නාඩි සෙට් එක

Tuesday, August 28, 2012

YOUTH FEST 2012!

සෑහෙන කාලෙකට පස්සේ ඔන්න නාඩියා නාඩියක් කොටනවා...පහුගිය දවස් වෙලා එක එක වැඩ කඳු පිටින් ගොඩ ගැහිලා තිබ්බේ...

දවස් තුනක් එක දිගට බුකිය පැත්තේ නැත්තේ මොකෝ යකෙක් වත් ගහලද නැත්නම් පුංචි සුරන්ගනාවී එක්ක පැනලා ගිහින්ද කියලත් කස්ටිය අහල එවලා තිබ්බා...

එහෙම සීන් එකක් නෑ බොලවූ! නාඩියා Youth Fest 2012 ගියානේ!
මේකට ගිහින් බලන්නකෝ......බුකියේ නම් ඕනේ තරම් ෆොටෝ ඇති!

“අඩෝ නාඩියා උඹ කොහෙද ඉන්නේ?”

දවසක් රෑ පොලොස් මාමා කෝල් එකක් දුන්නා....

“මචං මම මේ පාරේ බං...මේ හුචක්කුවේ මොකද්ද ලෙඩක් බං...ගැරේජ් එකක් හොයනවා...!”

“හරි හරි...ඕන ඉලව්වක්! Youth Fest තියනවා!අනිවා යමු!ඔන්න උඹට ලින්ක් එක එව්වා!”

ගෙදරට සැපත් උණු ගමන් කලේ බුකියට ගිහින් මොකද්ද මේ වැඩේ කියල හොයල බලන එක...අඩේ!!!එල කිරි සහ ජලය වගේ වැඩක් නේ!ඒ වෙලේම රෙජිස්ටර් උනා....කොහොම කොහොම හරි 24 උදේ වෙනකොට කලින් දන්නා කියන නාඩි සෙට් එක විදිහට පොලොස් මාමා....මාමගේ ගෑනි(පොලොස් ඇන්ටි)....(මන්ද)බුද්ධි..... තුන් කට්ටුව තමා එනවා කියල තිබ්බේ... 

24 උදේම නාඩියා සෆාරි ජීප් එකක තුල්හිරියේ MIMT (MAS Institute of Management & Technology) එකට ගැච්චුවා..හීනියට වැටෙන පොද වැස්සේ පත බෑග් මල්ලකුත් ඇදගෙන තාර දාපු ලස්සන පාරක් මැද්දෙන් MIMT එකට ආවා!මල් හතයි....ගස් දෙකයි!හරිම ලස්සනයි.....!


Registration Desk එකේදිම සුපුරුදු පරිදි පොලොස් මාමා ඇඳගෙන නෑම ආරම්භ කළා! එතන registration වලට හිටිය අක්කා කෙනෙක්ට බලෙන්ම වගේ නොම්බරේ දෙන්න ගිහින්!

අක්කා - Your name please?
පොලොස් - I’m ****** *****kara. Then my mobile number is…….
 අක්කා - No. I don’t want that malla….thnx……


 පට්ටම චාටර්!ඔන්න ෆොටෝත් එක්ක සාක්කි!

2215! ඒ අපේ room එකේ නොම්බරේ!කරුමෙකට වගේ පොලොස් මාමත් මම ඉන්න එකේමයි...ආයේ ඉතිං accommodation ගැන නම් කියල වැඩක් නෑ!සුපිරියටම තිබ්බා..ඔන්න ටිකකින් room එකේ ඉතුරු සහචරයෝ ටික එකතු උනා....

ටියුබා - හන්තානේ සරසවියේ පොළොවේ ඈතුල ගැන ඉගෙන ගන්න එකෙක්!ඒ කියන්නේ ගූ විද්යා කොරන එකෙක්!(ටියුබා කිව්වේ මූ දත් බේත් ක්‍රීම් වෙනුවට මුණේ ගාන ජාතියේ මනුස්සයෙක් හින්දා) 

ගරුඩා - APIIT එකේ Management කරන බුවෙක්!(බලද්දී මම ඌව කලින් දන්නවා!ඇතුගල්පුර අක් මුල් තියෙන එකෙක්!)

No.03 - රූම් එකේ පොඩිම එකා! AOD එකේ designer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඩයල් එකක්!(මූට නොම්බර තුන කියල නම දැම්මේ මේකා අපිට කියපු කතාවක් නිසා..ඒක මෙතන කොටන එකනම් එච්චර සභ්‍ය නෑ!හික්ස්)

Mr.Thila – 2215 හිටිය එකම මහත්තයා! පුත්තලම් බූරුවෝ දෙන්නේක්ගේද කොහෙද වයස!

පොලොස් මාමා - නාඩිගේ අතීසාර මිත්තරයා හෙවත් පරාල ඇනේ! 

බෑග් මලු ටික ගබඩා කරලා කාලා බිලා සප්පායම් වෙලා auditorium එකට ආවා!අප්පේ සූ ගාල කස්ටිය!!ලංකාවේ විතරක් නම් මදැයි!!රටවල් ගානකින්....ඉන්දියාව...පෝලන්තය...නවසීලන්තය..ඕමානය...ජපානය...වියට්නාමය..චීනය...ඔය වගේ රටවල් ගොඩකින් youth සෙට් එක ඇවිත් හිටියා....

ලංකාවෙත් හැම කැම්පස් එකෙකින් වගේම කස්ටිය ඇවිත්!

10...9....8...7....6...5...4...3..2...1....!!!! Youth Fest 2012 පටාන් ගත්තා! කියන්න වචන නෑ! It’s simply AWESOME!!!

පලවෙනි දවසේ Wild Drift එකෙන් Outdoor Teamwork game session එක! පට්ටයි ඈ!ඇස් බැදගෙන team එකේ අයව හොයන්න....ලාවා ගඟක් තරණය කරන්න..කඹ අදින්න..තරගෙට SMS යවන්න..සෙල්ලම් ගොඩයි! “One Team – One Goal “!

හවස session 4 ක් තිබ්බා..නාඩියා ගියේ project management එකට..කොහොමත් ආස subject එකනේ...
Dinner එක එහෙම අරං ඉවර වෙලා කස්ටිය වෙස් මුණු එහෙම දාගෙන Masquerade Party යන්න ලක ලැස්ති උනා...අන්න fun එක! Party එක ඉවර වෙද්දී පාන්දර 4 යි! අන්තිම වෙනකම් ඉතින් 2215 එකේ විරෝධාර කොල්ලෝ ටික පිස්සු කෙලියා!

Room එකට ඇවිල්ලත් නිදා ගන්නේ නෑ! පොලොසාට සින්දු කියන්න ඕනෙලු!අපි කන් දෙක වහගෙන ඉන්නකම් ඌ ජනේලෙන් එලිය බලාගෙන හරිම අලංකෘත විදිහට උඩු බිරුවා!

පහුවදා උදේ පාන්දර 7 ට විතර හරිම අමාරුවෙන් ඇඳෙන් නැගිටලා audi එකට සෙන්ටිමෙන්ටල් උනා...ඒ ඉතින් Mr.Thili ගේ පිහිටෙන් තමා..මොකෝ නාඩියා වගේම අනිත් සෙට් එකත් උදේ නැගිටින්න හරිම ආසයි!
දෙවෙනි දවසේ උදේම තිබ්බේ NDB එකේ Mr. යසස් හේවගේ කරපු “The Apple Story” sesson එක.ඒක අහපු මටත් කොත්තු බිස්නස් එකක් පටන් ගන්න හිතුනනේ!!! “Essence of a volunteer” කලේ Mr. Fadhil Bakeer Marker….

Fashionable You කියන session එක වෙලාවේදී නම් කවුරුත් නිදා ගත්තේ නෑලු!මොකෝ ගම්‍යා විජේදාස on da stage!!!!! නේ!


නාඩියා වැටුනේ Grey group එකට! “The BEST group EVER!!!!” “අපි කුකුළෝ” තමයි අපේ cheering cry එක! කොහොම හරි අපිට අන්තිම දවසේ presentation එකක් කරන්න උනා.... Topic එක “Homosexuality” කිසි අවුලක් උනේ නෑ! ප්‍රදීප් අයියා ලියපුසමලිංගිකත්වය ලිපිය තිබ්බනේ! 

එදා රෑ තිබිච්ච Global night is SUPERB!!!!!! පිස්සු බම්ප් වෙනවා ඈ!!!රටවල් ගානක කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ රටේ දේවල් ගැන හරිම අපුරුවට විස්තර කළා....පොලොස් මාමා සින්දුවක් කිව්වා!පොලොස් ඇන්ටිට  ඒක අහලා අජීර්ණයක් හැදුනලු!ටියුබාත් ඇත ඇරියේ නෑ!රූ ට ඇහෙන්න කියලා සින්දුවක් කවි කළා!එලම වැඩේ තමයි එක එක රටවල් විදිහට ඇඳගෙන එන එක! නාඩියා නම් ඇන්දේ ලගකදී ලංකාවට සැපත් වෙච්ච පට්ට රජෙක් වගේ! හැඩයි නේ... )

 (මේ ෆොටෝ එකේ ගරුඩා සහ Mr. Thili ඇදන් ඉන්නේ ඇඳේ තිබිච්ච bed sheet නොවන බව කරුණාවෙන් සලකන්න) ;)


 
එදා රෑ පාටි එකත් වෙනසක් නෑ! පාන්දර 4 වෙනකම්!!! ඒ අහවූ අස්සේ මම presentation එකට රුපයක් හොයන්න කියල online ගිය වෙලේ මෙන්න බොලේ අපේ බ්ලොගියක්‌ ඇහැරිලා “නිදා ගන්නේ නැද්ද??” කියල අහනවා!! (එතකොට වෙලාව 0421h ඈ!එතකොට ඒ දරිවිගේ පිස්සුවෙ තරම හිතා ගන්න පුළුවන්නේ!)  ;)

පහුවදා උදේම තිබ්බේ young parliamentarians ලා එන වෙලාව! අනේ නාඩියාගේ අවාසනාවට බලං හිටිය බේබි ආවේ නෑ!ආවානම් කතා කොරන කියලා ටියුබා ගේ toothpaste එකෙන් දත් ටිකත් මැදගෙන හිටියේ ඈ!
 
ආයේ එලටම අපේ OC ලා වැඩේ කරලා තිබ්බා! <3 u OC!!!!!!!!

අන්තිමට ....
“මචං උඹ යන්න බෑග් ඒක පැක් කලාද?”
කියල අහපුවහමත්....

“Yaaa Machan…AWESOME!!! “
කියල තමයි කස්ටිය උත්තර දුන්නේ....

පුදුමේ කියන්නේ top50 delegates ලාටත් නාඩියා select වෙලා තිබ්බා ඈ!! 



රටවල් ගානකින්....එකම රටේ එක එක පැති වලින් ආවත් අපි ඔක්කොම රතු පාට ලේ ඇගේ දුවන කොල්ලෝ කෙල්ලෝ....ඒක තමයි සහෝදරත්වය...මුළු ලෝකෙම මෙහෙම එකතු වෙනවානම් කොච්චර හොඳද.....

අන්තිම දවසේ පුංචි බොරළු කැට වගේ වැටෙන වතුර බිංදු මැද්දෙන් තෙත් වෙච්ච ඇස් පිහ පිහ හයියෙන් හිනා වේවි අලුතින් හම්බෙච්ච අතීසාර මිත්තරයෝ  ටිකත් එක්ක පාරට එද්දී නාඩියා ට එහෙම හිතුනා....නාඩියාගේ අතේ පාට දෙකක් තියෙන පුංචි රිබන් කෑල්ලක් ගුලි වෙලා තිබ්බා....ඒ "ඔයාව" මතක් වෙන්න......


Youth Fest 2012!!!!!!! It’s simply AWESOME ඈ!!!!



Youth Fest 2013?????? අනිවා ඩෙෆා නාඩියා එනවා!


-ඉංගිරිසි අකුරු වැඩිද මන්දා...... ?-
       

  


ලයික්  එකකුත් දාල යමු ඈ!

51 comments:

  1. නියමයි! මාරම දවස් ටිකක් වෙන්නම ඇති.මටත් ආස හිතුන ඔහොම එකකට සහභාගී වෙන්න :)

    අර නම්බර් එකේ කතාව තමා නියම :)

    ReplyDelete
    Replies
    1. හික්ස්..උදේ පාන්දර චැට් කලෙත් කවුද දන්නේ නෑ නේ?

      Delete
    2. මට හිතුනා කියවද්දිම මෙයා වෙන්න ඇති කියලා

      Delete
    3. මමත් හිතුවා හිරු වෙන්න ඕනේ කියලා පාන්දර චැට් කරපු බ්ලොග්කාරී.. :D

      Delete
  2. භාණුක ඔය ගැන කියපු දවසෙ ඉදලම යන්න පුදුම ආසාවක් තිබුනේ. නමුත් මගේ කරුමෙට ඔක්තෝබර් වෙනකම් හෙල්ලෙන්න විදියක් නෑ. මොනවා කරන්නද? ඊරිසියාවේ බෑ. ලබන සැරේනම් එනවාමයි. මළා. මම ලියපුවා එතනදිත් වැදගත් වුනා නේද...? එල එල. සුබපැතුම් මල්ලි. ජය...!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ලබන සැරේ අනිවා එන්න ඈ! :)

      Delete
  3. මම හිතුවා අර පුන්චි සුරන්ගනාවිත් එක්ක සදපානෙ ජීවන ගමනෙ අලුත් ඉසව්වකවත් ගොහින්ද කියාල වත් පුස්තකේ නැතිවෙද්දි...පැහැදිලි සැකයක් ඇතිවෙනව ස්වාසි රජා විදියට ඇදීම ගැන...ඇත්ත කියහන් අය්යෙ ගෑල්ලමයි ගොඩක් දෙනෙක්දිහා ගේමක් නැතිව බලන්ඩ් නෙහ් එහෙම කොරේ?

    ReplyDelete
    Replies
    1. හික්ස් හොක්ස්‌......අනේ නෑ..අපි අහිංසක ළමයි නේ..... ;)

      Delete
  4. නියම පොස්ට් එක සහෝදරයා. ඔයාලා මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත එක ගැන අපට ගොඩාක් සන්තෝසයි. ලබන අවුරුද්දේදීත් මුණගැහෙමු. ජය වේවා!

    ReplyDelete
  5. උඹ රජට ඇදීම පිළිබද මාගේ බලවත් විරෝධය!!! :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඈ..එතකොට උඹ විතරද දැන් රජා????? ;)

      Delete
  6. නියම අත්දැකීමක් නේ. :)ඔය ෆොටෝස් ටික බුකියෙ තියනවා දැක්කට ඒක මට එච්චර ගානක් නැතුව ගියානෙ බං. බලමු ආයේ.
    …මේ බ්ලොග් එකේ වචන සෙට් එක මරේ මරු. හිනාවෙලා යන්න පුළුවන් ආපුවාම:))

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Pattai Machan,
    Nadi STOP wenakam LAUGH kala :D :D
    Ayyo machan THAT sudu chooty genada kiwuwe? Kella MISSINGda?
    eka neme TOOTHPASTE ona mokatada?????

    - Mr. THILI

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් "සුදු" චූටි..... ;)
      දත් බේත් ගැන දන්නේ මචං ටියුබා!පොඩ්ඩක් උගෙන් අහලා බලපන්.... :)

      Delete
  9. මං ඉන්විටේශන් එකකුත් ගෙන්න ගත්තා බං රෙජිස්ටර් වෙලා! ඒත් අන්තිම මොහොතෙ යන්න උනේ නෑ!

    ReplyDelete
    Replies
    1. අෆරාදේ...දුක තමා!අනිවා ලබන සැරේ වරෙන්!

      Delete
  10. මනිය රට වටේ සන්චාරෙක ගියා නොවැ... එක නැතුව මේකට එන්න තිබ්බනෙ... ඊලග සැරේවත් බලමුකො නාඩියො...

    ReplyDelete
    Replies
    1. මම උඹට සුද්ද ඉංගිරිසියෙන් කිව්වනේ....දිස් ඉස් ද බෙස්ට් මචං කියල...කෝ ඇහුවේ නෑනේ!උඩරට යන්න ඕනේ කියල ගියේ! ;)

      Delete
  11. පට්ට ආතල් දවස් ටිකක් වෙන්න ඇති එදවස් ටික
    මේක දකිද්දී ඉරිසියත් හිතුනා :)

    ReplyDelete
    Replies
    1. එලම තමා ඈ!!ඉරිසියා කරන්න එපා ඉතින්...ලබන සැරේ වරෙන්!

      Delete
  12. අඩෙ අප්පා නාඩියත් ගිහිං...
    එල එල ඈ...
    මම නොගියත් සම්පූර්ණ විස්තරේ හැමදාම රෑට හම්බවුනා..
    පට්ට ආතල්ලු නේ???????

    ReplyDelete
    Replies
    1. "මම නොගියත් සම්පූර්ණ විස්තරේ හැමදාම රෑට හම්බවුනා.."
      හ්ම්ම්...හම්බුන හැටි හිතා ගන්න පුළුවන්... ;)

      Delete
  13. Mage Ammo! wene wachene nathoooo, it's simply AWESOME! Nadiya nam rajek thama. Harime dassai nowa... Saredewa!!

    ReplyDelete
  14. මටත් මුණුපොතෙන් invitation නම් ආවා.. එත් වෙලාව පිලිබඳ ප්‍රශ්න මතු උන නිසා වැඩේ අතඇරියා.. ලබන අවුරුද්දේ බලමුකෝ...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  15. Machan ubada ara Swaziland pora? Ado ela thamai.. E wage fun ekak ganna nam ithin Youth Fest 2013 enakamma inna wenawa :( AIESEC eken wadak kaloth ithin Simply Awesome thamai... See you next time also bro!
    -Kanishka (Team Black)

    ReplyDelete
    Replies
    1. හික්ස්..හික්ස්...මම තමා ඉතිං... ;)
      අනිවා 2013 නාඩියා කමින්!

      Delete
  16. Haahaaah .... Itz simply awesome Naadiiiyoo!!!
    The best part is,
    “මචං උඹ යන්න බෑග් ඒක පැක් කලාද?”
    කියල අහපුවහමත්....

    “Yaaa Machan…AWESOME!!! “ :D :D

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ඈ!එතකොට මේ අර රූ ද?????? ;)

      Delete
    2. අනේ....!!එල එල! දත් මැදලා එහෙමද මේ පැත්තේ ආවේ? ;)

      Delete
  17. ෂෙඃ ... නාඩියත් පිස්සුවක් කෙළල තියෙන්නෙ. නරකමත් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද නරක!!පට්ටම පට්ටයි ඈ! :)

      Delete
  18. හොඳ පිස්සුවක් නටල තියෙන හැඩයි

    ReplyDelete
  19. මලේ මලු..ෆොටෝ ටික නම්මල් හතයි :)

    ReplyDelete
  20. වාව් මාර ෆනී ඇති.. youth සෙට් එක නේ..

    ReplyDelete
  21. ඕකට මට එන්න බැරි උනා නේ අප්ප... මගේ අම්බලන්ගොඩ යාළුවෙක් ආව නිලුක්ෂි කියල..බලමු ලබන පාරවත්

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපි පිස්සු නැටිමටම උපන්නෙමු!!! ;)
      අනිවා නාඩි බලන්න එන්න ඈ! :)

      Delete
  23. AIESEC එකෙන් කරපු වැඩක් ගැන සිංහලෙන් ලියැවුණු බ්ලොග් පොස්ට් එකක් දැක්කමයි මේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඉස්සරහට තවත් ලියවෙයි! :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...