ගොඩ කාලයක් තිස්සේ කොටන්නම් කියලා හිතාගෙන හිටියට
එක එක හේතු නිසා කොටන්න බැරි වෙච්ච එව්වා මෙව්වා ටිකක් ඔන්න අද නාඩියා කොටනවා! මේ
නාඩිය කියවන්න ඉස්සරලා කස්ටියම දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවලා පැත්තකින් තියන්න! නිල්,කොළ,රතු,කහ
එක එක පාට කන්නාඩි දාගෙන මේ නාඩිය කියවන්න බෑ!
ඒත් එක්කම නාඩියා හෙවත් මංතුමා ගැන තියෙන මතක, ප්‍රතිරුප(තියනවනම්),
ඇදුනුම්කම්, ආලවන්තකම් ;) ඔක්කොම ටිකකට පැත්තකින් තියන්න. මොකෝ මේකේ අකුරු ගැලපිලා
තියෙන හැටියට සමහර විට ඔබ අකමැති වෙන්න පුළුවන් නිසා! කියවලා ඉවර උනාම මතක ඇතිව ඒ
ටික ආයේ install කරගන්න!
“සරසවිය” ලංකාවේ ජිවත් වෙන 18 කෝටියක් වෙච්ච ජනතාවගේ
වැඩි ප්රතිශතයකගේ හීනයක්! අපේ ගෙදර පොල් කඩන සිමියොන් පහ වසරටවත් ඉස්කෝලේ ගියේ
නැති උනාට සිමියෝන්ගේ පොඩි එකා ඉස්කෝලේ යවන්නේ කන්තෝරුවක ලියන රස්සාවක්වත් ලැබෙයි
කියලා බලාගෙන...
කන්නන්ගර මහත්තයාට පින් සිද්ධ වෙන්න නිදහස් අධ්‍යාපනේ
බුක්ති විදින්න අපිට පුළුවන් උනා.අපේ අම්මලා තාත්තලාටත් පුළුවන් උනා! අපේ සියා
කියන විදිහට ඒ කාලේ University of Ceylon තියෙන
කාලේ උපාධියක් ගත්තා කියන්නේ රටක් රාජ්‍යයක්
ගත්තා වගේ දෙයක්!
හැබැයි සකල සිරින් පිරි සිරි ලංකාවේ අදනම් ඕනේ
තැනකින් උපාධියක් ගන්න පුළුවන්! සතිය අන්තිමේ පත්තරයක් බැලුවොත් අඩු ගානට හොඳ
කන්ඩිෂන් තියෙන local හරි international හරි
imported හරි අකුරු ටිකක් නම ඉස්සරහින් ගහ ගන්න ක්‍රම සහ
විධි ඕනේ තරම් තියනවා!
මෙන්න මේ නිසා ලංකාවේ උපාධි කාරයෝ දැන් කොටස්
දෙකක් ඉන්නවා! එකක් රජයේ විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල
වල උපාධි සහිත අය!
මුලින්ම කිව්වා පාට කන්නාඩි එව්වා මෙව්වා අයින්
කරන්න කියලා! මොකෝ නැත්නම් අනිවාර්යෙන්ම කියයි මේකා රජයේ කැම්පස් එකක එකෙක් නිසා
ඒවාට ආවඩන්න...කැම්පස් නොයන උන්ට උසස් අධ්‍යාපනය එපා කියන තාලේ එකක් කියලා!
මෙන්න මේ දෙකොටස අතර ගැටුම නිර්මාණය වෙන්නේ එකම
රැකියා වෙළඳපොලක තරග කිරීමේදී විතරක් නෙවෙයි! පෙලවහක් කරගද්දී...සමාජ තත්ත්වය කියන
ප්රස්තුතය තුලදී වගේ කරුණු කාරණා වලදී මේ පිරිස ගැටෙනවා!
අපි එකින් එක අරං බලමු!
පටන් ගන්න හැටි -
නොවදිනා දුක් විඳලා එක වසරට තමන්ගේ පොඩි එකා
ඇතුල් කරන අම්මා තාත්තා හිතන්නේ ළමයා දොස්තර කෙනෙක් කරන්න.නැත්නම් ඉංජිනේරුවෙක්
කරන්න! සිහිනය සර්ව සාධාරණයි! ඒ සමාජය හැඩ ගැහිලා තියෙන හැටි! ඊට පස්සේ අර ටියුෂන්
මේ ටියුෂන් ඔක්කොම කරවලා ලෝකේ තියෙන අමාරුම විභාගේ වෙච්චි උසස් පෙළ කලාට පස්සේ
හැමෝම දත කට මැදගෙන බලාගෙන ඉන්නේ දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අජපල් වෙච්ච නැති
රිසල්ට් එකක් ඇවිත් සරසවියට පිය නගන්න!
හැබැයි මේ වරම හිමි වෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයකට!
ලංකාවේ තියෙන නිදහස් විශ්ව විද්‍යාල ප්‍රමාණය හා එහි පහසුකම් අවම විම මේකට හේතුවක්.
මාර වැඩේ...Exam කළා!
ඒත් කැම්පස් යන්න ලකුණු මදි..ආයේ පාරක් කළා...ඒත්..... ආයේ මදි..මොනවා කරන්නද? දොස්තර
ඉංජිනේරු සිහිනය බොඳ කරගන්නත් බෑ! ඒ වෙලාවේ තමයි පුත්ගලික උපාධි ප්රදානය කරන ආයතන
අපේ අම්මලා තාත්තලාගේ උදව්වට එන්නේ!
උසස් පෙළ කඩයිම ඉහලින්ම පනින අය රටේ බදු ගෙවන
ජනතාවගේ වියදමින් ඉගෙන ගද්දි.. උසස් පෙළ ඉහලින්ම පාස් වෙන්න බැරි වෙච්චි, නැත්නම්
රාජ්‍ය විශ්ව විද්‍යාල යාන්ත්රනයට එකතු වෙන්න අකමැති(එහෙම ය ඕනේ තරම් ඉන්නවා!) අය
යම් මිලකට නියම වෙච්චි උසස් අද්යාපනයක් සඳහා යොමු වෙනවා!
අන්න එතැනදී “මුදල්” කියන සාධකය “දැනුම හා
දක්ෂතාව” කියන සාධකය අතර ගැටුමක් නිර්මාණය කරනවා!
ඇතුලේ මොකෝ වෙන්නේ???
සරසවි ජීවිතය කියන්නේ වෙනමම එකක්! එකේ අටුවා ටීකා
ටිප්පනි වෙන දවසක කොටමු! සරසවි කුලකය සරසවිය ඇතුලේ සමාසික ක්‍රමයකට ලොව පිළිගත්
විෂය නිර්දේශයන්ට අනුකුලව ඉගෙනුම් කරයුතු කරගෙන යනවා! වැඩ වර්ජන, ඉල්ලීම්, පිකටින්
මැද අවුරුදු 3ක් නැත්නම් 4ක් සමහර විට ඊට වැඩි කාලයක් ගත කරලා උපාධියක් අරගෙන
එලියට එනවා!
උපාධි ප්‍රදාන ආයතන වල සමාසිකයට නියමිත මුදල්
ගෙව්වාට පස්සේ ගුරුවරු පිරිසක් විසින් වෙනත් රටක විශ්වවිද්‍යාලයක හරි ස්වයං
නිර්මිත විෂය පථයක හරි දැනුම ශිෂ්‍යාට ලවා දෙනවා! මේ එක් එක් ආයතනයකට අනාන්ය වූ
උප සංස්කෘතියක් ඉබේම නිර්මාණය වෙනවා! මේ ළමයාත් අවුරුදු 3කින්...මුදල් හදල් අමාරු
උනොත් මැද පොඩි විරාමයක් අරගෙන හරි උපාධි සහතිකයක් ලබා ගන්නවා!
ගැටුම ඊළගට!
කාගේ එකද වඩා හොඳ????
මේක සාපේක්ෂයි! රජයේ විශ්ව විද්‍යාලයක උනත් update
නොවිච්චි ඉතා පරණ විෂය නිර්දේශයක් ඉගෙන ගෙන එලියට
එන එකා කොහාට යවන්නද? වැඩ ලෝකෙට ගැලපෙන දැනුමක් ඒ උපාධිධාරියා සතුව අනිවාර්යෙන්
තියෙන්න ඕනේ!
අනික “අපි මේක සල්ලි දීලා ගත්තේ! University
of &^^$%^$,*&&” පිටරටක උනත් වැඩක් නැත්නම් වැඩක් නෑ! ඒ යකා සල්ලි
දීලා ඉගෙන ගෙන තියෙන්නේ විෂය කරුණු විතරයි නම්..සමාජය ගැන අවබෝධය බින්දුවයි නම්...ඒ
වගේ එකෙක් පොල් පිත්තකින් උනත් කපා ගන්න පුළුවන්!
University Ranking???
ලෝකේ විශ්ව විද්‍යාල යම් කිසි ප්‍රමිතියක් අනුව rank
කරලා තියනවා! මේකෙන් කියන්නේ නෑ යට තියෙන්නේ
පිචන් ඒවා කියලා! Rank එක සඳහා විවිධ කරුණු බලපානවා! ශිෂ්‍ය සංඛ්‍යාව, පහසුකම්, ජයග්‍රහණ මේ
වගේ කරුණු. සමහර වෙලාවට ලංකාවේ පුද්ගලික උපාධි ආයතන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වඩා
උඩින් ඉන්නවා!
ඒ ඇයි????
මම දකින විදිහට අංක එකේ වැරදිකරුවා විශ්ව විද්‍යාල
පරිපාලනය හා දේශපාලනය! විශ්ව විද්‍යාල තුල තිබිය යුත්තේ ශිෂ්‍ය දේශපාලනය පමණයි! ඒ
නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ උදාරතර අරමුණ සහිත වූ එකක්! රටේ දැවෙන ප්‍රශ්න
සම්බන්ධයෙන් ඔවුන් නැගී සිටිය යුතුයි! ඒත් දේශපාලන ඉත්තන් නොවිය යුතුයි!
විශ්ව විද්‍යාල පරිපාලනය තමන්ගේ වාසි සඳහා කොටු
නොවී විෂය යාවත්කාලින කිරීම් ආදිය කල යුතුමයි!
රටේ භෞතික සම්පත් දියුණු කරනවා සේම දැනුමේ තිඹිරි
ගෙය වන විශ්ව විද්‍යාල සඳහා පාලකයන්
ආයෝජනය කල යුතුයි! එය වියදමක් නොව ආයෝජනයක් ලෙස සිතිය යුතුයි!
මීළඟ වැරදිකරුවා සරසවි ශිෂ්‍යයා! ඇයි ඒ??මගේ ඇඟට
ගොඩ වෙන්න එපා! සරසවි ශිෂ්‍යයා කියන්නේ රටේ උගත් යැයි සම්මත පිරිසක්! එහෙව් අය
තමන්ගේ අසරණ දෙමව්පියන් ඇතුළු රටේ බඩු ගෙවන ජනතාගේ මුදල් වලින් ඉගෙන ගන්නවා යැයි
කියා කරන්නේ පිස්සු කෙලිමනම්??? පොතේ ගුරන් නොවිය යුතුයි! සරසවි ජීවිතය විදිය
යුතුයි! අසාධාරණයට එරෙහිව හඬ නැගිය යුතුයි! ඒත් සමඟ ඉගෙනීම හරියට කල යුතුයි! අනිවා
එතකොට කැම්පස් ranking ඉහළ නගිනවා ෂුවර්! එහෙම නැතිව හැමදාම කරන්නේ පාරට
බැහැලා කෑ ගහන එක විතරක් නම්...................
උන් අපිට අරහං!උන්ට අපි අරහං!
රාජ්‍ය සරසවි ශිෂ්‍යයා හා පුද්ගලික උපාධි සිසුවා
අතර ගැටුමේ එක් අවස්තාවක් තමයි එකිනෙකා නොරුස්සන ස්වභාවය! ඔවුන් අයත් වනවා යැයි
සිතන සමාජ පන්තියේ ඇති වෙනස මේකට එක හේතුවක්!
මේ මම කියන්න යන කරුණ ඔයාලා පිළිගනිද දන්නේ නෑ!
පුද්ගලික උපාධි ශිෂ්‍යයා තුල ඉබේ ජනිත වෙන අධි මානයක් තියනවා!(සමහරකගේ පමණයි!)
ඔවුන් එක්ක එක පන්තියේ හිටපු කොල්ලා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පිකට් එකකට ගිහින්
බැටන් පොලු පහරක් කද්දී ඔහු සියුම් සතුටක් ලබනවා! ඒ උසස් පෙලින් ඔහුව පරාජයට පත්
කරන්නට නොහැකි විම මෙතැනදී හැකි උනා කියන දැක්ම!
කැම්පස් එකා strike නිසා
ගෙදරට වෙලා ඉද්දි..කැට යද්දී... සල්ලි හොයා ගන්න, සමහර විට ගෙදරට සල්ලි යවන්න පාරේ
“අද” පත්තර විකුනද්දී ප්‍රමෝෂන් යද්දී ඒ දිහා බලාගෙන කෙනෙක් හිනා වෙනානම්??? එය
සාධාරණීකරණය කරන්න පුළුවන් නම්!!!!!
ඔහු ඒ තත්ත්වයට පත් වෙන්න කරපු එකම වරද උසස් පෙළ
උසස් ලෙස සමත් විම හා පුද්ගලික උපාධි සහතිකයක් ලබා ගැනීමට තරම් ඔහු ඇති දැඩි කරපු
මව්පියන්ට කාසි පනම් නොතිබීම පමණයි!!!!
සිත් රිඳීම් ඇත්නම් සමාව දෙත්වා! මේ සම “හරක්”
පමණයි!
දෙපිරිසේම සම සමව වැරදි ඇති! සම්පුර්ණ නිවැරදි
පුද්ගලයෙක් සෙවීම කළු නික හොයනවාටත් වඩා අමාරු වැඩක්! හැබැයි වැදගත්ම දේ සින්තටික්
ලෝක වලින් මිදිලා ඇත්ත ඇති සැටියෙන් ලෝකය දැකීම!
නැත්නම් ලංකාවේ කැම්පස් කියන එක නිදහස් අධ්‍යාපනය
කියන එක, රෙද්ද පල්ලෙන් බේරෙන ගෞරවේ ලීක් වෙන එක නවත්තන පැම්පස් එකක් විතරක් වේවි!!
සංවාදයට විවෘතයි....
ඇත්තටම හොඳ නාඩියක්. කතාව ඇත්ත!.
ReplyDeleteප්‍රයිවට් ඩිග්‍රී කාරයොන්ගෙත් හොද වැඩ්ඩො ඉන්නවා... දැනට ලංකාවේ රැකියා වෙළඳපොල යොමු වෙලා ඉන්නේ කොහෙන් හරි කමක් නෑ සහතිකේකට රැකියාව දෙන්න. මගේ මතේ නං ඊට වඩා රැකියා ලාභියාගේ හැකියාව බලලා සුදුසු රැකියා (Skill Oriented Jobs) දෙන්න හිතුවොත් වඩා හොදයි. මොකද අපේ රටේ ඉන්න හැමෝටම මොකක් හරි හොද රස්සාවක් කරන්න තරං හැකියාවක් තියනවා. වැඩ බැරි දාස ලා හරිම අඩුයි.
අනිවාර්යෙන්ම හැකියාවට මුල් තැන දිය යුතුයි!
Delete//දෙපිරිසේම සම සමව වැරදි ඇති! සම්පුර්ණ නිවැරදි පුද්ගලයෙක් සෙවීම කළු නික හොයනවාටත් වඩා අමාරු වැඩක්! හැබැයි වැදගත්ම දේ සින්තටික් ලෝක වලින් මිදිලා ඇත්ත ඇති සැටියෙන් ලෝකය දැකීම!//
ReplyDeleteමේකම ආයේ කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ,හේතුව මම පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්නෙ,, :D මගේ අක්කා විදියට මම ආදරේම එක්කෙනා (නැන්දගේ දුව) ජ'පුර යන්නේ... නිකම් කුටුම්භය තුල ගැටුම් ඕනි නැහැනේ.. නෙහ්.. :D
හ්ම්ම් හ්ම්ම්...අප්පේ ගැටුම් නම් එපා!!!
Deletesahathika aththa kathawak bn .....bota mama bingo topi 10k denawa
ReplyDelete:)
Deleteමම යන්නෙත් පෞද්ගලික එකකට හින්දා උඹ කියන සමහර ඒවා පිළිගන්න වෙනවා. අපේ ඩිප්ලෝමා එකේ හිටියා මචන් සමහර උන් නිකන් පොඩි උන් වගේ. මෙලෝ සමාජ හසරක් දන්නෑ. සල්ලි බලෙන් රගන උන්. උන් කොහොම සිවිල් ජොබ් එක කරයිද කියලා මට නම් හිතා ගන්න බෑ. වෙලාවට උන් දැන් ඩිග්‍රිය කරන්න නෑ.
ReplyDeleteපෞද්ගලික ඒවට එන්නේ සල්ලිකාරයෝ කිව්වට බහුතරය එහෙම නෑ බං. හුගක් උන් අපි වගේ සාමාන්‍ය පවුල් වල උන්. මාසික වාරික වශයෙන් ගෙවන හින්දා එච්චරම ගාණක් නෑ. ඒක ගෙවන්නෙත් පරක්කු වෙලා අන්තිමටම ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒක ඇත්ත බං..මධ්‍යම පාන්තිකයෝ තමයි ණය වෙලා හරි තමන්ගේ දරුවන්ට උගන්නන්න මහන්සි වෙන්නේ...
Deleteලෝකෙත් එක්ක බැලුවහම ලංකාවේ වෘත්තීය අද්යාපනය අඩුයි.උපාධියක් ගන්නේ ජොබ් එකක් කරන්න මිසක් වෙනත් දේකට නෙමේ.හැබැයි ජොබ් එකකට ගිහින් ඒකට අවශ්‍ය අධ්‍යාපනය ලබාගන්න අයත් ඉන්නවා.මම උසස්පෙළ සමත්වෙලා මොරටුව වී.වී. it එකට තේරුනත් මම ඒකට වඩා job එක හොදයි කියලා තෝරාගත්තා.දැන් මගේ job එකට අදාලව කැම්පස් එකේ උපාධිය හදාරනවා.සල්ලි ගෙවලා තමයි.හැබැයි ප්‍රයිවට් කැම්පස් නෙවේ.කොළඹ වී.වීද්යාලයේ.පුද්ගලික සරසවි වගේම ඔවුනුත් මුදල් ගෙවලා කරන්න පුළුවන් උපාධි පාටමාලා කරනවා.හැම වී.විද්යාලේකම වගේ භාහිර උපාධිත් ඉතින් සල්ලි ගෙවලා තමයි කරන්න වෙන්නේ.හැබැයි ඉතින් මොන කැම්පස් එකත් සල්ලිවලට නොවී උපාධියට අදාළ දැනුම දෙනවනම් මං ඒකෙ වැරද්දක් දකින්නේ නෑ.
ReplyDeleteමෙතන තියෙන්නේ වෙන සීන් එකක්.උදාහරයක් විදිහට දොස්තරලා ගත්තොත්,එයාලා උසස්පෙළ හදාරනකොටම දොස්තර කෙනෙක් වෙන්න සිහින මවන්නේ පුද්ගලික දිස්පන්සරියෙන් ලැබෙන ආදායම මතක් කරගෙන.අම්මලා තාත්තලත් දරුවෝ දොස්තරලා කරන්නේ අන්න ඒක බලාපොරොත්තුවෙන්.නැතුව අහිංසක රෝගීන්ට පිහිටවීමේ උතුම් චේතනාවෙන් නෙවේ.ඉදලා හිටලා එහෙම කෙනෙකුත් ඇති,ඒත් බහුතරය එහෙම නෑ.ඔන්න එතකොට ප්‍රයිවට් කැම්පස් වලින් දොස්තරලා එන්න ගත්තොත් එක්කෙනෙකුට ලැබෙන සම්පතින් එක අඩුවෙන්න ගන්නවා.හැම හන්දියේම පුද්ගලික දිස්පන්සරි වැටුනම එයාලට පාඩුයි.ඔන්න ඕකයි ඕකට ඇත්තම හේතුව.....
දොස්තරලා පැත්තෙන් බලද්දී නම් කතාව යම් තාක් දුරට සාධාරණයි! මොකෝ ඒ අය තමන්ගේ තත්ත්වේ රැක ගන්න කියලා තත්ත්වයටත් නොගැලපෙන දේ කරනවා!
Deleteදෙපැත්තම පිළිබඳව කරුණු එක්රැස් කිරිම පිළිබඳව අගය කරමි.ඕතනට යන්න කරන කැපවිමත් අමතක කර පාරට බැහැලා කරන විගඩන් නම් මාත් අනුමත නොකරමි.අවශ්‍ය විට අසාධාරණයට නැඟි සිටිය යුතුය.එහෙත් බුද්ධිමත් උගත් පිරිසක් තුලින් අපි මිට වඩා දේයක් බලාපොරොත්තු වෙයි.මගේ නංගි කියන පරිදි බොහෝ විට කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත සමහරක් වර්ජන පැවැත්වෙන බවත්ය.බොහෝ පිරිසක් කරන්න දේයක් නැති කමට අකමැත්තෙන් වුවත් සහභාගි වෙනවලු.
ReplyDelete//බුද්ධිමත් උගත් පිරිසක් තුලින් අපි මිට වඩා දේයක් බලාපොරොත්තු වෙයි//
Deleteඇත්ත කතාව.... හ්ම්ම්..කියන කතාවෙත් ඇත්තක් තියනවා! එහෙම වෙන තැන් තමයි බොහෝ දුරට තියෙන්නේ!
කතාවනම් ඇත්ත කොල්ලෝ.ඒත් සමහර උපාධි දෙන පුද්ගලික ආයතන පිළිබඳ ප්‍රමිතියක් නැති එකත් ප්‍රශ්ණයක්.
ReplyDeleteඔව්! සමහර ඒවා සිල්ලර කඩ වගේ!
Deleteදැන් ගොඩක් තියනවා කියන්නේ උපාධි කඩනේ..
ReplyDeleteයහමින් සල්ලි තිබුනානම් උඹත් අද උපාධිධාරියෙක් පුතේ
හ්ම්ම්.....එහෙමත් වෙයි වගේ තමා කොහොමත්!
Deleteඕක පෞද්ගලික/ රජයේ විශ්ව විද්‍යාල අතර විතරක් තියෙන ගැටීමක් නෙවෙයි. "මගේ එක ලොකුයි" කියලා හිතන හැම තැනටම අදාල වෙන කරුණක්.
ReplyDeleteඋදාහරණයකට ගන්න තමන්ගේ ජාතිය ගැන හෙන ලොකුවට කතා කරන උන් දිහා. අපිට 2500 ක ඉතිහාසක් තියනවා, අනිත් උන් මහ වනචාරියෝ, සුද්දො පුක හෝදන්නේ නෑ අපි තමයි පුක හෝදන්නේ, වගේ දහසක් දේ. අන්තිමට උන්ගේ ජාතිය ගැන පම්පෝරිය විතරයි , තමන්ට පෞද්ගලිකව ලබා ගත්ත කිසිස් දෙයක් නෑ
ඒකනම් ඇත්ත..ඇයි අපි උන්ට මේ මමත්වය කියන එක නැති කර ගන්න බැරි??
Deleteමෙතන කියන්න ඉඩ මදියි..ඒ තරම් කියන්න දේවල් තියෙනෝ නේ
ReplyDeleteහ්ම්ම්..ටික ටික වත් එලියට දාපන්...
Deleteමම නම් ඇත්තටම පු. වී තියනවට අකමැත්තක් නැ... මිට කලින් මම ලිපියකින් ඒ ගැන කියලා තියනවා... එත් ඇතටම පුද්ගලික වී වී යන්නේ සල්ලි බලේ පෙන්නනම් එතන ලොකු වැරද්දක් වෙනවා...
ReplyDeleteපු වී උනත් නිසි ප්‍රමිතියකට අදාලව කරනවානම් වගේම රජයේ වී වී වල අද කාලෙට ගැලපෙන දැනුමත් එක්ක ගැලපෙන උපාදි පාඨමාලා තියනවනම් රැකියා වෙළද පොලේත් ඔය වී ව් මොකක්ද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නම් නැ මම හිතන විදිහට...
පුද්ගලික ඒවාගේ වැරැද්දක් නෑ මචං යම් කිසි ප්‍රමිතියක් හා පාලනයක් තියනවනම්...
Deleteඅම්මෝ මේකට පැටළුනොත් මචන් ගොඩ ඒමක් නැහැ .
ReplyDeleteකොටිම්ම මචන් job market එකේදී හොරුන්ගේ රෙදි
ගැලවෙනවා.වැඩ්ඩෝ ඉස්සරහට යනවා..එච්චරයි...
ඒක ඇත්ත..හොරකමට අනාගතයක් නෑනේ බං...
Delete// job market එකේදී හොරුන්ගේ රෙදි
Deleteගැලවෙනවා.වැඩ්ඩෝ ඉස්සරහට යනවා..එච්චරයි...//
ඔන්න අදනම් සහන් මලයා එක්ක ටිකක් පැටලෙන්න වෙනවා.
ඔහොම වෙන්නේ බොහොම කලාතුරකින් මල්ලි. රාජ්‍ය මෙන්ම බොහෝ පුද්ගලික ආයතන වලත් සිදුවෙන්නේ වෙන දෙයක්.
පුළුවන් තරම් අල්ලන එකා, අනුන්ගේ බෙලි කපන එකා, පිට කොන්දක් නැති එකා තමයි ඉස්සරහට යන්නේ.
යකෝ මෙච්චර වැදගත් කතාවක් අස්සට අර දාපු ෆොටෝ ඒකේ කැත, ෂීක් ඉතරක් !
ReplyDeleteකියනව නම් කොච්චර කියල කියන්න කරුණු තියෙනවද, තව පෝස්ට් එකක් මෙතන දානවට වඩා හොඳයි ඔන්නොහෙ අල්ලල දාන එක. කම්මැලියි බං කොටන්න.
;)
Deleteකොටපන් බං කම්මැලි නොවී....
පෞද්ගලික උපාධි ගත්ත එකා රජයේ වි වි උපාධිය ගත්ත එකාට ලොකු කම් පෙන්නනවා...
ReplyDeleteරජයේ වි වි උපාධිය ගත්ත එකා උසස් පෙල සමත්, ඒත් කැම්පස් යන්න බැරි වෙච්ච එකාට ලොකු කම් පෙන්නනවා...
උසස් පෙළ සමත් එකා උසස් පෙල ෆේල් එකාට ලොකු කම් පෙන්නනවා...
උසස් පෙල ෆේල් එකා සාමාන්‍ය පෙල ෆේල් එකාට ලොකු කම් පෙන්නනවා...
අනිත් ඒවා කියන්න දෙයක් නෑ නේ...
මට කියන්න තියෙන්නේ මම වැඩ කරපු තැන් වල හිටිය උපාධිකරයන්ට වැඩිය ප්‍රයෝජනවත් වැඩ කොටසක් ( දුවලා පැනලා, සමාජය එක්ක ගැටිලා, බස් වල කටු කාගෙන) සාමාන්‍ය පෙල ෆේල් එවුන් කරනවා... ඇරැන් ලොකු පඩි අරගෙන, සැප පුටු වලට වෙලා ෆේස්බුක් එකේ මල් කඩනවා... විනාඩි 5 න් 5ට මේල් චෙක් කරනවා.... හැදි ගෑරොප්පු වලින් බත් කනවා... ( ඔව් මේ මගේ අත්දෑකීමක්)
වැදගත් උපාධිය නෙවෙයි.. ඒක කොහෙන් ගත්තත් සමාජය එක්ක ගැටිලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ... මේ තියෙන විදියට උපාධිකාරයෝ මෙච්චර ඉන්න රටේ ව්‍යවසායකයෝ ඉන්නේ කොච්චර පොඩ්ඩද... ඔක්කොම බලං ඉන්නේ ලොකු පඩියක් එක්ක රස්සාවකට ගිහින්, ටයි කෝට් දාගෙන, ඒසී එකේ ඉන්න.... තමන් අලුතෙන් දෙයක් පටන් අරන්, මහන්සි වෙලා, ගොඩ නගා ගන්න උත්සාහ කරන අය වැඩි දෙනෙක් කැම්පස් නොගිය අය.... ඔන්න මගේ අත්දැකීම.....
//තමන් අලුතෙන් දෙයක් පටන් අරන්, මහන්සි වෙලා, ගොඩ නගා ගන්න උත්සාහ කරන අය වැඩි දෙනෙක් කැම්පස් නොගිය අය.... ඔන්න මගේ අත්දැකීම.....//
Delete++++++++++++++
මමත් ඕකට යම් තාක් දුරට එකඟයි! මොකෝ අපේ ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ සමහර කෝස් වලින් කරන්නේ ළමයින්ගේ නිර්මාණශීලි හැකියා මොට කරලා දාන එක!
Delete//පෞද්ගලික උපාධි ගත්ත එකා රජයේ වි වි උපාධිය ගත්ත එකාට ලොකු කම් පෙන්නනවා.///
Deleteමොන රටේද ? කොටියම කාපිය...
මම ආවෙත් මේ ටික කියන්න, මමත් වැඩ කරපු තැන්වල දැකල තියෙන්නෙ මෙහෙම දෙයක්, අනික රජයේ විශ්ව විදයාලයෙන් උපාධි ගත්ත එකාට වඩා පෞද්ගලික උපාධිය ගත්ත කෙනා ක්‍රියාකාරී වගේ හිතෙනවා, මම දන්නෙ නෑ ඒක හරිද නැද්ද කියලා, නමුත් රජයේ උපාධිය හිමි කෙනා ලග පුංචි හීන මානයක් තියනවා කියලත් හිතෙනවා. දැනුම අඩුකම නෙමෙයි, සමාජයේ එක කොටසක් විතරක් ඇසුරු කිරීමක් වගේ, එහෙම නැති කෙනා ඕනම තලේකට වැටිල වැඩ කරනවා වගේ දෙයක් තමයි මම දැකල තියෙන්නෙ. හැබැයි රජයේ උපාධිය ගත්ත කෙනාට ඒක ගොඩාක් ලොකු දෙයක් මොකද සෑහෙන්න අඟ හිඟ කම් මැද අවුරුදු ගානක් ගිහින් ඒ දේ ලබා ගන්න නිසා. අනිත් කෙනා ඒක ගැන ලොකුවට හිතන්නෙ නෑ කියල හිතෙනවා මොකද එයාල ඒක හුගක් වෙලාවට ලබාගන්නෙ රස්සාවක් කරන ගමන්, නැත්නම් ඉගෙනගන්න තියන දැඩි ආසාවට
Deleteඅප්පේ..යසිත් ළමයෝ මම එහෙම කියලා නෑ! මම කියලා තියෙන්නේ දෙපිරිසේම සම"හරක්" කියලා විතරයි!
Delete//රජයේ උපාධිය හිමි කෙනා ලග පුංචි හීන මානයක් තියනවා කියලත් හිතෙනවා. දැනුම අඩුකම නෙමෙයි, සමාජයේ එක කොටසක් විතරක් ඇසුරු කිරීමක් වගේ//
මෙහෙම දෙයක් මමනම් අක්කා දෙපැත්තේම දැකලා තියනවා! සමහර රජයේ විශ්වවිද්‍යාල ළමයින් තුලත් ඕක තියනවා..නියම සමාජ ආශ්‍රයක් නැති කම..ඒ අතර පුද්ගලික වී.වී වලත් ළමයි ඉන්නවා නියම ඇසුරක් නැති අය..
නාඩියෝ මේක මහා විශාල පැති කඩක් දුවන මාර්තුකාවක්.
ReplyDeleteමට ලඟදි උන අත්දැකීමක් කියන්නම්.
මගේ දුව අසනීපවෙලා ජ'පුර රෝහලට ඇතුලත් කලා. ඒක තුලදි මම දුටු දෙයක් තමයි.
එහි හිටිය වෛද්‍යවරු හිතාගන්න බැරි තරම් කැපවීමෙන් වගකීමෙන් හා පුදුම විදියට ආචාරශීලියි.
අනික අපි රජයේ(පූර්ණ) රොහල් වල(ජ'පුර අර්ධ රාජ්‍ය) දකින වෛද්‍යවරු පුදුම ආඩම්බරයකින්නෙ ඉන්නෙ.කොටින්ම ඔවුන්ගෙ ෆයිල් එකක් පවා අරගෙන යන්න ඕන සුලු සේවකයින්. එහෙත් එහි සමහර කුඩා යන්ත්‍ර පවා ඕවුන් අතේ අරගෙන යන්න තරම් නිහතමානියි.
හැබැයි මම දැනගත් විදියට ඔවුන් බොහොමයක් පුද්ගලික විශ්වවිද්‍යාල වලින් ආපු අය.(පිටරට)
මම කියන්න උත්සාහ කලේ දැනුම නිසිපරිදි,වෘත්තීය මට්ටමට ලබාගන්නව නම් ඒක පුද්ගලිකද,රජයේද..? කිම.
අප්පේ...දොස්තරලා ගැන වෙනමම එකක් ලියන්නම්කො.....
Deleteමම කියන්න උත්සාහ කලේ දැනුම නිසිපරිදි,වෘත්තීය මට්ටමට ලබාගන්නව නම් ඒක පුද්ගලිකද,රජයේද..? කිම.
ප්‍රශ්නයක් නෑ! "නිසි පරිදි" විය යුතුයි නේද?
මලයා අතිශයින් ම කාලින ලිපියක්..මැදහත් සිතින් යුතුව කියවිය යුතුයි.
ReplyDeleteඅනිවාර්යෙන්ම!
Deleteඔක උද්දච්ච කමක් එක්ක එන දෙයක්.සමහර රජයේ කැම්පස් ගිය එවුන්ගේ තියෙන ගෙම්බර් බලන්න එපාය .අපි නොගිය ඒක හොදයි.
ReplyDeleteඒත් ඉතිං සම"හරක්" තමයි! කොතන ගියත් පිට පහරන එකෙක් ඉන්නවනේ!
Deleteමොන මගුලක් කලත් කමක් නෑ උගන්නන දේ ඉගෙන ගනින්. ඊට පස්සේ උගන්නපු උන්ට උගන්නන්න උතසාහ කරපන්. විය යුත්තේ එයයි. එක තැන පල්වීම නොවේ.
ReplyDeleteඑක තැන පල් වෙන එක තමයි ජරාම වැඩේ! මේ සීන් එක ගොඩක් තියෙන්නේ අපේ ප්‍රධානම පෙලේ රජයේ විශ්ව විද්‍යාල වල! සිලබස් තාම අලුත් වෙලා නෑ!
Deleteමමත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ නෑ. හැම දේකම ප්‍රමිතිය පවත්වා ගැනීම වැදගත්. නැත්නම් වෙන්නේ උඩ බලාගෙන ඉන්න කෝකෙන් ආවත්. රාජ්‍ය විශ්වවිද්‍යාල වල නම් පාඨමාලා තියෙන්නේ 1950 විතර. ඒවා හැම එකක්ම යාවත්කාල විය යුතුයි.
ReplyDeleteඅනිවාර්යෙන්ම! තාම දුවන්නේ ඔක්ස්ෆර්ඩ් එකේ පරණ ඒවා!
Deleteඅර හීන මාන කතාවට එකෙන්ම එකඟයි.හැබැයි බහුතරය නෙවේ කියලත් කියන්න ඕනි.
ReplyDeleteඋන් විතරක් නම් මදෑ ඒ වගේ උන්ගේ අම්මලාගේ ගෑස් බලන්නත් එපයි අපි.
හික්ස්! ඒකනම් ටිකක් විතර ඇත්ත..අම්මලා තමයි වැඩියෙන්ම!
Deleteමමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න කෙනෙක්, ඒ වගේම AL විභාගෙන් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නත් සුදුසුකම තියන එකෙක්, නමුත් 2011 AL වල ප්‍රතිපල දීමේ හොඳකමට මට පළවෙනියට ආපු රිසල්ට් එක කැම්පස් යන්න මදි(පස්සේ වෙනස් වුන රිසල්ට් එකට පුළුවන් නිසා කැම්පස් දැම්ම, මම කැම්පස් සිලෙක්ට්) ඉතින් මම පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගියා. මෙතන කියල තියනවා පෞද්ගලික විශ්වවිද්‍යාල වල යන උන්ගේ ඔලුව වැඩියි කියලා. එහෙම උන් කොතනත් ඉන්නවා. ආණ්ඩුවේ විශ්වවිද්‍යාල වලත් ඒ විදියටම පෞද්ගලික විශ්වවිද්‍යාල වල යන්නේ මෝඩයෝ, සමාජේ ගැන දන්නේ නැති අත දරු සීනි බෝල ළමයි, අපි තරම් පොරවල් කොහෙවත් නෑ කියන උන් ඉන්නවා. උන්ගේත් වැඩියෙන් තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල යන සමහර උන්ට තියනවා කියන ලොකු ඔලුව(ලොකු ලයින්) ම තමා. අපතයෝ කොහෙත් ඉන්නවා.
ReplyDeleteඋසස්පෙළ කියන්නේ කෙනෙක් විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න සුදුසු කෙනෙක්ද කියල මනින්න තියන විබාගේ. ඒක පාස් වෙන එකා නීතියට අනුව විශ්ව ව්ද්‍යාලයට යන්න සුදුසුයි. නමුත් ලංකාවේ අධ්‍යාපනයේ තියෙන තරගයත්, විශ්වවිද්‍යාල වල ඉඩ පහසුකම් නැතිකමත් නිසා හැම එකාටම ඒ හීනේ හැබෑ කරගන්න බෑ. හිතපන් සාමාන්‍ය මොලයක් තියන එකෙකුයි ගොඩක් හොඳ මොලයක් තියන එකෙකුයි එකට විභාගේ ලියනව කියල. හොඳට මොලේ තියන එකා අනිත් එකා තරම් හොඳට පාඩම් නොකර පිස්සු කෙලිය නම් ඌට කැම්පස් යන්න බැරි වෙයි. නමුත් සාමාන්‍යයෙන් මොලේ තිබ්බ එකා රෑන්ක් එකක් දාල උඩින්ම කැම්පස් යයි (අයින්ස්ටයින් උනත් පාඩම් නොකරොත් කැම්පස් යන්න බෑ). ඒක බලල මොකෙක් හරි කියනවා නම් කැම්පස් යන උන්ට විතරයි මොලේ තියෙන්නේ කියල උගේ මොලේ කොහෙද තියෙන්නේ කියල හොයන්න වෙනවා.
කොහොම ඩිග්රි කරලත් පොතේ දැනුම විතරයි නම් ආණ්ඩුවේ එකාටත් ජොබ් දෙන්නේ නෑ. ලංකාවේ ඉන්න හැම එකාටම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන්න බැරි උනා කියාලා ඒවා වහන්න කියනවා නම් ඒවාට යාගන්න පුළුවන් උන්ට කරන්නේ අසාධාරණයක්. අපි කවුරුත් සල්ලි වලට පෙරේතයි. ලොකු මිනිස්සු වෙන්න ආසයි. සමාජවාදියෙක් උනත් ධනවාදියෙක් උනත් අපි ඔක්කොම ඉරිසියාව, පෙරේතකම තියෙන මිනිස්සු. හැමදේම පොදු දේපල කරාට ඒ කුහක ගති කවදාවත් නැති කරන්න බෑ.
ප.ලි : පෞද්ගලික විශ්වවිද්‍යාල වල සල්ලි වලටම නිකන් උපාධි දෙනවා කියල උනුත් ඉන්නවා. මම නම් එහෙම තැන් ගැන අහල නෑ. මොකද ඒවායේ දෙන්නේ වෙන රටවල තියන විශ්වවිද්‍යාල වල උපාධි. වැඩ බැරි උන්ට උපාධි දෙනවා කියන්නේ රස්සාවල් නැති උපධිකාරයෝ හදනවා කියන එක. එහෙම වෙන එකෙන් වෙන්නේ ඒ විශ්වවිද්‍යාල වල රෑන්ක් එක වැටිලා ඒවාට තියන ඉල්ලුම නැති වෙලා ඒවා ආදායමක් නොලබන තත්වෙට වැටෙන එක. ඉතින් මම හිතන්නේ නෑ උන් තමන්ගේම වල කපාගන්නවා ඇති කියලා.
//අපතයෝ කොහෙත් ඉන්නවා. // +++++
Deleteමමනම් දැක්ක විදිහට මෙහේ කොහෙවත් හරි සමාජවාදියෝ නෑ බං!
//....එහෙම වෙන එකෙන් වෙන්නේ ඒ විශ්වවිද්‍යාල වල රෑන්ක් එක වැටිලා ඒවාට තියන ඉල්ලුම නැති වෙලා ඒවා ආදායමක් නොලබන තත්වෙට වැටෙන එක. ඉතින් මම හිතන්නේ නෑ උන් තමන්ගේම වල කපාගන්නවා ඇති කියලා.....//
තියනවා තියනවා..ඔය තියෙන්නේ එක පරිගණක භාෂාවක් එහෙම උගන්නලා ඩිග්රි දෙන තැන් එහෙම!
"මමනම් දැක්ක විදිහට මෙහේ කොහෙවත් හරි සමාජවාදියෝ නෑ බං!"
Deleteමම සමාජවාදයට විරුද්ධයි. නමුත් මම එතැනදී අපතයෝ කියල කිව්වේ සමාජවදියන්ට නෙවෙයි. මම කිව්වේ පෞද්ගලික වී.විද්‍යාල වලට යන උන් මෝඩ, කිසි වැඩක් කරගන්න බැරි උන් කියල කියපු උන්ට. ඇත්ත. AL කරන්න හෙන ගේමක් දෙන්න ඕන. මමත් ඒ ගේම දීපු එකෙක්. ඒ උනත් AL කැම්පස් යන තරමට පාස් වුනාම අනිත් උන් මෝඩයෝ, අපි වගේ මීටර් නෙවේ, ගොන්නු කියල හිතන එවුන් ආණ්ඩුවේ කැම්පස් වලත් ඉන්නවා. ප්‍රයිවෙට් යන අපිට කියන කතා අපි හොඳට දන්නවා. මම මේ කියන්නේ හැමෝම ගැන නෙවෙයි. කොහොම හරි මම ආණ්ඩුවේ වී. යන්න සිලෙච්ට් උන එකෙක්. මම මේ දෙගොල්ලගෙම දැකල තියන දෙයක් තමයි බුද්ධිය කියන එකේ වෙනසක් නැති එක. නමුත් ආණ්ඩුවේ එකට යන උන් තරම් මහන්සි නොවුන උන් නම් ඕන තරම් ඉන්නවා. කවුරුවත් OL හරියට පාස් නොවුන එකෙක් AL rank එකක් දාල පාස් උනාම මෝඩයෙක් කියල කියන්නේ නෑ නේ. එහෙනම් AL හරියට කරගත්තේ නැති එකා AL රිසල්ට් එක විතරක් බලලා මෝඩයෙක් කියන එක වැරදියි.
"තියනවා තියනවා..ඔය තියෙන්නේ එක පරිගණක භාෂාවක් එහෙම උගන්නලා ඩිග්රි දෙන තැන් එහෙම!"
එක ඇත්ත. මම කලින් කියපු කතාවේ වැරද්දක් තියනවා. නමුත් එහෙම ඒවා අඳුනගන්න ලේසියි. ගොඩක් වෙලාවට හොඳ වැදගත් University එකක හොද වටින ඩිග්‍රී එකක් දෙන Uni වල නම් ඒ තත්වේ නෑ. මම දැන් මාසෙකට කලින් අහපු විදියට ලංකාවේ private uni. 146ක් විතර තියනවා. ඉතින් ඒවා ගොඩක් ඒවායේ ඩිග්‍රී නම් වැඩක් නැතුව ඇති. හැබැයි IT වල නම් හරියට ඉගෙන ගත්තේ නැති වැඩ බැරි උන්ට ජොබ් නෑ. ඉතින් එහෙම එකේ ඒ වගේ ඩිග්‍රී වැඩක් ඇත්තෙත් නෑ.
// AL හරියට කරගත්තේ නැති එකා AL රිසල්ට් එක විතරක් බලලා මෝඩයෙක් කියන එක වැරදියි. //
Deleteඇත්ත කතාව..මොකද ඒකෙදි වෙන්නේ අවුරුදු 2ක දේ පැය 3කින් ලියා ගන්න එකා ගොඩ යන එකනේ!
"හිතපන් සාමාන්‍ය මොලයක් තියන එකෙකුයි ගොඩක් හොඳ මොලයක් තියන එකෙකුයි එකට විභාගේ ලියනව කියල"
Deleteමම දන්න තරමට නම් හැමොටම තියෙන්නේ එකම මොලේ, මහන්සි වෙන කෙනා එ ප්‍රමානයට ප්‍රතිඵල ගන්නව අනිත් කෙනාට කෙලවෙනවා.
අනිත් දේ තමා රජයේ ව්.ව් වල අපතයො වැඩි වෙන්න හෙතුව තමා එක, මෙ තියන මෙතඩ් එකෙන් ඇතුලට යන්නේ ඇත්තම දක්ෂයා නෙමේ, ගොඩක් ඇත පලාත් වලින් අඩු ලකුණු වලට ඇතුලට එන ගොඩක් උන් කැම්පස් එන්න සුදුසු අය නොවෙන එකත් මෙකට එක හෙතුවක්, සමහර වෙලාවට කැම්පස් ඉන්න කෙනෙක්ට වඩා දක්ෂ කෙනෙක් පුද්හලික ව්.ව් කට යනවා වෙන්න පුලුවන්.
// ගොඩක් ඇත පලාත් වලින් අඩු ලකුණු වලට ඇතුලට එන ගොඩක් උන් කැම්පස් එන්න සුදුසු අය නොවෙන එකත් මෙකට එක හෙතුවක්, //
Deleteදිස්ත්‍රික් කෝටා ක්‍රමය අහෝසි කිරීම මෙයට විසඳුමක්ද?
යන්නේ පුද්ගලික විශ්වවිද්යාලේද ආණ්ඩුවේ එකේද කියන එක ඔය කියන මාන්නයට නම් අදාළ නැහැ මම හිතන විදියට. කොයි විදියකට හරි ලබාගත්ත තමන්ගේ ඩිග්‍රිය නිසා ඔලුව උදුම්මගත්ත අය කොහෙත් ඉන්නවා. ඒත් ඔය මොන උපාදිය තිබුනත් මම අද දකින විදියට ලංකාවේ වැඩි පඩියක් අරගෙන රස්සාවක් කරන්නේ සහ තමන්ගේම ව්‍යාපාරයක් හරි පටන් අරගෙන සාර්ථක වෙලා ජීවිතය ජය අරගෙන තියෙන්නේ සාමාන්‍ය පෙළ විතරක් කරපු උන්.
ReplyDeleteමොකද ඉගනගන්න එකා උපාදිය ගහගෙන එන්න ගත කරන කාලය ඕලෙවල් වලින් නවතිච්ච එකා තමන්ගේ අනාගතය සකස් කරගන්න වැය කරනවා. සමහර විට උපාදිය ගහගෙන එන එකාට සිද්ද වෙන්නේ ඕලෙවල් වලින් නැවතුන එකා ලග රස්සාවකට යන්න........
ඒකනේ බං අර බිල් ගේට්ස් අපූරු කතාවක් එහෙම කියලා තියෙන්නේ... :)
Deleteඒක ඇත්ත ලංකාවේ සමහර මිනිස්සු හිතන් ඉන්නේ පොරක් වෙන්න උපාධියක් ඕනෑමයි කියලා. ඒක අවශ්‍යම නෑ. හොද ව්‍යවසායකත්ව හැකියාවක් තියන එකාට ලෝකේ ඕන තැනක හොඳට හම්බකරන්නත් පොරක් වෙන්නත් පුළුවන්. බළලා මැටියෙන් උනත් කමක් නෑ මීයෝ අල්ලනවා නම් කියන්න වගේ උපාධියකිනුත් බලාපොරොත්තු වෙන දේ වෙන දෙයකින් හරි වෙනවා නම් එච්චරයි. නමුත් සාපේක්ෂව ගත්තොත් උපාධියක් ගන්න කෙනෙක්ට උපාධිය නිසා වැදගත් කමක් ලැබීමට තියන ඉඩ වැඩියි. ඒක නිසා උපාධි වැඩක් නෑ කියන්න බෑ. ඒ වගේම උපාධි නැතුව ගොඩ යාමක් නෑ කියන්නත් බෑ. හොඳම උදාහරණ තමයි ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, බොබ් මාලේ වගේ අය. මේ අය ලෝකේ පොර චරිත උනේ කැම්පස් වල PHD ගහල නෙවෙයි.
ReplyDelete//හොද ව්‍යවසායකත්ව හැකියාවක් තියන එකාට ලෝකේ ඕන තැනක හොඳට හම්බකරන්නත් පොරක් වෙන්නත් පුළුවන්.//
Deleteසිරා!! මම දාන්නත් ගොඩක් දෙනෙක් එහෙම අය! මම මුලින්ම යාලුවෝ 3දෙනෙක් එකතු කරගෙන කුරුණෑගල software development firm එකක් පටන් ගත්තෙත් මොකුත් නැතිව! අඩුම ගානේ AL result වත් නෑ!
අපෙ කම්පැණි ප්‍රමෝෂන් එක කොළඹ කැම්පස් එකේ තියමු කිව්වම Hර්R එකෙන් දවසක් කියපු කතාවක් මතක් උනා.."අපි ප්‍රමෝෂන් වලදි ටාගට් කරන්නෙ නම් ගොඩක් ප්‍රයිවට් යුනිවසිටි වල ළමයි..ස්ටේට් යුනිවසිටි වල නෙවෙයි.. අපි ---TT එකේ හරි --TT එකේ හරි ප්‍රමෝෂන් එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ" පොළව පලා ගෙන ගියත් ඊළග තට්ටුවටනෙ වැටෙන්නෙ..ඒ නිසා මන් මුකුත් කිව්වෙ නෑ..
ReplyDeleteඒ ඉතිං ඒ අයගේ මට්ටමනේ අක්කා! ගණන් ගන්න එපා!
Deleteමුකුත් නොකියමි. එපා වෙලා ඉන්නෙ. හ්ම්ම්
ReplyDeleteඒ මුකෝ????
Deleteඅනේ මංදා ප්‍රයිවට් උංගෙත් ඉල්ලන්නෙ ප්‍රොෆෙශනල් කොලිෆිකේසං ම තමයි දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග
ReplyDeleteඒවා නැතිව මොනවා කලත් වැඩක් නෑ බං! ඩිග්‍රිය කන්නද?
Deleteප්‍රයිවෙට් යන්නෙත් දුප්පත් උන්ම දමයි බොල. ඉඩකඩම් උගස් කොරල...
ReplyDeleteප්‍රයිවෙට් කැම්පස් නෑ කියමු.... රා.වි. වලට නොතේරුණු උන් තමන්ගෙ කොලිෆිකේශන් හදා ගන්නෙ කොහොමද ? උන් පොල් කඩන්නයැ..
හරි ඔක්කොම මහන්සි වෙලා ඉගෙන ගත්තා කියමු.. ඒත් කෝ ලංකාවෙ කැම්පස් වල ඉඩ... කොමස් කරල A3 ගත්ත උන්ටත් කැම්පස් යන්න බැරි නම් කවර කතාද ?
මොන ලෝකෙ ගියත් අද කාලෙ ඉල්ලන්නෙ ඇකඩමික් කොලිෆිකේශන් වලට වඩා ප්‍රොෆිශනල් කොලිෆිකේශන්.. නමුත් මං හිතන විදියට ප්‍රයිවෙට් කැම්පස් ගියපු උන්ට ප්‍රොෆිශනල් කොලිෆිකේශන් සාපේක්ෂව ලබාගත හැකි ප්‍රමාණය වැඩිද මංදා .............
//ප්‍රයිවෙට් කැම්පස් ගියපු උන්ට ප්‍රොෆිශනල් කොලිෆිකේශන් සාපේක්ෂව ලබාගත හැකි ප්‍රමාණය වැඩිද මංදා// එහෙම්මම නෑ බං! එක පුද්ගලයා අනුව තීරණය වෙනවා!
Delete//ප්‍රයිවෙට් කැම්පස් නෑ කියමු.... රා.වි. වලට නොතේරුණු උන් තමන්ගෙ කොලිෆිකේශන් හදා ගන්නෙ කොහොමද ? උන් පොල් කඩන්නයැ..//
එහෙම්මම තමා! රාජ්‍ය වී.වී නොතේරුණු පුද්ගලික වී.වී යන්නත් සල්ලි බාගේ හොයා ගන්නත් බැරි පොල් කඩන මාටින් මාමගේ පුතා එතකොට දිගටම පොල් කඩන්නද?????
අන්න එතැනදී තමයි පාලකයෝ අවදි වෙලා රටේ නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න ඕනේ!
පුද්ගලිකද රාජ්යද කියන එකට වඩා වැදගත් වෙන්නෙ එලියට එන උපාධි කාරයට වැඩ පුලුවන්ද කියන එක. අපේ සමහර රාජ්‍ය කැම්පස උපධි ගත්ත අයගෙ තියෙන මතයක් තමයි තමන්ගෙ උපාධිය තමයි හොදම උපධිය කියල හිතන එක. එක සම්පූර්නයෙන්ම වැරදි මතයක්. ලංකාවෙ ඔනේ තරම් උපධි "කඩ" තියෙනව තමයි. නමුත් ඒ අතරම හොද ආයතනත් ඔනේ තරම් තියෙනව. මම IT සහ HR කියන ෆීල්ඩ්ස් දෙකෙන්ම උපධි කරපු කෙනෙක්. මම ඔය උපධි දෙකම පුද්ගලිකව කරපු කෙනෙක්.ඒ වගෙම ඔය ෆීල්ඩ්ස් දෙකේම වැඩ කරපු සහ වැඩ කරන කෙනෙක්. අපි වැඩ කරපු ආයතනනම් බැලුවෙ පවරන වැඩේ හරියට කරන්න පුලුවන්ද කියන එක විතරයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි ඉන්ටර්වීව් වලදි උපධි සහතික බලද්දි සමහර උපධි සහතික ගැන අපිට හොද හැගීමක් අතිවෙනවා. උදාහරණයක් කිව්වොත් අපි IT ඉන්ටර්වීව් වලදි SL*** හරි කොලඹ කැම්පස් IT උපධියක් තියෙනවනම් යම් පිලිගැනීමක් කරනවා. ඒත් ඔය මොකෙන් ආවත් ඉන්ටර්ව් එකේදි තේරුනොත් වැඩ බැරි දාස කෙනෙක් කියලා, අපි එයාව අයින් කරල I*M හරි N**M උපාධිය ගත්ත කෙනෙකුට උනත් අවස්තාව දෙනව. ඉතින් මට කියන්න ඕනෙ උන දේ තමයි, පුද්ගලික අංශය බලන්නෙ උපධිය ගත්ත කැම්පස් එකට වඩා ආයතනයට ගන්න මිනිහට වැඩ පුලුවන්ද කියන එක.
ReplyDelete//ඉතින් මට කියන්න ඕනෙ උන දේ තමයි, පුද්ගලික අංශය බලන්නෙ උපධිය ගත්ත කැම්පස් එකට වඩා ආයතනයට ගන්න මිනිහට වැඩ පුලුවන්ද කියන එක.//
Deleteඇත්ත! මොකෝ ආයතනයකට වැඩ බැරි එකෙක්ගෙන් වැඩක් නෑනේ!
උපාදිය ගන්නවා කියන්නේ දැනුම විතරක් නෙමේ හැබැයි දැනුමින් තොර උපද්යෙනුත් වැඩක නෑ රජයේ සරසවියක ඉන්න නිසා මාත් දන්නවා ගොඩක් නිදහස් අධ්‍යාපනය රැකගන්න එක අපේ වගකීමක් එත් අපි අද්යාපනය වෙනුවෙන් කරන කැප කීරීම හොදටම මදි ඒකට පාලකයෝ වගේම අපිත් වගකියන්න ඕනි යම තරමකින්
ReplyDeleteඅන්න අපිත් වැරදියි කියන එක තේරුම් ගත්තානම් හොඳටෝම ඇති!
Deleteඋඹේ උසට වඩා උස ලිපියක් බන් මම කිව්වේ නියම ලිපියක් කියලා.හැබැයි බන් ලකුනක් දෙකක් මදි වුන් හීන සැබෑ කරගන්න සල්ලි වියදම් කරලා හරි ප්‍රයිවට් එකේ ඉගෙන ගන්න එකේ වැරද්දක් කියන්න බැහැ.හැබැයි ප්‍රශ්නේ උඹ කියනවා වගේ උඹලා දෙගොල්ලේ අතරේ පවතින ගැටුම!
ReplyDeleteනිර්මාණය කරන ලද ගැටුමක් තමයි බං එතන තියෙන්නේ....ඒ ඇර සැබෑ ගැටුමක් නෑ!
Deleteඒ වගෙම මම හොදටම දන්න තවත් කතාවක් කියන්නම්.මගේ යාලුවෙක් හිටියා අපිත් එක්ක IT උපාධිය කරද්දි පලවෙනි අවුරුද්දෙ.මිනිහා උපාධියේ 1st year විතරයි කරේ.මිනිහ හැබැයි හොද වැඩකරයා.ගියපු රටයි ගියපු විදිහයි මෙතන කියන එක හොද නැ. හැබැයි ගියේ යුරොපා රටකට නෙවෙයි කියන එකත් ගියේ අවම සුදුසුකම උපධිය වෙන රස්සවකටත් කියන එක විතරක් මට මෙතන කියන්න පුලුවන්.අද මිනිහා අපි ගන්න පඩිය වගේ 4 ගුනයකටත් වඩා ගන්නවා.එයාගෙ එකම සුදුසු කම උනේ වැඩ පුලුවන් එක.එක හින්ද පුද්ගලික උපාධි දෙන ආයතන හින්ද තමන්ගේ රැකියා අවස්තා අවම වීම කියන සාධකයෙන් තොරව හිතනවනම් අපි හැමොම කරන්න ඔනේ අනික් අය අතර අපි කැපී පෙනෙන පුද්ගලයෙක් වීම මිසක් එවට විරුද්ධ වීම නෙවේයි.පුද්ගලික අංශයෙ කවදාවත් සහතිකය විතරක් තියෙන අදක්ශයන්ට රැදී ඉන්න බැ.හැබැයි රජ්‍ය අංශය ගැන නම් ඒක වලංගු වෙන්නෙ නැ
ReplyDeleteරාජ්‍ය අංශයේ වෙන්නේ හොඳටම අයිස් ගහන්න පුළුවන් එකා ගොඩ යන එක!
Delete" ඔවුන් එක්ක එක පන්තියේ හිටපු කොල්ලා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පිකට් එකකට ගිහින් බැටන් පොලු පහරක් කද්දී ඔහු සියුම් සතුටක් ලබනවා! ඒ උසස් පෙලින් ඔහුව පරාජයට පත් කරන්නට නොහැකි විම මෙතැනදී හැකි උනා කියන දැක්ම!"
ReplyDeleteඒ කතාව නම් ඇත්තය, ඒ අතරම නිදහස් අධ්‍යාපනය ලබන සමහර හොරිකඩයෝද එහෙමය,උඹලා ගිහින් පිකටින් කරලා ගුටි කාලා ගන්න දෙයක් අපිටත් එක්ක ගනිල්ලා , අපි ඇවිත් ඉන්නේ ඉගෙන ගන්න විතරය, පිකටින් කරන්නේ නරක ළමයි ය,ඒ උන් හිතන හැටිය,ඒත් උන් පිකටින් කරලා,ගුටි කාලා ගන්න හැමදේම අපිට ඕනෑය
ඒකනේ මචං අලයෝ කියලා ජාතියක් හැදිලා තියෙන්නේ!
DeleteA/L Pass Neti Unat Salli Neti Unath Yanna puluwan University 1k Tiyanawa oyala Dannawada Website 1 ta ewitma wedi wisthara balanna Tiyenne Ratmalane. www.univotec.ac.lk
ReplyDeleteUniversity of Vocational Technology
Deletedüzce
ReplyDeletesakarya
tunceli
van
bayburt
LVİ5
89ED9
ReplyDeleteSiirt Lojistik
Bayburt Parça Eşya Taşıma
Ünye Oto Lastik
Yozgat Evden Eve Nakliyat
Ünye Fayans Ustası
Mamak Fayans Ustası
Karabük Lojistik
Niğde Şehir İçi Nakliyat
Eryaman Fayans Ustası
D4F82
ReplyDeleteBurdur Lojistik
Edirne Parça Eşya Taşıma
Muş Parça Eşya Taşıma
Silivri Çatı Ustası
Çerkezköy Çelik Kapı
Eskişehir Şehirler Arası Nakliyat
Ankara Parça Eşya Taşıma
Bitlis Parça Eşya Taşıma
Amasya Parça Eşya Taşıma
E70C1
ReplyDeleteÇankaya Fayans Ustası
Karaman Şehir İçi Nakliyat
Ünye Marangoz
Trabzon Evden Eve Nakliyat
Ardahan Parça Eşya Taşıma
Okex Güvenilir mi
Kayseri Lojistik
Isparta Evden Eve Nakliyat
Batıkent Boya Ustası
00E04
ReplyDeleteBolu Evden Eve Nakliyat
Isparta Şehir İçi Nakliyat
Manisa Şehir İçi Nakliyat
Nevşehir Parça Eşya Taşıma
Diyarbakır Şehirler Arası Nakliyat
Sinop Şehir İçi Nakliyat
Kırklareli Şehirler Arası Nakliyat
Afyon Lojistik
Altındağ Parke Ustası
4F1FF
ReplyDelete%20 referans kodu
3FC12
ReplyDeleteFacebook Grup Üyesi Hilesi
Binance Referans Kodu
Kripto Para Madenciliği Siteleri
Casper Coin Hangi Borsada
Trovo Takipçi Satın Al
Coin Çıkarma
Bitcoin Kazma Siteleri
Lunc Coin Hangi Borsada
Youtube Beğeni Hilesi
937EB
ReplyDeleteSatoshi Coin Hangi Borsada
Kripto Para Üretme Siteleri
Chat Gpt Coin Hangi Borsada
Youtube İzlenme Satın Al
Dlive Takipçi Hilesi
Pi Network Coin Hangi Borsada
Hexa Coin Hangi Borsada
Okex Borsası Güvenilir mi
Kripto Para Nasıl Alınır
GBHNGVBNJ
ReplyDeleteشركة تسليك مجاري الخبر
شركة تسليك مجاري بجدة 2y6LjJomWk
ReplyDeleteشركة تنظيف خزانات بخميس مشيط P7Zp6cV5wI
ReplyDeleteشركة صيانة افران بالاحساء iP87g6MoVT
ReplyDeleteشركة تسليك مجاري بالاحساء d85L54Sm3f
ReplyDelete<a href="https://zahretelmaml
ReplyDeleteشركة تنظيف مجالس بخميس مشيط iOJ1pqnHIM
ReplyDeleteشركة عزل خزانات BDf3wZ40uV
ReplyDeleteشركة تنظيف مساجد بجازان eMHG7B5bOc
ReplyDelete4B414A7FFA
ReplyDeletekadın takipçi satın al
Tinder Promosyon Kodu
Pubg New State Promosyon Kodu
Viking Rise Hediye Kodu
Pubg Hassasiyet Kodu
Pubg New State Promosyon Kodu
MFF Kupon Kodu
Pubg Hassasiyet Kodu
PK XD Elmas Kodu
شركة مكافحة النمل الابيض بالجبيل
ReplyDeleteV1MADMSigd