නාඩි සෙට් එක

Friday, October 9, 2015

ආෆියා

“දැන් සෙල්ලම් කළා ඇති. හොඳටෝම හවස් වෙලා”

සාරි එකතු කරලා හදපු සෙල්ලම් ගේ අස්සෙන් එළියට ආවේ අම්මාගේ සද්දෙට. ආෆියා සෙල්ලම් ගෙදර අම්මා වෙද්දී මං තාත්තා උනා. දුඹුරු පැටි. අපේ ගෙදර පූසා... ගෙදර පොඩි එකා! මයිල් ගහක්වත් හොලවන්නේ නැතිව සැපේට නිදාගෙන ඉන්න පූස් තඩියා වඩාගෙන අපි සෙල්ලම් දොස්තර ළඟට බේත් ගන්න ගියා. 

සෙල්ලම් ඉස්කෝලේ දාන දවසට මං ළමයා... එයා ටීචර්. අපේ අම්මගෙන් ඉල්ලගත්තු පරණ සාරිය පටලවාගෙන පේර කෝට්ටක් අතට අරගෙන එයා මට ඉගැන්නුවා. 

“මේ ළමයාට මොකක්වත් මතක හිටින්නේ නෑ! හරිම දඟයි. කෝ දික් කරන්න අත!”

බොරු තරහක් අරගෙන කට උල් කරගෙන අතේ තිබ්බ පේර කෝට්ටෙන් එකක් දෙකක් තැලුවා. ඒ කාලේ හරිම සුන්දරයි. 

ආෆියා හිටියේ අපිට එහා පැත්තේ ගෙදර. ආෆියාගේ තාත්තා, ඉම්රාන් අංකල් අපේ අප්පච්චිත් එක්ක එක ඉස්කෝලේ ඉගැන්නුවා. 

දිග කලිසමක් ඇඳගෙන, ඒ උඩින් සුදු ගවුම ඇඳගෙන ආෆියා ඉස්කෝලේ ගියා. උදේ අපිත් එක්කම එකම වෑන් එකේ. හවස ඉස්කෝලේ ඇරිලා අපේ අම්මා අපි දෙන්නවම එක්කගෙන ගෙදර ආවේ හන්දියේ කඩෙන් චොකලට් බෝල පැකට් දෙකක් දෙන්නගේ අතට අරං දීගෙන. 

මුෆිඩා, ආෆියාලගේ අම්මට රසට වටලප්පන් හදන්න පුළුවන්. හැමදාම රාමලාන් වලට හදන පැණි රහ වැඩි වටලප්පම් කන්න අපේ ගෙදර අය මඟ බලාගෙන හිටියා. 

ශිෂ්‍යත්වේ පාස් වෙලා මං කොළඹ ගියත්, හැම සිකුරාදාම හවස මම ගෙදර ආවේ ආෆියා එක්ක කතා කරගෙන. ඕ ලෙවල් ලං උනා. ගණන් හැදිල්ල අරහං වෙච්චි මට ගණන් කියලා දුන්නේ ආෆියා. 

“කොච්චර කිව්වත් මතක හිටින්නේ නැත්තේ හිත වෙන තැනකද දන්නේ නෑ!”

එයා මට විහිළු කළා. 

ඒ ලෙවල් වලින් පස්සේ මං කැම්පස් යද්දී ආෆියා ගෙදර නැවතුනා. එයාගේ මාමා කෙනෙක්ට අයිති බිස්නස් එකක accounting assistant කෙනෙක් විදිහට එන්න කියලා ආෆියාට කියලා තිබ්බා. 

“කැම්පස් ගිහාම ඉතිං අපිව අමතක වෙයිද දන්නේ නෑ”

“පිස්සුද! එතකොට මං කියන පිස්සු කතා අහගෙන ඉන්නේ කවුද?”

ඉස්සර වගේම බොරු තරහක් අරගෙන අහද්දී මං හිනාවෙන් උත්තර දුන්නා. 


...............................................


විභාගේ ඉවර වෙච්චි දවසක තඩි බෑග් එකත් එල්ලගෙන ගෙදර එද්දී ආෆියාලගේ ගෙදර ඉස්සර අලුත් වෑන් එකක් නවත්තලා තිබ්බා. මුළු ඇඟම කළු පර්දාවකින් වහ ගත්තු ගෑනු කෙනෙක් වෑන් එකට නගින ගමන් මං දිහා බැලුවා. තෙත් වෙච්චි කතා කරන ඇස් දෙකක් ඒ අස්සේ හිර වෙලා තිබ්බා.

47 comments:

  1. මදෑ තොගෙ කොණ ඉතුරුවුනා. ඒ ගැන හිතලා හිත හදා ගං.

    ReplyDelete
  2. //තෙත් වෙච්චි කතා කරන ඇස් දෙකක් ඒ අස්සේ හිර වෙලා තිබ්බා. // ලස්සනයි..........

    ReplyDelete
  3. යතාර්ථය .
    අපූරුයි උස නාඩියෝ

    ReplyDelete
    Replies
    1. යතාර්ථය ගෙම්බෙක් වගේ මතු වෙනවා ඉතින්

      Delete
  4. https://www.youtube.com/watch?v=6r4nUn-vTXY

    ReplyDelete
    Replies
    1. ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ...
      අන්න සින්දු ඇනෝ යටින් දාල සින්දුව...

      Delete
  5. තනි ඇහට ඇඩෙන දුක හිතෙන සින්කෝන් එකක් එල ද බ්‍රා වගේ ලියලා

    ReplyDelete
    Replies
    1. ඇස් දෙකටම ඇඩේනවා මෙහෙම සීන් වලදී නම්

      Delete
  6. මේකට මොනවගෙ කමෙන්ට් එකක් දානවද කියලා මම නොසෑහෙන්න කල්පනා කලා, පොලිටිකල් කරෙක්ට්නස් එක බේර ගෙන දාන්න පුලුවන් එකම කමෙන්ට් එකක්වත් නෑ "එළ!" ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. මොකද්ද අප්පා ඒ කරෙක්ට්නස් එක??

      Delete
  7. සලාම් කියා ගෙන ගෙට එන
    ළසෝ ගිනි මැදින් සුජනන
    ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
    ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

    වලාකුළු වලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
    ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
    සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

    කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
    දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
    පහන් තරුව සොයා යමු ද තාරකාවියේ

    ගායනය - සමන් ජයනාත්
    පද රචනය - නිලාර් කාසිම්
    සංගීතය -රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. දෙපාරක් තුන්පාරක් සින්දුව ඇහුවා පත්තියන් වෙන්නම!

      Delete
  8. පියලි දෙකකින් ඇරඹෙන ගසක, එකිනෙකට වඩාත්ම ඈත වෙන්නේ මොන අතුද?

    එකිනෙකාගේ වෙනස් ජිවිත තෝරාගැනීම්. ආෆියා ගැන 'පව්' කියන්නේ නැහැ මම, ඇය ඒ ගැන දුකක් හිතන්නේ නැතිනම්. අපිට බැහැනේ තවත් කෙනෙකුගේ සිහින වලට පියාපත් දෙන්න, හැමවෙලේම?

    ReplyDelete
    Replies
    1. //පියලි දෙකකින් ඇරඹෙන ගසක, එකිනෙකට වඩාත්ම ඈත වෙන්නේ මොන අතුද?
      මාරම මාරම උදාහරණයක්.

      Delete
    2. හ්ම්ම්... ඇත්ත කතාව... උදාහරනේ තමයි සුපිරිම!

      Delete
  9. මුස්ලිම් සාමාජේ ගැහැණු ළමයෙක් උනාම වරප්‍රසාද ගොඩක් අඩු වෙනවා. ඒ අතරට අයිති වෙනවා තමන් කැමති කෙනෙක් ට ආදරය කිරීමේ අයිතියත්. එක අතකින් මේ විදිහේ අවසානයක් හොදයි. වෙන පැත්තකට හැරුනා කියන්නේ ප්‍රශ්න වල ඉවරයක් නැති වීමක්

    ReplyDelete
    Replies
    1. තමන් කැමති කෙනෙක් ට ආදරය කිරීමේ අයිතිය නැතිවෙන්නෙ මුස්ලිම් අයට විතරද? තමන් කැමති කෙනා කසාද බැදගෙන සතුටින් ඉන්න ඈයො නැද්ද මුස්ලිම් සමාජයෙ?

      Delete
    2. මුස්ලිම් අයට නෙවෙයි. ඕනේ කෙනෙක්ට සමහර විට මේ අයිතිය නැති වෙන්න පුළුවන්....

      Delete
  10. Replies
    1. සහතික ඇත්ත බන්...අන්තිම වාක්‍ය දෙකේදී නාඩි නැවතුනා...

      Delete
    2. නාඩි නවතින්නේ නාඩි වැටෙන නිසා...

      Delete
    3. ආදරයට සෙනෙහසට ආගම්,ජාති භේද හරස්වීම........?

      මගේ මිත්‍රයෙක් ඉන්නවා මුස්ලිම් ගැහැණු ලමයෙක් එක්ක විවාහ වුන.ඒ දෙන්නා අවුරැදු ගානක් ආදරය කලා.නිවෙස් දෙකින්ම විරුද්ධ වුනේ නැ.ආගම් මාරැ කරන්න වුනෙත් නැ.කොල්ලා බෞද්ධ කෙල්ල මුස්ලිම්,දැනු දරැවොත් ඉන්නවා මේ දෙන්නට.

      Delete
    4. @මනෝ මන්දිර - හරිම වාසනාවන්ත කතාවක්

      Delete
  11. ඕක එක චරිතයක් විතරයි නේද නාඩි යෝ...

    ReplyDelete
    Replies
    1. මේ එකක් විතරයි. මේ වගේ අය ඕනේ තරම්

      Delete
  12. කියවල ඉවර වෙද්දී අයියෝ කියවුනා. ඒත් අවුරුදු තුන හමාරක් එයාලත් එක්ක ඉගෙනගත්තු අත්දැකීමෙන් කියන්නේ. ගොඩක් ගෑනු ළමයි ඇස් දෙක විතරක් ඉතිරි වෙන්න කළු කිට් එක අඳින්නේ හරිම කැමැත්තෙන්. ඒක එයාලට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්ලු.
    එහෙම නැති අයත් ඉන්නවා.
    කොහොම වුනත් කතාව හිතට වදින විදියට ලියල.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙමත් වෙන්න ඇති. හැබැයි සමහර තැන් තියනවා ඒ යට බුර්කාව අදින්න කියලා බල කරන. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි

      Delete
  13. මේක ඇත්ත කතාව ක් ද???
    මටත් දවසක මේ වගේම එකක් දාන්න පුළුවන් වෙයි...
    ඒ වගේම ඒක ඇත්ත කතාවක් ම වෙයි...

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත කතාවක්ද මං දන්නේ නෑ. හැබැයි ඇත්ත වෙන්න පුළුවන් කතාවක්

      Delete
  14. //මුළු ඇඟම කළු පර්දාවකින් වහ ගත්තු ගෑනු කෙනෙක් වෑන් එකට නගින ගමන් මං දිහා බැලුවා. තෙත් වෙච්චි කතා කරන ඇස් දෙකක් ඒ අස්සේ හිර වෙලා තිබ්බා. //

    කතාව ඔක්කොම මේ ටිකෙන් කියවෙනවා නාඩි...කියන්ට බැරි තරම් ලස්සනයි.

    ReplyDelete
  15. හිතට දැනෙන්න ලියවුනු කතාවක්.. අපූරුයි.

    ReplyDelete
  16. ජාති ආගම කුල නැති ලොවක් කවදාවත් ඇති නොවුනත්, එවැන්නක් ගැන සිහින දැකීමට තහනමක් නැහැ. වෙනස් කම් නිසා අහිමි වූ ප්‍රේමයක විරහව හොඳින් දනිමි. ලස්සන කථාව. පුන්සිරි සොයිසා ගේ මේ ගීතයත් අහන්න.

    https://www.youtube.com/watch?v=DtHCimDWPjI

    ReplyDelete
  17. මටත් මතක් වුණේ සලාම් කියාගෙන ගෙට එන ගීතය.. මං කිසිම ආගමක් හෙළා දකින්නෙ නැහැ.ඒ වගේම ප්‍රාර්ථනා කරන්නෙ හැම භවයකම ගැහැණියක් වෙලා උපදින්න.. නමුත් කිසිම භවයකදි ඉස්ලාම් ආගමේ ගැහැණියක් වෙලා උපදින්න එපා කියන එක මගෙ ජීවිතේ ප්‍රාර්ථනයක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...