වැඩ කරන ජනතාවගේ දවසේ හැම
තැනම පේන්න තියෙන පෝස්ටර් බැනර් වල තියෙන්නේ “දියව් දියව්!!!” කියලා! කොහෙවත් “ගනිව්
ගනිව්” කියලා නෑ! අනේ මන්දා....
රටේ විරැකියාව උග්‍ර
වෙලාලු! රැකියා නැහැල්ලු! උපාධිධාරියෝ මහපාරෙලු!! ඔව්! සේරම ඇත්ත! උඩ ඉදන් යට තැන
වෙනකම් ඔක්කොම මේකට වැරදිකාරයෝ! අපිත් එක්ක! ඔක්කොම වැරදිකාරයො!
කැම්පස් පැම්පස් නාඩියේමංතුමා කිව්වේ කැම්පස් වලින් එලියට එන අපේ උන්ට යන කලදසාව ගැන.
ඒ අහව් අස්සේ “ඇයිරත්තරං ඔය අත් වල මජං” කියලා අහන්න ගිහිං ඇහුනේ වෙනමම පැත්තක්!
කොහොමෙන් කොහොම හරි මැයි
දිනේ රතු පාට ඇඳලා එහෙම කොටන්න ගත්තේ මේ ටිකේ ඔළුවට වැදිච්ච අදහස් ටිකක්.
විරැකියාව, හැම තැනම
තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඇත්ත තත්ත්වේ තමයි රජයට හරි පුද්ගලික අංශෙ අයට හරි බෑ
ලංකාවේ ඉන්න ඔක්කොම උපාධිධාරියෝ ටිකටයි අනිත් ඔක්කොටමයි රස්සා දෙන්න. මොකද
කිව්වොත් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට එන හැමෝටම අපි රජයේ රැකියා දෙනවා කියලා
පොරොන්දුවක් කිසිම රජයක් දෙන්නේ නෑ. අනික එහෙම දෙන්න ඕනි කියලා බැඳිලත් නෑ. ඒ අය
කරන්නේ රැකියා වෙළඳ පොලට අවශ්‍ය මානව සම්පත ගොඩ නංවන එක විතරයි. (හැබැයි ඒක හරියට
වෙනවද කියන එක ප්‍රශ්නයක්)
ඉතිං ඉතිරි උන් ටික මොකෝ
කරන්නේ?? හැමදාම ලිප්ටන් වටරවුමට වෙලා කෑ
ගහනවද? නැත්නම් බෝක්කුවක් උඩට වෙලා හැමදාම රැකියා ඇබෑර්තු පත්තරෙයි ගැසට් ඒකයි කියෝ
කියෝ ඉන්නවද???
ලඟකදී දවසක මංතුමා ගෙදර
එද්දී රෑ 8 ට විතර ටවුමේ පාන් බනිස් තියාගෙන හිටිය ත්‍රි විලරේ පැත්තෙන් මගේ නම
කියනවා ඇහුනා. මොන විජ්ජුම්බරයක් ද කියලා
ඔලුව දාල බලද්දී යකෝ මේ අපේ පන්තියේ හිටිය අතීසාර මිත්තරයෙක් නේ මේ! මිනිහා OL විභාගේ පේල්! පන්තියේ අන්තිමයාගේ ඉඳලා ගත්තොත් 3 වෙනියා විතර! හැබැයි හරිම
හිත හොඳ කොල්ලා!
“අඩේ බං උඹද මේක කරන්නේ!
මං දන්නේ නෑනේ!”
“කොහෙද ඉතිං උඹලා ගමේ
රටේ වත් ඉන්න එකක් යැ!”
“ඉතිං ඉතිං උඹ ගත්තද බං
මේ ත්‍රි විලරේ? කොහොමද දැන් බිස්නස් එහෙම?”
“අවුලක් නෑ බං. මේක මං
1කට ගත්තේ. පාන් තියෙන පෙට්ටිය අඩු ගානකට හම්බුනා. දැන් ඉතිං මේක තියාගෙන වැඩේ
කරගෙන යනවා”
“එලම තමා! කොහොමද ඉතිං
සම්තින් එකක් වැදෙනවද?”
“නැත්නම්! කොහොමත් දවසකට
හයදාහක වත් බිස්නස් එකක් තියනවා බං. තෙල් වලට එහෙම වියදම් ඇරලා 2ක් වත් අතට ගන්න
පුළුවන් බං.”
“යකෝ තනි උඹට හොඳටම
ඇතිනේ ඒ ගාන!”
“නෑ බං wife ටයි පොඩි එකාටයි සලකන්නත් එපැයි”
ඌ දැන් මාස හතරක පොඩි
එකෙක්ගේ තාත්තා කෙනෙක්! සන්තෝසයි බොලව්.
මට ඌ කියපු විදිහට ඔය
චුන් පාන් යන ත්‍රි විලරේක ලොරියක ඉන්කම් එක ඔන්න ඔහොමයි. බනිස් ගෙඩියකින් රුපියල්
5ක් සුද්ධ ලැබේ තියන්න පුළුවන් ලු! (දැන් ඉතිං තොපි ඊළඟ පාර පාන් මල්ලි ආපුවහම
ඒවටත් ඩිස්කවුන්ට් ඉල්ලන්න යන්න එපා!)
දෙයියන්ගේ පිහිටෙන්
නෙවෙයි උගේ දාඩිය වල පිහිටෙන් පවුලක් කාල ඇඳලා ඉන්නවා. ඊළඟ මාසේ විතර තව ත්‍රි
විලරයක් අරගෙන මස්සිනාට වැඩේ හුරු කරවන්නයි උගේ ලෑස්තිය. ඌ දැන් ව්‍යවසායකයෙක්!
ඊලඟ කතාව...
අසංක අයියා අපිට වඩා
අවුරුදු 3ක් විතර වැඩිමහල්. මිනිහා බැන්දා. හැබැයි අවාසනාවකට හම්බුනා පොඩි එකාට
තැලිසිමියාව. ඉස්පිරිතාල ගානේ ගිහිං එහෙම මිනිහගේ රස්සාව නැති උනා. මොනවා කරන්නද!
මිනිහා බැස්සේ බුලත් විට බිස්නස් එකට. උදේ පාන්දරම විට හදලා ටවුමේ කඩ ටිකට
ගෙනිහින් දාන එක තමයි කලේ. වැඩේ නැගලා ගියා. දැන් මනුස්සයා මදුරුවා බයික් එකක්
එහෙම අරගෙන ලකේට ඉන්නවා. මේ සයිඩ් එකටම බුලත් විට දාන්නේ මිනිහා!
“මල්ලි දැන් මට තියෙන ප්‍රශ්නේ
ඉල්ලන ප්‍රමානෙට සප්ලයි එක දෙන්න බැරි එක! එච්චර වැඩ තියනවා. ඒ හින්දා මං උදේට විට
හදලා දෙන ගෑනු කෙනෙක්ට පඩියකුත් ගෙවනවා බං”
බින්දුවේ ඉදන් නැගිට්ට
අසංක දැන් ව්‍යවසායකයෙක්!
මං තුමාට ඔය මගේම කියලා
බිස්නස් පිස්සුව තදේටම තියන එකෙක්. AL
ඉවර වෙලා තව සෙට් එකක්
එකතු කරගෙන වැඩේට බස්සා. කලේ ඉතිං දන්න කියන software වැඩ කෑලි තමා. Project එකයි කලේ! වැඩේ කොට උඩ! මං කපෝති! අතේ තිබිච්ච පෝන්
කට්ටත් විකුනලා තමයි බේරුනේ. වැරදෙනවා. හැබැයි පාඩම් ඉගෙන ගෙන නැගිටින එකයි
වැදගත්.
දැන් නම් ඉතිං Brightron Solutions වෙච්චි අපේම කොම්පැනියේ වැඩ ටික කරගෙන ඉන්නවා. ගන්න
දැනුමින් මොකක් හරි ප්‍රයෝජනයක් තියෙන්නත් එපැයි.
බ්ලොග් ලෝකේ නම් ගොඩක්
දෙනෙක් ව්‍යවසායකයෝ! හිරු අක්කා, අභීත අයියා, අයිස් ජෝඩුව මේ මම දන්න කියන දෙතුන්
දෙනෙක්. තමන්ගේම කියලා ව්‍යපාරේක තියෙන වැදගත්කම ඒ අය දන්නවා.
කවුරු කොහොම කිව්වත්
වැඩේ ලේසි නෑ! හිනා වෙන්න නම් කට්ට කන්න ඕනේ මල්ලි...
මෙහෙම කියන් යද්දී මතක්
වෙන්නේ අපේ ත්‍රි වීලර් මල්ලිලා ටික. ඒ අයත් එක අතකින් බැලුවහම තමාගේම මුදල්
ඉපයීමේ මාර්ගයක් හිමි උදවිය. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියනවා. සාමාන්‍යන් අර්ධ
නාගරික ප්‍රදේශයක නැත්නම් ගම්බද පලාතක හන්දියක ත්‍රි විලරයක් තියාගෙන ඉන්න අය ඒ
අයගේ කාලයෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවද? මං දැකලා තියෙන විදිහට ඒ අය හයර් නැති වෙලාවට
කරන්නේ ඔහේ පාර දිහා බලාගෙන ඉන්න එක. නැත්නම් කාඩ් පාරක් ගහන එක.
නිකමට හරි මේ spare time එකත් ආදායම් ලබන විදිහක් කරන්න පුළුවන් නම්... තව
සම්තින් එකක් අතේ...
එහෙම කරගෙන ගියොත් ඒ
මල්ලිත් ව්‍යවසායකයෙක්!
හරිම අමාරුවෙන් කියෝ
ගත්තු වචනේ “ව්‍යවසායකත්වය” හිංගලෙන් කිව්වොත් entrepreneurship. විශ්වවිද්‍යාල වල පැය
ගණන් ලෙක්චර් කරලා ඉගැන්නුවත් තරුණ සමුළු අරවා මේවාගේ කොච්චර කතා උනත් ලංකාවේ තරුණ
ව්‍යවසායකයෝ ඉන්නේ හරිම අඩුවෙන්...
සමහර විට සමාජේ තියෙන
පරණ අටු මත මේකට හේතු වෙන්නත් පුළුවන්.
මොනවා මංතුමා කිව්වේ
දැන් ගිහිං පෙට්ටියක් බදාගෙන පාන් බනිස් විකුනපන් කියලා හරි බුලත් විට හදපන් කියලා
හරි නෙවෙයි.
අපි හිතමු.
තමන් හිසට තම
අතමය සෙවනැල්ල කියලා කියනවනේ....