නාඩි සෙට් එක

Sunday, June 24, 2012

“පී” සමඟ දෙපැයක් සහ තවත් බස් කතා!


ලංකාවේ ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍ය තමයි බස් එක .ටර්බෝ ඉන්ටර්කුලර් ,වොල්වෝ ,රෝල්ස් රොයිස් පාරේ යද්දී අපිත් ඒවගේ යන්නේ නැත්තේ බස් එකේ යන තරම් ආතල්  එකක් ඒවගේ නැති නිසා.. අද මම ලියන්න යන්නේ ලංකාවටම ආවේණික වූ අපේම බස් කලාවේ නාඩි අද්දැකීම් ටිකක්...

නාඩියාගේ ගෙදර ඉදන් ඉස්කෝලෙට හූවයි බල්ටියයි හින්ද ස්කූල් බස් එකක යාමේ වාසනාව අහිමි උනා!ඉස්කෝලෙට ගෑටුවේ  පයින් තමා!

ඒත් ඇතුගල්පුරේ..මිගොන් පුරේ ක්ලාස් ගිය කාලේ හොද හොද බස් experience ගන්න පුළුවන් උනා!

මේක AL ක්ලාස් යන අන්තිම දවස වල උන සිද්ධියක්..එදත් සුපුරුදු පරිදි මිගොන් පුරේ (මිගොන් කියන්නේ මීගමුවට බොලවූ..අර හිංගලෙන් නිගම්බෝ කියන්නේ..මොකෝ කොන්දොස්තර මාමලා බස් එක ලෝඩ් කරන්නේ “මීගොන්..මීගොන්...මීගොන් නගින්න....හරේ හරේ !” කියලනේ..) රසායන විද්‍යාව පන්ති ගොහිං පුෂ්පයයි මායි බස් එකේ එනවා..(පුෂ්පයා කිවේ අර තල කිරි බීපු වෙලාවේ අසමජ්ජාති වැඩ කොරපු එකා!)සුන්දර ලලනාවෝ ගොදාරියයි බස් එකේ!පුසුඹේ බැරුවා..ඉන්ටනැෂනල් කිට් ඇදගත්ත ලස්සන නංගිලා දෙතුන් දෙනෙකුත් බස් එකේ...පුෂ්පයා ඉතින් ෆෝන් එක ඇදන් වැඩ දානවා..

බස් එකෙත් අච්චාරුවට මාළු මිරිස් පැක්  කොලා වගේ සෙනග..ඔන්න ඔහොම එන බස් එකෙන් දන්කොටුව හරියේදී අර අසරණ ඉන්ටනැෂනල් නංගි කෙනෙක් පැන්නේ නැතෑ බස් එකෙන් බිමට!පිස්සු බම්ප් වෙනවා!ඩයිවර් අයියා පට ගාල බස් එක නැවැත්තුවා!මොකෝ ඒ හරියේ ඉන්නේ හරිම අහිංසක සුකුමාල ජනතාවක්නේ..කොන්දා මල්ලි වාෂ්ප වෙලා!මොකෝ සිද්ධිය කියල බලපුවහම කොන්දා මල්ලිට බෙල් එක ගහන්න අතමක වෙලා!නංගිගේ ගේ පහු උනා කියල තමයි බිමට පැනලා තියෙන්නේ..ඒ ළමයා බස් එකේ යන පලවෙනි දවසලු ඒ!කොහොමද වැඩේ!

කෝකටත් ඇගට ගුනයිනේ කියලා ඩයිවර් අයියා ළමයව ගෙදරට ගිහින් භාර දෙන්න තීරණය කළා..කොන්දොස්තර මල්ලි බස් එකේ කස්ටියට සල්ලිත් බෙදුවා වෙන බස් එකක යන්න කියල..මොකෝ දැන් වැඩේට පරක්කු වෙනවනේ...අර ළමයට තුවාල වලට බේත් දාන්නත් සත්ගුණවත් ඩයිවර් අයියා භාර අරගෙන...

අපි ඩබලත් පැනපු ගමන් සල්ලි ඉල්ලා ගත්තා...හැබැයි ඉතින් ගෙදර යන්නත් මොකද්ද වගේ..මිනිස්සු අසරණ උන වෙලාවේ උදවු කරන්න එපැයි!එහෙම හිතාගෙන පැයක විතර බස් එක මුර කරලා මහ රෑ ගෙදරට සැපත්  උනා..එහෙම කලේ අර රුපියල් 30 ආපහු නොදී ඒ බස් එකේම දන්කොටුවේ ඉදන් ඉබ්බා පුළුවන් හින්ද නෙවෙයි ඕන්!නාඩියා එච්චර හිත උණු වෙන කොල්ලෙක්!


ඊළඟ සින් එක උනේ නාඩියා කැම්පස් ගිය අලුතම වගේ...අපේ අයියලා හැම අවුරුද්දෙම ඒ පැත්තේ දුෂ්කර පාසල් වලට ගිහින් OL /AL වැඩමුළු තියනවා..කැම්පස් ආපු දවස වලම නාඩියාවත් ඕකට සෙට් උනා ඉන්ගිරිසි කියල දෙන්න(ඉගැන්නුවේ කොහොමද කියල නම් අහන්න එපා!)

යන්න තිබ්බේ මහදිවුල්වැව කියල ලස්සන ගමකට..අනුරාධපුරේ ඉදන් පැය දෙකක විතර ගමනක්..හොරොව්පතානට ගිහින් එතන ඉදලත් පැය බාගයක් විතර යන්න ඕනේ...ඔන්න දැන් කස්ටිය හොරොව්පතානෙන් බස් එකට නැග්ගා...Full condition තියෙන CTB බස් එකක්! බස් එකේ කුකුල්ලු එළුවෝ හිටන් අරන් යනවා..ඒ පැත්තේ බස් එහෙමයි!පොදු ප්‍රවාහන සේවයනේ!

ඔන්න බස් එක  ටික දුරක් ආවා!පැය කාලක් විතර..කොන්දා බස් එකේ නෑ!අපිටත් ෆුල් ත්‍රිල්!ඇයි බස් එකේ කෙලින්ම ඉබ්බා පාරක් දාන්න පුළුවන්නේ!බස් එක පිටිපස්සෙන් ලොරියක් පිබගෙන එනවා..එකේ ඉස්සරහ ඉදන් කවුද එකෙක් අත වනනවා හෝ ගාල!බලද්දී කොන්දා!ඌ එතන තිබ්බ කඩේකට රිංගලා විටමින් කූරක් ගන්න කියල.බස් එක අද්දනවා දැකල නෑ!ඩයිවර් උන්නැහේටත් එච්චර මීටර් වෙලා නෑ පොර නෑ කියල..තව පොඩ්ඩෙන් නාඩියාලට ඉබ්බා චාන්ස් එකක් ඇදෙනවා!

අනිත් සිද්ධිය උනේ නම් මේ ඊයේ පෙරේදා!නාඩියා කොළඹ ගියා මීටිං එකකට!(නාඩියාටත් මිටින් තියෙනවා ඈ!ඌත් වැදගත් කොල්ලෙක්!) කාපිය බුල්ටොත් එක්ක පාන් කිව්වලු!රෑ එන්න බස් නෑ!කරන්න දෙයක් නැති හින්ද නැග්ග ගද ගහන ඉන්ටසිටියකට! (මනියත් ආවා ඕන් ගෙදර යන්න කියලා!එකටත් බස් නෑ!ඌ ගම්පහ කිව්වට ගම්පහට එන්න පැය තුනක් යනවලු!බස් නැති වෙලේ පිටකොටුවේ බෝ ගහ යට අඩ අඩා තමයි කිව්වේ!)

ඉන්ටසිටියේ හම්බුණේ ජම්පින් සිට් එකක්!දෙපැත්තේ හොද හැදී දැඩි “පුරුෂයෝ” දෙන්නෙකුත් හිටියා වගේ අඩ අදුරේ දැක්ක!

“අනේ අක්කේ....”

“ඇයි දම්මි....?”

මම හිමිට වටපිට බැලුවා..
මල කෙලියයි!මම ඉදගෙන තියෙන්නේ “පී” දෙන්නෙක් මැද!උන්  දෙන්න අර බියුටි කචල් කරන දෙන්නෙක්!මනාලියන්ට ඇඳුම් ගන්න කොටුවට ඇවිත්!
මුන් දෙන්න දැන් එක එකා වතුර බෝතල් පාස් කරගන්නවා..ෂොපින් ගිහිං ගත්ත මාල වළලු සුකුරුත්තම් බලනවා එක කෙලියයි!මම මැද!අහෝ කුමක් කරම්ද!!!!
බයෙත් බෑ!කෝකටත් කියලා මනියාට මැසේජ් එකක් යැව්වා...

“අඩෝ මනියෝ!මට දෙපැත්තේ පී දෙන්නෙක් බන්..මොකෝ මං කරන්නේ?”

“බය වෙන්න එපා බන්!උඹ මාත් එක්කත් බස් එකේ ඉදන් යන්නේ...ඒ වගේමයි කියල හිතා ගනින්!”
 
හික්ස්.....

23 comments:

  1. ඔක්කොමත් හරියි කියමුකෝ...නාඩියා විසින් ලිපියේ අවසාන කොටසේ මා පිලිබද කරන ලද මහා අමූලික චරිත ඟාතනය පිලිබද නඩුවක් මේවන විටත් ශේෂ්ටාදිකරනයෙ file කර අතිබව සන්වේගයෙන් දැනුම් දෙමි,:P
    ,,අනේ අනේ නාඩියෝ...ඒ වෙලාවෙ දෙකට කැපිච්ච පනුව වගේ ඇබරි ඇබරි...දාපු මැසෙජ් තාමත් තීයෙනව..සාක්ශි වලට දෙන්න... "පි" ඩබල එක්ක ගොහින්...ගෙදර ගියාම... පුතන්ඩියගෙ.. නෝන්ඩි හැසිරීමට හෙතුව පිලිබද,නාඩියගෙ මැනියෝ විමසමින් කල දුරකතන සන්වාදය මෙතනට ඕනි නැ නෙහ්... :P ...

    ReplyDelete
    Replies
    1. කමෝන් මනියා කමෝන්........මඩ ඕනේ මඩ.......

      Delete
    2. ශේස්ටාධිකරණයේ බැරිනම් යුදාධිකරණයේ හරි දාපන්..මං ළඟ ඕනේ තරම් පෙරකදෝරුවෝ ඉන්නවා ඒවාට කතා කරන්න...කවුද යකෝ ඇබරුණේ??මම උත්තම පුරුෂයා වගේ ආවා!

      Delete
    3. අනේ රජෝ..ඔය වැසිකිලි පෝච්චි අවුස්සන්න එපා බන්!

      Delete
    4. ඔය එළිවෙන්නේ .. මනියා හුරේ>>>>>>..

      Delete
    5. i l suppot ur Hari dont b afraid to d cases :P

      Delete
    6. ඕ තැන්ක්ස් තැන්ක්ස් ධාරා...තැන්ක්ස් අ ලොට්‌ ඈ!

      Delete
  2. හෙහේ මරු බස් අත්දැකිම් ටික ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...මල් හතයි නේ..
      තැන්කු වේවා!

      Delete
  3. හීනියට මඩකුත් තියෙනවද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හීනියට වගේ... :පි නැත්නම් හරි නෑනේ...

      Delete
  4. මටත් ඔය පී ලා හෙනට මීට් වෙලා තියෙනවා :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සෝයි නේද රජෝ ඒ අය? හොක්ස්‌ හොක්ස්‌...

      Delete
    2. උන් දන්නව ඇති හරි ඩයල් අදුරගන්න.. ;පී

      Delete
    3. උන් අපි වගේ උත්තම පුරුසයොන්ට කරදර කරන්නේ නෑ බං!

      Delete
  5. අපූරු කතා බස් ටිකක් නාඩියෝ..හෙහේ...
    ඔන්න මමත් ආවා ඔයාගෙ කතා කියවන්න....

    ReplyDelete
    Replies
    1. තැන්කු ඈ!තව ඉස්සරහට හොද හොද ඒවා දෙන්නම්කො.... :)

      Delete
  6. හී හී හී........................................................

    ReplyDelete
  7. අපරාදේ මල්ලි උඹ උන්දෙන්නා එක්ක කතා කරන්ඩ තිබ්බේ.
    මොන තරම් දේවල් දැන ගන්ඩ තිබ්බද බං

    මටත් උනා ඔය වගේ සීන් එකක් මෙන්න මෙතනින් බලමු
    අටම්පහුරාට අංකල් කෙනෙකුගෙන් ලීංගික අතවර

    ReplyDelete
    Replies
    1. සිරාවට බය හිතුනා අයියේ!!නැත්නම් අනිවා ටෝක් එකක් දෙනවා!!!

      Delete
  8. අර බුල්ටොත් එක්ක පාන් කන කතාව කොහෙන අහුලා ගත්තේ. මම දන්නා හැටියට නම් ඒක අනිල් කේ. සේනාධීරයන්ගේ වදනකි.

    ReplyDelete
    Replies
    1. නයි කයිද රෝස් පාන් කියපි! තෝත් කේ. එකෙක්ද?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...