නාඩි සෙට් එක

Monday, September 10, 2012

මල් කැකුලකට පාට දෙමු....


අර මොකාටද ඇති වැඩකුත් නෑ..හිමින් ගමනකුත් නෑ කියල කතාවක් තියනවනේ!!! අපිට තියෙන ආදරේට සුදු බණ්ඩා මාමා කැම්පස් වැහුවට නාඩියා නම් හුස්මක් කටක් ගන්න ඉස්පාසුවක් නැතිව එක එක වැඩ වලට සෙන්ටිමෙන්ටල් උනා. දවස් 5 ක් එක දිගට කැලෑ ගානේ ගෑටුවා..ඒ අති භයංකර අත්දැකීම් ගැන ළඟදීම නාඩියක් කොටන්නම්කො...

මේ ඉතිං සැප්තැම්බර් මාසෙනේ....ලංකාවම පොත් වලින් පිරි ඉතිරිලා යන දකින දකින අත පොත් පෙරලෙන කාලෙනේ....ඔන්න ඔය අතරේ නාඩියා තවත් සමාජ සේවා කර්තව්‍යක් එක්ක සෙට් වෙනවා! මේකත් පොත් සම්බන්ධ එකක්!

බ්ලොග් ලියන කියවන අපේ අය දන්නවනේ මේ ටිකේ  2012 සයිබර් සිහින උළෙලට සමගාමීව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරන සමාජ සත්කාර වැඩසටහනත් හරිම ලස්සනට ගලා ගෙන යනවා කියලා....ගලහිටියාගොඩ මාධ්‍ය මහා විද්‍යාලේ අහිංසක නංගිලා මල්ලිලාට උදව් කරන්න ඔය ගොල්ලොත් එකතු වෙමු ඈ!


අනිත් සිද්ධියත් පොත් වලට සම්බන්ධ එකක් තමයි! මේ සමාජ සත්කාරය සංවිධානය කරන්නේ IMCD (International Movement for Community Development) එක.නාඩියා ව මේකට පන්ගරාත්තු උනේ අර Youth Fest 2012 ට ගියාට පස්සේ....

අපි ගොඩක් අය නිදහස් අධ්‍යාපනෙන් ඉසරහට ආපු ඒකෙ පිහිටෙන් කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන්න උත්සාහ කරන අය. ඉස්කෝලේ අගේ..ඉස්කෝලෙන් අපි ගත්ත අත්දැකීම් ආයේ කවදාවත් අපිට ලැබෙන්නේ  නෑ....

හැබැයි අපිට ලැබුණු ඒ පහසුකම් වලින් පුංචි කොටහක් වත් ලැබෙන්නේ නැති අහිංසක මල් කැකුළු ටිකකගේ පොත් පිපාසාව නිවන්න තමයි අපේ මේ වෑයම.

ඒ වගේම තමන් වරදක් කරලා සිරගත උනත් අපි අතරම හැදිලා වැඩුණු..අපිත් එක්ක හිනා වෙච්ච කතා කරපු අපේම සහෝදර පිරිසකට...ඒ කියන්නේ බොරැල්ල මැගසින් බන්ධනාගාරේ ඉන්න රැඳවියන්ටත් පොත් පරිත්‍යාග කරන්න අපි හිතන් ඉන්නවා... 

මේ ඉන්නේ හංවැල්ල තුන්නාන සිරි සුමනජෝති විද්‍යාලයේ අහිංසක මල් කැකුළු ඔබේ අතින් පිරි නමන ඒ සුවද හමන පොත් මල් භාර ගන්න හිනා කටක් පුරෝ ගෙන මග බලන් ඉන්න හැටි...


මේ වගේ හිස් වෙච්ච පොත් රාක්ක, මනුස්සකමේ ගුණ සුවඳ අදුනන ඔබේ අතින් පුජා වෙච්ච පුංචි පොත් වලින් පිරිලා....ඒ පොත් වල අකුරු අස්සේ පුංචි අහිංසක ඇස් බෝල  කැරකවෙද්දී.....වචන වලින් කියා ගන්න බැරි තරම් සතුටක් ඔයාගේ හිතේ පිරිලා දොරේ යන්න ගනීවි...

  
සුමනජෝතියේ පුංචි උන් විතරක් නෙවෙයි....දෑල දෙමළ විද්‍යාලය-දෑල ,සිරිහඬ සිංහල විද්‍යාලය-රාජගිරිය,කොලොම්බුගම විද්‍යාලය-නිවිතිගල .......මේ ඉස්කෝල වල පුංචි එවුනුත් ඔක්තෝම්බර් 1 වෙනිදා ඔයා දීපු පොතුත් අරං අපි එනකම් බලන් ඉන්නවා.... 






ඒ අහිංසක මල් කැකුළු වලට යවන පොත් පාර්සලේ දෙන්න ඕනේ හැටි..වැඩි විස්තර ඔක්කොම අපේ බුකියේ පිටුවට ගිහින් ගන්න පුළුවන්...

එහෙමත් නැත්නම් කෙලින්ම මේ විස්තර ටික පුරවන්න.

නැත්නම් කතා කරන්න....
+94 77 2517512
+94 71 5651502

එහෙමත් නැත්නම් නාඩියා මුලච්චි වෙන්නකෝ......

26 comments:

  1. අපූරු වැඩක් මල්ලියා...බ්ලොග් අවකාශෙ අපිත් ඔය විදියෙම වැඩක් කරනවා..සමහර විට ඕකමද දන්නෙත් නැහැ..;)ඒ කොහොම උනත් ඔන්න අපෙනුත් අත හිත...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.බ්ලොග් අවකාශේ සමාජ සත්කාරේ ගැන විස්තරත් උඩින් කොටලා තියනවා..මම හිතන්නේ එකම තමා වෙන්න ඇති... ;)

      Delete
  2. පොත් ප්‍රදර්සනෙං පස්සෙ අනිවා පොත් ටිකක් දෙන්නං..

    ReplyDelete
    Replies
    1. පොත් ප්‍රදර්ශනේ අපි පොත් එකතු කරන මධ්‍යස්ථානයක් දානවා...ඕනේ නම් එතනට දෙන්නත් පුළුවන්...
      https://www.facebook.com/events/363590403718144/

      Delete
  3. ඇත්තටම කිව්වොත් අද මට දැනුනා මමත් උඹවාගේ නාඩි වැටෙන එකෙක් කියලා. උඹේ වචන කියවනකොට මාව හිරිවැටිලා ගියා. උදව්වක් කරන්න ඕනි කියන දේ දැනුනා. උඹේ වචන වලට ඇත්තටම නැවි වැටෙනවා නාඩියෝ. උඹ කොච්චර ලස්සනට ලියනවද.නියමයි...දිගටම ලියන්න කියවන්න ආසාවෙන් මග බලාගෙන ඉන්නවා. මේ වැඩේටත් පුළුවන් උපරිමයෙන් උදව් කරනවා.

    ReplyDelete
    Replies
    1. අපි එකම විදිහට නාඩි වැටෙන මිනිස්සු බං..එකම රතු ලේ ඇඟේ දුවන මිනිස්සු....අන්න එහෙම හිතන එකයි වටින්නේ....

      Delete
  4. කියවන්න පොතක් පරිත්‍යාග කරන එක ලොකු පිංකමක්. බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහනේදි අපි කිව්වා වගේ පොත් කියන්නේ රටේ හෙට දවස වෙනුවෙන් කරන ආයෝජනයක්. පුළුවන් විදියට මේ දරුවන්ගෙ ඇස් පාදන්න උදව් වෙමු. සුබපැතුම්. ජය...!

    ReplyDelete
  5. ඉතාම වටිනා ක්‍රියාවක්. මාත් පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්.
    මෙම සද් කාර්යය ඉහළින්ම සාර්ථක වේවා යැයි පතමි. ජය!

    ReplyDelete
  6. පින් සිද්දවෙන වැඩක් ,අපිත් දායකත්වයක් දක්වන්නම් ...

    ReplyDelete
  7. එල වැඩක්නේ...පුළුවන් සහයොගයක් දෙන්නම්...

    ReplyDelete
  8. මගෙනුත් සප් එක ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. අර පොඩි උන්ගේ ෆොටෝ දැක්කම ඔක්කොම අවුල් යනවා..
    හ්ම්ම්..මම බැනර් එක දැම්මට හරියට මේ ගැන දන්නෙ දැන්..
    අනිවාරෙන් උදව් කරන්නම්..
    ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....තැන්කු ඈ අපිට සපෝට් එක දෙනවට... :)

      Delete
  10. උදව්වට මමත් ඉන්නවා....

    ReplyDelete
  11. මට මේක දීගන්න විදිහක් නැතුව ඉන්නේ.අයියෝ තනියෙන් හරි උස්සන් එනවා මේ පොත් සෙට් එකම.

    ReplyDelete
    Replies
    1. අඩේ!!එල එල!කොහෙද මචං පොත් ටික තියෙන්නේ?අපි අරගෙන යමු! :)

      Delete
  12. අපිත් දෙන්නම්කො හෙල්ප් පුළුවන් විදිහට ..ලොකු සත්කාරයක් අයියා.

    ReplyDelete
  13. හොඳ වැඩක්.. ජය වේවා..!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...