නාඩි සෙට් එක

Friday, September 12, 2014

නාඩි ඇට් ඇමරිකා - 3

 ගැත්තා ට සමාව දෙන සේක්වා.. ඇමරිකන් සීරිස් එකේ තුන් වෙනි නාඩිය කොටන්න දිකක් කල් ගන්න සිද්ධ උනා. මේ ටිකේ ෆුල් ටයිම් ස්ටඩින්!! වැඩ වැඩ වැඩ!!!!

මුලින් නාඩි දෙකේම තිබ්බේ සියැටේල් ගැනයි වොෂින්ටන් කැම්පස් එක ගැනයි.. මේකේ කොටන්නේ චිකාගෝ සවාරිය ගැන. ස්ටඩි ටුවර් එකේ පාර්ට් එකක් විදිහටම සියටෙල් ඉදලා චිකාගෝ යන්න නාඩියාට සිද්ධ උනා. සියැටෙල් ගුවන් තොටුපොළේ ඉදලා පැය 4ක ගුවන් ගමනකින් පස්සේ චිකාගෝ වලට ගොඩ බැස්සා..

කම් ඕ ගෝ චිකාගෝ කියලත් කියනවනේ.. ඇත්තටම කිව්වොත් බැස්සේ ටිකක් විතර බයෙන්. මොකෝ අහලා කරලා තිබ්බේ එච්චර හොඳ ස්ටෝරි නෙවෙයිනේ! 

 කොහොමෙන් කොහොම හරි චිකාගෝ වලින් ගොඩ බැහැලා බෑග් ටික එහෙම පටෝගෙන හිල්ටන් හෝටලේට සැපත් උනා. හිල්ටන් කිව්වේ මේ අපේ ගෝල්ෆේස් එක ළඟ එක නෙවෙයි. එහෙත් එකක් තියනවා බොලව්.

චිකාගෝ අයිති වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් (Illinois State) ප්‍රාන්තයට. පංච මහා විල් වලින් මිචිගන් විල අයිනේ තමා මේ නගරේ පිහිටලා තියෙන්නේ. එක්සත් ජනපදයේ තුන්වෙනියට වැඩිම ජනගහනයක් ඉන්නේ මේ නගරයේ. වැඩියෙන්ම ඉන්නේ නිව්යෝක් වල දෙක ලොස් ඇන්ජලිස්. දැනට ලෝකේ පොලිස්කාරයා, ඔබාමා අයියාගේ අක් මුල් තියෙන්නේ චිකාගෝ වල තමයි. අප්‍රිකානු ඇමරිකානුවෝ නැත්නම් කළු ඇමරිකන් ඩයල් ලොකු ප්‍රතිශතයක් චිකාගෝ වල ඉන්නවා. 

මාධ්‍ය ගැන හොයන්න ගිය හින්දා මුලින්ම වැඩ කිඩ ටික ඉවර කරලා පොඩ්ඩක් ඇවිදලා බලන්න හිතුනා. සියැටෙල් වගේ නෙවෙයි චිකාගෝ ටිකක් රස්නෙයි. ටිකක් විතර ලංකාව වගේ. 

දැන් ඔය මානව හිමිකම් කේස් බේස් දැම්මට ඇමරිකාව කියන්නේ වහල් සේවය ගජරාමෙට කරගෙන ගිය රටක්. කළු හම තියෙන ඇමරිකානුවන් ඒ නිසා ගොඩක් දුක් වින්දා මාටින් ලූතර් කිං වගේ මනුස්සයන් නොහිටින්න ඒ සංහාරය තව ලොකු කාලයක් ඒ විදිහට තියෙන්නේ තිබ්බා. 

අපි මාධ්‍ය නිදහස ගැන උඩ දාගෙන කතා කරනවනේ. හැබැයි එක්දාස් අටසිය ගණන් වල ඇමරිකාවේ මාධ්‍ය නිදහස කොච්චර “හොඳද” කියනවනම් කළු ජාතියකයෙක්ට පුවත්පතක තමන්ගේ අදහසක් පල කරන්නවත් අවස්තාවක් තිබිලා නෑ. We the people magazineකියන්නේ ඒ කාලේ පටන් අරගෙන කළු ජාතික ඇමරිකන් හඬ ඉස්සරහට ගෙනියන්න හදපු පත්තරයක්. අදත් ඒ පත්තරේ තියනවා. හැබැයි දැන් දැන් තියෙන මුල්‍යමය ප්‍රශ්න වගේම trend එක නිසා ඒ අය online journalism පැත්තට නැඹුරු වෙලා ඉන්නේ. 
DuSable Museum of African American History

ඊළඟට ගියේ DuSable Museum of African American Historyඑකට. එතැන හරිම අපූරු තැනක්. අප්‍රිකානු ඇමරිකානුවන් ඇමරිකාවට ආවේ කොහොමද කියන එකේ ඉඳලා ඒ අය වහල් සේවයේ යොදවද්දී විඳපු දුක් වේදනා වගේ දේවල් ඔක්කොම මේ කෞතුකාගාරයේ පෙන්නලා තියනවා. 
එදා වහල් වෙළෙඳුන් යොදා ගත් විලංගු

ඒ වගේම ප්‍රසිද්ධ බොක්සින් ක්‍රීඩකයෙක් වෙච්චි ජෝන් ලුවිස් වගේ අමරණිය අප්‍රිකානු ඇමරිකන් අය ගැන විස්තරත් මෙතන තියනවා. චිකාගෝ නගරේ නගරාධිපති හැටියට කටයුතු කරපු හැරල්ඩ් වොෂින්ටන් මහත්තයා තාම මේක ඇතුලේ ඉන්නවා. ඇත්තටම නෙවෙයි! ඇත්ත වගේ හදපු ඩමියක්!


ඔය filed visit එහෙම අහවර කලාට පස්සේ පොඩි ඉස්පාසුවක් හම්බුනා පොඩි රස්තියාදු පාරක් ගහන්න. කෑම බිම වලට කොහොමත් රුසියා වෙච්චි මට චිකාගෝ වලට හොඳටම සෙට් උනේ මෙක්සිකන් කෑම. ඒ වගේම deep pan pizza වලටත් චිකාගෝ හරි ප්‍රසිද්ධයි.

මම දැකපු විදිහටනම් චිකාගෝ නගරේ බලන්න හොඳම විදිහ තමයි පයින් ඇවිදින එක. කිසි ප්‍රශ්නයක් නැතිව self-guided walking tour තියෙන පොඩි පොතක් හොයාගන්න පුළුවන් හොටෙල් එකෙන් හරි navy pier එක ළඟ tour center එකෙන් හරි. 

Navy pier & මෙරිගෝ රවුන්ඩ්
චිකාගෝ ගියොත් අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ තැනක් තමයි නේවි පියර් එක. මෙතන බලන්න තියන්න වැදගත්ම ඩේ තමයි මෙරිගෝ රවුන්ඩ් එකත් එක්ක තියෙන pier park එක. ලෝකේ මුලින්ම හදපු මෙරිගෝ රවුන්ඩ් එක තමයි චිකාගෝ වල තියෙන්නේ 1893 හදලා මේක හදලා තියෙන්නේ කොලොම්බස් ඇමරිකාව හොයා ගත්තු එක සිහි කරන්නලු. (හැබයි දැන් නම් තියෙන්නේ ඔරිම ජිනල් එක නෙවෙයි. ඒක තිබිච්චි තැනම ඒ වගේ හදපු වෙන එකක්.)

මේ මෙරිගෝ රවුන්ඩ් එකේ වටයක් කැරකෙන්න විනාඩි හතක් යනවා. මිචිගන් විලේ වගේම චිකාගෝ නගරයේ ලස්සන බලාගන්න මේකේ කරකුනාම පුළුවන්. මේ ළඟ තියනවා ලෝකේ තියෙන ලොකුම waste water treatment plant එක. චිකාගෝ ගඟේ වතුර පිරිපහදු කරන්නේ මේකෙන් තමයි.

Water Treatment Plant - Chicago
නාඩියාත් සෙට් එකත් එක්ක මේකේ වටයක් කැරකෙන්න අතමක කළේ නෑ. ලෝකේ පලවෙනි එකනේ බොලව්!  

රෑක වගේ ඔය හරියට යනවනම් හොඳයි. මොකෝ ලයිට් එහෙම දාල පංකාදු පහට තියනවා. බියර් ගාඩ්න් එකක් එහෙම තියනවා එතන ;)

උඩ වැඩියා
Millennium Park & “The Bean”
Cloud Gate
ඔය ගොඩක් ෆිල්ම් වල එහෙම තියන තැනක් තමයි මේක. මිලේනියම් පාක් එක හරි අපූරු තැනක්. චිකාගෝ නගරේ ගොඩක්ම ප්‍රසිද්ධ වගේම වැඩියෙන්ම ෆොටෝ අල්ලපු “බෝංචිය” තියෙන්නේ මේ පාක් එකේ. අනිෂ් කපූර් කියන බංග්ලාදේශ් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියා නිර්මාණය කරපු “Cloud Gate” කියන මේ නිර්මාණය ගාවට ගිහිං එක එක විදිහට ෆොටෝ අල්ලන්න චිකාගෝ එන කට්ටිය අතමක කරන්නේ නෑලු! ඉතිං මං තුමාත් ෆොටෝ කෑල්ලක් ඇල්ලුවා එතන ඉඳන්. හැබැයි ඉතිං මාත් එක්ක ගිය බංගලි කෙල්ලෝ ටිකෙන් එනකං අනිෂ් කපූර් ඇතුළු බංගලි ප්‍රසිද්ධ ඩයල් ගැන පතරංග ජාතකේ අහන්න උනා එනකං! :D

Jay Pritzker Pavilion and Great Lawn
Jay Pritzker Pavilion and Great Lawn කියන්නේ මේ පාක් එකේ තියෙන එළිමහන් රංග භුමිය. එක පාර 11,000 කට ෂෝ එකක් බලන්න පුළුවන්! පිස්සු බම්ප් වෙයි ඈ!

ඇමරිකාවේ මං ගිය ටුවර් වලින් ආසම එකක් තමයි මේක. ගත්තා මැප් එක ගියා. තනියම! තනියම කිව්වට තනියමත් නෙවෙයි ඈ! ;) 

චිකාගෝ ගියොත් මේ පැත්තට අනිවා ඔලුව දාන්න. ටුවර් එක පටන් ගන්නේ මිචිගන් පාලම ලඟින්. ඉවර වෙන්නේ මිචිගන් විල ලඟින්. සම්පූර්ණ දුර හැතැම්මකට ආසන්නයි. 

ගඟ දිගේ
මිචිගන් පාලම ලඟට ගිහාම ලෝක ප්‍රසිද්ධ චිකාගෝ ගඟ(මේ ගඟ ගැන පස්සේ දවසක අනිවා වෙනම නාඩියක් කොටන්නම්), එකේ යන බෝට්ටු ඔක්කොම ලස්සනට බලාගන්න පුළුවන්. මං තුමාත් ඔය ෆෙරියක නැගලා ගඟ දිගේ ගියා චිකාගෝ නගරේ අපූරු ගෘහ නිර්මාණ ශිල්පෙ ගැන ටිකක් හොයලා බලන්න. මොකෝ චිකාගෝ වල යුග ගොඩකට අයිති වෙන එක එක විදිහේ ගොඩනැගිලි ගොඩක් තියනවා. ඒ ටික බලන්න හොඳම විදිහ තමයි ගඟ දිහේ යන එක. මොකෝ යන ගමන් guide කෙනෙක් ෆුල් විස්තරේකුත් දෙනවා. 

නාඩියා ඇට් Tribune Tower
 ඔන්න තොරණේ ඊළඟ කෑල්ල. WrigleyBuilding එක. ඒ කියන්නේ ව්රිග්ලි චුයිංගම් කොම්පැනියේ ඔෆිස් එක තියෙන්නේ මෙතන. එතන ඉඳන් චුයිංගම් එකක් කකා ඉස්සරහ බලපුවහම පේන්නේ Tribune Tower එක. 1925 ලෝකේ ඉන්න ගෘහ නිර්මාණ ශිල්පියෝ සමුළුවකට එක්කාසු වෙලා ලෝකේ ලස්සනම බිල්ඩින් එක හදන්න ඕනේ කියලා තමයි මේක හදලා තියෙන්නේ. මේක පිට බිත්ති වල චීන මහා ප්‍රාකාරය, කොලොසියම් එක, ටජ් මහල් වගේ ලෝකේ ප්‍රසිද්ධ ස්ථාන වලින් ගෙනාපු කොටස් හයි කරලා තියනවා. කොහොම ගලෝගෙන ආවද දන්නේ නෑ ඉතිං!

මහන මැෂින් වලින් හදපු බිත්තියක්! ලෝක ප්‍රසිද්ධ ඇඳුම් කඩයක්
ඊළඟට තියෙන පාට් එකටනම් කාන්තා පරාණයක් එක්කං යන එක හරිම භයානකයි! අත්දැකීම් සහිතයි!මොකෝ ලෝකේ මිල අධිකම බඩු භාණ්ඩ තියෙන ෂොපින් මෝල් සෙට් එකක් මෙතන තියනවා. ඔය හොලිවුඩ් ඇත්තෝ එහෙම නිතර මේ පැත්තේ කරක් ගහනවා. Disney Store, American Girl’s Store වගේ ප්‍රසිද්ධ කඩ පිල් ගොඩක් මේ හරියේ තියනවා. පොකට් එක හිස් කරගන්න ඕනේ නම් මරු තැන! :D හැබැයි බලලා කියලා එන්නනම් නරකක් නෑ.
Disney Store - Chicago

The Museum of Contemporary Art, Chicago. විකල්ප කලාව ගැන උනන්දුවක් තියනවනම් අනිවා යන්න වටින තැනක්. යනකොට තියනවනම් student ID එකක් අරගෙන යන්න. ටිකට් වලින් ගානක් අඩු කරනවා. ආයේ එතන තියන ආට්ස් ගැන කියලා වැඩක් නෑ. බලන්නම වෙනවා. වෙලාවක් තිබ්බොත් ගත්තු ෆොටෝ ටික එකතු කරලා වීඩියෝ එකක් වත් හදන්නම්.

ඔය ටික බලා කියාගෙන තට්ටු 100ක් තියෙන ජෝන් හැන්කොක් බිල්ඩින් එකත් බලලා ඕනෙනම් එකේ 94වෙනි තට්ටුවට නැගලා චිකාගෝ වටේ බලලා බිච් එකට යන්න පුළුවන්!

මිචිගන් විල් තෙර
හෝව්!!! බිච් කිව්වට මේක මූද නෙවෙයි! මිචිගන් විලේ ඉවුර! හැබැයි පරක් තෙරක් පේන්නේ නෑ. පංච මහා විල්ම තමා! ලෝකේ තියෙන පිරිසිදු වතුර වලින් පහෙන් එකක්ම තියෙන්නේ එතැන කියනවනේ!
Chicago Water Tower

චිකාගෝ නයිට් ලයිෆ් එකත් අවුලක් නෑ.. ඕනේ තරම් විනෝද වෙන්න තැන්! හැබැයි ටිකක් පරිස්සමින්. මොකෝ කොයි වෙලේ මොකෙක් හරි අමාරුකාරයෙක් තුවක්කුවක් අරගෙන බහියිද දන්නේ නෑනේ! :D
කම් ඕ ගෝ චිකාගෝ කියන්නේ කට කහනවටද! මං තුමා නම් ඉතිං චිකාගෝ නගරෙට මනාපයි!

38 comments:

  1. මනරම් විස්තරයක් .විස්තරයේ සජීවී බව නිසාම කිහිප වරක් post එක බලන්න හිතෙනවා.

    ReplyDelete
  2. ඈ බං අර මෙරිගෝ රවුන් එකේ වටයක් කැරකෙන්න විනාඩි හතක් යනවැයි කියන්නෙ ඇත්තද.. :o
    පිෂ්ෂු පීකුදු නෙහ්...

    මරු විස්තරේ සහ රස්තියාදුව..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං.. හිමින් කැරකෙන්නේ.. ලස්සන බලා ගන්න එපැයි

      Delete
  3. පට්ට ඈ....
    පට්ට කියන්නෙ හොදම එක....
    හිහි...
    ඉතුරු ටිකත් නාකි වෙන්න කලිං දාන්ඩෝ....

    ReplyDelete
    Replies
    1. හරි හරි.. නාකි වෙන්න කලින් දානවා

      Delete
  4. එල ද බ්‍රා මචං..පට්ටයි සුපිරියි ඉහලයි..

    ReplyDelete
    Replies
    1. බ්‍රා එක ගැලෙව්වා නම් නරකද....මොකද දැන් පාන්දරත් වෙලා....

      Delete
    2. ඔය ඉතිං බ්‍රා ගලවන්නම තමයි මේ කතාව ;)

      Delete
    3. හරි ඔි එකක් ගැලෙව්වා එහනම් දැන් අනිත් බ්‍රා එක ඇද ගන්න

      Delete
  5. පට්ට මචෝ! ඉස්කෝතුයි විස්තර ටිකට.

    ReplyDelete
  6. හොඳ විස්තරයක්.

    ReplyDelete
  7. රෑට විතරක් නෙවෙයි දවල්ටත් චිකාගෝ වලදී හිටපු ගමන් නිකං චිකන් වෙලා යන්න පුළුවන් සෙල්ලම් තියනවා නේද තුවක්කු කාරයන්ගේ.

    අගනා විස්තරයක්. බොහොම රසවත්.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... පිස්සු බම්ප් වෙනවා

      Delete
  8. matatha manapa hithuna ban.
    ela niyama wistharayak....

    ikmanata ithuru wistharath dahan.

    singlish walin ketuwata samaweyan.

    ReplyDelete
  9. අපෝ අරක හරිම කබල් මැරිගෝ රවුමක්නෙ. ලංකාවෙ තියෙන ඒවත් ඔයිට වඩා හයියෙන් යනව. :D

    කොහොම උනත් විස්තරේ නං ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඒවා කොහොමත් හයියෙන් යනවනේ ;)

      Delete
  10. ඔය රටවල නැද්ද පුක ලොකු ගෑනු එහෙම. මම නං ඇමරිකාව ගැන වැඩිපුරම අහන්නෙ නෝටි ඇමරිකා හරහා නිසා මට හිතෙන්නෙම එහෙ ඒ ජාතියෙ ගෑනු පඳුරකට ගැහුවත් දහයක් පාලහක් විතර විසිරනව ඇති කියලා..

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා.. හැබැයි ඔය පෙන්නන තරම් නෑ

      Delete
  11. ඇගේ හැපුනත් කන්න වෙන නගරයක් විදියටනෙ අපි චිකාගෝ ගැන අහලා තියෙන්නෙ. මදාවි ඩයල් එහෙම දැක්කෙම නැද්ද බං....ගැටලුවක් උනත් උන් උඹට නම් ගහන එකක් නෑ. රෙඩ් බුල් එකක් වගේ අරන් දුන්නොත් මිසක....

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතිං අපිත් එක්ක හැප්පෙන්න එන්නේ නෑනේ!

      Delete
  12. එල.. යන්න අපිටත් ආස හිතෙනවා.. ජය වේවා..

    ReplyDelete
  13. මේවා මෙහෙම කොට කොට, කොටලා හරියන්නේ නෑ ....... මම පොස්ට් දානවා වගේ ඉක්මනට ඉක්මනට විස්තර ටික දාපන්කෝ බන් ....... මාළු අල්ලන බෝට්ටුවක නැගලා හරි අපිටත් ඔය පැත්තට ගිහිල්ල බලන්න

    ReplyDelete
  14. බෝට්ටුවෙන් නම් යන්න එපා පෙනේර වෙන්න තියලා දායි

    ReplyDelete
  15. //හැබැයි බලලා කියලා එන්නනම් නරකක් නෑ.//
    අපි ඉතින් කොයි මෝලට ගියත් බලලා තමා එනවා. හෙහ් හෙහ් පට්ට විස්තරය !

    ReplyDelete
    Replies
    1. එකක් දෙකක් ගනින් ඉතිං ආසාවටත් එක්ක

      Delete
  16. දැංම ඉඳන් පිං කරහන් ඊළඟ ආතෙමෙත් ඔහොම ආතල් ලැබෙන්න ( ඕන්නං මං වගේ නැති බැරි එහෙකුට නිකං ටිකට් එකක් අරං දුන්නත් කමක් නෑ, මම පින් දෙන්නං අම්බානෙට )

    ReplyDelete
    Replies
    1. අප්පේ... ඒක එච්චර පිනක්ද එතකොට! :D

      Delete
  17. උඹ කෑමට රුසියාවෙලාද ඔය ඇඟ හදාගත්තේ එතකොට , කම් ඕ ගෝ චිකාගෝ එතකොට . උඹට සෙට් වෙච්ච චිකාගෝ නංගි කෝ එතකොට

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒකනේ.. ඒ වගේ කාපන් අයියේ... එහෙම එකියෙක් නෑ ඉතිං

      Delete
  18. ලස්සන විස්තරේ.. වහලුන් ගැන කියවද්දි මතක් වුනේ 12 years a slave ෆිල්ම් එක. මෙහෙ හිටපු දැන් ජීවතුන් අතර නැති වයසක මිනිස්සු කියනවා ඒ කාලෙ දම්වැල් දාලා, කාබේරින් අරන් ගියා කියල හපුතලේ පැත්තට. කටටත් දාවලු මොකක්ද ගැජට් එකක්. මං හිතන්නෙ ඒ, ඔය වහල් මිනිසුන් වෙන්න ඕන.න අපිට බණ කියන උන්ගෙ කෙරුවාවල් ඔහොම තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. එකනේ.. දැන්නම් මානව හිමිකම් ගැන හෙනම කතාව

      Delete
  19. චිකාගෝ චිකි නංගිලා එහෙම නැද්ද ? ;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...