මිදුලේ කෙලවරේ තිබිච්චි අඹ ගහෙන් ඊයේ
රෑ වැටිච්චි කොළ කන්දරාව හින්දා මුළු මිදුලම හැඩි වෙලා. මාසෙකින් අතු ගෑවේ නෑ වගේ.
“හැම අවුරුද්දෙම මල් විතරයි. ගෙඩි
එකක්වත් හැදුනේ නෑනේ. අඹ ගහ කපලා දාන්න ඕනේ. මිදුල හැඩි වෙන එක විතරයි වෙන්නේ.”
තාත්තා ඊයෙත් කියනවා මං අහගෙන.
මං ඉක්මනට ඉදල අරං මිදුල පැත්තට ගියා. නැත්නම් අම්මාගේ අඩෝඇඩියාවෙන් බේරෙන්න බෑනේ....
“ගෑනු ළමයෙක් උනහම කොස්සක් ඉදලක්
අල්ලන්න දැන ගන්න ඕනේ. මිදුලක හැටි! ඉදල් පාරක් දැකලවත් නෑ. කෝ ඉතිං මංම කරන්න
එපැයි ඒවත්. උපාධි ගත්තු නෝනා මහත්තුරු හිටියට ඇහැක් ඇරලා බලන එකක්යැ ගේ දොර දිහා!”
මිදුල අතු ගාන, මල් වලට සාත්තු
සප්පායම් කරන එක අමාරු දෙයක් නෙවෙයි. හැබැයි එළියට පහලියට බැහැලා ඉන්න එකනේ තියෙන
ප්‍රශ්නේ... එහා ගෙදර හිමාලි නැන්දා එහෙම හිටියොත් අහන ප්‍රශ්න වලට උත්තර දීලාම
එපා වෙනවා.
“දැන් ඉතිං දුවේ ගොඩ කාලයක් නේද ගෙදර
ඇවිත්. තාම රස්සාවක් බැලුවේ නැද්ද?”
“නෑ නැන්දේ තාම ගුරු පත්වීම් ගැසට්
කරලා නෑනේ.. ගැසට් කරනකං ඉන්නේ.”
“ඔව් ඉතිං private companies වල vacancies වලට යන්න ටිකක් අමාරුයි නේ... ඒ ගොල්ලෝ
ඔය ආණ්ඩුවේ කැම්පස් වල කට්ටිය ගන්න එච්චර කැමතිත් නෑලු. අපේ අක්කගේ දුව, සුවී...
දැන් private bank එකක වැඩ. ලඟදි marry කරලා ausi යන්න යන්නේ... “
“හ්ම්ම්....”
“දැන් වයසත් යන එකේ marry කළානම් හරිනේ අනූ... boy
friend කෙනෙක් එහෙම ඇතිනේ... “
“එහෙම කෙනෙක් නෑ නැන්දේ. මං ගිහිං එන්නං..”
හිමාලි නැන්දට විතරක් නෙවෙයි.. ලේන්
එකේ ඉන්න බාගෙට බාගයක් මිනිස්සුන්ට මගෙන් අහන්න තියෙන්නේ එකම ප්‍රශ්න ලිස්ට් එක
තමයි.. “තාම රස්සාවක් නැද්ද... බදින්නේ නැද්ද...කොච්චර කල්ද දැන් ගෙදරට වෙලා... “
වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ටික බෝඩ් එකක ලියලා කරේ එල්ලගෙන
යන්න!
වත්ත පහළ ඇට්ටේරියා ගහ යට හයි කරලා
තියෙන කුරුළු ලෑල්ල ටිකක් ඇද වෙලා. අක්කගේ පොඩි එකා බයිසිකලේ පදින වෙලාවේ
හැප්පෙන්න ඇති. තියෙන්නේ එසේ මෙසේ දාංගලයක්යෑ! පොඩ්ඩක් ඉහළට කරලා අල්ලලා බදින්න
ඕනේ.. නැත්නම් හැමදාම ලෑල්ලට එන මයිනෝ රෑන නෑවිත් ඉඳියි.
මිදුල අතු ගාල කුණු ටික වලට දාල එළියේ ටැප්
එකෙන්ම අත හෝදගෙන ඇතුළට එන ගමන් මං කල්පනා කළා...
මේ ටික කාලේට කොච්චර දේවල් වෙනස් උනාද...
ටියුට්, ප්‍රජෙක්ට්, ප්‍රසන්ටේෂන් ඔක්කොම ඉවර කරලා කැළණි කන්ද බැස්සේ බලාපොරොත්තු
පොදියක් හිතේ තියාගෙන. ලංකාව වටෙන්ම එකතු වෙච්චි අපේ උන්... කැන්ටිමේ අඩුව එකට
කාපු අපේ උන් නුවර පාරේ බස් වල එල්ලිලා කොටුවට ඇවිත් හතර පැත්තට ගියේ ආයේ කවදා හරි
සෙට් වෙන්න හිතාගෙන.
“ආයේ ඉතිං උඹලව සෙට් වෙන්නේ එක එකාගේ
මඟුල් ගෙවල් වලදී තමයි”
“මං බදින්නේ නෑ බං. හදපානේ පැනලා යන්න
ඉන්නේ. ගානත් ශේප් නේ”
“අනේ පලයන් බං යන්න. උඹේ වෙඩින් එකට
බුක් කරන්න වෙන්නේ සුගතදාස එක තමයි එන සෙනගේ හැටියට!”
හිනාවෙද්දී කම්මුලේ පුංචි වලක් හැදෙන
ඉමා තොර තොරෝන්චියක් නැතිව කියවා කියවා මහනුවර බස් එකකට නැගලා අත වන වනා ගියා.
ඒත්...
මං තාමත් එතැන.. දාපු ඇප්ලිකේෂන් තොගේ එකතු
කළානම් බේත් කවර වලට විකුණලා කීයක් හරි හොයාගන්න තිබ්බා.
“ඔයා රස්සාවක් කරන්න ඕනේ නෑ අනූ...”
එයා එහෙම කිව්වා.. හැබැයි ගෙදරින් දාපු
ප්‍රශ්නත් එක්ක මාත් එක්ක කතා නොකර මාස හතරකට වැඩියි. කුල ගොත් මනස්ගාත. මං අතට
ගත්තු ෆෝන් එක ටීපෝ එක උඩින් තිබ්බා.
“ඊයේ රෑ ප්‍රවෘත්ති වලත් අන්න ඔයාලගේ
කැම්පස් එකේ පිකට් එකක් පෙන්නුවා. ඒකෙ තියෙන්නේ පිකට් විතරද අක්කේ?” මේ අවුරුද්දේ AL ලියන්න ඉන්න ලොකු නැන්දාගේ දුව මේ ටිකේ අපේ ගෙදර. මං මොනවා කියන්නද...
කවුරු කවුරුත් එක එකාගේ අතකොළු වෙලා.
අම්මා කුස්සියේ තනියම උයනවා. ඒ පැත්තට
ගියේ නැත්නම් ආයේ හොඳට අහගන්න වෙයි. අප්පච්චි දවල්ට කන්න ගෙදර එනවද දන්නේ නෑ
මෙච්චර ලකේට උයන්නේ අද..
“අන්න අද දවල්ට රද්දොළුගම නැන්දා එනවා
කිව්වා. ඒ අයියා සැප්තැම්බර් වල බදිනවලු. නුවර උසාවියේ වැඩ කරන ලෝයර් කෙනෙක්
කියන්නේ.. අනූ... පොඩ්ඩක් මට උදව් වෙනවකෝ පොල් ටිකවත් ගාලා දීලා... “
සිකුරාදා දිනමිණ පත්තර තොගේ සාලේ අයිනක
ගොඩ ගැහිලා. ඒ ටික අදවත් පත්තර කාරයට විකුණලා දාන්න ඕනේ...
“කහ පාට ගැහිච්චි ගැසට් අස්සේ ඉරිදා
ලංකාදීපේ... ටීපෝ එක උඩ තිබිච්චි අප්පච්චිගේ කන්නාඩිය පූසි බිම දාන්න කලින් අරං
තියන්න ගිහාම දැක්කේ...
මංගල කිංකිණියේ තැන තැන කළු පෑනෙන් ඉරි
ඇදලා...
Nadiyaa attha kathawaa!!! 😅😅 peesent situation of mine...
ReplyDeleteඒකත් එහෙමද?
Deleteසුපිරි බ්‍රෝ. එක හුස්මට කියවන් ගියා.
ReplyDeleteබලාගෙන පරිස්සමෙන්.. හුස්ම හිරවෙයි
Deleteනෑ කියෝලා ඉවර වෙලා හුස්ම ගත්තා 😄😄😄😄
Deleteසාධාරණ ප්‍රශ්න අසාධාරණ ක්‍රමේට අහන්නේ....
ReplyDeleteහරිම අසාධාරණයි
Deleteela ,,,
ReplyDelete:)
Deleteකාලෙකට පස්සෙ උඹ හොඳ කතාවක් ලියල.ලස්සනයි.
ReplyDeleteකාලෙකට පස්සේ පොඩි ඉස්පාසුවක් ලැබුනා..
Deleteniyamai bro..
ReplyDeleteතැන්කු වේවා!
Deletelagadima bandayida a kiyanne ;)
ReplyDeleteකියන්න බෑ... වෙන්නේ නැතැයි හිතන්නත් බෑ...
Deleteඅපි හැමෝටම දැවෙන ප්‍රශ්නය ඕක. මමත් ඕකට හොඳට මුහුණ දෙනවා යාළුවේ.
ReplyDeleteපොදු සාධකයක් වෙච්චි ප්‍රශ්නයක්
Deleteසුපිරි. එක එක්කෙනාගෙන් අහන්නමතක් වෙන ප්‍රශ්ණ සෙට් එකක් කාගෙත් තියෙනවා.
ReplyDeleteඅනික උන් උත්තර මතක තියාගෙන ඉන්නෙත් නෑ වගෙ ආයෙ ආයෙ ඒකම අහනවා.
අන්න ඒකනේ.... ඒ අහන්නේ අමතක කමටම නෙවයි.... ආයේ අවුස්සලා ගන්න
Deleteමට වෙලාවකට හිතෙනවා අපි එකම උත්තරේද දෙන්නෙ කියලා පරීක්ෂාකරන්න එහෙම අහනවද කියලත්
Deleteඔව් එහෙමත් වෙන්න පුලුවන්
Delete:D
ReplyDeleteඇත්ත.... ඔය ප්‍රශ්නමයි... ඔය විදිහමයි.... ඔය උත්තරමයි...
ReplyDeleteඅපිටවත් ප්‍රශ්න නොවෙන දේවල් ප්‍රශ්න වෙන්නේ අනිත් අයට...
ලංකාවනේ මේ...
Deleteඅද තමයි මේ පැත්තට ගොඩ උනේ...රහට ලියල තියනවා...
ReplyDeleteඕක සමාජයේ බහුතරයකට තියන පොදු ප්‍රශ්න පත්තරයක්...
දිගටම එන්නකෝ එහෙනං තව ප්‍රශ්න පත්තර බලා ගන්න
Deleteකාලෙකට පස්සෙ.. එල එල..
ReplyDeleteඒකනේ ඒකනේ...
Deleteකාලෙකට පස්සෙ නාඩියා ලියල තියෙන්නෙ. පට්ට ඈ. ඇත්ත කතාව හැබැයි.
ReplyDeleteආණ්ඩුවෙ කැම්පස් අයට පෞද්ගලික අංශෙ පොඩි කැපිල්ලක් තියෙන විත්තිය මටම පහුගිය ටිකේ තේරුනා...
ඒ උනාට හරියට කතා කළා නම් එච්චරයි
Deleteමේ කතාව! හරියට මේ දවස් වල මගෙ ජීවිතෙ වගේ.. :)
ReplyDeleteඇයි බං උඹ අර දත් ගලවන්නේ...
Deleteඒ අපේ ගෙවල් වටේ ඉන්න උනුත් ඔහොම කීවා බන් කාලෙකදී.
ReplyDeleteතවම බදින්නේ නැද්ද කියල නම් ඇහුවේ නෑ. :p
ස්වයං රැකියාවක්වත් පටන් ගත්තොත් නරකද අනු ???
ලස්සනයි නාඩියො...සමාජයේ එක්තරා පැතිකඩක් අපූරුවට මේ කථාව තුලින් හෙළිකරලා තියෙනවා. බදින්නෙ නැද්ද ? මේ ගැටලුවට උත්තර දීලම මටත් එපා වෙලා බං ඉන්නෙ....
ReplyDeleteමේක නියමයි...ලස්සනයි...
ReplyDeleteනියමයි
ReplyDeleteකාලෙකින් මුකුත් ලියලා නෑ නොවැ.. ආයෙ ලිව්ව නම් මේ වගෙ රහ කතාවක්..
ReplyDelete