නාඩි සෙට් එක

Wednesday, December 19, 2012

දොළහේ මොකෝ උනේ?




කස්ටියම ලෝකේ චක බ්ලාස් වෙයිද කියලා බකං නිලාගෙන බලං ඉන්න වෙලාවේ මට හිතුනා 2012 හේ මොකෝ මට උනේ කියලා පොඩ්ඩක් හොයලා කරලා බලන්න.මොකෝ 2012 කියන්නේ නාඩි ජීවිතේම වෙනස් වෙච්ච අවුරුද්දක්!

2010 මහා විභාගේ කොලාට පස්සේ නායකත්ව පුහුණු කියන ඒවා එහෙම හමාර කරලා 2011 අවුරුද්දේ හා හා පුරා කියලා විස්ස විද්‍යාලේ ආවනේ...

ඊට පස්සේ ඉතිං නාඩියාගේ ෆන්බර ජොලිබර ජිවිතේ පටන් ගන්නවා. 2012 අවුරුද්ද පටන් ගන්නේ ඉගෙනුම් මානසිකත්වයක් එක්ක!(කස්ටිය නම් කියන්නේ එහෙමයි! හැබැයි ඉතිං මගේ තුන් හිතකවත් එහෙම දෙයක් තිබුනේ නම් නෑ!)

රටේ ලෝකේ මොනවා උනත් මං හිතන විදිහට නාඩියා නාඩිරත්න හෙවත් මංතුමා ගේ ජිවිතේ හැරවුම් මෙව්වා දෙක තුනක්ම මේ අවුරුද්දේ උනා! එකක් තමයි ඉතිං මේ නාඩි පිරිච්ච බ්ලොග් එක!

ඔන්න ඔහොම කැම්පස් එකෙට වෙලා ඉද්දි ඉතිං කොම්පිතරේ අන්තර්ජාලේ එක්ක නිතර නිතර ගනු දෙනු කොරන්න වෙනවා.සිංහලෙන් ලියවිච්ච බ්ලොග් කියෝ කියෝ හිටියට මමත් ඉතිං නිකමට වගේ මෙහෙම එකක් පටන් ගන්න ඕනේ කියලා නාඩියාගේ නාඩි සපිරි කුඩා මොළයට හිතෙනවා! 

මේකට ඉතිං යටින් යටින් හේතු වෙච්ච හේතු කාරණා නැතිවාම නෙවෙයි! ;) (ඒවා නම් දැන්ම කියන්න බෑ බෑ වගේ...) ප්‍රදීප්අයියා ලියන ප්‍රදීප් ගේ පිටුව දකින්නේ මෙන්න මේ කාලෙදිම තමා! අඩේ අපේ ඉස්කෝලේ අපිට වඩා ගොඩා.....ක් වයස ඩයල් එකකුත් බ්ලොගයක් අටෝගෙන ඉන්නවා කියලා දැන ගත්තහම නිකමට වගේ බ්ලොගයක් ලියන්නේ කරන්නේ කොහොමද කියලා අහගන්නවා!ඊට පස්සේ ඉතිං මැයි මාසේ 9 වෙනිදා කියන දවසේ නමෝ විත්තියෙන් නාඩියාට නාඩි කොටන්න හිතුන හැටි කියලා පොස්ට් එකක් දාලා සාඩම්බර බ්ලොග් ලියන්නෙක් වෙනවා!(සාඩම්බර උනාට ආඩම්බර නෑ ඈ!)

ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා.......? දන්නේ නෑනේ කියන්නකෝ ඉතිං...  ඊට පස්සේ නාඩි තෙමේ දිගටම බ්ලොග් කොටන්න පටන් ගත්තා! ඔහොම කොටලා කොටාලා මේ වෙද්දී නාඩි 33 ක් කොටලා තියනවලු ඈ! පස්සෙන් එන යන අය....නාඩි බලන්න ආපු ගාන එහෙම වටෙන් පිටෙන් හොයා ගන්නකො ඕනෙනම් ඉතිං!

ඔය කිව්වේ එක සිද්ධියක් නේ! අනිත් ටර්නින් මෙව්වා එක තමයි YouthFest 2012! අප්පේ ඒ අත්දැකීම් නම් කියලා ඉවර කොරන්න බෑ! විස්තර ඕනේ නම් අතන කොටලා බලන්නකෝ!අතන කිව්වේ ලින්කුව ඈ! Youth Fest එකේදී හම්බ වෙච්ච යාලු මාළුවෝ ටිකනම් කවදාවත් අතමක කරන්න බැරි වෙයි සුවර්!

වැදගත්ම turning මෙව්වා උම්මා එක තමයි Needy Readers! අපේ රටේ අපේම නංගිලා මල්ලිලාගේ කියවීම් පිපාසාව නිවන්න ඒ පුංචි මල් කැකුළු විකසිත කරන්න ඩින්ගිත්තක් හරි උදව් වෙන්න හිතාගෙන අපි කරන ඒ සමාජ සත්කාරේ ඇත්තටම මගේ ජීවිතෙත් ලොකු වෙනසක් කලා! නාඩි වැටෙනවා නේද කියලා හිතුනේ...අපි වගේම නාඩි වැටෙන මිනිස්සු අපි වටේම හුස්ම ගන්නවා කියලා මටත් දැනෙන්න පටන් ගත්තා!

මාත් එක්ක ඉන්න ඒ Needy Readers පවුල හැමදාම නාඩියා එක්ක කියලා මං තුමා අනිවා දන්නවා!
 

දැන් පුරස්නේ තියෙන්නේ මගේ උප්පැන්නේ තියෙන නමට වඩා මේ නාඩියා නාඩිරත්න නාමය පාරේ තොටේ...බස් නැවතුම් පොලේ....කඩේ..ත්‍රි විලරේ හැම තැනකම ප්‍රසිද්ධ වෙලා බොලව්! ගෑනු ළමයින්ගේ කරදරේ අනේ... ;)

(නාඩි බැලුවොත් සල්ලි තමයි!(බොරුවට ඈ))

ඔන්න ඔහොමලු දොළහේ උනේ! කියෙන කෙරෙන හැටියට 2013 පටාන් ගන්න යන්නේ හරිම සුන්දර ගෙට්ටුවකින්! අපේ බ්ලොග් පවුලේ අය ජනවාරි 27 ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට එකතු වෙනවා ඔන්න!

නාඩියා එන පළවෙනි ගේට්ටුව ඈ!!!!! අනිවා එන්න හොදේ.....බ්ලොග් එකෙන් විතරක් දැකලා කතා කරපු අය...සෙනේ වඩපු අය...ළඟ පාතකවත් එකතු වෙද්දී කොච්චර සන්තෝස ද නේද?


එහෙනම් 2012 ඉවර වෙන්නත් ළඟයි! හැපී 2013 ක් වේවා ඈ!!!!



ලයික් එකක් දාලම යමු එහෙනම් ඈ!

47 comments:

  1. උබට ලෝකෙ විනාස කොහොම වෙතත් 2012 ජය පාටයි..

    ජය වේවා.

    27 නාඩියට සැට් වෙමු !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..නරකමත් නෑ වගේ 2012! අනිවා සෙට් වෙමු ඈ!

      Delete
  2. උඹටත් එසේම හැපී 2013 මෙව්ව එකක්ම වේවා !

    අර ෆොටෝ කෑල්ල දැක්ක ගමන් මම දත කට මැදගෙන ආවෙ දෙකක් කියන්න, ඇයි යකඩො දැන් මේ ලෝක විනාශෙ මට අහල අහල එපා .............. වෙලා.

    ReplyDelete
    Replies
    1. අප්පේ!මටත් එපා වෙලා තියෙන්නේ විනාසේ ගැන අහලා! අපේ උන් නිකම් හැසිරෙන්නේ මායන් කාරයෝ අල්ලපු ගෙදර එකා වගේ විශ්වාස කරගෙන!

      Delete
  3. උඹ එනවානම් මං එන්නෙ නෑ 27... -_-

    ReplyDelete
  4. 13ක් ලැබුවොත් සෙට් වෙමු ඈ.............

    ReplyDelete
  5. හේ හේ happy 2013 වේවා (ලෝක විනාසේ නොවුනොත් ඈ)

    ReplyDelete
  6. සුභ අලුත් අවුරුද්ද්ක් නාඩියෝ.නාඩි බැලුවොත් සල්ලි තමයි.

    මනසින් දිවියට

    ReplyDelete
  7. අයියෝ මාව කාලා.... //අඩේ අපේ ඉස්කෝලේ අපිට වඩා ගොඩා.....ක් වයස ඩයල් එකකුත්// ගොඩා...ක් වයසක නෑ යකෝ..... තවම විසි ගණන් වල දෙවෙනි භාගය පටන්ගත්ත විතරයි. 27 හම්බ වෙයංකෝ. (තරහෙන් හා දුකෙන්...)

    ReplyDelete
    Replies
    1. හෆොයි! එහෙනම් ඒක නිවැරදි කරමු! (ඒත් ඊටත් වඩා වයසයිද මන්දා... ;) )
      (සිනාවෙමින්)

      Delete
  8. නාඩියාටත් හැපී මොකක එකක් වේවා කිව්වා

    ReplyDelete
  9. අලේ...නාඩි බැලුවොත් සල්ලි කෙසේ වෙතත්...ජීවත් වෙනවද කියලා දැනගන්න පුළුවන්...හි හී

    කොහොම උනත් ගෙවිලා යන අවුරුද්දට වඩා ඉස්සරහට එන අවුරුද්ද වාසනාවන්ත වේවී...

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒකත් එහෙමද ඈ... :)
      එසේම වේවා කියලා මං තුමත් පාර්ථනා කරනවා!

      Delete
  10. එදා ඒ ගැනද ඔයා කිව්වේ ඈ?ඒකෙත් මෙව්වා එක නේ :)
    සුබ අලුත් අවුරුද්දක් වේවා නාඩිතුමනි !!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්..ඒ ගැන තමයි කිව්වේ!
      එසේම වේවා රූ තුමියනි! :)

      Delete
  11. හ්ම්ම්...මේ ආපු පළමු වතාව... සුභ 2013 වේවා නාඩියාටත්... මම නම් ගෙට්ටුවට නොඑමි...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ගේට්ටුවට නොඑන්නේ? හ්ම්ම් හ්ම්ම්......දිගටම එමුකෝ එහෙනම්!! :)

      Delete
  12. හැපී බර්ත්ඩේ නාඩියා. හුටා නෑ නෑ...හැපී නිව් ඉයර් කිව්වා එහෙනම් ඈ..27 වෙනිදා සෙට් වෙමුකෝ එහෙනම් එල කිරි වගේ

    ReplyDelete
  13. 2013 නාඩි පිරිච්ච වසරක් වේවා! තව තවත් හැරවුම් මෙව්වා ලැබේවා..!! ඔය ඔක්කොම එක්ක ජයම වේවා මචං!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මචෝ! එසේම වේවා!

      Delete
  14. දෙ‍දහස් දොළහා ඉවරායි... හැම තැනම 12 ගැන පෝස්ට්...

    ලබන අවුරැද්දෙත් නාඩි වැටේවා(විහිළු නෙමේ ඈ...මං කිව්වේ නාඩියේ පොස්ට් වැටෙන එක ගැන.වැරදියට හිතලා හිත නාක් කරගන්නවා නෙමේ නාඩි.)

    ReplyDelete
    Replies
    1. හික්ස්!! එල එල! අපේ හිත ඉතිං කවදත් සුද්දයි!

      Delete
  15. සිත්තමී කෙල්ල නැතිවුණා විතරයි මේ ගොල්ලො වෙනස් වෙලා හෝ පටේට....අළුත් බ්ලොග් එක දැක්කෙ අද ලස්සනයි....

    2012 වගේම සාර්ථක 2013 ලැබෙන්න කියල සිත්තමී කෙල්ල හදවතින් සුභපතනවා...

    ඔන්න සිත්තමී කෙල්ලත් 27 එනවයි කියනවා ගම්පහ පැත්තට බලමු බලමු ඔය කිව්වට එයිද කියලා විස්වාස නෑ

    සුභ වේවා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්..ටිකක් විතර වෙනස් වෙලා....
      තැන්කු ඈ! පොඩ්ඩක් විතර වෙනස් කලා....
      අනිවා 27 එන්න ඈ!

      Delete
  16. 27 බොගෙ නාඩි අල්ලන්න මාත් එනව ඕන් :p :D

    ReplyDelete
  17. තව තවත් නාඩි වැටෙන්ට කියලා ප්‍රර්ථනා කරනවා !හැපී 2013ක් වේවා ඔයිටත් ! :)
    27 :(

    ReplyDelete
  18. ලැබුවොත් ලබන්නාවූ 2013 වාසනාවන්ත එකක් වේවා!

    ReplyDelete
    Replies
    1. ලබනවා තමයි කොහොමත්! :) එසේම වේවා!

      Delete
  19. විසි හතම සෙට් වෙලා කථා කරමුකෝ.. මං ලෝක විනාසේ අදහන්නෙක් නොවෙමි. ඒ හින්දා උඹට ජය සතුට පිරි 13 ක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අනි අනි! මොකෝ මමත් ලෝක විනාසේ ඔලුවේ තියන් ඉන්න එකෙක් නෙවෙයි!

      Delete
  20. හ්ම් 27 තමයි දවස .....

    ReplyDelete
  21. අද තමයි ගොඩවුනේ. කොමෙන්ටුවක් දාලම යන්න හිතුනා. අපහු එන්නම්කෝ

    ReplyDelete
  22. සුභම සුභ 2013 ක් වේවා...!

    ReplyDelete
  23. මට නම් 2012 ඒකාකාරී අවුරුද්දක් 2013ත් එහෙමම වෙයිද මන්දා.

    ReplyDelete
  24. Needy Readers සමාජ සත්කාරයට එකතු වෙන්න ලැබීම නම් 2012 අවුරුද්දෙ මටත් ලැබුණු ලොකුම තෑග්ගක් නාඩි මලයො...අඩේ ඒක නෙවේ..27 මාත් එනවා...එතකල් එපික් 2013ක් වේවා ඔයාටත්..

    ReplyDelete
  25. 2013 දි වත් ළග ළග නාඩි කොටපන්...ජනවාරි 27 අනිවා සැට් එකම එන්න ඕනෙ එහෙනම්.... ජය !

    ReplyDelete
  26. සුභම සුභ 2013ක් වේවා!

    ReplyDelete
  27. වසන්තයේ පැතුම් මල් පුදින සුබ නව වසරක් වේවා....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...