ,මම කියන්නෙ කොම්පුටර් ආදරේ නෙමේ ;) ).බොහොම සන්තොසයි UCSC එකෙ අපි කරපු දෙයකින් බොහොම දෙනෙක්ගෙ ජීවිත හොද විදිහට වෙනස් වෙලා තියෙන එක ගැන. මට වඩා SLG එක වෙනුවෙන් මුලු කාලමෙ කැප කරපු අපේ බැචාලට කරපු ලොකු ගෞරවක් මේක. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. අප්පා...ඒකත් එහෙමද... ;) ස්තුතියි අයියා....

      Delete
    2. Mama adahas prakasha kiriimen walakilaa sitimi

      Delete
    3. මොකද්ද අයියේ ඒ සීන් කෝන් එක??? ;)

      Delete
  14. මගෙත් පෙවතිය වී ඇත්තේ ලැපීලාය.

    ReplyDelete
  15. මේ මේ මම දෙපාරම පාටි දුන්න බව නාඩිටය අමතක වී ඇත....! එය නාඩි ගති ලක්ෂණයක් බව මම ඒ කලේ සිට දනිමි...! හික්ස්....!
    අර ගෑනු ළමයාගේ අම්ම ඉතින් එයාව නාඩිය ඇතුළු කණ්ඩායමෙන් පරිස්සම් කරලා හොදට බලාගන්න දීල ගියානේ ටික වෙලාවකින්...! ඉතින් මම හොදට බලාගත්ත...! ඊට එහා නම් කිසි දෙයක් නාඩිය ප්‍රකාශ කරපු ලෙස සිදුවුයේ නැත...! :P :D
    තවමත් මාගේත් පෙම්වතිය ලැපීය......! හි හී...!
    මඩ ප්‍රහාරයකින් හෝ අමතක වී තිබුණු ඒ සොදුරු අතීත මතක නැවත ගෙන ආවට නාඩියට බොහොම ස්තුතියි....!
    මමත් ඉන්දියාවේ හිටියත් නැවත SLG එකක් සංවිධානය කිරීම සඳහා මාගේ සියලු කැපවීම ලබා දීමට ඉතා කැමැත්තෙන් ඉන්නවා..!

    ReplyDelete
    Replies
    1. පාටි??වාන් පාටියක් නම් දුන්න වගේ මතකයි.... ;)
      අනේ මේ..ඔයාගේ පෙම්වති ගැන මම මෙතන කියන්න එපා නේ! ;)
      එල! අනිවා සපෝට් එක දියන්!

      Delete
    2. හරි සාක්ෂි සහිතව ඔප්පු කරොත් මම අනිවා නාඩියට අලුත් ලැපක් අරන් දෙනෝ.....! මොකද කියන්නේ ???? :P :)

      Delete
  16. මල්ලි, ඒ මතකය අලුත් කෙරුවට තුති. මේ සියල්ලම පිටිපස්සේ අපිව මෙහෙව්වේ දිනුෂ අය්යා. ඒ සමග UCSC ආචාර්ය මණ්ඩලය සමග සියලුම සහෝදර සහෝදරියන් එකතුවුනා. මේක සාමුහික ප්‍රයත්නයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්..අපිට මතකයි දිනුෂ අයියා...

      Delete
  17. මට ඉතින් ඔය IT කෙරුවාවල් ගැන වැඩි දැනුමක් නෑ නොවැ.
    දිගු ගමනකට උණුසුම් සුබ පැතුම් වේවා..!

    ReplyDelete
  18. අප්පේ පෙම්වතිය නම් මාර හැඩ පාටයි.මුල අමතක නොවීම හොද ගුණයකි.සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. පෙම්වති හරි හැඩයි ඈ! අනිත් ගෑල්ලමයි හරි ඉරිසියයි ඉතිං... ;)

      Delete
  19. උඹ කොටට හිටියට හෙන වැඩ්ඩා නෙහ්?

    ReplyDelete
  20. උස වැඩි උනාම මොකටද පකිස් පෙට්ටි

    ReplyDelete
  21. මමත් ඔය පරිගණක ආදරය පටන්ගත්තේ මහාචාර්ය V.K. සමරනායක ශාලාවෙන්. 2005 අවුරුද්දේ. ඒ වෙනකොට ඔය ශාලාව UCSC Auditorium. මට එදා තමයි මහාචාර්යතුමා එක්ක මුලින්ම ඇහින් දැකලා කතා කරන්න ලැබුනේ. ඒ මතකය අලුත් කලාට ස්තුතියි මල්ලි.

    ඒ වගේම සුබපැතුම් මේ වෙනකම් ආපු ගමනට. "ආ මග කෙටියි - යා යුතු මග දුරයි" ඒ දුර යන්න වාසනාව ලැබේවා. ඔය වැඩේ වෙනුවෙන් වෙන්න ඕන දෙයක් තියනවනම් කියන්න. ජය...!

    ReplyDelete
    Replies
    1. එක සමාන කතාවක් වගේ... :) බොහොම ස්තුතියි අයියා...

      Delete
  22. එල එල... ආ ගමන ගැන සන්තෝෂයි මචං..!

    බණ්ඩාරවෙල...! නිතර යන්න වෙයි..!! හොඳ පළාත..!!! පස්සේ කියන්නම්.. හිකිස් !

    ReplyDelete
    Replies
    1. මොකක්!!!මේ මොකෝ චන්දන බණ්ඩාරවෙල පැත්තට.... ඈ?????

      Delete
  23. එල මචෝ..සුභ පැතුම් හොඳේ...

    ReplyDelete
  24. ලැපී....? වෛරස් ආසාදනයක් උනාම තමා මාර ප්‍රශ්නේ නේද....?

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතිං ආදරෙන් බේත් ටිකක් දීලා හොඳ කර ගන්නවා....

      Delete
  25. උඹ දන්නවනේ මමත් කට්ට කාලා කාලා දාගෙන කසාද බැන්දේ කවුද කියලා.. හෙහ් හෙහ් හෙහ්

    උඹටයි ලැපී කෙල්ලටයි චිරාත් කාලයක් යහතින් පවුල් කන්න වාසනාව ලැබෙන්න කියල මමත් මගේ වයිෆ් වන ලැපීත් හදවත් යටිපතුලෙන්ම ප්‍රර්ථනා කරනවා ඈ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...මම ලැපී ට කියන්නම්.... ;)

      Delete
  26. මගේ පෙවතියන් නම් කාර් ය.

    ReplyDelete
  27. ජය වේවා සහෝ...
    ඇත්තටම ඒ වගේ දේවල් වලින් මොරාල් අප් වෙනවා!

    ReplyDelete
  28. ආපු ගමන ගැන සතුටුයි මචං.. තව ඉස්සරහට යමු.. මාත් මේ මගේ ලැප් කෙල්ල මාරු කරන්න හිතන් ඉන්නේ මේ ටිකේ..

    ReplyDelete
  29. machan math slgenius 2008 giya ahamben wage meka dakke,ubata puluwanda mekata mail ekak danna cyberjayn@gmail.com ,pathum slgenius nam mage fb accnt eke innawa,Thanx

    ReplyDelete
  30. Thanks for the memories

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...