නාඩි සෙට් එක

Monday, August 10, 2015

හොලොලෙන්ස්


මේ නාඩිය කොටන්න කියලා පටන් ගත්තේ මහා පොළොවේ ඉඳන් අඩි තිස් හතරදාහක් උඩ ඉදන්. හැබැයි ඉවර කර ගන්න හම්බුනේ මහ පොළොවේදී. 

පහුගිය දොහොක මං තුමා ඔබාමා ගොයියාගේ රටට ගැච්චුවා. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටෙල් නුවර රෙඩ්මන්ඩ් වල තියෙන මයික්‍රොසොෆ්ට් ප්‍රධාන ආයතනයේ තිබිච්ච Worldwide MSP Summit එකට සහභාගී වෙන්න තමා මං තුමා ගියේ. 

පැය 18ක ගුවන් ගමනක්. එක දිගට නෙවෙයි. ඩුබායි වල පැය දෙකක විතර transit එකක් එහෙම ඉඳලා තමා ගමන. 

සියැටෙල් නුවර කියන්නේ ලෝකේ මං ආසම නගරයක්. ගිය අවුරුද්දේ මාසයක් විතර හිටියනේ. ඒ විස්තරේ මෙතැනටඇමුනුවා. මොකෝ ආයේ කොටන්න කම්මැලියි.

මෙදා සැරේ එච්චර ඇවිදින්න කරන්න හම්බුනේ නෑ. මොකෝ දවස් පහම එක දිගට වැඩ තිබ්බා.
මේ දවස් ඇමරිකාවේ summer එක. ඒකත් එක්ක හරි අපූරු දේවල් ගොඩක් එහෙ සිද්ධ වෙනවා. 

අහලා තියනවද Microsoft Imagine Cup Competition එක ගැන. මයික්‍රොසොෆ්ට් ආයතනය මඟින් වාර්ෂිකව පවත්තවන තරඟයක්. Games, Innovation, World Citizenship කියන අංශ තුනෙන් මේ තරඟය පැවැත්වෙනවා. එක් එක් රටවල් වලින් තරඟ වැදිලා අවසාන වටේට තේරිච්ච ලෝක ශුරයෝ තමන්ගේ අපූරු සොයාගැනීම් එක්ක සියටෙල් වලට ඇවිත් හිටියා. ඒත් එක්ක TechReady event එක. Microsoft OneWeek වගේ IT related event නිසා ලෝකේ හතරදික්බාගෙන්ම කොම්පීතර කාරයෝ ඇවිත් හිටියා එකම තැනකට.

මේ දවස් පහේ මගේ නවාතැන උනේ වොෂිංටන් සරසවිය. හරිම ලස්සන තැනක්. ලෝකේ ලස්සනම පුස්තකාල දහයෙන් එකක් තියෙන්නේ මේ සරසවියේ. ඒ වගේම ඇමරිකාවේ හොඳම medical faculty එක තියෙන්නේ මේ සරසවියේ. 

උදේ හතට රෙඩ්මන්ඩ් මයික්‍රොසොෆ්ට් ඔෆිස් එකට යන්න බස් එකට නගිනවා. ආපහු එන්නේ රෑ 9 ට විතර. හැබැයි එද්දිත් ඉර බැහැලා නෑ!

බිල් ගේට්ස් ගොයියා පටන් ගත්තු මයිකොසොෆ්ට් එක දැන් Satya Nadella යටතේ තමයි තියෙන්නේ. ඉස්සර operating system එක්ක හැප්පුණු කොම්පැනිය දැන් අලුත් පැති හොයාගෙන යන්න පටන් අරගෙන. Windows Phone, Microsoft Band, Microsoft Azure cloud වගේ අලුත් පැති ඉස්සරහට එන්න පටන් අරගෙන ඒ වගේම Visual Studio වගේ IDE open source වල‍ට support කරන්න පටන් අරගෙන. 

දෙවෙනි දවසේ අපිට හරි අපූරු අත්දැකීමක් අත්දකින්න පුළුවන් උනා. Microsoft Hololens. මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ..

බළලා මල්ලෙන් එළියට පැනලා හිටියට තාම මේ අපූරු ගැජට් එක මාකට් එකට ඇවිත් නෑ. Augmented Reality සාමාන්‍ය භාවිතයට ගේන මරු බඩුවක්. තාම තියෙන්නේ experimental stage එකේ. වැඩිය හින්ට් එළියට දෙන්න බෑ. ඔන්න මං තුමාම ලියපුබ්ලොග් පෝස්ට් එකක් තියනවා. කියවලා බලන්නකෝ ඔච්චර interesting නම්...

ලෝකේ රටවල් 75කින් විතර එකතු වෙච්චි ඩයල් එක්ක වැඩ කරද්දී මරු මරු වැඩත් වෙනවා. මගේ room mate උනේ ජපන් ඩයල් එකක්. මරුම සිද්ධිය ඌට සිංහල බෑ. මට ජපන් බෑ. ඊටත් වඩා ඌට එච්චර ඉංගිරිසිත් බෑ! අතින් පයින් තමා වැඩියෙන්ම ගනුදෙනු. පොඩි කාලේ ඉඳලා ටිකක් හරි අපිට ඉංගිරිසිය කට ගාපු ඒ ගුරු උත්තමයොන්ට පිං අයිති වෙන්න ඕනේ. :D
ලෝකයම එක තැනක
තවත් මගේ හිතට වැදිච්චි දෙයක් තමයි innovative thinking කියන එක. ලංකාවේ හැම තැනම දැන් IT කාරයෝ. ඒ වගේම අපි හැම වෙලේම කතා කරනවා සීගිරිය වගේ අරුම පුදුම නිර්මාණ ගැන. Innovation ගැන උපන් හැකියාවක් තියෙන අපි හැබැයි ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නේ නෑ. 

අපි බලන්න ඕනේ ඇමරිකාව වගේ හඳට යන නිර්මාණ කරන්න නෙවෙයි (පුළුවන් නම් කිසි වැරැද්දක් නෑ) අපි කරන්න ඕනේ අපේ වටපිටාවට ගැලපෙන නිර්මාණ. උදාහරණ දෙකක් තුනක් කියන්නම්. 

නයිජීරියාව කියන්නේ අප්‍රිකාවේ තියෙන රටක්. ඒ රටේ විශ්වවිද්‍යාල කණ්ඩායමක් නිර්මාණය කරලා තිබ්බා ඇස්මා රෝගීන්ට අතේ පළදින්න පුළුවන් උපකරණයක්. ඒ මඟින් පුළුවන් වෙනවා ඇස්මා රෝගීන්ට අහිතකර තත්ත්ව හදුනා ගන්න. 

සයිප්‍රස් රටේ කෘෂිකර්මාන්තය ඉතා දියුණු රටක්. ඒ අය නිර්මාණය කරලා තිබ්බේ automated green house එකක්. ඒ කියන්නේ ඒ රටට ඉතා වැදගත් දෙයක්.

අපි කරන්න ඕනේ අපිට තියෙන දේවල් තාක්ෂණයත් එක්ක මුහු කරන්නේ කොහොමද කියලා බලන එක. 

කොහොමෙන් කොහොම හරි වැඩ කටයුතු ඉවර වෙලා මංතුමා ලංකාවට සැපත් උනා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටින්. ආපහු ලංකාවට එද්දී මට එක දෙයක් හිතුනා. ගුවන් තොටුපොල කියන්නේ ලංකාවට එන විදේශිකයෙක්ට මුලින්ම පේන කරන තැන. හරියට ගෙදර ඉස්සරහ දොර වගේ. ඉතිං ඒ තැන ලස්සනට තියෙන්නේ එපැයි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලස්සනට පේන විදිහට මේ තැන හදන්න අපේ ලොකු මහත්තුරු ටිකක් හිතලා බලනවනම් කොච්චර හොඳඳ...

ෆොටෝ නෑ කියලා බනිනවනේ! මෙන්න ඇල්බම් එකක්ම! 

51 comments:

  1. සුබ පැතුම් හරිත. ඉතා අගනා පෝස්ටුවක්. ඔබ කියන දේ හරියටම හරි. මං cutting-edge තාක්ෂණයත් එක්ක අපි හැමෝම යන්න ඕන කියන කතාව ලඝු කරලා කතා කරනවා නෙවෙයි. ඒත් අපි හදන්න ඕන හදන්න උත්සාහ කරන්න ඕන අපට උවමනා, අපි වටේ ලෝකයට ජීවිතයට උවමනා දේ. // අපි බලන්න ඕනේ ඇමරිකාව වගේ හඳට යන නිර්මාණ කරන්න නෙවෙයි (පුළුවන් නම් කිසි වැරැද්දක් නෑ) අපි කරන්න ඕනේ අපේ වටපිටාවට ගැලපෙන නිර්මාණ. // මේ කියමන සීයට දාහක් හරි. ජපන්නු මේ අතින් ඉතාම ඉදිරියෙන්.

    ReplyDelete
    Replies
    1. ජපන්නු හරි අපූරු නිර්මාණයක් මේකට හදලා තිබ්බා. සුළඟට sensitive screen එකක්!

      Delete
  2. අඩේ නියමයි නේ බං.. හොලොලෙන්ස් වීඩියෝ එක පට්ට.. මම දැනුයි දැක්කේ.. ටිකක් හෙමීට වෙලාවක සර්ච් පාරක් දාලා බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔව්... විස්තරේ මගේ අනිත් බ්ලොග් එකේ ඇති

      Delete
  3. වීඩියෝ එක නම් නියමයි , වටිනා විස්තරයක්. අර ටීම් එක මැද්දේ සිංහ කොඩිය අතේ අරං ඉන්න නාඩියාගේ දත් සැට් එකනම් පේනවා යකා පොල් කනවා වගේ ..හැක

    ReplyDelete
    Replies
    1. හී ඒ නාඩි ද .................. දැකල නැනේ ඉතින්
      සුබ පැතුම් නාඩි අයියේ.....
      කියවද්දි පොඩි ආඩම්බරේකුත් ආවා අප්පා අපේ ලංකාවේ කොලුවෙක්නේ සෙට් එක එක්ක ඉන්නේ කියල............

      Delete
    2. බලපන්කො ඉතිං යකා කිව්වනේ!!!! ගෙම්බා!

      Delete
  4. නාඩියා එල කොල්ලෙක් නේ.. මොකක් ද ඔයා හැදුවේ මේකට? මටත් augmented reality ගැන උණක් තිබුන කාලෙකට කලින්.

    මේ තියෙන්නේ මම කරපු පොඩි පොඩි ඒවා ගැන සටහනක්
    http://biththiya.blogspot.com/2012/07/augmented-reality-18.html

    ReplyDelete
    Replies
    1. අප්පා! මරුනේ මේ වැඩ ටික.
      මම සහභාගී උනේ Imagine Cup එකට නෙවෙයි. MSP world summit එකට..

      Delete
  5. ඔබට හැකියි දවසක මේ රටට කීර්තියක් රැගෙන එන්නට.

    ReplyDelete
  6. සුභ පැතුම් නාඩියෝ ...ජයවේවා !!!

    හිතට නොගෙන යන ගමනට
    තුන් ලෝකෙන් එන තහංචි
    පුංචි පුතා ලොකු වෙනකොට
    ලොකු කම් කළ යුතුයි පුංචි...

    හඳට ගිහින් හඳ පාගා
    ආපහු එන යුගයකි මේ
    තවමත් අපි මහ පොළවේ
    ඉන්නා එක නොවැ පුදුමේ...

    කළොත් පුහුණු තමන්ගෙ හිත
    හඳ ගෙන එන්නත් බැරි නැත
    සැලසෙන කාගෙත් යහපත
    වැඩක නිතර යොදවමු අත...

    අයන්න මෙන් මුල් තැන ගෙන
    හැම තැන පෙරමුණ ම ලබා
    බාධක කටු පඳුරු මුලින්
    ගලවා වෙන අතක තබා...

    ගඟ බැසගන යන්නා සේ
    තද ආත්ම විශ්වාසේ
    දිනුවොත් ලොව දිනුවා සේ
    ඔබමයි දෙවියා දේසේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. ආත්ම විශ්වාසය සහ උනන්දුව තමයි හැම දේකටම ඕනේ...

      Delete
  7. බළලා හොඳටම පැන්නාම අපිට කියන්ට. හැබෑට ඔයාගේ දත් මාර සුදුයි. :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. ළඟදීම මාකට් එකට එනවා. තැන්කු ඈ!

      Delete
  8. හරි ෂෝක් නාඩියා.. උම කියන ඒවා ඇත්ත. අපි හිතන්න ඕන තාක්ෂණය අපිට ඕන විදියට නම්මගන්න. කොහේද මුන්ට ඕන විකාර ඇප්ස් හද හද ඉන්නම නේ..ඔය හොලෝග්‍රැම් හදුන්වල දුන්නේ ලංකාවේ බුවෙක් නේද?? හැබැයි සුපිරියට ඔය විදියටම ඒවා පාව්චිචි කරා අයන් මෑන්.. ජය වේවා.. උඹට තව තව අවස්ථා ලැබේවා. අපිට දැනුම ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් අදුන්නලා දුන්නද කියලා නම් හරියටම දන්නේ නෑ. ඔව් ඔව්.. අයන් මෑන් එකෙත් මෙහෙම එකක් තිබ්බා තමා

      Delete
    2. ඒ වගේ පොඩි මතකයක් තිබුනා ඒත් ඒක වැරදියි මයේ හිකේ..

      මෙන්න මෙයා තමා ඉන්වෙන්ටර්..

      https://en.wikipedia.org/wiki/Dennis_Gabor

      Delete
    3. මටත් එහෙම මතකයක් තියනව .මට එයාගේ නම මතක නැ .නාසා එකට වැඩකරන කෙනෙක් . එයා ඉදිරිපත් කරපු අදහස් සහ එයාගේ සහබාගීත්වයෙන් කරපු නිර්මාන ගැන සිංහල පත්තරයක් සමග කල කතාබහක්. එතනදි කෙලින්ම කියල තිබුනා හොලෝගෑම් එයාගෙ කියල

      Delete
    4. නාසා එකේ ඉන්න කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙක් තමයි මහාචාර්ය සරත් ගුණපාල. මට එක සැරයක් එතුමාව මුන ගැහිලා තියනවා. මං දාන්න විදිහට අධෝරක්ත කැමරා (infrared camera) වලටනම් එතුමාගේ ලොකු දායකත්වයක් තියනවා.

      Delete
    5. මහාචාර්ය පාතේගම

      Delete
  9. එළකිරි.. උබට ලොකු ගමනක් ගිහින් අපි මේ වැටිලා ඉන්න වැරදි පාර වල් වලින් නිවැරදි පාරකට පර පෙන්නන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. වැරදි පාරක නෙවෙයි අපි ඉන්නේ. හරි පාරේ යන්න කම්මැලිකමේ..

      Delete
  10. මේවා ඉතින් නාඩියාගෙන් ම තමා...

    ReplyDelete
  11. හරිම ශෝක්නේ... වටින විස්තරයක්...

    ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න ඔයාටත් හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඒක තමයි අපේ වගකීම

      Delete
  12. ඔය Imagine cup එකට ලංකාවෙන් ගොඩ පාරක් කට්ටිය ගියා, ඊට අමතරව ශුරතාවය, අනුශුරතාවය එහෙමත් දිනලා ආව. ( දන්නවද දන්නේ නැහැ) ඇයි මේ පාර කවුරුත් ගියේ නැද්ද? මම දන්නා තරමින් හැමපාරම ලංකාවෙන් කණ්ඩායමක් යනවා.

    ලංකාවේ ඉනොවේටිව් අදහස් නැහැ කියල කියන්න අමාරුයි. නමුත් ඒවාට ලැබෙන ඉඩකඩ නම් හරිම සීමිතයි. කැම්පස් ඇතුලේ නම් ඇත්තටම යමක් කෙරෙනවා. නමුත් එලියට එන්නේ අඩුවෙන්. ( අනෙක් කැම්පස් නම් මන්ද, මොරටුවෙන් නම් ගොඩක් දේවල් කෙරෙනවා)

    ReplyDelete
    Replies
    1. මම දැකල තියෙන විදියට මචෝ මොරටුවෙන් විතරක් නෙමෙයි හැම යුනියකින්ම සමෝසමේ එවැනි නිර්මාණ කරනවා. ඒ විතරක් නෙමෙයි පාසැල්වලින් පවා.

      ඔන්න එකපාරක් අපේ බස්සලා ඉන්ටර්-යුනි සොෆ්ටෙයාර් කොම්පිටිසොන් එකකට හෝම් ඔටෝමේෂන් සිස්ටම් එකක් හදලා, ඒකට ප්‍රයිස් එකත් අරන් අර තියෙන එක්සිබිෂන් එකකට උස්සන් යනව ඒක. ටිකක් දුරින් තියෙන පාසැල් ලමයින්ගෙ නිර්මාණ තිබුන ස්ටෝල් එහෙක අට වසරෙ පොඩි එකෙක් අරකට සෑහෙන්න සමාන ප්‍රොජෙක්ට් එකක් කරලා චටපට ගාල විස්තරත් කරනව. විලිලැජ්ජාවයි කියන්නෙ එතන යුනිවල ලමයි හදපු ඒවට ගොඩක් සමාන (සමහරවෙලාවට ඊට වඩා ඇඩ්වාන්ස්ඩ් නිර්මාණ ඉක්කෝලෙ වයසෙ බට්ටො හදල තිබුනා)

      Delete
    2. මම මොරටුව කියල කිව්වේ වංසේ කබල්ගාන අදහසින් නෙවෙයි. සමහර කැම්පස්වල ඕවට වැඩි තැනක් දෙන්නෙම නැහැ. ( නම් කියන්න අකමැතියි) මම දන්නා තැන ගැන කිව්වේ ඒකයි. නැත්තම් පච වෙනවා සමස්ථ කැම්පස් ප්‍රජාව නියෝජනය කරන්න ගිහින් හෙහ්...
      හෙහ් හෙහ්.. අනේ ඔව් බස්සි.. ඕවට ගිහිල්ල තියෙන නිසා තත්වේ දනිමි. දවල් වෙනකොට රෙදි නැති ආකාරයෙන් තමයි ඉන්න වෙන්නේ. උන් මාර බුලට්. අපි ඉන්නේ කොහෙද කියල හිතෙනවා.
      ලස්සන අදහස් එන්නේ ටොප්ම කැම්පස් වලින් කියන එක මම පිළිගන්නේ නැහැ. අදහස සරල , උත්තරේ සරල වෙන්න ඕනේ. අහල තියෙනවද මන්ද අපේ රටේ ඉතා ප්‍රසිද්ධ මෘදුකාංග සමාගමක ස්ලෝගන් එක තමයි
      "Simple things should be simple, complex things should be possible" - I strongly believe that

      Delete
  13. මේ පාර නම් ලංකාවෙන් world finals වලට කවුරුත් select උනේ නෑ. මිට අවුරුදු දෙකකට කලින් IIT එකේ ටීම් එකක් මේකෙදි award එකක් දිනා ගත්තා.

    මොකෝ world finals වලට යන්න local finals win කරලා regional එකෙත් place එකක් ගහන්න ඕනේ.

    ලංකාවේ innovative idea තියනවා. හැම තැනම. හැබැයි එළියට එනවා මදි. ඒකයි ප්‍රශ්නේ..

    ReplyDelete
  14. ලංකාවෙ පරිසරයට ගැලපෙන්න නිර්මාණ කෙරෙන්නෙම නෑ කියලා කියන්න අමාරුයි නෙ නාඩියෝ. එකම අවුල ඒවා එලියට ගේන්න කිසිම උදව්වක් නැති එකනෙ. කැම්පස්වල උන් නැහීගෙන නිර්මාණය කරන දේවල් ඉස්සරහට ගේන්න කිසිම තල්ලුවක් නැති එකයි අපේ රටේ අවුල. මට අයි.ටී ඉතින් පූසෙක්ට ග්‍රීක් උගන්නන්නා වගේ උනාට බස්සගෙ නැට්ටෙ එල්ලිලා ඉමැජින් කප්, මොටෝරෝලා එකෙන් කරන එක්සිබිෂන් එක (නම මතක නෑ.) එව්වා මෙව්වා බලද්දි, ඒවයෙ තියෙන සේරම නිර්මාණ අපේ රටට ගැලපෙන ප්‍රැක්ටිකල් සොලූෂන්. හැබැයි එකක්වත් එතනින් එහාට නොයන එකයි අවුල.

    එදා සියැටෙල් යනව කීවම මං හිතුවෙ කලින් ගිය වැඩේම දිගුවක් වෙන්නැති කියල. යකෝ මේ විත්තිය දන්නවනම් අපරාදෙ අපිට තව පාර්ටියක්වත් ඉල්ලගන්න තිබ්බා. ;)

    සුභපැතුම් නාඩි මලයා! හරිම ආඩම්බරයි එලොකියුෂන් ක්ලාස් එකේ අපේ බුටු යාලුවා ගිහින් තියෙන දුර දැක්කාම. ජය!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි වැඩේ. start-ups එළියට එනවා අඩුයි.
      මෝටරෝලා competition එක එක සැරයක් අපේ කැම්පස් එක win කළා. හැදුවේ වරායට software එකක්. ඒකනම් දැන් implement කරලා තියෙන්නේ!

      ස්තුතියි ඈ!

      Delete
  15. සුබ පැතුම් නාඩියා.

    ඇත්තටම ලංකාවට ගැලපෙන නිර්මාණ කරන්නෙ ගමේ ගොඩේ ඉන්න වත්කමක් නැති දක්ෂයො. උංට කවුරුවත් අත දෙන්න කෙනෙක් නැති නිසා ඒ නිර්මාණ එහෙම්ම වල පල්ලට යනව. යමක් කමක් තියෙන උං හදන්නෙ කෙලින්ම හඳට යන්න. නමුත් ඒ දෙයින් ලංකාවට කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. තාක්ෂනය, පරීක්ෂණ පහසුකම් වගේ දේවල් තමයි වැඩියෙන්ම දෙන්න ඕනේ..

      Delete
  16. උඹ නම් හැබෑ වාසනාවන්තයෙක් නාඩියා. Satya Nadella කිව්වාම මුල නම නම් ඉන්දියානු වගේ නේද? ඒක එහෙමද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඉන්දියානු සම්භවයක් ඇත්තෙක්

      Delete
  17. මේ අනාගත ආශ්චර්යයන් සියල්ල දකින්න අපේ ජීවිත කාලය මදිවෙයි. නමුත් මෙහෙම දේවල් අනාගතයේදී වෙනවා කියා දැනගැනීමත් එක අතකට දැනුම දියුණුවීමක්.

    ස්තුතියි මේ දැනුම බෙදාහදාගත්තාට.

    ReplyDelete
    Replies
    1. වැඩි කාලයක් යන්නේ නැති වෙයි විචාරකතුමෝ... ඉතාම කෙටි කාලෙකින් මේවා කරළියට එනවා.

      Delete
  18. ඇමරිකාවට බොහොම කෙටි කාලයකදි තාක්ෂණයෙන් අග තැන්පත් වෙන්න ලැබුනෙ පිටසක්වල ජීවීන්ගෙ සහයෝගයෙන් කියලත් කථාවක් තියෙනවා නේද නාඩි කොලුවො...උඹ මේ ගමන් යනවා එනවා විතරද...නාඩි කෑල්ලකට ඇහැක්වත් ගැහුවෙ නැද්ද.....

    ReplyDelete
    Replies
    1. පිටසක්වල කතාවක් නම් මං නම් දන්නේ නෑ. ඇහැ නම් යැව්වේ නැත්තෙමත් නෑ.. ;)

      Delete
    2. Area 51 කියන්නෙ ඒ තාක්ෂණික පරීක්ෂණ සිදුවෙන තැන...රොස්වෙල සිදුවීමෙන් පස්සෙ ඒ උදව් ඇමරිකාවට ලැබුනා කියලයි කියන්නෙ.

      Delete
  19. නාඩි මගෙන් රෙස්පෙක්ට් එක ඈ පෝස්ට් එකට,,.. තැන්ක්ස්,

    ReplyDelete
  20. තංතෝසයි යකු .අපේ එකෙක් මෙහෙම ආතල් එකක් ගත්තහම. උඹ ඊලග පාර යනකොට අමු පොල් කොලයක් අරගන ගිහින් වතුර තියන තැං පෙන්නහං සුද්දන්ට

    ReplyDelete
    Replies
    1. බලපන්කො ඉ=කියන කතා! හැබෑට ඒ සීන් එක පොඩ්ඩක් උඩට අදින්න ඕනේ තමා

      Delete
    2. මොකක්ද බං ඒ අමු පොල්කොළ කතාව...

      Delete
  21. නාඩියා.... වෙරි ප්‍රවුඩ් ඔෆ් යූ....

    ReplyDelete
  22. එළ නාඩියා එළ...
    වැඩේට රෙස්පෙක්ට් ඈ...

    පෝස්ට් එක කියෙව්වේ ටික දවසකට කලින්, ෆෝන් එකෙන්. ඒ නිසා කමෙන්ට් කිරීම පහුඋනා.

    ReplyDelete
  23. උඹ ගැන ආඩම්බරයි මලේ ! මං මේ පෝස්ට් ටික හෙමින් සැරේ කියවගෙන යන ගමන්

    ReplyDelete
  24. අඩේ , රටක් වටින කොල්ලේක්නේ නාඩි අයියා !!

    ඒක නෙමේ අයිය මොනවද මේකට ඉදිරිපත් කරේ ??

    ReplyDelete
  25. වැඩේ කියන්නෙ අලුත් දේවල් කරන උන්ටත් අත දෙන්න උන් නැති එක නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...