ඔන්න ආයෙත් දෙබරේකට ගලක්
ගහන්න කියලා යන්නේ CHOGM ගිය නාඩියා ගැන ලිව්වට පස්සේ මේ ලියන්න ලක ලැස්ති වෙන්නේ මේ ටිකේ කතා බහ
වෙන තවත් හොට් ටොපික් එකක් ගැන. ඒ ලෝක තරුණ සමුළුව ( World Youth Conference WCY2014 ).
සුපුරුදු පරිදි (ඔව් තොපි
කියන හැටියට මම ඇමති පුතෙක් නේ! :D ) නාඩියා මේ සමුළුවට ගැච්චුවා. සහභාගී උනේ ස්වෙච්චා
සේවකයෙක් නැත්නම් Volunteer කෙනෙක් විදිහට. මට භාර
උණු අංශය තමයි Delegate Assistance.
ඒ කියන්නේ සමුළුව සඳහා
සහභාගී වෙන දෙස් විදෙස් නියෝජිතයන්ට assist
කිරීම.
නාඩිය කොටන්න කලින්
කියන්න ඕනේ ගිය වතාවේ CHOGM ගැන ලිව්වා වගේ සමුළුවේ
කතා උනේ මොනවාද? Outcome එක මොකද්ද වගේ දේවල්
ගොඩක් ගැන හරියටම අවබෝධයක් මට නෑ. මොකෝ මම මේ සැරේ කොට ඇද්ද අලියෙක් නිසා (ගිය
සැරේ පෙරහැරේ ගිය අලි)
හැබැයි මේ සමුළුවේ ප්‍රධාන
අරමුණ උනේ මොකද්ද ඒ වගේම මේකේ outcome
document එක වෙච්චි Colombo Declaration එක එහෙම මෙන්න මේ ලින්ක් එකට ගිහිං බලා කියා ගන්න
පුළුවන් ඕනි නම්.
මම කියන්නම් මම දැක්ක විදිහට
සමුළුවේ තිබිච්ච පෙර සූදානම, සංවිධාන කටයුතු එහෙම මම දැක්ක විදිහට.
ඇත්තම කිව්වොත් රටවල්
165 කට අධික ප්‍රමාණයක් සහභාගී වෙන දෙස් විදෙස් නියෝජිතයන් 1500 (නමුත් එතරම්
විදේශ නියෝජිත පිරිසක් සහභාගී වී තිබුනේ නම් නැත) සහභාගී වෙන ජාත්‍යන්තර සමුළුවක්
සංවිධානය කිරීම අභියෝගයක්.
ලංකාව ඒ අභියෝගය භාර
ගත්තාට ඒ වගකීම ඉටු කිරීමේදී අඩු පාඩු සිදු උනේ නැත්තේම නෑ.
කවුරු මොනවා කිව්වත්
කිසිම තැනක සූදු හුණු ගාන්න යන එක වැරදියි. දැක්ක වැරදි කතා බහ කරලා හදා ගත්තොත්
විතරයි ඉදිරියේදී හැදෙන්න පුළුවන්.
මුලින්ම අපි සහභාගී උනේ SLIDA ආයතනයේ පැවැත්වුණු Volunteer
training වලට. ප්‍රශ්නේ තිබ්බේ ඒ
කිසිම පුහුනුවිමක කාල කළමනාකරණයක් තිබ්බේ නෑ. දහයට එන්න කිව්වොත් පටන් ගනිද්දී 11
වත් උනා. ඒක වෙලාවට ආපු සෙනගට අසාධාරණයක්. ඊළඟට බොහෝ වෙලාවට උනේ හරි training schedule එකක් ඒ වෙනකොටත් හදා ගෙන නොතිබීම. ඒ නිසා බොහෝ වෙලාවට
තමන්ගේ රැකියා වලින් එහෙම නිවාඩු අරගෙන ආපු අය අන්තිමේ බැන බැන තමයි ගියේ.
Conference එකේ සම්පුර්ණ volunteer crew එක 500ක් විතර ගන්න plan කරලා තිබ්බේ. VIP assistant, Delegate assistant, transport,
food, volunteer den, crowd control. Conference support, opening and closing ceremony
වගේ sub committees’ වලට ඒ අයව බෙදලා තිබ්බා. ඒ ඒ group එකට team leaders ලා දාල තිබ්බා. බොහෝ
වෙලාවට team leaders ලා උනේ UN volunteers ලා.
අපිට duty එකට එන්න කියලා තිබ්බේ තුන් වෙනිදා.. හැබැයි එදා උදේම කට්ටිය ආවත් හරියට volunteers ලාට ඉන්න තැනක් වත් arrange කරගන්න organizers ලාට බැරි වෙලා තිබ්බා. ඉතිං කට්ටිය Youth corps එකට වෙලා රෑ වෙනකම් කාලේ
මරපු එක තමයි කලේ.
ඉරිදා ඉදන් duty පටන් ගත්තා. මේකෙදි මම දැකපු අඩු පාඩු තමයි,
Logistics සඳහා (Delegate transport සඳහා භාවිතා කරපු බස් රථ හැර ඉතිරි කටයුතු) ප්‍රමාණවත්
පරිදි වාහන නොතිබීම. මේ නිසා බොහෝ වෙලාවට Volunteers ල Duty සඳහා වාර්තා කිරීමට එහෙම ප්‍රමාද උනා.
නිසි අණ නිසි වෙලාවේදී
නොලැබීම. මේ වගේ විශාල Event එකක් කරද්දී communication කියන දේ ගොඩක් වැදගත්. හැබැයි මම දැක්ක විදිහට තිබ්බේ
නැත්තේම මේ දේ තමයි. ඉහලින් ගන්න තීරණයක් Volunteer crew එක වෙත එන්න ගොඩක්
පරක්කු වෙනවා. හැමෝ අතටම ෆෝන් සිම් එකක් දීලා තිබ්බා කියලා මේ chain එක හරියට වෙන්නේ නෑනේ.
නිසි තැනට නිසි
පුත්ගලයන් නොයෙදීම!
මේක තමයි තිබ්බ ලොකුම ප්‍රශ්නේ.
Conference එක ඇතුලේ main admin body එක හැටියට වැඩ කලේ secretariat එක. එන විදේශ
නියෝජිතයන්ගේ අවසර පත්‍ර, වීසා ඇතුළු සෑම දෙයක් ගැනම සොයා බලන්න වෙලා තිබ්බේ ඒ
අයට. සාමාන්‍යයෙන් ඒ අය සම්පුර්ණ පැය 24 පුරාම alert ඉන්න ඕනේ. හැබැයි සමහර
වෙලාවල්වලදී අපි ප්‍රශ්නයක් අරගෙන එතනට ගිහාම ඒ අංශය භාර එක්කෙනා එතනට ඇවිදින් නෑ.
නැත්නම් Duty desk එකේ නෑ. ඉන්න කෙනා වැඩේ
කරගන්න දන්නේ නෑ! බොහෝ විදේශ නියෝජිතයන් secretariat එකෙන් ගියේ බැන බැන .
මොකෝ සමහර අයගේ අවසර පත්‍ර conference
එකේ අන්තිම දවස වෙනකම්
වත් හැදිලා තිබ්බේ නෑ.
Event එකේ තිබ්බේ හරිම tight schedule එකක්. කෑම කන්න විශේෂ වෙලාවක් කියලා වෙන් කරලා තිබ්බේ නෑ. කෑම වෙලාව අතරතුරත් side
events ලැස්ති කරලා තිබ්බ.
හැබැයි එතැනදී delegates ලා ප්‍රශ්න ගොඩකට මුහුණ
දුන්නා. සමහර vegetarian අයට කෑම තිබ්බේ නෑ! ඉතිං
බනින්නේ නැතිව අත අරියිද! නැත්නම් කෑම ගන්න ලොකු තද බදේකට මුහුණ දෙන්න ඕනේ. නැත්නම් හැමදාම කන කෑම ඒ අයට එපා වෙලා.
Side event BMICH එක පුරාම විසිරිලා
තිබ්බා. ලංකාවේ අපිට මේක හුරුපුරුදු තැනක් උනාට විදේශ නියෝජිතයන්ට මේක එහෙම තැනක්
නෙවෙයි. හැබැයි බේතකට වගේ මුළු area
එකේම තිබ්බේ එක map ඒකයි ගහලා. එක එක committee
rooms වලට යන directions ගහලා තිබ්බානම් ගොඩක් ලේසි වෙන්න තිබ්බා.
අනිත් එක මෙලෝ වැඩකට
නැති බොරු ගොන්පාට් ගොඩක් ඇතුලට දාගෙන තිබ්බා. මේක conference එකක් මිසක් සැණකෙළියක්
නෙවෙයිනේ. හැබැයි බයික් සංදර්ශන, මියුසිකල් ෂෝ හැම එකක්ම වැදගත් සාකච්චා යන අතරෙත්
මහා සද්දෙට පැවැත්වුනා. සමහර committee
rooms වල volunteers ලාට උනා ඒ තැන් වලට ගිහිං මේ සද්ද පොඩ්ඩක් නතර කරන්න
කියලා කියන්නත්.
මේකට සහභාගී වෙච්චි ශ්‍රී
ලාංකීය නියෝජිත පිරිස ගැන ගොඩක් ප්‍රශ්න අහලා තියනවා මම දැක්කා. 170ක් විතර
පිරිසක් ඒ සඳහා සහභාගී උනා. තේරීම් කටයුතු සිදු උනේ NSBM ආයතනය මගින්. ඒ වගේම යොවුන් පාර්ලිමේන්තුව මඟින් නියෝජිතයන් ඉදිරිපත් කරලා
තිබ්බා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව.
මෙහෙමයි සමස්තයක් වශයෙන්
ගත්තහම ඒ අය සතුවේ විශේෂ හැකියා දක්ෂතා ආදිය තිබ්බා. හැබැයි සමහර අයනම් මොකද්ද මේ conference එකෙන් වෙන්නේ. මොකද්ද මේකේ වැදගත්කම කියලවත් හරියට
දැනෙගන හිටියේ නෑ. ඒ අයට මේක තවත් eating
meeting එකක් විතරයි.
කියන්නත් ලැජ්ජයි සමහර
නියෝජිතයන් ගේ ප්‍රධාන කාර්යය වෙලා තිබ්බේ conference එක වෙලාවෙදිත් මොකෙක්
හරි එකෙක් අල්ලාගෙන ෆොටෝ එකක් ගහන එක තමයි! ගිය සැරේ commonwealth youth forum එකේ තිබිච්ච ආදිවාසි
නියෝජනය එහෙමත් මේ සැරේ තිබ්බේ නෑ! මොකෝ දන්නේ නෑ???
මගේ අදහස නම් ලාංකීය
තරුණයෝ කිව්වහම හැම අංශයක් ම නියෝජනය වෙන පිරිසක් තෝරා ගන්න ඕනේ
අනික අපි delegate handling වලදී මුහුණ දුන්නු එක ගැටලුවක් තමයි අපේ නියෝජිතයන් “සමහරක්”
නිසි වෙලාවට වැඩ නොකිරීම. ඒ අයව බස් වලට එහෙම හරි වෙලාවට පටෝ ගන්න පුදුම කට්ටක්
කන්න උනේ!
Volunteers’ ලාට සමහර දවස් වල ලැබුණු
කෑම බිම ගැනනම් කියලා වැඩක් නෑ! බොහෝ වේලාවට ඒ කෑම ටික ගන්නත් දහසක් කේස්. හරියට ඉන්න තැනක් නෑ. ඉන්න දීපු සමහර තැන්
වල අවම පහසුකම් ටිකවත් නෑ. ඔන්න ඔහොමයි වැඩේ ගියේ. ඒ නිසා දවස් දෙක තුනක් යද්දී
සමහර volunteers ලා ආපහු ගියා! එතකොට ඉතුරු
වෙලා හිටිය අපේ duty scope එක වැඩි වෙන එක ගැන
අහන්න දෙයක් නෑනේ!
අනිත් එක “සමහර” team leaders ලා! හරියට හිනා වෙන්න
දන්නේ නෑ. පිරිසක් පාලනය කරගන්න තේරෙන්නේ නෑ. Down to earth නෑ. මොනවා කරන්නද! බැදගත්තු
බෙරේ ගහන්න වෙනවනේ කියලා හිත හදාගෙන හිටියා.
විදේශ නියෝජිතයෝ බොහොම අගය කරපු දෙයක් තමයි අපේ ශ්‍රී ලාංකිකයන් ගේ තියෙන සුහදතාවය සහ සිනහව. කොහොමත් අපේ අය හරිම සුහදශීලි ජාතියක්නේ.
 |
අපේ කණ්ඩායම |
ඔන්න ඔහොමයි තොරණේ
විස්තරේ...
තව තව කතා ඉස්සරහා එකතු
කරන්නම්.
මොනවා උනත් නාඩියා
කවදාවත් නොලබපු අත්දැකීම් ගොඩක් ලබා ගත්තා..
හැබැයි රටක් හැටියට අපි
මේ සඳහා වියදම් කරපූ මුදලින් නිසි ප්‍රයෝජනයක් ලැබුනද කියන එකනම් සැක සහිතයි.
ප.ලි : මෙහිදී මම ටීම් ලිඩර්ස් ලා කියා අදහස් කල අය ඔක්කොම UN Volunteers ලා නොවන වග අවධාරණය කල යුතුය. සමස්තයක් වශයෙන් ගත කල ඔවුන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන ලදී .
මේ ගැන ප්‍රමුදි ළමයා ලියපු ලියවිල්ල ඔන්න තියනවා...
තැන තැන අපේ හම අරින අයට : හොඳ දෙයට හොඳයි කීමත් වැරැද්ද දුටු තැන උස් පහත් භේද නොසලකා පෙන්වා දීමත් නාඩියාගේ සිරිත බව කරුණාවෙන් සලකන්න.
Yes we are behind computer screens and writing blogs to about the bitch happened just as a social responsibility to reveal what exactly happened! I don't wanna to be another ITN!!