පහුගිය දොහේ නාඩියා ආසියාතික
රටක තානාපති කාර්යාලයක් සමඟ පොඩි ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටියේය. ජනියා ගේ
කොන්ටැට් එකකට එතනට යන්නට මඟ පෑදුණේය. තිබිච්ච project එකනම් හීනෙකින්වත් මම
කොරන්නට හිතලා නැති filed එකකි. Automobile industry නැත්නම් ශ්‍රී ලංකාවේ මෝටර් රථ කාර්මික අංශයේ සේවක
ගුණාත්මක භාවය වැඩි කරන මෙව්වා එකක්ය.
කොහොමෙන් කොහොම හරි ව්‍යපෘති
ආනුභාවයෙන් සතියක් විතර නුවර, කෑගල්ල, ගම්පල පැති වල රවුම් ගහන්නට පොට පෑදුණේය.
කරන්නට තිබ්බේ කාර්මික විද්‍යාල (technical
college) හා බැඳුනු සිසුන්,
දෙමව්පියන්, ගුරුවරුන්, සාමාන්‍ය මහා ජනයා, මෝටර් රථ කාර්මික අංශයේ වැඩපල (workshop) වගේ ඒවායින් අදහස් විමසීම් හා ඒවා වාර්තාවකට පිළියෙළ
කිරීම තමයි අපිට පැවරිලා තිබ්බේ. ඒ රජයෙන් ඉතා විශාල ආධාර මුදලක් (ණයක් විදිහට
නෙවෙයි වාසනාවකට) ලබා දෙන්න නියමිතයි අපි ඒ පිළියෙළ කරපු වාර්තාවේ හැටියට.
මංතුමා කොහොමත් ඔය යකඩ
ගොඩවල් වලට කැමති එකා වෙච්චි ඔය වාහන එන්ජින් ගැන එහෙම ටිකක් යමක් කමක් හොයලා
දැනගෙන තිබ්බා. අනික තැනට හරියන විදිහට ඇණේ ගහන්න දන්නෙම නැති එකානේ!
අපි මුලින්ම බැලුවා දැනට
මේ මෝටර් රථ කාර්මික course එක හදාරන ශිෂ්‍යයන් මේකට
කැමතිද ඒ අය බලාපොරොත්තු වෙන දැනුම් මට්ටම මේකෙන් ලැබෙනවද කියලා. සමස්තයක් වශයෙන්
ගත්තහම තත්ත්වය සතුටුදායකයි.. ඒ ගොඩක් අය main stream එක, නැත්නම් සාම්ප්‍රදායික
OL, AL විභාග වලින් අසමත් යැයි ඉවත් කරපු අය හැබැයි ගොඩක් අය විශ්වාස කළා එයාල ගන්න මේ දැනුමෙන් රැකියා වෙළඳ පොලේ හොඳ
තැනක් ගන්න පුළුවන් කියලා...
හැබැයි ඒ අය ඉල්ලුවා
කාර්මික විද්‍යාල වල තියෙන පහසුකම් වැඩිදියුණු කරලා අලුත් තාක්ෂණය හදුන්වා දෙන්න
කියලා. මොකෝ තාම ගොඩක් කාර්මික විද්‍යාල වල EFI, Mechatronics වගේ subject උගනන්නේ නෑ. හැබැයි අද job market එකේ වැඩිම ඉල්ලුම
තියෙන්නේ ඒවාට.
ඊළඟට ගුරුවරු සහ
පරිපාලනය. ගුරුවරු ගැන කියද්දී නම් අපිට හම්බ වෙච්චි සමහර අය ගුරුදෙවිවරු වගේ
තමන්ගේ ළමයින්ට සලකනවා. ඒ අය පුහුණුවෙන් පස්සේ රැකියාවක් හොයා ගද්දීත් උදව් කරනවා
අපි දැක්කා. හැබැයි ඒ අතරේ සම හරක් පරිපාලනයත් ඇතුළුව practical කරන්න pass
වෙලා තියෙන ඩීසල් ටිකත්
උස්සනවා කියලා ආරංචියි! ලංකාවේ අපේ අයිස්චර්යේ!
පොඩියට කරගෙන යන ගැරේජ්
එකේ ඉඳලා ලොකු ලොකු workshop වලටත් අපි සමීක්ෂණය සඳහා
ගියා. ඒ ගිහාම දකින්න තිබුණු දේ තමයි මේ අංශයෙන් ඉදිරියට ගිය අයට ලංකාව තුලදී ම
හොඳ රැකියාවකට අවස්තාව තියනවා කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නිසි ආකාරයෙන්
පුහුණු වෙච්චි ශ්‍රමිකයන්ගේ හිඟකම.
EFI (Electronic Fuel Injection) Tuner කෙනෙක්ට තමන් ඉල්ලන තරමේ වැටුපක් ගෙවන්න සමහර ආයතන කැමැත්තෙන්
හිටියා. එච්චර අඩුයි දැනුම තියෙන අය!
ඊළඟට අපි බැලුවේ ඇයි රටේ
විරැකියාව වැඩියි කියලා කෑ ගගහා අපේ අය මේ පැත්තේ රැකියා වලට යොමු වෙන්නේ නැත්තේ
කියලා. ප්‍රශ්නේ තමයි සමාජ මති මතාන්තර. තාම අපේ අය හිතාගෙන ඉන්නේ motor mechanic කියන්නේ මජං නාගෙන ඉන්න ගැරේජ් බාස් තමයි කියලා. කට්ටියම
හොයන්නේ white collar job නේ!
අනිත් එක trainees ලා විදිහට ඉන්න ළමයි tea time එකට එළියටවත් යන්නේ
නැහැල්ලු over roll කිට් එක ඇඳගෙන. ලැජ්ජයි
කියලා! බලාපල්ලකෝ ඒකෙත් හැටි.
Workshop දෙක තුනකින්ම කියපු
කතාවක් තමයි “ත්‍රි වීලර් තමයි මහත්තයෝ මේ කර්මාන්තෙට දැන් තියෙන හෙනේ!” කියලා!
හොයලා බැලුවා මොකද්ද ඒ කතාව කියලා.
හිතන්න කොල්ලෙක් විභාග
අරවා මේවා එච්චර හොඳට කරගන්න බැරිව එලියට බහිනවා කියලා. කරන්නේ සල්ලි ටිකක්
හොයාගෙන ත්‍රී විලරයක් ගන්න එක. වැරැද්දක් නෑ. හැබැයි හිතන්නේ නෑ මේ දෑතේ
කර්මාන්තයක් පුරුදු වෙලා දීර්ඝකාලීන ලාභයක් ගන්න පිළිගත් රැකියාවක් කරන්න පුළුවන්
කියන එක.
ඉතින් workshop එකක පොඩි වැඩකටවත් කොල්ලෙක් හොයා ගන්නේ හරිම අමාරුවෙන්.
නිකමට අහලා බලන්න අපේ AL කරලා ඇනගත්ත කොල්ලෙක් ගෙන් මොන වගේ කෝස් එකක්ද කරන්න ඉන්නේ කියලා. ගත් කටටම
කියයි “ IT, HRM, Management” වගේ මොකක් හරි.
වැරැද්දක් නෑ. හැබැයි ඊට වඩා ලොකු ඉල්ලුමක් professionals ලාට තියනවා. ඒ කියන්නේ
මේ වගේ industrial field එකේ අයට. පිටරට නම් කතා
කරලා වැඩක් නෑ! වැඩිම පඩි ගන්නේ ඒ අය.ලංකාවෙත් දැන් NVQ(National Vocational Qualifications) Level 7 කියන්නේ උපාධි මට්ටම.
දන්නවද මේ field එකේ ශ්‍රී ලංකාවේ කාන්තා සහභාගිත්වය කොහොමද කියලා? ආසන්න වශයෙන් 0%!!! අපිත් එක්ක
සමික්ශනේ ට සහභාගී වෙච්චි විදේශීය මහාචාර්යවරයා කියන විදිහට ඒ රටේ නමගිය ගොඩක්
වාහන factory වල හරි හරියට කාන්තා ශ්‍රමිකයන්
වැඩ කරනවා. ලංකාවේ ඒ අංශය දියුණු වෙලා නැත්තේ මොකද දන්නේ නෑ. (මම දැක්කා පහුගිය
සතියේ ඉරිදා ලංකාදීපේ තියනවා CGR එකේ ආමේචර් ඔතන දිරිය
කාන්තාවන් ගැන)
මෙහෙමයි අපි රටේ
විරැකියාව වැඩියි කියලා කෑ ගගහා ඉඳලා හරියන්නේ නෑ. මොකද්ද පිළියම, කොයි පැත්තටද
වැඩියෙන්ම ඉල්ලුම තියෙන්නේ කියලා හොයලා බලන්න ඕනේ! රජය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති
වෙනස් කරන්න දැන් කාලේ හරි! හැබැයි ඒවා සුදු කොළ වලට සිමා වෙන්නේ නැතිව හරියට implement වෙනවානම් තමයි හොඳ!
ඒ උනාට මේන් මේ වගේ චාන්ස් හිටන් වදිනවා කියලා දැන ගත්තොත්, කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ නම් එයි පැනලා..
ReplyDeletehttp://maathalan.blogspot.com/2014/01/16-under-pants-and-shopping.html
අප්පේ. මටත් මතක් උනා ගොයියෝ ඒ කතාව. එහෙම උනොත් මමත් පැනලා යනවා
Deleteතාමත් ලංකාවෙ මිනිස්සුන්ගෙ තියන "මජං ගාගෙන කරන රස්සා චාටර්" කියන පටු ආකල්පය හින්ද තමා බන් ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ..ලංකාවෙ වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පටන් ගත්තොත් වැඩ කරන්ඩ ශ්‍රමිකයො රටින් ගෙන්නන්ඩ වෙයි..
ReplyDelete:++++++++++++++++
Deleteරටට තියෙන ලොකුම හෙණේ.. අපේ මහත්තයත් ඔය පාරෙ ගිය කෙනෙක්නේ...
කසාද බදිද්දීත් අපේ සියුමැලි කෙල්ලෝ හොයන්නේ සියුමැලි අත් තියෙන කොල්ලොනේ! ඒකනේ වැරැද්ද
Deleteනාඩියා ඔය සමීක්ශනය කරන්න යන්න ඕන වැදගත්ම තැනට ගිහින් නෑ වගෙයි කියන්නෙ කාන්තා සහභාගීත්වය 0 කියල.1985 විතර පටන් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට ගැහැනු ලමයිනුත් සීමිත ප්‍රමානයක් ඇතුල් වෙනවා. තවමත් මෝටර් කාර්මිකයෙක් කිව්වහම හැමෝම හිතන් ඉන්නෙ ග්‍රීස් මන්කි කෙනෙක් කියලයි.හැබැයි ජර්මන් ටෙක් එක ඔය ආකල්පය වෙනස් කලා.
ReplyDeleteමගේ නෑ වෙන පුතෙක් එතන ඉගෙන ගන්න වෙලාවෙත් කෙල්ලෝ තුන් දෙනෙක් ඒ බැච් එකේ උන්නා. හැබයි උන් ඔක්කෝම ගොඩ.. කෙලින්ම ඔස්ට්‍රේලියාවේ තමයි නවතින්නේ..
Deleteමමත් මලේ ජරමන් ටෙක් ගිහිල්ලා මුල් කාලෙම ඔසී පැනපු එකෙක් මම දැනට කරන්නේ compact natural gas running engine [සම්පීඩන ස්වභාවික ජීව වායුව මගින් ධවනයකරණ ]බස් රථ වල එන්ජින් නඩත්තුවයි
Deleteලංකාවේ මේ ක්‍රමය තවම නැහැ . ඉ ෆ් අයි ක්‍රමයට සමගාමිව සිද්ද වෙන්නේ. පිටාර දුමේ කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය [carbon monoxide percentage] 0.02% උපරිමය
පඩි නදී ගැන කතාකලොත් එක නයා පාරක් වෙයි .
කවුරුත් එන්නැති ..කවුරුත් දන්නැති.. මල්පෙති ඉහිරුණු මල් පාරක් මේක ....දවසක ඉගෙනුමු ඉගෙනි ගොඩ එමු මේ පාරේ ........
ජර්මන් ටෙක් එක පැත්තෙත් අපි ගියා. මම කිව්වේ ආසන්න වශයෙන් 0% සමානයි කියලා.. ඔක්කොම නෙවෙයි. ජර්මන් ටෙක් කියන්නේ ඉතා විශිෂ්ට විදිහට අධ්‍යාපනය ලබා දෙන ආයතනයක්.
Deleteමේ තියෙන්නේ living examples. :)
අපේ බ්ලොග් වල හිටපු කීර්තිමත් ඔබා මහතාත් ජර්මන් ටෙක් එකේ පොරක් තමයි. ඒකට යන උන් එන්නෙ ආඩම්බරෙන්. හේතුව දන්නෝ දන්නව ජර්මන් ටෙක් එකට යනව කියන්නෙ එන් ඩී ටී වලට වඩා අමාරු දෙයක් කියල.
Deleteමගෙ යාළුවෙක් උන්න උගෙ අම්ම කලක් ඕකෙ චීෆ් ක්ලාක්. ඒත් මිනිහට යා ගන්න බැරුව අම්ම පුතාව දැම්මෙ ඒකෙම බොරැල්ලෙ බ්‍රාන්ච් එකට. ඉස්සරනං එච්චර නීතියට එතන වැඩ.
අනික ඕක තමයි ලංකා ගමණා ගමණ මන්ඩලේ යටතෙ තිබ්බ එකම පිළිවෙලට දුවපු ආයතනය
තාමත් ඒ බොරැල්ල එක තියනවද?
Deleteකතාව ඇත්ත නාඩියෝ. අපේ උන්ට ඕනේ, ගියපු ගමන් සැප පුටුවක වාඩි වෙලා, A/C කාමරේක ආතල් එකේ ඉන්න පුළුවන් රස්සාවක්. කව්රුවත් හිතන්නේ නෑ මේ වගේ රස්සාවලට තියන market එක ගැන. මේකට හදන්න ඕනේ ළමයින්ගේ මනස විතරක් නෙමෙයි, අම්මලාගෙත්.........
ReplyDeleteඅප්පේ.. ඒකනම් ඇත්ත. හැම අම්මා කෙනෙක්ම ට්‍රයි එක දෙන්නේ දරුවෝ දොස්තර ලා කරන්න නේ!
Deleteහොඳ විස්තරයක් නාඩි මලේ.. ඒත් තවමත් රාජ්‍ය අංශයේ රැකියාවක් නැතැයි කිවුවාම නහය අකුලන අපේ මිනිස්සු ඔය තත්වෙට පත් වෙන්න කොයිතරම් කාලයක් ගතවේවිද....
ReplyDelete+++++++++++++++
Deleteබලමු. කොහොමත් ලොකු mind change එකක් ඕනේ වෙයි
Deleteජර්මන් ටෙක් එකේ ඔය කෝස් එක කරපු එවුන්ගෙන් සෑහෙන දෙනෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඔය ඔබා අයියත් එහෙම කෙනෙක්. හිටියා නම් මේකට හුඟක් දේ කියාවි
ReplyDeleteඋඹගේ කොමෙන්ට් එක දැක්කේ පස්සේ.. ඕකට ගියපු උන් ඔක්කෝම ගොඩ..
Deleteඋඹගේ කොමෙන්ට් එක දැක්කේ පස්සේ.. ..hm hm
Deleteඕකට ගිය උන් නෙමෙයි බන් අවුරුදු හතරෙ කට්ට කාල එලියට ආපු උන්.
කට්ට කන්නේ නැතිව ජීවීතේ ජයගන්න බෑ සිංහයෝ..
Deleteමේකනේ.. කොහොමත් migrate කරද්දී ලොකු chance එකක් තියනවා professional qualifications වලට
Deleteඑක කාලයක් තිබුනා ජර්මන් ටෙක් යන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? 1980 ගනන්වල ඔතන ඉගෙන ගත්ත බොහොමයක් ඔස්ට්‍රේලියාවට ගියා. ඇන්ටන් ජෝන්ස්ගේ පුතාටත් ඒ කාලේ බයිලා කියන්න හොඳට පුළුවන්. ඒත් ඌ ඒවා අතහැරලා ජර්මන් ටෙක් ගියා. පස්සේ රට ගියා.
Deleteඒ වගේම නැතිවුනත් 1970 දශකයේ යුනයිටඩ් මෝටර්ස් වැඩපොලේ පුහුණු වුනු අයටත් හොඳ පිලිගැනීමක් තිබුනා කියලා මම අහලා තියෙනවා. දන්නවා.
මෙ ෆීල්ඩ් එකේ ගොඩාක් ලොකු ශ්‍රමික හිගයක් තියෙනව.ඉන්න එවුනුත් වගකිමෙන් වැඩ නොකරන ගතියක් තියෙනව.හැබැයි හොද වැඩ කාරයන්ට දවසකට 5000ක් හොයන එක සිම්පල්.ඔටො ඒසි.ඔටො ඉලෙක්ට්‍රිකල් පැත්තට මාර ඉල්ලුමක් තියෙනව.
ReplyDeleteඔව්.. AC technician ලා එහෙම මාර විදිහට අඩුයි නේ
Deleteහරියට කර ගත්තොත් ගොඩ තමයි.. ඒත් දැනට අවුරුදු කිහිපයකට කලින් නම් කොලඹින් බැහැර ඇතැම් කාර්මික අභ්‍යාස ආයතන වල සම්පත් හිඟය සෑහෙන ගැටළුවක් වුනා. ඉතින් ලැබෙන්නේ සම්පුර්ණ පුහුණුවක්. ඒ වාගේ තත්වයන් අවම වෙනවා නම් හොඳයි..
ReplyDeleteමං ඉස්සර ට්‍රේනින් එකකට ගියා ජර්මන් ටෙක් ඒකෙ පවර් ඉලක්ට්රිකල් කරපු කෙනෙක් ගේ ෂොප් එකක. මිනිහට බෑ කියල දෙයක් නෑ. එයා එක්ක එකට හිටපු හුඟක් අය රට ගියා කියලයි මෑන් කිව්වේ..
//EFI (Electronic Fuel Injection) Tuner // ඔය කියන්නෙ කම්පියුටර් එකක් වාගේ එකකින් එන්ජින් චෙක් කරන එක නේද.. අපේ යාලුවෙක් ගේ වාහනේක අවුලක් වෙලා අපි වැලිමඩ ගිහින් හදාගෙන ආවේ. එතනට කොළඹ පැත්තෙනුත් වාහන දෙකක් ඇවිත් තිබුන එදාම. ඒ අංශයේ දක්ෂයින් එච්චරකට අඩුයි..
ඔව්.. මේ ව්‍යාපෘතියෙන් උත්සාහ කරන්නෙත් කොළඹින් දුර පළාත් වලට මේ පුහුණුවීම් පහසුකම් ලබා දෙන්න.
Deleteඔව්.. ඒ scanner එකෙන් check කරන එක. :) හැබැයි තව වැඩ ගොඩක් තියනවා ඒත් එක්ක
Widesa Rakiya natda mecanic .
DeleteWidesa Rakiya natda mecanic .
Deleteඇත්ත තමයි මචන් අපි අපේ ආකල්ප වෙනස් කරගන්නත් දැන් කාලේ හරි ලංකාවේ ආකල්පමය වෙනසක් ඇති කරන්නත් ජාතික මට්ටමේ වද පිළිවලක් ඕනි අපේ ගොඩක් තරුණ පරපුරට හරි ඉලක්කයක් නෑ ජිවිත ඔහේ ගලා ගෙන යනවා අනේ මන්දා ඕවා
ReplyDeleteතරුණ අසහනය ඇති වෙන්න මේක එක හේතුවක්
Deleteනාඩියෝ,උඹේ වැඩකරන මේල් එකක් දීපං.තොරතුරු ටිකක් දැනගන්න තියෙනවා.
ReplyDeleteayaalsith@gmail.com
ඔන්න ඊ යක් දැම්මා
Deleteඋඹට ත්‍රීවීල් ගැන කියලා තියෙන කතාව සහතික ඇත්ත. ත්‍රීවීල් කියන්නේ අපේ රටේ තරුණ ශ්‍රමය ගිලින් බහිරවයෙක්. කාර්මික ක්ෂේත්රය විතරක් නෙවෙයි ඉදිකිරීම් ක්ෂේත්‍රයත් මුහුණපාන ගැටළුවක් තමයි පුහුණ ශ්රමිඅක්යින් නැතිවීම. වැඩට එන එකා එන්නෙත් මාස හය හතාක් වැඩ කරලා ලක්ෂයක් හොයාගෙන ගෙවන්නැ ත්‍රීවීල් එකක් අරන් අයින් වෙන්න බලාගෙන.
ReplyDeleteඅපේ රටේ විරැකියාව වැඩි වෙයි. ත්‍රීවීල් වැඩිවෙයි. ඉදිකිරීම් ,කාර්මික ක්ෂේත්රය වගේ තැන්වල ඉන්දියානුවෝ පිලිපීන්නු පිරෙයි.
සහතික ඇත්ත ඉවා..
Deleteත්‍රීවිල් ගන්න එක හොඳයි උං ලයිශන් නොගන්න එකනෙ වැරැද්ද..ඈ !!
එච්චර අමාරුවෙන් ගෙවන්න ගන්න වාහනේ බස් අස්සෙන් පේමන්ට් උඩින් කන ගාවින් දානෙ කුනු මාලු කෑල්ල වගෙ..
බලාගෙන ගිහාම ඒක ටිකක් දරුණු ප්‍රශ්නයක් වගේ
Deleteඉතාම කාලෝචිතයි ,සීමාවක් නැතුව ගෘහසේවිකාවන් ,නුපුහුණු කම්කරුවන් රට පටවනවාට වඩා ,පුහුණු කාර්මිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීමට යම් වැඩ පිළිවෙලක් ඇතොත් එයින් රටට විශාල විදේශ විනිමයක් ලද හැකි මෙන්ම විරැකියාව තුරන් කළහැකිද වනු ඇත.නමුත් මම දන්නා තරමින් ලංකාවේ එකම කාර්මික විද්‍යාලයකින් වත් වසර 3 හෝ 4 ක පුර්ණ මෝටර් කාර්මික පුහුණුවකින් පසුද ඩිප්ලෝමා සහතිකයක් දෙන්නේ නැත. එයට හේතුව ලෙස එක් කාර්මික විද්‍යාල ආචාර්යවරයෙකුම මා හා පැවසුවේ කාර්මික විද්‍යාල ප්රධානීන්ටද ඇත්තේ ඩිප්ලෝමාවක් පමණක් නිසා ,ශිෂ්‍යයින්ට පුහුණුවෙන් පසු ඩිප්ලෝමාවක් දීමට එම ප්‍රධානීන්ම විරුද්ධ වන බවයි.එහි සත්‍ය අසත්‍ය මම නොදනිමි. එහෙත් ඉන්දියාවේ ටෙක් එකක් ලගින් ගිය එකාද මෙහි (මැදපෙරදිග) එන්නේ කාර්මික ඩිප්ලෝමාධාරීන් හෝ උපාධිධාරීන් ලෙසටය. මෙලෝ සංසාරයක් නොදන්නා උන් වැඩි වැටුප් ඉහල ශ්‍රේණි ලබන්නේ ඒ සහතිකයේ පිහිටෙනි .අපේ උන් වැඩකාරයෝ බව හැම ලොක්කම දන්නා නමුත් හරි හමන් සහතික නැති නිසා ලැබෙන්නේ අඩු සැලකිලිය.ඉතාම වගකීමෙන් මා මෙය පවසන්නේ වසර අටක් තිස්සේ මමද මෙහි (එක්සත් එමීර් රාජ්‍යයේ ) ඇති G M ප්‍රධාන නියෝජිත සමාගමේ සේවය කරනා නිසාය.
ReplyDeleteGerman tech has now offering Diploma.
Deleteවැඩ දන්නා ජමන් ටෙක් කොල්ලන්ට කොළකැලි ඕනේ නැ ඉහලට එන්න වැඩේට කැපවීමයි ලෙඩේට පින් පොයින්ට් ගැහිල්ලයි විතරයි ඕනේ
Deleteඔය කියන කොළ කෑල්ල නැතුව වැඩ පෙන්නන්න නම් තමන්ගේම ගැරේජ් එකක් දාගන්න වෙයි .නමුත් මම සඳහන් කලේ මේ මැදපෙරදිග රටවල තියෙන ප්‍රධාන පෙලේ මෝටර් රථ සමාගම් වල අපේ මිනිසුන්ට ඇති සැබෑ තත්වයයි.ජර්මන් ටෙක් කියන නම කිව්වම ලෝකෙම ඉන්න අනිත් කාර්මිකයෝ බයේ වෙවුලයි කියන මානසිකත්වයෙන් තමයි අපේ සමහරු ටික දෙනෙක් එන්නේ.ඇවිත් ටෝක් එක දෙනෙත් ජර්මනියේ ගිහින් පස්චාත් උපාධිය කරලා ආව වගේ තමයි.එත් බොහොම ටික දවසයි.වැඩපෙන්නල ඉහලට ගිය ඉතාම සුළු පිරිසක් හැර අනිත් ඔක්කොම පහල තැන් වලම හිරවෙන්නේ, ඔය බාල්දුවට ටෝක් එක දෙන කොළ කෑල්ලෙයි ඉංග්‍රීසි වලයි තියෙන අඩුව නිසා. අපේ මිනිසුන් දක්ෂයින් බව කළමනා කාරීත්වය පිළිගත්තත් ඉහල තනතුරු දීමේදී ඔය සහතිකේ අඩුව බලපානවා.ජර්මන් ටෙක් එකෙන් ඩිප්ලෝම සහතිකයක් දෙනවා කියන එක ගැන සතුටුයි.මම කොමෙන්ට් කලේ ජර්මන් ටෙක් ,ජපන් ටෙක් වල ලොකුකම් පොඩිකම් ගැන කියන්න හෝ අහන්න නොවේ.ඔය සහතිකයටත් ,ඉන්දියානුවන්,පිලිපීනුන් ගෙනෙන සහතික වලටත් ලැබෙන තැනේ ලොකු වෙනසක් ඇති බව පෙන්න දෙන්නයි.
Deleteදැන් මේ හැම ආයතනයක් ම NVQ සහතික ලබා දෙනවා
Deleteස්තුතියි උඹට මෙහෙම ලිපි ලියනවට.
ReplyDeleteගොඩක අය දැනුවත් නැති එකයි මම නම් හිතන්නෙ.
දියුණු වුන/වෙමින් පවතින රටවල අඩු අධ්‍යාපනය ලබපු තරුණ තරුණියන් ඔවැනි රැකියාවල නිරත වෙමින් ජිවිත ගමන් මග ජය ගන්නා ආකාරය ගැන මාධ්‍ය මගින් දැනුවත් කලයුතුයි.
ජපානය,කොරියාව,චීනය වගේ රටවල කෙල්ලෝ/කොල්ලෝ කර්මාන්ත ශාලාවල හරි හරියට වැඩ කරන හැටි TV වැඩ සටහන් වලින් පෙන්විය යුතුයි.
අර සුරිය පප්පල කච කච ගාන ඒවා නවත්වල මෙවැනි දේවල් නිතර නිතර පෙන්වා දැනුවත් කල යුතුයි.
//අර සුරිය පප්පල කච කච ගාන ඒවා නවත්වල මෙවැනි දේවල් නිතර නිතර පෙන්වා දැනුවත් කල යුතුයි.//
Deleteකාලෙකට පස්සෙ කෙන්ජීගෙන් එකඟ වෙන්න පුලුවන් වටින කතාවක්. වෙලාවට උඹව හැපුනෙ මචං :)
හෙහ්..හෙහ්... Thanks ඉන්දික... :)
Deleteඒකනම් ඇත්ත. TV වල යන්නේ දැන් මහා පල් හෑලි විතරයි නේ
Deleteඅඩො වටිනවා බං මේක.අපෙ ගමේ ගොඩාක් කොල්ලො ඉවර වෙලා හන්දියට වෙල රස්තා ගහ ගහ ඉන්නවා එහෙම වෙලාවට ත්‍රිවිල් එකක් වැඩ කරන එක හොදයි කියලා හිතෙනවා මොකද නිකන්ම ඉදලා කුජීත වෙනවට වඩා ඒක හොද නිසා.තව සෙට් එකක් ඉන්නවා කොරියාවෙ යන්න බලන් විභාග ලියලා බලන් ඉන්න උන්. අපේ අතට ඉබේ ඇවිත් ජොබ් සෙට් වෙන්නෙ නෑනේ.අපි ආසා දෙයක් හොයලා ඒ ගැන හොදට ඉගෙන ගන්න ඕනේ නැත්නම් අපිනිකන් හිටියොත් මේ කපෙදි ගොඩයෑමක් නම් නෑ පුතේ
ReplyDeleteඔව්.. වෙලා තියෙන්නේ අපිට ඉගෙන ගන්න බල කරන්නේ කැමති පැත්තෙන් නෙවෙයි නේ.. ඉතින් හරියට ඉගෙන ගන්නේ නෑ කැමැත්තක් නැති නිසා
Deleteඕකෙ වැරැද්ද මට හිතෙන හැටියට ඔය වැඩ කරන අයට සමාජ පිළිගැනීමක් නැතිකම කියල හිතන එක. ඒ උනාට ඒක ගැන හිතන්නෙ නැතුව වැඩට බහින එකා හොඳට වැඩේ අල්ලගෙන යනව. දොස්තරයෙකුට, ඉංජිනේරුවෙකුට උනත් තමංගෙ වාහනේ කැඩුනට පස්සෙ ඔය මිනිස්සු හොයාගෙන යන්න වෙනවනෙ.
ReplyDeleteඅනිවා. මොන වාහනේ ගියත් යන්න එපැයි ඉතින් හොයාගෙන
Deleteලංකාවේ වෘත්තිකයන් ගේ අති විශාල හිගයක් තියෙනවා. තව ටික දවසක් යද්දි පිට රට ජොබ් වලටත් අපේ උන් ගන්න එකක් නෑ. මොකද වෘත්තිය දැනුම බිංදුවයි දැං ඉන්න හාදයොන්ගේ. ලේත් මැෂින්, ඉන්ජෙක්ටර් මිකැනික්, ඩීසල් එන්ජිනියරින් හොද මාර්කට් තියෙන ජොබ්..
ReplyDeleteඔව්. සමහර අයට සහතික තිබ්බට වැඩ බෑ
Deleteඅපේ මුලික අද්ද්යාපන කොරමයේම තියෙන වැරැද්දේ තවත් පැතිකඩක් මේක .... ඉස්කෝලෙන් ඉගෙන ගෙන එලියට එන අයට කවදාවත් හිතෙන්නේ නැනේ මේවගේ ජෝබකට සෙට් වෙන්න ... මගදී හැලෙන අයම තමයි ගැරෙජ් බාස්ලා වෙන්නේ
ReplyDeleteඔව්. ඒ අපේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙන පිළිවෙලේ වැරැද්ද
Deleteඔය වගේ ජොබ් වලට යන්න තියෙනවනම් පට්ට මචෝ..අවාසනාවට රජය ඔය වගේ දේවල් මාර්කට් කොරනවා මදි තාම..
ReplyDeleteමාකට් විතරක් නෙවෙයි දෙන සැලකිල්ලත් අඩුයි නේ
Deleteලංකාවට අවශ්‍ය නාඩි මලේ ආකල්පමය වෙනසක්...උපාධිය ගත්ත එකා ගෙදරට වෙලා වේලි වේලි හිටියත් උපාධියෙ රස්නෙ හින්දා පොඩි රැකියාවකට හරි යන්නෙ නෑ....කාන්තාවට මේ මේ රැකියා සුදුසු නෑ කියලා සංස්කෘතිමය වශයෙන් යම් යම් බාධා තියෙනවා...එතකොට විභාග අසමත් අය පමණයි කාර්මික විද්‍යාල වලින් මෙවැනි යමක් ඉගෙන ගන්නෙ...මම පුද්ගලිකව දන්න කීප දෙනෙක් ඉන්නවා මේ අංශයෙන් ඉගෙන ගෙන විදේශ රැකියා ලබාගෙන ඒ අයගෙ පන්ති වල උගත් යැයි ගුරුවරුන්ගේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච අයට ලං වෙන්නවත් බැරි ඉතාම ඉහළ වැටුප් තල වල සේවය කරන.....
ReplyDeleteඅනිවාර්යෙන්ම! ඕනේ තරම් ඒ වගේ සාර්ථක වෙච්චි ය ඉන්නවා
Deleteමේ ශිල්පෙ දන්නවනම් වාහනේකුත් තියාගෙන අනුන්ටත් උදව්වක් කරගෙන රජෙක් වගේ ඉන්න පුළුවන්නේ!!
ReplyDeleteනැත්නම් නැත්නම්... :)
Deleteමජං කිට් එකක් ගහගෙන ඔය ජොබ්ස් කරන තරුන තරුනියෝ වගේම පාරවල් වල වැඩ කරන කොල්ලෝ එහෙම මේ රටේ හරි ආඩම්බරයෙන් ඉන්නේ. උන් ඒක හරි අගය කරනවා. ඒ වගේම හොඳ ගෙවීම් කරනවා. අපේ ආකල්පවල අවුලක් තමයි නාඩියෝ තියෙන්නේ. අනිත් එක වැටුප්.
ReplyDeleteවැටුප් නම් සාමාන්‍ය වශයෙන් හොඳයි. ලංකාවේ මජං කිට් එකට කවදා තැනක් එයිද මන්දා..
Deleteඉස්සර වගේ නෙවේ දන්නම් මෝටර් කාර්මික අංශයට ලොකු ඉල්ලුමක් තියෙනවා ඒක නිසාම සමාජයේ ඒ ගැන තිබ්බ වැරදි ආකාල්පයත් නැතිවෙලා ගිහිල්ලා.
ReplyDeleteඔබගේ යෝජනා වලට පොඩ්ඩක් මේ මානසිකත්වය වර්ධනය කරන්න තව යෝජනා ටිකක්ක් දාන්න..
ඔව්. අනිවාර්යෙන්ම mind set එක නම් වෙනස් කල යුතුමයි
Deleteඔය ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ ගැටලුව කොහොමත් යන්ත්‍ර එක්ක පැටලෙන ඒවාගේ තියනවා. හොදම උදාහරණය තමයි අපේ කැම්පස් එකේ යාන්ත්‍රික ඉංජිනේරු කරන 70 න් 5 ක් විතරයි ගැහැණු ළමයි. ඉතිං හැම තැනම මේ විදිය තමයි
ReplyDeleteඔව්. ඒක technical පැත්තේ දරුණුවටම තියෙන දෙයක්
Deleteදැන්නම් හිතෙනවා මේ ඩ්‍රයිවින් ජොබ් එක නැතුව ගැරේජ් එකක අත් උදව් දෙන්න මෙහෙ ආවත් හොඳ පඩියක් ගන්න පුලුවන් කියලා..මේ රටේ කාර්මික ශිල්පීන්ට පුදුම ඉල්ලුමක් වගේම හොඳ ආදායකමක් ලබන්න පුලුවන්...
ReplyDeleteවෙලාවක ඇවිත් යන්න....http://driverkolla78.blogspot.com/
ඒ ඉල්ලුම අපේ උන්ට තේරෙන්නේ නෑනේ බං
Deleteනාඩි මලයෝ මේක නම් අහම්බෙන් කියවපු පෝස්ට් එකක්.. කතාව සහතික ඇත්ත.
ReplyDeleteකෙල්ලනේ ගහකට නගින්න එපා! කමරේ ලයිට් එක ගහල ගියොත් මාරු කරගන්න එපා! ඔව්ව සේරම කොලු වැඩ කියල ලේබල් කරල තියෙන්නෙ. කෙල්ලන්ට අයිති රෝසපාට දේවල් විතරයි. මේ සමාජය තමයි මෙහෙම වැඩ වලට ගෑණු පිරිමි භේදයක් ඇති කරල තියෙන්නෙ.
මම මේක කියවන්න ආවෙ ‘ආමේචරය‘ කියල ගූගලේ සර්ච් පාරක් දැම්මම නාඩි නාමය දැක්ක නිසා ගොඩවැදුණා. එතකොට ගූගලේ ඊට යටින් තවත් බ්ලොග් එකක් පෙන්නනවා මේ ලිපියම තියෙන. ක්ෂණික කොපි කිරීමක් වගේ. හොරකම හොඳ නෑ නෙ.. ඒ සයිට් එකට කෙළවෙච්ච බවක් තමයි පේන්නෙ.
අන්න ඒකයි! කොටස් දෙකකට jobs ටිකත් බෙදාගෙන.
Deleteහෑ?? එහෙම දෙයක් වෙලාද? බලමු බලමු...
හම්මේ සහතික ඇත්ත කතාව. මම අසාවට ග්‍රැපික් ඩිසයිනින් කෙරුවා. එත් මන් තාම ගෙදර. :/ ජර්මන් ටෙක් එකෙ මේ කෝස් එක කරන්න මොනවද ඔන සුදුසුකම්? හොටෙල් මැනේජ්මන්ට් සයිඩ් එකත් හොදයිද ? තාම මට හිතාගන්න බැහැ මොන සයිඩ් එකකට ජොඉන් වෙන්නද කියලා
ReplyDeleteඋඹ graphic designing කළා නම් නිකම් ගෙදර ඉන්න එපා. නිකමට වගේ freelancer වැඩ ටිකක් කරපන්. ඒත් එක්ක UX Designing පැත්ත ගැනත් ටිකක් බලපන්. දැන් හොඳ ඉල්ලුමක් තියෙන පැති.
DeleteGerman Tec වලටනම් ඇතුල්වෙන්න ගොඩක් ලොකු සුදුසුකම් බලන්නේ නෑ මං දන්නා විදිහට/ හොඳම දේ තමයි පොඩ්ඩක් එතැනට ගිහිං විස්තර හොයා කියාගෙන දැන ගන්න එක
görüntülüshow
ReplyDeleteücretli show
HE553