නාඩි සෙට් එක

Wednesday, February 3, 2016

පුන්සඳ රෑට ඇවිදින්...


පුන්සඳ රෑට ඇවිදින් ඔපීසියේ කළුව බිඳ
පණ කෙදි සේම ලැප්ටොප් එක උඹේ ඉඹිනවද
තනියම හින දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන් කඳ තාම ඔපීසියේ කෝඩින් කරනවද

ක්ලයන්ට් ලා රෑන කරදර කරන තුන් තිස් පැයම
රෑටත් කෝල් කර කර වද කරනවද
නෙස්කැෆෙ එහෙම වැඩිපුර බොන්න එපා පණ...
වැඩ කෙරුවාට මාසේ පඩිය නැද්ද තව

පුන්සඳ රෑට....

මැරුණා වාගේ  බෝඩිම් ඇවිදින් නිදන විට
මදුරුවෝ රෑන කණ ළඟ සිංදු කියනවද
ඇල්ටෝ එකවත් ලඟදි ගමු නේද පණ
සීපා ආවොත් කන්නට වෙන්නේ මගේ පඩි පතට 

IT කාරයෙක්ගේ තනි වූ පෙම්වතියකගේ කඳුළු කතාව... 

19 comments:

  1. Replies
    1. සින්දුව ඇහුවේ දැන්.. මන් හිතුවේ ඩබ් කරලා කියල.. ඔරිජිනල් එකනම් කොහොමත් පට්ට..

      Delete
  2. රස්සාව අනුව සිංදුත් වෙනස් වෙනවා නෙව දැන්..

    ReplyDelete
  3. සීතා වෙනුවට සීපා ඇවිදින්...
    ලෝකල් රාවනාලාගේ දසිස් කපා...
    ඩබල් ගේම් විබීසන රජ වෙලා
    FCID එක ස්තාපිත කලා...

    ReplyDelete
  4. නාඩිගේ රිමික්ස්, මරුනේ.
    sinhalabloggala.blogspot.com

    ReplyDelete
  5. gedara eke sinhala na maru yako..............

    ReplyDelete
  6. හිහි...
    ඩෙල් ස්ටුඩියෝවෙ ඕක රීමේක් කරල තිබ්බ නාඩි ඒකත් පට්ට.
    හැබැයි ඔරිජිනල් එකට අපෙ පොඩි නොස්ටැල්ජියාතමක ගතියක් තියේ ඒකට වැඩියෙන් කැමතී. හිහ

    ReplyDelete
  7. හෙහ්. හෙහ්.. අපූරුයි..

    ReplyDelete
  8. ගැල්ලමයත් IT කලානම් හරි :D

    ReplyDelete
  9. මම දන්න උනුත් ඔය රැකියාව කොරන්නෙ අඩ අඩා බං....මම ඒත් කල්පනා කලේ මුන් මොන මගුලකට මෙච්චර මහන්සි වෙලා මේ රස්සාව කොරන්න ඉගෙනගත්තද කියලා...

    ReplyDelete
  10. බැලුවම එකයි කොයි වැඩයත් කොරාලා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියා නම් බොහොම සතුටින් නේද රැකියාව කරන්නෙ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...