නාඩි සෙට් එක

Thursday, August 9, 2012

පුංචි සුරංගනාවී





කවියක් කියන්නේ මොකද්ද කියල හරියටම මම දන්නේ නෑ!මොකෝ මම කවියෙක් නෙවෙයි..හැබැයි මට හිතෙන විදිහට මේක කවියක්..!මොකෝ ලස්සන දෙයක් ගැන ලස්සනට කියන්න පුළුවන් කවියකින් විතරයි...


දළදා පෙරහැර බලන්න නාඩියා නුවර ගියා....යන්නනම් උනේ තියාම..මොකෝ මනියා උදේ පාන්දරම ගිහින් තිබ්බා පාරවල් චෙක් කොරන්නද මොකද්ද එකක් තියනවා කියල...හතර පැත්තම චෙක් කරන්න තියනවා කියලා තමයි කිව්වේ.පොලොස් මාමත් පේරාදෙණියේ මල් වත්ත මුර කරන්න තියනවා කියල ගිහින්....

කොළඹ කොටුවෙන් 10.35 ට නාඩියා කෝච්චියට නැග්ගා..කෝච්චියේ හරියට සෙනග...පෙරහැර බලන්න යන අය වගේ...නාඩියත් හරි අමාරුවෙන් සිට් එකක් හියන් ගිහිං වාඩි උනා..ඉස්සරහ සිට් එක හිස වෙලා තිබ්බේ...

කෝච්චිය අද්දන්න තව ටිකක් වෙලා යන හින්දා බෑග් එක සිට් එක උඩින්  තියල නාඩියා පොඩ්ඩක් එලියට බැස්සා...

ටිකකින් ඇතුලට එද්දී ඉස්සරහ සිට් එක හිස් නෑ!


ඇස් දෙකෙන් කතා කරන කවුදෝ ලස්සන සුරංගනාවියක් ඒ සිට් එක අයිති කරගෙන...

ඒ හිටියේ රූප සුන්දරියක් නෙවෙයි..කොන්ඩේ කිරී කිරී හදා ගත්තු...තොල් රතු කරපු...පැන්සල් ඉරි ඇහි පිහාටු තියෙන..කිටි කිටියේ හිරවෙන “දැන් පැලෙයි” ජීන්ස් එකක් ඇද ගත්තු සක්කරවට්ටමක් නෙවෙයි...

හරිම අහිංසක හිනාවකින් හිනි දෙතොල් සරසා ගත්ත....දිගටි ඇස් වලින් හරි ලස්සනට කතා කරන....කරල් දෙකකට ගොතපු දිග කොන්ඩේ ගස්සල කම්මුලේ වලක් හැදෙන්න හිනාවෙන......ඒ පුංචි සුරංගනාවී නාඩියා එක්ක හිනා උනා...

හරියට කරන්ට් එකක් වැදුනා වගේ ඈ!

කෝච්චිය දුම් දම දමා නිලට කිරී වැදිච්ච වෙල් යායවල් මැද්දෙන් ඩොක ඩොක ගගා යනවා...ඇරිච්ච ජනෙල් පියන් අස්සෙන් එන දඟකාර හුළං රැල්ල ජනේලෙන් එලිය බලාගෙන තනියම හිනා වෙන එයාගේ කෙස් ගස් හරිම අකීකරු විදිහට අවුල් කරනවා...

දිගටි ඇඟිලි අතරේ හිර වෙච්ච එයාගේ මොබයිලයට නම් නිවාඩුවක් නෑ වගේ...හර්දේ වස්තුව  අසූ පස් පාරක් ගැහෙන වාරයක් පාසා ඒක නද දෙනවා..

අර අහිංසකි හරිම ලස්සනට කඩිසර ඇඟිලි තුඩු යතුරු උඩ තිය තිය හීනියට හිනා වේගන පිළිතුරු පණිවිඩයක් කොටනවා..ආයෙත් ජනේලෙන් එලිය බලාගෙන හුළං රැල්ලත් එක්ක දඟ කරනවා...

එයා සරසවි උයනෙන් බැහැලා ගියා..මම තනියම නුවර ඉස්ටේසමට ආවා... 

නාඩියාගේ මොබයිලාවත් බහිද්දිම කෑ ගැහුවා! ආ...මැසේජ් එකක්! මොබිටෙල් එකෙන්!!     


ලයික් එකකුත් දාල යමු ඈ...

90 comments:

  1. ඒ දරිවිගෙ නාඩි බලන්න එහෙම ට්‍රයි කරේ නැතුව ඇති නේද?

    ReplyDelete
    Replies
    1. නෑනේ....අපට අපි හිමි නෑ ලොවේ නේ... ;)

      Delete
    2. "අපට අපි හිමි නෑ ලොවේ නේ... ;)"

      +++++

      Delete
  2. හුම් වෙන මක්කා කියන්නද?

    ReplyDelete
  3. මේක නම් කවියක්ද කියන්න මම දන්නේ නැ..හැබයි ඉදිරියේදි නාඩියා තුලින් කවියෙකු මතු වෙන්නට ඉඩ තියෙන බව නම් මට තේරෙනවා.. ජය වේවා.. :D

    ReplyDelete
    Replies
    1. කවියෙක්!පිස්සු බම්ප් වෙයි ඈ!

      Delete
  4. හයියෝ සුරන්ගනාවියෙක් ගැනනම් මට කිව්වෙ නැ මේක.... ඒත් නුවර ස්ටේසමෙන් බැහල යනකොටනම්..අක්ක කෙනෙක් පෙන්නල මොකද්ද හරුපයක් කිව්ව නෙහ්....

    යකො නුවර පාරවල් චෙක් කොරන්න මම මහාමාර්ග අමාත්යන්සෙ වැඩ කොරනවයි...

    ReplyDelete
    Replies
    1. හික්ස්...ඒ වෙන අතුරු කතාවක්නේ..ඔය කතාව උඹට කිව්වේ නෑ!නැත්නම් ආයේ සරසවි උයනේ යමන් කිව්වොත්!
      මහා මාර්ගේ නම් නෙවෙයි...වනිතා කටයුතු මම දන්න විදිහට! :පි

      Delete
  5. විනාඩි ගානක ආදරයක්..

    ReplyDelete
  6. සුන්දර වදන් පෙළක්.නාඩියා ඇතුලෙ සුන්දර කවියෙක් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් සුන්දරයි තමයි ඈ! :)

      Delete
  7. පුංචි සුරංගනාවිගේ හෘද වස්තුව 85 පාරක් ගැහෙනවා නම් ටිකක් වැඩියි වගේ. 80 අවුලක් නෑ. චෙක් කොරගන්න කියපං. නැත්තං හිතිං අත ඇරලා දාපං...

    ReplyDelete
  8. පුංචි සුරංගනාවක්
    සරසවි උයනෙන්
    බැහැලා යනවා...
    මයේ හිතේ කොල්ලෙක් ඇති... ඔහේ කලබල නැතුව ඉන්නෝ..
    පුදුමයි නාඩි අයියට මිදී තිත්ත නොවුණා

    ReplyDelete
    Replies
    1. එහෙම කේස් නෑ මල්ලි...සුන්දරයිනම් රස විදින්න කාගෙන්වත් බාධාවක් නෑනේ.... ;)

      Delete
  9. කොල්ලෙක් එහෙම අර සීට් එකේ හිටියනම් උබගේ සද්දේ බලාගන්න තිබ්බා... අම්මපා මෙහෙමත් පැණි නාඩියෙක්

    ReplyDelete
    Replies
    1. යකෝ ඒ ළමයා හිටියේ මට ඉස්සරහ සිට් එකේ!මම හිටියේ මෙහා පැත්තේ එකේ!

      Delete
  10. කවියක් නේන්නං. තව දවසක් දෙකක් ඒ අහිංසකී දැක්කොත් නම් හොඳ කවියෙක් බිහි වෙයි වගේ.. :) එසේම වේවා.. !!!

    …"නාඩියාගේ මොබයිලාවත් බහිද්දිම කෑ ගැහුවා! ආ...මැසේජ් එකක්! මොබිටෙල් එකෙන්!!"

    …චැහ්... අම්මප මම හිතුවෙ වෙන කාගෙන් හරි කියලා..

    ReplyDelete
    Replies
    1. අපිට වෙන කාගෙන් එන්නද බං...හ්ම්ම්....

      Delete
  11. යකෝ ... මූ නුවරට යනකම්ම පැනි පෙර පෙර ගිහිල්ල නේ.

    ReplyDelete
  12. අපිට ඇවිල්ලා කිව්වෙ නම් වෙන කතාවක්.................... මෙහේම මෙහෙම උනා කීයාල.......මෙකේ ඇත්තම කතාව හැටියට නාඩ්යට එදා පොඩි ආතල් එකක් ගියාලු ඔන්

    ReplyDelete
    Replies
    1. හික්ස් හික්ස්...ඒවා වෙන ස්ටොරියක්! ;)

      Delete
  13. nadiyata ara mewwa eka mewwa welada koheda?aparade nadiyak try karanna thibba

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්..මෙව්වා උනා තමා... :පි

      Delete
  14. අපේ කාලේ ඕකට කියුවේ ඇහෙන් කනවා කියලා

    ReplyDelete
    Replies
    1. :පි අරම්පහුරත් මදි නොකියන්න කාල තියනවා වගේ... ;)

      Delete
  15. අනේ අනේ නාඩි අයියේ............................හි හි....මම ලිව්ව කෝච්චි කතාවේ තවත් එකක් වගේ :) :)

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා..මටත් ඒ වෙලේම ඒ කොටි පැටියාගේ කතාව මතක් උනා! ! :)

      Delete
  16. බොල නාඩියො උබ ඒ සුරංගනාවි එක්ක කතා කලේ නෑද්ද?...අඩු වශයෙන් නමවත්....උබ උඩ බලාගෙනම නුවර ආවාද?...ෆොන් නම්බරය එහෙම ඉතින් ගත්තානේ....දෑන් බලපන් නාඩියො ගොඩ යන්න

    ReplyDelete
    Replies
    1. නෑනේ..... ;( ඉතිං කොහෙද ෆෝන් නම්බර්.....?

      Delete
  17. නාඩියට
    හමු වෙන්නට සමු ගන්නට
    ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ
    සරසවි උනයන කියලවත්
    කියන්න තිබුනේ නැද්ද මම අහන්නේ.
    ගිරවා වගේ කියෝන මේ කොල්ලට බැරි උනාද මම අහන්නේ පොඩි වචනයක් වත් දා ගන්න. බොරු කියන්න එපා බන් උබ කතා නොකර ඉදියි. අපි නොදන්නා නාඩියා කිව්වලු.

    ReplyDelete
    Replies
    1. නෑ යකෝ!මම වචනයක් වත් කතා කලේ නෑ!කතා කරන හැටි පවා මට අතමක උනා!

      Delete
    2. එහෙනම් උබෙත් නාඩි නවතින්න ඇති.

      Delete
  18. ඔක්කොම හොදයි නාඩි එත් ඒ ගෑනු දැරිවි මායම් වලින් උඹ ඒ සීට් එකේ වාඩිවෙලා හිටිය වග අමතක කරවලා ;)

    ReplyDelete
    Replies
    1. නෑ යකෝ!මම හිටිය එකේ නෙවෙයි!ඊට ඉස්සරහ එකේ හිටියේ!

      Delete
    2. අහ් මං හිතුවෙ ඒ කෙලි පොඩිත්ත උබෙ සිට් එකට විද්දා කියල නෙ ;)

      Delete
    3. අපේ සිට් වලට විදින්න හිතුවා මදි! ;)

      Delete
    4. අපෝ එහෙනම් කමක් නෑ උඹ එයාගේ මායම් වලට වැඩිය අහු වෙලා නෑ එහෙනම්

      Delete
  19. කොළඹ ඉදං නුවරට යනකංම සුරංගනාවිගේ නම වත් අහන්නේ නැතුවද බැස්සේ... ???

    ReplyDelete
  20. දුක් වෙන්න එපා නාඩි..නාඩිටත් කවදා හරි හඳ පායයි...

    ReplyDelete
  21. hm hm..okane ru kochchi wala yannathe :)
    thawa tikaka boruwa adinna thibuna habayi :) :)

    ReplyDelete
    Replies
    1. නාඩියා බොරු කියන්නේ නෑ අලෝ!

      Delete
  22. අනේ පවු නාඩියාට හිත ගියාට කිරිල්ලිට කුරුල්ලෙක් ඉන්න හැඩයි... සරසවි උයනෙන් බැස්ස නම් ඉතිං සොරි තමා..

    ReplyDelete
  23. පුංචි සුරංගනාවියක්
    දිව්‍ය ලෝකේ ඉඳං පියඹා ඇවිදින් :))

    ReplyDelete
  24. හයියූ...නාඩියා පව්.. :)

    ReplyDelete
  25. වැඩක් නෑ බන් බුකියෙදි මම කිව්ව වගේ අනිවා ඩෙෆා සිවුෆා සෝෆා ඔය සුරන්ගනාවි අමු පජාත එකෙක්ගෙ කෑල්ලක් වෙන්නඇති.....රතු ඇපල් පනුවො කති...අපි වේලෙති..මොබිටෙල් එකේ අපි ගැන මෙව්ව එකක් තීන ගෑල්ලමෙක් ඇති බන් ඒකනෙ කොයි වෙලෙත් ඇස් ඇම් ඇස් එවන්නෙ අපට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්..මොබිටෙල් එකේ අක්කා අපිට හරි මනාපයි බං... ;)

      Delete
  26. හික්ස්, අන්සතුමලක් :))

    ReplyDelete
  27. නෙදකින් කෙල්ලෙකුටවත් ඉන්න දෙන්නෑ මුන්.. ශික්!!!

    මං වගේ සංවරව හැසිරියන්කෝ.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  28. අර ඔයාට ආපු මැසේජ් එක ගැන තමයි දුක... හිකිස්...ඔයිටත් වෙන වැඩ..!

    ReplyDelete
  29. ඒ මොකෝ මැසේජ් එකට දුක?අපි පවු නැද්ද?

    ReplyDelete
  30. මට ඔය වගේ කීදෙනෙක් බස් වලදී හම්බ වෙලා ඇද්ද :(

    ReplyDelete
  31. උඹ දිගටම හිටගෙනද ගියේ. මමත් දුර යන බස් වල කොච්චරනම් හිටගෙන ගිහින් ඇතිද මේ වගේ සිද්දි නිසා.

    ReplyDelete
    Replies
    1. නෑ බං...මම ඉස්සරහ සිට් එකෙක් ඉඳගෙන ගියේ...

      Delete
  32. මොබිටෙල් එවුන් විතරයි අනිවා හැමදාම මට මැසේජ් එකක් එවන්නේ :D [ෆෝන් බිල් එක ගැන කියලා]

    ReplyDelete
  33. මටත් ගොඩාක් මැසේජ් එනව හැබැයි එයාර්ටෙල් එකෙන් :(

    ReplyDelete
    Replies
    1. එහෙනම් එවන්නේ ශාරුක් කන්නන්ගර!!! ;)

      Delete
  34. තාවකාලිකව ක්ෂණිකව හිතේ හට ගත් ලෝභකම මුසු ආදරයක් වගේ. හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
  35. සිතින් පතා ඉන්නම් ...

    ReplyDelete
  36. මටනම් එන්නේ සර්විස් ප්‍රොවයිඩර් ගෙන් විතරයි. දුකේ බෑ හයියෝ......

    ReplyDelete
  37. Yes YF 2012 was AWESOME! But, PIGS were the BEST!! We could even get the cake!! :)

    ReplyDelete
    Replies
    1. You have commented in Suranganavi!! :p K k....I thnk its bcz f da CAKE!!! :p

      Delete
  38. //හරිම අහිංසක හිනාවකින් හිනි දෙතොල් සරසා ගත්ත....දිගටි ඇස් වලින් හරි ලස්සනට කතා කරන....කරල් දෙකකට ගොතපු දිග කොන්ඩේ ගස්සල කම්මුලේ වලක් හැදෙන්න හිනාවෙන......// මෙහෙම කෙල්ලෝ තාම ඉන්නවාද අයියේ.. :D

    ReplyDelete
    Replies
    1. නැත්නම්.. ඉන්නවා ඉන්නවා.. හැංගිලා ඉන්නේ.... මම පෙන්නන්නම් කෝ දවසක.... ;)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...