ඔන්න වැඩකටයුතු ඉවර කරලා ආපහු එන්න බ්රිස්බේන් වලින් පිටත් උනාම අපිට එහා පැත්තේ සීට් එකේ ඉන්නවා අඩි හය හමාරක විතර අවුරුදු විසි ගානක වගේ කොල්ලෙක් පොතක් කියෝ කියෝ. පොර පොඩි හිනාවක් එහෙම දාලා පොඩ්ඩක් කතාවට සෙට් උනා.
අතේ තිබ්බ පොත ඉන්ග්රිසි නොවෙන හින්දා තේරුම් ගියා මේකා මෙහෙ එකෙක් නොවෙන බව. ඊට පස්සේ කතා කරපුවහම කියපි ඕලන්දක්කාරයෙක් කියලා..
තොපේ කිරිකිත්තලා අපේ රටට ඇවිත් කරපු විගඩම් අසානාසි ගැනත් පොඩ්ඩක් මනුස්සයා දැනුවත් කරගෙන යද්දී මේ අහිංසකයා කිව්වා උන්නැහේ මේ රොක්හැම්ප්ටන් ඉඳන් නෙදර්ලන්තේ ගෙදර යන ගමන් කියලා.. පැය 24 කට වඩා ගමනක්!
"මං මාස හයක් රොක්හැම්ප්ටන් වල වැඩ කළානේ.. මගේ agriculture degree එකේ internship එක. එහෙ තියෙන *Coco farm එකක තමා හිටියේ"
ඔය කියන ඉසව්ව ඕස්ට්රේලියාවේ ඊසාන දිග තියෙන ලංකාවට සමාන දේශගුණයක් තියෙන පැත්තක්. අහිංසකයා ඕලන්දේ ඉඳන් පොල් වවන්න එන්න ඇති.
මමයි මගේ බිරින්දෑයි පොල් ත්රිකෝණේ ජනතාව වෙච්චි, මේ වගේ අවස්තාවක් මඟ ඇර ගන්නේ කොහොමෙයි. බැස්සා ගේමට!
"අපේ ලංකාවෙත් *coco වගාව සැරටම තියෙනවා. ප්රධාන ආදායම් මාර්ගයක්. ගොඩක් මිනිස්සු ගෘහ කර්මාන්තයක් විදිහටත් කරනවා."
දැන් අර කොල්ලා හරිම අවධානයෙන් අහගෙන ඉන්නවා!
"Seriously! මම දැනගෙන හිටියේ නෑනේ!"
"ඔව් ඔව්! අපි හැම කොටසක්ම ප්රයෝජනයට ගන්නවා. වැඩියෙන්ම food purposes තමා.. එතකොට ඔය ලණු හදන්න එහෙමත් ගන්නවා."
"ඈ!" - දැන් කොල්ලා කටත් ඇරගෙන අහගෙන ඉන්නවා...
ඔහොම ටික වෙලාවක් ලංකාවේ පොල් වගාව ගැන දේසනයක් උඩු ගුවනේ කළාට පස්සේ ඒ කොල්ලා කිව්වා.. ඉන්නකෝ මම හිටිය ෆාම් එකේ පොටෝ ටිකක් පෙන්නන්න කියලා..
අපි නොදන්න පොල්! පෙන්නපංකෝ බලන්න කියලා බලද්දි මිත්රවරුනි කියන්න සංතෝසයි අපි හොඳම එකෙන් විඳලා!
මෙන්න මේකා පෙන්නන්න පටන් ගත්තා.. ටැංකි වල දමාපු කිඹුල්ලු! ඊට පස්සේ කිඹුල්ලු අල්ලන වීඩියෝ... කිඹුල් හමවල්!
කාලා වරෙංකෝ! උඩු ගුවනේ ප්රෙශර් ඩිෆරන්ස් අනං මනං ඔක්කොම එක්ක Croco කියන එකේ "ආර්ර්" අකුර අපි දෙන්නටම ඇහිලා නෑ...
රොක්හැම්ප්ටන් වල වගේ ගොඩක් ඕස්ට්රේලියාවේ ප්රදේශ වල හම් සඳහා කිඹුල්ලු ඇති කරනවා. කිඹුල් මස් කියන්නේ ඒකේ අතුරු නිශ්පාදනයක්. මේකා ඉඳලා තියෙන්නේ එහෙම තැනක.
කොහොමෙන් කොහොම හරි කොල්ලා අපි දෙන්නත් එක්ක හොඳට කතාබහ කරලා හිනා වෙලා සිඩ්නි වලින් බැහැලා අනිත් ෆ්ලයිට් එක ගන්න ගියා.
නිකමට හිතපංකෝ... අපි හැමදාම croco (crocodile) කෑමට ගන්නවා එහෙම කිව්වහම අභිමානවත් සිංහල ජාතියේ නිර්භීතකම ගැන අර ඕලන්දක්කාර කොල්ලට කොහොම හිතෙන්න ඇතිද!

සිංහයොත් කඩුවක් අල්ලගන්න දීල කකුල් තුනෙන් හිටෝල තියෙන එකේ කිඹුල්ලු අල්ලන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හැක්..
ReplyDeleteමොනවද පකෝ මේ කරන වැඩ
ReplyDelete