නාඩි සෙට් එක

Saturday, August 2, 2014

නාඩි ඇට් ඇමරිකා 01

ඔන්න එහෙනම් පට්ටන්දර ජාතකේ පටාන් ගන්නයි යන්නේ.... හැබැයි වැඩිය දිගට කොටන්න කම්මැලියි... යකෝ සති පහක වෙච්චි කෙරිච්චි දේවල් ඔක්කොම කොටන්න ගියොත් අත ගෙවිලා යයි!
කලින් කිව්වා විදිහට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙන් ප්‍රදානය කරපු ශිෂ්‍යත්වයකට නාඩි ඇතුළු ලංකාවේ හතර දෙනෙක් මේ වැඩසටහනට ලංකාවෙන් සහභාගී උනා. 

SUSI for StudentLeaders තමයි මේ ශිෂ්‍යත්වයේ නම. මම සහභාගී උනේ New Media & Journalism අංශය ගැන හදාරන්න. 

ජුනි මාසේ 21 වෙනිදා Qatar Airways ගුවන් යානයකින් ඔන්න නාඩි තුමා ඇමරිකාව බලා සංචාරේ ආරම්භ කළා. Transit පලවෙනි එක තිබ්බේ දෝහා කටාර් වල. වැඩි අවුලක් නෑ. පැය හතරනේ... ෆිල්ම් එකක් බලලා නිදා ගෙන ගියා. එතනින් ඊළඟ නැවතුම ඇමරිකාවේ මයාමි ගුවන්තොට ! පිහිටලා තියෙන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ.. අප්පේ පැයම 16ක්! මොනවා කරන්නද බකං නිලාගෙන හිටියා ඉතිං.. 
සුන්දර මයාමි වෙරළ

මයාමි වලදී මම දැක්ක එක විශේෂත්වයක් තමයි මයාමි වල මිනිස්සු ඉංග්‍රීසි වලට වඩා Spanish භාෂාව පාවිච්චි කරන එක. මොකද කියන හේතුව නම් මම දන්නේ නෑ. තාමත් ගමන අවසාන නෑ පින්වතුනි! ඇමරිකාවේ නැගනහිර කෙලවරේ ඉදගෙන බටහිර කෙලවරේ තියෙන මගේ ගමනාන්තය වෙච්චි සියැටෙල් නුවරට තවත් ගුවන් ගමනක් සිදු කරන්න උනා.  පැය 6ක් රට ඇතුලේ flight එකක!! නයි කයිද රෝස් පාන් කියපි. ප්ලේන් එකෙන් Seattle Tacoma International Airport එකෙන් බහිද්දී හොඳ පණ ගිහිං!

අපිට දේශන සියල්ල වගේ තිබ්බේ University of Washington වල. ගොඩක් කස්ටිය වරද්ද ගන්න එකක් තමයි මෙන්න මේ වොෂින්ටන් හුටපටේ. Washington ප්‍රාන්තය, ඒ කියන්නේ සියැටෙල් නගරේ.. වොෂින්ටන් සරසවිය එහෙම තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදේ බටහිර කෙලවරේ. හැබැයි ඔය ධවල මන්දිරේ, පෙන්ටගන් එහෙම තියන Washington D.C නැත්නම් ඇමරිකාවේ අගනුවර තියෙන්නේ නැගෙනහිර කෙලවරේ. එක අයිති වෙන්නේ District of Colombia වලට.

බල්ලෙක් ට ගිය සරසවිය 
චෙරි මල් පිපිලා

වොෂින්ටන් සරසවිය 1861 පටන් ගත්තු සරසවියක්. UDub කියලත් හදුන්වනවා. සිසුන් 30,000 පමණ මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ලෝකයේ ජනප්‍රිය වගේම ඉතා හොඳ වෙද්‍ය විද්‍යාලයක් සරසවියට අයත් වෙනවා. UDub එකේ nickname එක. නැත්නම් කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ තමන්ව හදුන්වා ගන්නේ Washington Huskies කියන නමින්. ඒ කියන්නේ බල්ලෙක්! ඒ ගොල්ලොන්ගේ official mascot එක විදිහට පාවිච්චි වෙන්නේ Husky dog කෙනෙක්. මරු ආතල් වැඩේ..

Official Mascot at a basketball game
හැරී පෝටර් ලයිබ්‍රි එක විදිහට ලෝක ප්‍රසිද්ධ suzzallo library එක තියෙන්නේ මේ කැම්පස් එකේ. හැබෑවටම ඒකනම් ෆිල්ම් එකක තියෙන ලයිබ්‍රි එකක් වගේ තමා 

ලෝක ප්‍රසිද්ධ සුසලෝ පොත් ගුල
ඒ වගේම Burke Museum එක තියෙන්නෙත් කැම්පස් එකට අයත් භූමියේම තමා. ඇමරිකන් ස්වදේශී ඉතිහාසය ගැන වගේම ස්වභාවික විද්‍යාවට අදාළ බොහොමයක් වටිනා පුරාවස්තු ඒ කටුගෙයි තියනවා. 

කටු ගෙයි ඇතුලේ පරණ එකෙක්
සියැටෙල් ඉදිකට්ට!

බිල් ලොක්කාගේ ජනෙල් 8 පාවිච්චි කරන මිනිස්සු ඔය රූපේ දැකලා ඇති! ඕනෑ ඔකේ තියෙන හුටප්පරේ තමයි Seattle Space Needle කියලා කියන්නේ. (නෙලුම් කුළුන හදපු දවසට අපිත් නගිමු ඈ! ) ඔය ඒක පිටිපස්සෙන් තියෙන්නේ Mount Rainier ගිනිකන්ද.. ඒක ගැන පස්සේ නාඩියක කොටන්නම්.

බිල් ලොක්කා ඕක ජනෙල් 8 ට ඔබන්න ඇත්තේ Microsoft head office එක තියෙන්නේ සියැටෙල් වල නිසා වෙන්න ඇති. කොහොම වෙතත් ඕක උඩට නැග්ගහම නගරේ වටේටම පංකාදු පහට පේනවා! හැබැයි උඩට නගින්න නම් ටිකට් එකක් කඩනවා! :D

කෝපි කාලේ...
Starbucks කෝපි කඩයක්
වටේ පිටේ තොරණේ විස්තරේ පොඩ්ඩක් කියලා මිනිස්සු ගැන එහෙම ටිකක් කියන හිතුවා. මොකෙක් හරි ඇමරිකා ගිහිං තේ බොන්න හිතාගෙන ඉන්නවනම් පුතේ ඒ අදහස හිතෙන් අත ඇර ගනින්! එහෙ උන් නැති වෙනකම් බොන්නේ කෝපි! ලෝක ප්‍රසිද්ධ Starbucks කෝපි කඩ සෙට් එකේ කඩයක් හැම හන්දියක් ගානෙම තියනවා. ආ... ලෝකේ මුල්ම Starbucks කඩේ තියෙන්නෙත් සියැටෙල් වල තමා. කෝපි කිව්වට මේ කෝපි සමහර ඒවා පට්ට තිත්තයි! දැන් අහන්න එපා තෝ ඔච්චර කෝපි බීලා සරීර කෘත්‍ය කොලේ කොහොමෙයි කියලා! :D

මිනිස්සු සහ බල්ලෝ!



පාරේ උදේට හම්බ වෙන හැම එකාම හොඳට හිනා වෙලා ගුඩ් මෝනින් පාරක් දාගෙන ගිහිං උදේට කන්න කඩේට ගිහාම කඩේ එකා හොඳට හිනා වෙලා “කොහොමද ඉතිං” කියලා අහලා... බස් එකට නැග්ගහම ඩයිවර් මාමා තැන්කු පාරක් දාලා බස් එකට නග්ගගෙන බස් එකේදී ඇන්ටි කෙනෙක් ඇඟේ හැප්පුනාම sorry. Pardon me කියලා කිව්වහම තියන කික් එක කොහොමද කියලා හිතපන්කෝ...

එහෙම තමයි මෙහෙ මිනිස්සු! හරිම ආචාරශිලියි. නීති නම් නීති! පාර මාරු වෙන්න බල්බ් එක වැටිලා නැත්නම් පාරේ වාහන එකක්වත් නැති උනත් පාර පනින්නේ නෑ! එච්චර නීති රකිනවා!

මිනිස්සු සත්තුන්ට හරි ආදරෙයි. නිවාඩු දවසක පාක් එකකට ගියොත් එක එක සයිස් එකේ බල්ලෝ අල්ලාගෙන ජෝගින් යන සූදු අක්කලා ඇන්ටිලා ඕනෑ තරම් බලා ගන්න පුළුවන්. බල්ලෝ අරගෙන බස් එකේ උනත් කස්ටිය ගමන් බිමන් යනවා. කොටින්ම කිව්වොත් බල්ලොන්ටම ඇරිච්චි සැලෝන් මසාජ් සෙන්ටර් හිටං තියනවා බොලව්!

දැන් අහපන් බලු බෙටි ගැන! පාරේ කිසි තැනක මම නම් බෙට්ටක් දැක්කේ නෑ! මොකෝ මෙහෙ මිනිස්සු පාරේ තමන්ගේ සුරතලා එක්කගෙන යද්දී ඌ මලපහ කලොත් අරගෙන දානවා! ඔන්න මිනිස්සු! 

විවිධ පාටින් තියෙන කුණු කුඩ
ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර හිතකාමී නගර අතරින් මුල් තැනක් ගන්නේ සියැටෙල් නගරය. අපද්‍රව්‍ය බොහොමයක් ප්‍රතිච්ක්රිකරණය කරනවා. දිරන ඒවාගෙන් කොම්පෝස්ට් හදනවා. පාරේ කිසි තැනක කුණු දාන්නේ නෑ. හරිම විධිමත් විදිහට අපද්‍රව්‍ය බැහැර කරනවා. වැඩියෙන්ම මිනිස්සු ගමන් යන්නේ බයිසිකලේ! කොටින්ම අපිට ලෙක්චර් වලට එන ප්‍රොෆිසර් කාරයා කැම්පස් එකට එන්නෙත් පුට්සයිකලේ. ඔන්න ගන්නවනම් ආදර්ශ. 

එක එකාට වැරැද්ද පටවන්නේ නැතිව, ආණ්ඩුවේ අන්ධයෝ ටික වැඩේ කොරනකම් බලාගෙන ඉන්නේ නැතිව, විපස්සේ උන්ගේ පස්සට එලිය වැටෙනකම් ඉන්නේ නැතිව අපි අපි හැදෙමු. ඇමරිකාව කියන්නේ අයිස්චර්යේ නෙවෙයි බොලව්. හැබැයි උන් අම්බානෙකට මහන්සි වෙනවා ඒක අයිස්චර්යේ කරන්න. පාර අතු ගාන එකාගේ ඉදං..  

පලවෙනි පට්ටන්දරේ අහවරයි ඕං . තව ඕනෙනම් කියපං. නැත්නම් පුරුදු විදිහට පචයක් හලාගෙන ඉන්නම්.
      
   

59 comments:

  1. \\එක එකාට වැරැද්ද පටවන්නේ නැතිව, ආණ්ඩුවේ අන්ධයෝ ටික වැඩේ කොරනකම් බලාගෙන ඉන්නේ නැතිව, විපස්සේ උන්ගේ පස්සට එලිය වැටෙනකම් ඉන්නේ නැතිව අපි අපි හැදෙමු\\

    ඔන්න ඕක තමයි වෙන්න ඕන. එදාට රෙජිමේන් හරි වික්‍රමසිංහ හරි ෆොනී හරි අපිට ආශ්චර්රේ ගේනකන් බඩ උලන් ඉන්න ඕන නැහැ. එහෙම වුණු දාට ඒ එක්කෙනේක්ටවත් දේශපාලනේ කරන්න බැහැ. මොකෝ එදාට දුප්පත් මිනිස්සු නැහැ නෙව.

    ReplyDelete
    Replies
    1. ම්ම්.... හැබැයි එදාට මහත්මා දේශපාලනයක් ඇති වේවි

      Delete
  2. එහෙම අමාරුවෙන් හරි මිනිස්සු හැදෙන කොට කකුලෙන් අදින්නෙත් අපේ උන්මයි..

    ReplyDelete
  3. මම මේ කල්පනා කොලේ සිස්සත්වයක් හම්බ වෙලා සියැටල් වලින් මොරටුව කැම්පස් එකට ආපු එකෙක් උගේ රටට ගිහින් උගේ බ්ලොගේට මොනව ලියයිද කියල.

    ReplyDelete
    Replies
    1. ඇයි වල කැන්ටින් ඒකයි ගොඩ කැන්ටින් එකයි ගැන ලිව්වහැකි නේ :D

      Delete
  4. සිකුරාදා පල්ලියෙන් එලියට එන උන්දැලා මෙච්චල ශෝයි අමෙලිකාව අහවල් රටට ඩ්‍රෝන් ඇටෑක් කරලා මෙච්චර ලමයි සහ කාන්තාවෝ තොගයක් මරා දැම්මා කියලා කියලා පෙලපාලි යන එක තමා ඉවසන්න බැරි!

    ReplyDelete
    Replies
    1. මොන රට කරත් මානව හිමිකම් කැඩෙනවානම් වැරදියි තමයි

      Delete
  5. අපෙ උන් නම් බල්ලො පාරට ගෙනියන්නෙ ජරා කරවන්නමයි.

    ඔහේ කෙල්ලොන්ට විතරමද බං බල්ලො ඉන්නෙ? :v

    ReplyDelete
    Replies
    1. ඔහේ කෙල්ලොන්ට විතරමද බං බල්ලො ඉන්නෙ? X 2
      :P

      Delete
    2. නෑ කොල්ලන්ටත් ඉන්නවා! ;)

      Delete
  6. ආ....දිගෑරල තීන්නේ ජාතකේ....මදි තව දාපිය....!

    බොලාට හිතිච්ච ඔය ටික ඔහාට වරින් වර යන අපේ මහා ඔලුවලට වැටෙන්නේ නැත්තේ ඇයි බං

    ReplyDelete
    Replies
    1. හරි හරි.. නිස්කලන්කේ දාන්නම්...
      ඒ අය යන්නේ "වැදගත්" වැඩ රාජකාරි වලටනේ

      Delete
  7. Foot bicycle neme neda ? Hari wachane Push- bicycle ?

    ReplyDelete
    Replies
    1. ya yaa. it is push-bicycle. but still in the normal Sinhalese slang it's පුට්බයිසිලේ

      Delete
  8. බොහොම සන්තෝෂයි නාඩියො...මම මේ බලාගෙන ඉන්නෙ සුදු නංගියෙක් / අක්කෙක් දැකලා උඹේ නාඩි වේගය වැඩි වෙච්ච අවස්ථාවක් ගැන ලියන අවස්ථාවක් දැක ගන්න.

    ReplyDelete
    Replies
    1. ම්ම්... එහෙම වෙලාවක් ඉතිං මේකේ කොටන්න පුළුවනෑ!

      Delete
  9. සති පහට වුන දේවල් කොටන්න ගියොත් ඇත ගෙවෙයි නෙමේ.. අතේ ඉතුරු ටිකත් ගෙවෙයි වෙන්න ඕනි නේද?? ඕක ගෙවිලා ඇති ඔය ටිකට.. එල එල ඉතුරු ඒවත් කොටස් විදිහටම දාපන්.. කැම්පස් එනකොට අරන් එන්න කියපුවා අරන් වරෙන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හ්ම්ම්... මොකුත් කියන්නේ නෑ ඉතිං මම

      Delete
  10. "පාර මාරු වෙන්න බල්බ් එක වැටිලා නැත්නම් පාරේ වාහන එකක්වත් නැති උනත් පාර පනින්නේ නෑ!"
    ලෝකේ ගොඩක් රටවලට අපි ලංකාවේ ඉඳලා ගියාම මෙන්න මේක අපිට කැපිලා පෙන්නේ ඇයි ද දන්නවද ...... අපේ ඇඟේ කවදාවත් ඒ ස්ටෑන්ඩඩ් එක නැති නිසා බන් ...... ඒ තමයි අපේ ස්වභාවික ලංකික කම ... අනිච්චේ දුක්කේ ........

    ReplyDelete
    Replies
    1. වෙනස් කරන්න පුළුවන් ඉතිං අපිටම තමයි

      Delete
    2. මැලේසියාවෙත් බොහෝ වෙලාවට එහෙමයි නාඩියො...උඹ ඉතින් දැකලා ඇති නොවැ...කහ ඉරි ලග පාර පනින්න බල්ලෙක්වත් නැති උනාට වාහන රතු එළියෙ නවත්තගෙන ඉන්න අපූරුව.

      Delete
  11. එල එල. ඔය මදි තව ඕනෙ.

    ReplyDelete
  12. එල එල පට්ට මතො ....! එත් ඔයනම් මදි යකො . තො එනකන් හිටියෙ ඉස්ටොරිය අහගන්න . මට නම් මෙක උබ ගිය ගමනෙන් 1% යකො . ඉතුරුටික ලියපිය .

    ReplyDelete
    Replies
    1. අප්පේ.. ඒ කියන්නේ යකෝ මට නාඩි 100ක් දාන්න වෙයිනෙ මේකට විතරක්

      Delete
  13. මයාමිවල ඉන්න බහුතරයක් අය ස්පැනිෂ් කතා කරන්නේ ඒ අය ස්පාඤ්ඤයෙන් ආ අයගෙන් පැවතෙන නිසානේ.

    ReplyDelete
    Replies
    1. & දකුණු අමරිකා රට වලින් පැමිණි අය නේද,,,, ලොක්ක...

      Delete
    2. ඔව්.. මොකද ෆ්ලොරිඩා, නිව් මෙක්සිකෝ වගේ පැති ස්පාඤ්ඤ යටත් විජිත විදිහට පැවතුනා. ඒ වගේම දැන් ඉතා විශාල වශයෙන් කියුබාව හා මෙක්සිකෝවෙන් ඇමරිකාවට සංක්‍රමණික ජනයා එනවා. ඒ අය පාවිච්චි කරන්නේ ස්පාඤ්ඤ භාෂාව

      Delete
  14. යකාගේ රටකටනේ ගිහින් තියෙන්නේ.... අපිටත් එහෙ ආතල් දෙනවාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. යකාගේ නෙවෙයි මේක ඔබා ගේ රට!

      Delete
  15. අපොයි මේ විස්තර ටික මදි හලෝ.. අනික ගුගල් දෙයියාගේ 4තො නෙවේ ඔර්ජිනල් 4තො ටිකක් දාන්න..

    දැන් ඔය ඉගන ගත්ත මිඩියා වලින් මක්කයි කොරන්න ඉන්නේ :3

    ReplyDelete
    Replies
    1. හරි හරි.. ඉවසලා ඉදපන්.. දෙන්නම්. විස්තර ඕනේ මොනාද කියලා කියාපල්ලා... ඉගෙන ගත්ත දෙයක් අපතේ යන්නේ නෑනේ ඉතිං. ජිවන කර්මාන්තෙ කරගෙන යන්න උදව් කරගන්නවා

      Delete
  16. // දැන් අහපන් බලු බෙටි ගැන! පාරේ කිසි තැනක මම නම් බෙට්ටක් දැක්කේ නෑ! මොකෝ මෙහෙ මිනිස්සු පාරේ තමන්ගේ සුරතලා එක්කගෙන යද්දී ඌ මලපහ කලොත් අරගෙන දානවා! ඔන්න මිනිස්සු! //

    ඕනම රටක වෙන්නේ ඒ දේ තමයි.. අපේ රටේ ඇරෙන්න..

    එල එල.. කෙල්ල සෙට් උන විස්තරේ ඉක්මනට කියහං..

    ReplyDelete
    Replies
    1. මොන කෙල්ලද කියපන් සිංහලෙන්!

      Delete
  17. දැන් ඊ ගාවා කොටසින් එක්සත් ජනපදේ විශ්වවිද්‍යාලවල අලුතෙන් එන එවුන්ට ‍රැග් එක දෙන හැටි, ඇතුලේ දේශපාලනේ කරන හැටි එහෙම ගැන උඹ කියනකල් මේ කට ඇරගෙන බලාගෙන එන්නේ. :)

    ReplyDelete
    Replies
    1. හුකෑස්! ඒකනම් හොයලා බලන්න ඕනේ කාරණයක්!

      Delete
  18. මරු නෙ..ඊළඟ කෑල්ලත් ඉක්මන්ට දාං..
    තව පොටෝ ටිහකුත් දැම්මනං මරු අැ..

    ReplyDelete
    Replies
    1. ඉදපන් ඊළඟ එකේ ඇල්බම් එකකට ලින්ක් එකක් දාන්නම්

      Delete
  19. 18+ මුකුත් නෑ නේද? එහේ ගිය වෙිලාවෙි.

    ReplyDelete
  20. දේශ ද්‍රෝහියෙක් .. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන්න තමා මූ ගිහින් තියෙන්නේ .. අපේ රටේ දැන් ආශ්චර්ය නැ කියන්නේ මූ .. අඩෝ විමල් අයියාට කියනවා හරිද :P
    (පට්ට ඈ )

    ReplyDelete
    Replies
    1. අම්මෝ පංචායුධ අයියාට මං බයයි!!

      Delete
  21. හම්මේ...
    සුදු ඇන්ටිලාගෙම හැප්පි හැප්පි හිටිය නේද...
    හොහ්... අපි අහුවෙයි ඕවට...
    ඉතුරු ටිකත් දාන්ඩකෝ... අපූරු විස්තරයක්

    ReplyDelete
    Replies
    1. එහෙමත්ම නෑ ඉතිං.. හරි හරි.. දානවා දානවා

      Delete
  22. වීඩියෝ පාරක් දාල පෙන්නපංකෝ

    ReplyDelete
    Replies
    1. මම වීඩියෝ කරපුවනම් එච්චර නෑ.. හොයලා හරි දාන්නම්

      Delete
  23. ඉතුරු ටිකත් දාහංකෝ බලන්ඩ

    ReplyDelete
  24. අඩේ නියමයි බං. කෙටි කරන්න එපා. කොටස් කීය උනත් කමක් නෑ දාපං.

    ReplyDelete
  25. අනිත්වත් දාන්ඩො

    ReplyDelete
  26. http://helppal.tk/discussions kattiya awith set wenna ape forum ekata.

    ReplyDelete
  27. ඇත්තටම සන්තෝසයි මලයා. මේ පොස්ට් එකෙන් වුණත් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඊළඟ කෑල්ල ඊට වඩා රසවත් වෙයි නේද ?

    ReplyDelete
  28. නාඩියෝ අනික් ඉතුරු කොටසත් ලිව්වොත් හොඳා නේද? මේක නියමයි..සරලයි සුගමයි මොබිටෙල් වගේ :P

    ReplyDelete
  29. නාඩියො
    ආශ්චර්යය එකක්
    ඓශ්වර්ය තව එකක්
    අයිස්චර්ය කියල එකක් සිංහලයෙ නෑ බං
    උඹ ජනමාධ්‍ය නේ කරනව කියන්නෙ

    ReplyDelete
  30. අනේ මම ඉතිං අයිස්චර්ය කිව්වේ ඉතිං හේතුවක් ඇතිව ආයුබෝවන්...

    ReplyDelete
  31. ඔය ස්පේස් නීඩ්ල් එක ඇත්තටම පිටසක්වලින් ආපු පාවෙන පීරිසියක් ... බොරු නං Men in Black ෆිල්ම් එක බලන්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...