නාඩි සෙට් එක

Saturday, June 11, 2022

ඔටු කිරි වල ගුණ සහ තවත් කතා


මිත්‍රවරුනි YouTube එක කියන්නේ පිස්සු හැදෙන වංකගිරියක්. ඔන්න ලැප්ටොපේ ඔන් කරලා.. හරිබරි ගැහිලා වාඩි වෙලා.. කන් දෙක වැහෙන්න හෙඩ් ෆෝන් එක එහෙම දාගෙන ලෑස්ති වෙන්නේ පොඩි කෝඩ් කෑල්ලක් ගහන ගමං සින්දුවකුත් අහනවා කියලා.. යනවා YouTube එකට.. දාගන්නවා ඔය ලයාන්විත ගීතයක්.. 

ටික වෙලාවක් යද්දී ඔන්න එක පාරට මතක් වෙනවා කෝඩ් එකේ තියෙන multi-label classification එකේ data transform කරන තියරිය මතක නෑ කියලා.. ටං ගාලා ටියුබේ ගහපුවහම ආර්ර්ර් අකුර වැඩියෙන් කියවෙන අල්ලපු රටේ ඩෑල් එකක කරන ටියුටෝරියල් එකක් තියෙනවා.. ඕක ටික වෙලාවක් බලද්දී කම්මැලි හිතෙනවනේ.. එතකොට පැත්තෙන් එන BGT finals වගේ එකක් ටිකක් බලන්න සෙට් වෙනවා. ඕක බල බලා ඉද්දී ඔළුවට එනවා මයික්‍රොවේව් අවන් එක වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනි කියලා.. මොකෝ හදිස්සියේ බස් එකේ යද්දී කවුරු හරි ඇහුවොත් එහෙම😃

මයික්‍රොවේව් අවන් එක වැඩ කරන හැටි ඉගෙන ගෙන දැනුමැති ඩෑල් එකක් උනාට පස්සේ ඕනේ වෙනව පාරවල් ඇස්පෝල්ට් කරන මැෂිමක් හරි ලස්සනට පාරවල් කාපට් කරනවා බලන්න. එතකොට පැත්තෙන් suggest වෙනවා ඒ පාර උඩ යන්න කියාපු Porsche 911 එකක review විඩීයෝ එකක්. ආයේ ගත්තු දවසක බොනට් එක අරින්නවත් දැනගෙන ඉන්න එපැයි කියලා ඕකත් බලනවා. මොන පෝශේ ද! තියෙන එකේ air filter එක මාරු කරන්නේ කොහොමද කියලා බලන්න ඕනි කියලා දැන් මිත්‍රවරුනි ඕකත් හොයලා බලනවා.

ඔහොම බලාගෙන බලාගෙන යද්දී හිතෙනවා ගොඩක් කාලෙකින් හොඳ මාළු කෑල්ලක් කෑවේ නෑ නේද කියලා මූදු ගිහිං කෙලවල්ලෝ අල්ලන වීඩියෝ එකකුත් බලනවා. ඊට පස්සේ දොදොල් කපනවා වගේ සුපිරි පිහියකින් ඒවා කපන එකකුත් බලනවා. දැන් දන්නවා ට්‍රෝලර් එකක ගිහිං මාළු අල්ලන්න!😃

මාළු අල්ලන එකක් බලපු එකේ පොඩි food review පාරක් බලලා Gordon Ramsey ගේ ලේසිම recipe පහක් බලන්නත් ඕනේ වෙනවා. සමහර වෙලාවට එතකොට ඔටු කිරි වල ඔබ නොදන්නා ගුණ 10ක් දැන ගන්න වීඩියෝ එකක් බලන්නත් හිතෙනවා.

ඔහොම බලාගෙන බලාගෙන යද්දී අර කැලේ මැද්දේ වලවල් කපාගෙන ගෙවල් හදලා වතුර මලවල් එහෙම හදන එකෙක් සෙට් උනොත් අබසරණයි!

කෝ එතකොට දැං අර ටියුටෝරියල් එක?😃

8 comments:

  1. කෝ එතකොට ඔටු කිරි වල ගුණ?

    ReplyDelete
  2. මදැයි ඉතින් බලන්න ගියපු එකයි ඔටු කිරි වලටයි උන දේ😂

    ReplyDelete
  3. හේ හේ , ඔඅවගේ අහුවුනහම නම් පැය ගණන් නාස්ති වෙනවා. මම ඊයේ පෙරේද ලිබරේෂන් ඔක්කොම කොටස් බැලුවා

    ReplyDelete
  4. කෝඩ් කෑල්ල ඇර මටත් නිතර වෙන දෙයක්. ඕක ඔටු කිරි බීවම හරියනවලු

    ReplyDelete
  5. blog kiyawanna puluvn syndi ekk https://sithuvili.net/

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...