නාඩි සෙට් එක

Sunday, August 10, 2014

නාඩි ඇට් ඇමරිකා - 2

පළවෙනි පට්ටන්දර ජාතකේ ඉවර උණු එකේ ඔන්න දෙවැනි එක! සියැටෙල් නගරේ මාසයක් විතරම හිටපු එකේ තව ඩිංගිත්තක් ඒ ගැන කොටන්න හිතුවා.

මං හිටියේ වසන්ත කාලේ  summer එකේ නිසා වැඩේ ශේප්! වැඩිය වැස්ස නෑ. නැත්නම් සියැටේල් කියන්නේ හැමදාම වැහි වලාකුළු වලින් බර වෙච්චි නගරයක්. මේ මිනිස්සු පරිසරේට හරිම ආදරේ ජාතියක් කිව්වනේ... නගරේ නම හැදිලා තියෙන්නෙත් ගහ කොළේ එක්ක ජිවත් වෙච්චි කෙලින් කතා කරපු මනුස්සයෙක් ගේ නමින්. රතු ඉන්දියන් නායක සියැටෙල්! තමන්ගේ භුමිය රැක ගන්න. ඒ තුයෙන සුන්දරත්වය ඒ විදිහටම රැක ගන්න සුද්දා ඉස්සරහ කෙලින් කතා කරපු මනුස්සයෙක්. අදත් ඉංග්‍රීසි සාහිත්‍යය ගැන එහෙම හදාරද්දී සියැටෙල් ගේ ප්‍රසිද්ධ කතාව ගැන කතා කරනවා.

ටහෝමා - ජල දිනිතිය 

Summer එකේ ගිනිකන්ද - tripadvisor.com


සියැටෙල් ඉදි කට්ට ගැන පහුගිය නාඩියේ කියද්දී පොරොන්දු උනානේ ඒකත් එක්ක තියන කන්ද ගැන කියනවා කියලා. මවුන්ට් රේනියර් ගිනි කන්ද.  මේක පිහිටලා තියෙන්නේ සියැටෙල් නගරයේ ඉදන් හැතැම්ම 60ක් විතර එහාට වෙන්න (ඇමරිකාවේ භාවිතා වෙන්නේ හැතැම්ම, යාර, අවුන්ස, රාත්තල් වගේ ඉස්සර ලංකාවේ එහෙම භාවිතා කරපු ඒකක ! කොටින්ම වාහනේ වේගේ මනින්නේ පැයට හැතැම්ම වලින්! ටික දවසක් යනවා ඒකට පුරුදු වෙන්නත්! )

රේනියර් නැග්ම
1894 දී අන්තිම වතාවට සද්ද දාපු මේ ගිනි කන්ද සක්‍රිය ගිනි කන්දක් විදිහට ලිස්ට් එකේ තිබ්බත් ළඟ පාතකදී සද්දයක් නම් දාල නෑ. මේක එසේ මෙසේ උස කන්දක් නෙවෙයි. පිදුරුතලාගල වගේ දෙගුණයක් විතර උසයි. ඒ කියන්නේ මීටර් 4,392 ක් උසයි.

ටහෝමා නැත්නම් ටකෝමා ( Tahoma or Tacoma) කියලා තමයි ස්වදේශී ඇමරිකානුවන් (ඔය රතු ඉන්දියන් කට්ටිය කියන්නේ)  මේ කන්ද හදුන්වන්නේ. එකේ තේරුම “Mother of waters” නැත්නම් ජලයේ උපත කියන එකයි. පැසිපික් සාගරයට ගලාගෙන යන ජල මුලාශ්‍ර බොහොමයක් පටන් ගන්නේ මේ කන්ද ආශ්‍රයෙන්.
ඔය හිටිය දවස් වල අපිත් ගියා ඔය  ගිනිකන්ද නගින්න. හැබැයි උඩටම නෙවෙයි. උඩටම යන්නනම් හිම කඳු නැගලා හොඳ පළපුරුද්දක් වගේම ඊට ඕනේ ආම්පන්න එහෙමත් ඔක්කොම තියෙන්න ඕනේ.

මංතුමා කඳු නැගලා තිබ්බට හිම වැස්සක හිමෙන් පිරිච්ච කන්දක් හා හා පුරා කියලා මුලින්ම නැග්ගේ එදා. සූදු පාට හිම ගොඩේ වැටී වැටී නැගපු හැටි මල් හතයි. ඔන්න පොඩි වීඩියෝ කෑල්ලක් තිබ්බා කඳු ගැටේකින් පහළට රූටගෙන එද්දී ගහපු... බයිට් ඉතුරු වෙලා තියනවනම් ඉතිං බලලා ගියත් අවුලක් නෑ. :D

මේ ඉන්නේ කඳු අතරේ දැක්ක එකම සතා! Marmot මාමත් ද මොකාද කියලා කියන්නේ (marmota Olympus) පත ලේනෙක් වගේ. හැබැයි ලඟට නම් ගියේ නෑ. 
marmota Olympus

කඳු නගින්න ගිහිං දවස් දෙකක්ම pack forest කියන camping site එකේ ඉදලයි ආවේ. සීතල යන්නත් එක්ක ගිනි මැලයක් ගහගෙන ඒක වටේට ඉදගෙන එක එක භාෂා වලින් සින්දු කියපු ඒ දවස් නම් හරිම සුන්දරයි.
මෙන්න මේ ගෘප් ෆොටෝ එක ගැහුවෙත් ඔන්න ඔය දවසෙම තමා. 



නැවේ ගමන හා ස්වදේශී ඇමරිකානුවෝ 

ටිලිකුම් ගම
ජිවිතේ එක පාරක් හරි සියැටෙල් නගරෙට ගියොත් ආර්ගොසි කෘස් එකක නැගලා රවුමක් ගිහිං ටිලිකුම් ගමට (Tillicum village) එකට යන්න අමතක කරන්න එපා. සියැටෙල් waterfront එකට ගිහාම ටිකට් එකක් අරගෙන මේ අපූරු ගමනට එකතු වෙන්න පුළුවන්. රෝස් ආච්චි ටයිටැනික් නැවේ ගියා වගේ නිවී හැනහිල්ලේ වටේ පිටේ සුන්දරත්වය බලාගෙන යන්න පුළුවන්.  මං තුමා නම් දවස් තුනක් රවුම් ගැහුවා ඔය නැවේ...
 
නැවේ යනකම් ජෙටියේ තියෙන Seattle Eye එක
සියැටෙල් නගරේ කියන්නේ ඇමරිකානු ස්වදේශී ජනතාව ජිවත් වෙච්චි පැත්තක්. ගම් දනව් වල නම් එහෙම හැදිලා තියෙන්නෙත් ඒ ඌරුවට. Tacoma කියලා සියැටෙල් වලට එහා පැත්තෙන් තියෙන නගරේ නමත් රතු ඉන්දියන් නමක්. අන්න එහෙ තමා ලෝක ප්‍රසිද්ධ බෝයින් ගුවන් යානා ෆැක්ටරිය තියෙන්නේ. 

ගුවන් යානා ඉතිහාසය ගැන ඉගෙන ගන්න ඕනෙනම් යන්න ඕනේ තැනක් තමයි බෝයින් ගුවන් යානා කටු ගේ. රයිට් සහෝදරයන්ගේ ගුවන් යානයේ ඉදන් විශ්‍රාම යවපු යකඩ කුරුල්ලා ,කොන්කෝඩ් වෙනකම් ෆ්ලයිට් ටික ඔක්කොම මෙතැනදී බලාගන්න පුළුවන්. 

දැන් මටත් අර පදුරු තලන ලෙඩේ ලාවට බෝ වේගන එනවද මන්දා! කිය කියා හිටියේ රතු ඉන්දියන් නැත්නම් ස්වදේශී ඇමරිකන් ජනතාව ගැන. ඩුවාමිශ් (Duwamish tribe) කියන ගෝත්‍රය තමයි මේ ප්‍රදේශයේ වැඩියෙන්ම ජිවත් වෙලා තියෙන්නේ. එක්දහස් අටසිය ගණන් වල සූදු මිනිස්සු ඒ පැත්තේ ජනාවාස පිහිටවන්න පටන් ගත්තත් එක්ක මේ අයගේ නිජ භුමිය අහිමි වෙලා. 
දුම් ගහන සැමන් මාළු

නමුත් ඒ අය තවම තමන්ගේ සංස්කෘතිය රැක ගන්න ලොකු වෑයමක් ගන්නවා. Tillicum village එකට ගිහාම ඒ අයගේ සාම්ප්‍රදායික ඇදුම් ආයිත්තම් ඇදගෙන ඒ විදිහට උයලා පිහලා තියෙන කෑම එකක් රස විදින ගමන් සාම්ප්‍රදායික නැටුම් එහෙම තියෙන සංදර්ශනයක් බලන්නත් පුළුවන්. හැබැයි ඉතිං ඔක්කොම සල්ලි වලට තමා.  ඒ කෑම වේලට දුම් ගහපු සැමන් මාළු ( මේ සැමන් කිව්වේ ලංකාවේ ටින් වල ඉන්න බොරු සැමන් නෙවෙයි. මූදේ ජිවත් වෙලා බිත්තර දාන්න ගංගා දිගේ ඉහල එන ඇත්ත genuine සැමන් සෙට් එක) වරදින්නේ නෑ .
ටෝටෙමි කණුවක් - Wikipedia

රතු ඉන්දියන් ජනතාවට අනන්‍ය වෙච්චි ටෝටෙම් කණු (totem poles) වල හැංගිලා තියෙන අපූරු කතන්දර එහෙම ලස්සනට ඒ ඉන්න මාර්ගෝපදේශකයෝ විස්තර කරලා දෙනවා. 

ගංජා

අපේ මෙහෙ අයියලා ටික අහපු ප්‍රධාන පුරස්නේතමා මේ මරිජුවානා සීන් කෝන් එක. මං සියැටෙල් වලට පය තියලා හරියටම සතියකින් වොෂින්ටන් ප්‍රන්තේ මර්ජුවානා අලෙවිය නීතිගත කළා. ඒ කියන්නේ කඩ වලින් මිලදී ගන්න පුළුවං. හැබැයි යම් කිසි නීති රාමුවකට යටත් වෙලා. ඇමරිකාවේ මේ විදිහට ගංජා නීතිගත කරලා තියෙන ප්‍රාන්ත මම දන්න හැටියට තියෙන්නේ දෙකයි. එකක් වොෂින්ටන් අනිත් එක කොලරාඩෝ ප්‍රාන්තය.
මොනවා උනත් පිට රටින් එන හැම ජරාවක්ම ගිලින උන් ඉන්න අපේ රටේ මේකත් ලඟදි නොකෙරුවොත් පුදුම වෙන්න ඕනේ නෑ!

43 comments:

  1. එල කිරි ලොක්ක. හොද සෑපක් අරන් වගේ. ඔය සියෑටල් වල තමයි ලොකේ ප්‍රසිද්ද ගායක කර්ට් කොබේන් ඉපදුනේ. බෑන්ඩ් එකේ නම තමයි නිර්වාන. තවත් ආතල් ගනින්. මෙහෙ එන්න චාන්ස් එකක් අවොත් කියහන්. දෙන්නම් ෆුල් සෑපක්..

    ReplyDelete
  2. පට්ට විසිතර පොජ්ජක්... ආදිවාසී ඇත්තලත් එක්ක බැද්දෙ මන්දු කොරව්වෙ නැද්ද ඔයලැත්තො..
    හිහි...
    ඉතුරු ටිකත් දානකං බලං ඉන්නංකො

    ReplyDelete
    Replies
    1. බැද්ද පැත්තෙත් ගැච්චුවා ඉතිං

      Delete
  3. බලපන් ඒකෙත් හැටි. ඔය මර්ජුවානා නීතිගත කරන්න බලපෑම් කලේ උඹලා ටික එහෙම නෙවේ නේද? :D ;D

    පට්ට විස්තරේ නාඩියො

    ReplyDelete
  4. එල ද බ්‍රා. මට මෙි විස්තරය ගොඞක් වටිනවා. ඇගලුම් සම්භන්දව වැඞිදුර අධයාපනයට ලබන අවුරැද්දේ යන්න වෙිවි. වැඞි විස්තර දැනගන්න මෙිලක් විදින්නම්.

    ReplyDelete
    Replies
    1. අනිවා... පුළුවන් උදව්වක් කරන්නම්

      Delete
  5. උඹ පට්ට වාසනාවන්තයෙක් බං නාඩියා. කීයෙන් කීදෙනෙකුට පැබන චෑන්ස් එකක්ද මේ.

    ReplyDelete
    Replies
    1. //උඹ පට්ට වාසනාවන්තයෙක් බං නාඩියා. කීයෙන් කීදෙනෙකුට පැබන චෑන්ස් එකක්ද මේ.// x 2

      (මට හිතුන දේම තමයි ඩූඩ් කියල තියෙන්නෙ.)

      Delete
    2. මම දැන් මේ බලන්නේ මම මොකක්ද කියලා තියෙන්නේ කියලා.
      >කීයෙන් කීදෙනෙකුට පැබන චෑන්ස් එකක්<
      කීයෙන් කීදෙනෙකුට ලැබෙන චෑන්ස් එක්කද කියලයි කියන්න ඕනේ වුනේ. :D

      Delete
  6. හැන්රි කිව්ව එක ඇත්ත.. කට ඇරල කියන්න හැකියි උඹ හරිම වාසනාවන්තයෙක් කියලා...

    ReplyDelete
  7. මාත් ඇමරිකාවෙදි සමර් එකේ හිම කන්දකට නැග්ග බං.

    ReplyDelete
  8. නියම ෆන් එකක්නෙ අරං තියෙන්නෙ.

    මරිජුවාන නීතිගත කලේ ලංකාවෙන් ආපු කීප දෙනෙක්ගෙන් බේරෙන්න බැරි නිසාය කියල කොහේද තිබුණ මතකයි. :D

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි! එහෙමත් කියලා තිබ්බද!

      Delete
  9. සංචාරයටත් හොදම වාසනාවක් තියෙන්න ඕන මලයා. ඔබ ඒ ගිය සුන්දර චාරිකාවන් මෙසේ අප හා බෙදාගැන්ම ගැන බොහොමත්ම ස්තුතියි. මගෙත් ප්්‍රියතම විනෝදාංශය සංචාරය නිසා.

    ReplyDelete
    Replies
    1. අපි අර සංචාරක බ්ලොග් එකේ වැඩේ කරමුද අයියා?

      Delete
  10. හෙන්‍රිය කියපු එක හරියටම් හරි.මේ එකනෙමෙයි මමත් යනව සියටල් පත්තරෙත් එවිද දන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. යනවා නම් කියපන්... පුළුවන් සපෝට් එකක් දෙන්නම්

      Delete
  11. උබ මේ වැඩේ හරියට කරන්නේ නෑ බන් .... යකෝ අපි ගියේ නැනේ ඇමරිකා උබනේ ගියේ අපිට මෙහෙම ඔක්කොම තැන් ගැන කෙටි විස්තර නෙවි ලොකු විස්තරයක් දියන් ....
    "රතු ඉන්දියන් ජනතාවට අනන්‍ය වෙච්චි ටෝටෙම් කණු (totem poles) වල හැංගිලා තියෙන අපූරු කතන්දර එහෙම ලස්සනට ඒ ඉන්න මාර්ගෝපදේශකයෝ විස්තර කරලා දෙනවා."
    උදාහර්නයක් හැටියට මොනාද ඒ කතා අන්න ඒවාගේ ඒවාත් අපිට ඕනා ........... :P

    ReplyDelete
    Replies
    1. හම්මේ... එහෙනම් ඉස්සරහදි හිමින් හිමින් ඒවා ටික කොටන්නම්

      Delete
  12. නියම සංචාරයක් නාඩියා..............
    ඉරිසියත් හිතෙනවා..... සුපිරි විස්තරයක්

    ජජ යය වේවේ වාවා !!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඉරිසියා කරන්න එපා බොලව් ඉතිං

      Delete
  13. අම්මප මරු ඈ... නියම රෝන්දයක් ගහල තියෙන්නෙ..
    හිම රහයි ද බං.. :D

    ReplyDelete
  14. හරිම ශෝක් ගමනක් නේ... ස්තූතියි විස්තර අපිත් එක්ක බෙදා ගත්තට

    ReplyDelete
  15. නාඩියා නියම විස්තරේ බං....ස්තූති අපි එක්ක බෙදා ගත්තට....සංචාරක විස්තර ලියන උඹ කිව්ව පිටුව පටන් ගමු අපි ගිය හැම අස්සක් මුල්ලක් ගැනම ඒ පිටුවේ ලියමු......

    ReplyDelete
  16. අර නිතිගත කරපුවා උඹ හොරෙන් එහෙම අරගෙන ආවේ නෑ නේද??

    ReplyDelete
  17. වැම්පයර් ලයි වෘකයෝ යි උන්නේ නැද්ද ?? :D

    ReplyDelete
    Replies
    1. ඇයි සිට්ල් වල නේ ඒගොල්ලෝ ඉන්නේ.. තෙතමනයයි ගහකොලයි වැඩි නිසා.. :D අර ට්විලයිට් එකේ වගේ ^_^

      Delete
    2. අප්පේ.. එහෙම උන් නෑ බං

      Delete
  18. ඇයි බන් පින්තූර ජාලෙන් උස්සන්නෙ...එහෙ සංචාරය කරපු එකා විදියට බොලාගෙම කියලා පින්තූර දැම්මා නම් නොවැ අගේ වැඩි. අර ලෙස්සලා යන ගමන් කෙදිරි ගාන්නෙ නාඩි කොලුවද...සීතලට නාඩි අඩපණ උනාද මලේ....

    ReplyDelete
    Replies
    1. සමහර ඒවාගේ දාන්න තරම් හොඳ ඒවා තිබ්බේ නෑ අයියේ.. මම කොහේ කෙඳිරි ගානවද! ගානට ලෙස්සුවා

      Delete
  19. මල්ලි මේ වගේ විස්තර ලියද්දී කියවන එකා ගැන පොඩ්ඩක් හිතපන්. ඌ මොනවත්ම දන්නේ නෑ කියලා තමයි ලියන්න ඕනේ. මොකද උඹට වැදගත් නැති තොරතුරක් කියවන අපිට වැදගත් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත... අනිත් සැරේ එහෙම ලියන්න ඕනේ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...