අද නාඩියා
කොටන්න හිතුවේ පහු ගිය දොහක ඇතුගල්පුර කොරපු මෘදුකාංග එක්සිබිසං එකේ ඉද්දි ඔළුවට
එන්ටර් වෙච්ච අයිඩියාර් ටිකක්..
ඔන්න ඉතින්
උදේ පාන්දරම ආදරණිය ඉස්කෝලේ නංගිලා මල්ලිලා ටික ටිචර්ලත් එක්ක ප්‍රදර්ශනේ බලන්න
ආවා...අවුරුදු දෙක තුනකට ඉස්සර වෙලා අපිත් මෙහෙම් ආවනේ කියලා ඒක දැකල මට
හිතුනා..සමාරම්භක උත්සවේ එහෙම තියලා...පොල්තෙල් පහන එහෙම පත්තු කොරලා...වැඩේ පටාන්
ගත්තා....
අපිත් ඉතින්
දන්න කියන වැඩ දාල අපි දන්නා කියන දේවල් මතු පරපුරට කියලා දෙන්නා සෙට් උනා.ඉස්කෝල
වලින් එන්න කියලා තිබ්බේ O/L, A/L තොරතුරු තාක්ෂනය ඉගෙන
ගන්න ළමයින්ටයි..ඒ විෂය වලට සම්බන්ධ ගුරුවරුන්ටයි..
පැහැදිලි
කිරීම් පටන් ගත්තා..විස්තර කරන්නේ Software Development ගැන..Java ක්‍රමලේඛන භාෂාවේ තියන වරුණේ ගැන එහෙම ඉතින්
කියනවා.ළමයි පුදුම වෙලා වගේ ඒක එක්කෙනාගේ මුණු දිහා බලන්න පටන් ගත්තා!පේන විදිහට
වැඩේ අවුල් වගේ!කරගෙන ගිය ඒක නවත්තලා අපි පොඩ්ඩක් audience ඒකෙන ප්‍රශ්න අහන්න පටන් ගත්තා..
“IT කියන්නේ මොන වගේ subject එකක් කියලද නංගිලා
මල්ලිලා හිතන්නේ?”
“..........(නිශ්ශබ්දතාවය)”
“Software එකකින් අපි කරන්නේ
මොනවගේ දෙයක්ද?”
“ම්ම්ම්.......ම්ම්ම්.....”
“මොනවද නංගි මල්ලි
ඔයාලා දන්න software?”
“ම්.....word….windows…….ම් .....”
මාර සිද්ධිය!ඉස්කෝලේ
ICT
විෂය කරන
අයවත් මේ ගැන කිසිම අවබෝධයක් නෑ!හරිම දුකයි!අපි මහා ලොකුවට කියනවා ලංකාවේ තොරතුරු තාක්ෂණ
දැනුම හරිම දියුණුයි...පරිගණක සාක්ෂරතාව බොහොම වැඩියි කියලා!හැබැයි ඒක නෙවෙයි ලංකාවේ ඇත්ත තත්වේ!
ඇත්තම කිව්වොත්
අපි සංගණන වලදී පරිගණක සාක්ෂරතාව මනිනවා කියලා කරන්නෙත් බොරුවක්!2011 සංගනනේ(හැබැයි
ඒක තිබ්බේ 2012 මේ අවුරුද්දේ!)අපි සාක්ෂරතාව කියලා ගත්තේ කොම්පිතරයක් ඕන් කරගන්න පුලුවන්
කස්ටියනේ!ඇත්තටම ඒකටද පරිගණක සාක්ෂරතාව
කියන්නේ????
ඉස්කෝල
වලත් කියන්න හැම වෙලාවෙම අපිට පහසුකම් නෑ!ප්‍රමාණවත් තරම් ගුරුවරු නෑ!ඒ වගේ චොකා
බයිලා!හැබැයි ඇහුවොත් internet නම් තියනවා කියලා කියනවා!ප්‍රයෝජනයක් ගන්න පාටක් නම්
පෙන්න නෑ!පාසල් බොහොමයකගේ පරිගණක විද්‍යාගාර ප්‍රින්සිපල්ගේ හරි සර් කෙනෙක්ගේ හරි පෞද්ගලික දේපලක් බවට පත් කොරගෙන!
අනිත් දුක
හිතෙන දේ තමයි ලංකාවේ ළමයි කොම්පීතර කියලා හිතන්නේ windows වලට!Bill Gates මාමට පශ්චාත් භාගෙනුත් හිනා යයි මේවා අහලා!පවු
නේ!මොකද ඉතින් අපි මේකට කොරන්නේ????ඇස් ඇරගෙන කට බලියන් බලන් ඉමුද???අපිය කොරන්න
පුළුවන් දෙයක් කොරමුද??මොකද පඩුපුල් ආසනේ කවදා උණු වෙයිද දන්නේ නෑනේ!