සෑහෙන කාලෙකට
පස්සේ ඔන්න නාඩියා නාඩියක් කොටනවා...පහුගිය දවස් වෙලා එක එක වැඩ කඳු පිටින් ගොඩ
ගැහිලා තිබ්බේ...
දවස් තුනක් එක
දිගට බුකිය පැත්තේ නැත්තේ මොකෝ යකෙක් වත් ගහලද නැත්නම් පුංචි සුරන්ගනාවී එක්ක පැනලා
ගිහින්ද කියලත් කස්ටිය අහල එවලා තිබ්බා...
එහෙම සීන්
එකක් නෑ බොලවූ! නාඩියා Youth Fest 2012 ගියානේ!
මේකට ගිහින්
බලන්නකෝ......බුකියේ නම් ඕනේ තරම් ෆොටෝ ඇති!
“අඩෝ නාඩියා
උඹ කොහෙද ඉන්නේ?”
දවසක් රෑ
පොලොස් මාමා කෝල් එකක් දුන්නා....
“මචං මම මේ
පාරේ බං...මේ හුචක්කුවේ මොකද්ද ලෙඩක් බං...ගැරේජ් එකක් හොයනවා...!”
“හරි හරි...ඕන
ඉලව්වක්! Youth Fest තියනවා!අනිවා
යමු!ඔන්න උඹට ලින්ක් එක එව්වා!”
ගෙදරට සැපත්
උණු ගමන් කලේ බුකියට ගිහින් මොකද්ද මේ වැඩේ කියල හොයල බලන එක...අඩේ!!!එල කිරි සහ ජලය
වගේ වැඩක් නේ!ඒ වෙලේම රෙජිස්ටර් උනා....කොහොම කොහොම හරි 24 උදේ වෙනකොට කලින් දන්නා
කියන නාඩි සෙට් එක විදිහට පොලොස් මාමා....මාමගේ ගෑනි(පොලොස්
ඇන්ටි)....(මන්ද)බුද්ධි..... තුන් කට්ටුව තමා එනවා කියල තිබ්බේ...
24 උදේම
නාඩියා සෆාරි ජීප් එකක තුල්හිරියේ MIMT (MAS Institute of Management & Technology) එකට ගැච්චුවා..හීනියට
වැටෙන පොද වැස්සේ පත බෑග් මල්ලකුත් ඇදගෙන තාර දාපු ලස්සන පාරක් මැද්දෙන් MIMT එකට ආවා!මල්
හතයි....ගස් දෙකයි!හරිම ලස්සනයි.....!
Registration Desk එකේදිම
සුපුරුදු පරිදි පොලොස් මාමා ඇඳගෙන නෑම ආරම්භ කළා! එතන registration
වලට හිටිය
අක්කා කෙනෙක්ට බලෙන්ම වගේ නොම්බරේ දෙන්න ගිහින්!
අක්කා - Your name
please?
පොලොස් - I’m ****** *****kara. Then
my mobile number is…….
අක්කා - No. I don’t want that malla….thnx……
පට්ටම චාටර්!ඔන්න ෆොටෝත් එක්ක සාක්කි!
2215! ඒ අපේ room එකේ නොම්බරේ!කරුමෙකට
වගේ පොලොස් මාමත් මම ඉන්න එකේමයි...ආයේ ඉතිං accommodation ගැන නම් කියල වැඩක් නෑ!සුපිරියටම
තිබ්බා..ඔන්න ටිකකින් room එකේ ඉතුරු
සහචරයෝ ටික එකතු උනා....
ටියුබා -
හන්තානේ සරසවියේ පොළොවේ ඈතුල ගැන ඉගෙන ගන්න එකෙක්!ඒ කියන්නේ ගූ විද්යා කොරන එකෙක්!(ටියුබා
කිව්වේ මූ දත් බේත් ක්‍රීම් වෙනුවට මුණේ ගාන ජාතියේ මනුස්සයෙක් හින්දා)
ගරුඩා - APIIT එකේ Management කරන බුවෙක්!(බලද්දී මම
ඌව කලින් දන්නවා!ඇතුගල්පුර අක් මුල් තියෙන එකෙක්!)
No.03 - රූම් එකේ
පොඩිම එකා! AOD එකේ designer කෙනෙක් වෙන්න ඉගෙන
ගන්න ඩයල් එකක්!(මූට නොම්බර තුන කියල නම දැම්මේ මේකා අපිට කියපු කතාවක් නිසා..ඒක
මෙතන කොටන එකනම් එච්චර සභ්‍ය නෑ!හික්ස්)
Mr.Thila – 2215 හිටිය
එකම මහත්තයා! පුත්තලම් බූරුවෝ දෙන්නේක්ගේද කොහෙද වයස!
පොලොස් මාමා -
නාඩිගේ අතීසාර මිත්තරයා හෙවත් පරාල ඇනේ!
බෑග් මලු ටික
ගබඩා කරලා කාලා බිලා සප්පායම් වෙලා auditorium එකට ආවා!අප්පේ සූ ගාල කස්ටිය!!ලංකාවේ විතරක්
නම් මදැයි!!රටවල්
ගානකින්....ඉන්දියාව...පෝලන්තය...නවසීලන්තය..ඕමානය...ජපානය...වියට්නාමය..චීනය...ඔය
වගේ රටවල් ගොඩකින් youth සෙට් එක ඇවිත්
හිටියා....
ලංකාවෙත් හැම
කැම්පස් එකෙකින් වගේම කස්ටිය ඇවිත්!
10...9....8...7....6...5...4...3..2...1....!!!!
Youth
Fest 2012 පටාන් ගත්තා!
කියන්න වචන නෑ! It’s simply AWESOME!!!
පලවෙනි දවසේ Wild Drift එකෙන් Outdoor
Teamwork game session එක! පට්ටයි
ඈ!ඇස් බැදගෙන team එකේ අයව
හොයන්න....ලාවා ගඟක් තරණය කරන්න..කඹ අදින්න..තරගෙට SMS යවන්න..සෙල්ලම් ගොඩයි! “One Team –
One Goal “!
හවස session 4 ක් තිබ්බා..නාඩියා
ගියේ project management එකට..කොහොමත්
ආස subject එකනේ...
Dinner එක එහෙම අරං
ඉවර වෙලා කස්ටිය වෙස් මුණු එහෙම දාගෙන Masquerade Party යන්න ලක ලැස්ති
උනා...අන්න fun එක! Party එක ඉවර වෙද්දී පාන්දර
4 යි! අන්තිම වෙනකම් ඉතින් 2215 එකේ විරෝධාර කොල්ලෝ ටික පිස්සු කෙලියා!
Room එකට ඇවිල්ලත්
නිදා ගන්නේ නෑ! පොලොසාට සින්දු කියන්න ඕනෙලු!අපි කන් දෙක වහගෙන ඉන්නකම් ඌ ජනේලෙන්
එලිය බලාගෙන හරිම අලංකෘත විදිහට උඩු බිරුවා!
පහුවදා උදේ
පාන්දර 7 ට විතර හරිම අමාරුවෙන් ඇඳෙන් නැගිටලා audi එකට සෙන්ටිමෙන්ටල් උනා...ඒ ඉතින් Mr.Thili ගේ පිහිටෙන් තමා..මොකෝ
නාඩියා වගේම අනිත් සෙට් එකත් උදේ නැගිටින්න හරිම ආසයි!
දෙවෙනි දවසේ
උදේම තිබ්බේ NDB එකේ Mr. යසස් හේවගේ කරපු “The Apple
Story” sesson එක.ඒක අහපු
මටත් කොත්තු බිස්නස් එකක් පටන් ගන්න හිතුනනේ!!! “Essence of a volunteer” කලේ Mr. Fadhil
Bakeer Marker….
Fashionable You කියන session එක වෙලාවේදී නම්
කවුරුත් නිදා ගත්තේ නෑලු!මොකෝ ගම්‍යා විජේදාස on da stage!!!!! නේ!
නාඩියා වැටුනේ
Grey
group එකට! “The BEST
group EVER!!!!” “අපි කුකුළෝ”
තමයි අපේ cheering cry එක! කොහොම හරි
අපිට අන්තිම දවසේ presentation එකක් කරන්න උනා.... Topic එක “Homosexuality” කිසි අවුලක් උනේ නෑ! ප්‍රදීප් අයියා ලියපුසමලිංගිකත්වය ලිපිය තිබ්බනේ!
එදා රෑ
තිබිච්ච Global night is SUPERB!!!!!! පිස්සු බම්ප් වෙනවා ඈ!!!රටවල් ගානක කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ
රටේ දේවල් ගැන හරිම අපුරුවට විස්තර කළා....පොලොස් මාමා සින්දුවක් කිව්වා!පොලොස්
ඇන්ටිට ඒක අහලා අජීර්ණයක්
හැදුනලු!ටියුබාත් ඇත ඇරියේ නෑ!රූ ට ඇහෙන්න කියලා සින්දුවක් කවි කළා!එලම වැඩේ තමයි එක
එක රටවල් විදිහට ඇඳගෙන එන එක! නාඩියා නම් ඇන්දේ ලගකදී ලංකාවට සැපත් වෙච්ච පට්ට
රජෙක් වගේ! හැඩයි නේ... )
(මේ ෆොටෝ එකේ ගරුඩා සහ Mr. Thili ඇදන් ඉන්නේ ඇඳේ තිබිච්ච bed sheet නොවන බව කරුණාවෙන්
සලකන්න) ;)
එදා රෑ පාටි
එකත් වෙනසක් නෑ! පාන්දර 4 වෙනකම්!!! ඒ අහවූ අස්සේ මම presentation
එකට රුපයක්
හොයන්න කියල online ගිය වෙලේ
මෙන්න බොලේ අපේ බ්ලොගියක් ඇහැරිලා “නිදා ගන්නේ නැද්ද??” කියල අහනවා!! (එතකොට
වෙලාව 0421h ඈ!එතකොට ඒ
දරිවිගේ පිස්සුවෙ තරම හිතා ගන්න පුළුවන්නේ!)
;)
පහුවදා උදේම
තිබ්බේ young parliamentarians ලා එන වෙලාව!
අනේ නාඩියාගේ අවාසනාවට බලං හිටිය බේබි ආවේ නෑ!ආවානම් කතා කොරන කියලා ටියුබා ගේ toothpaste එකෙන් දත් ටිකත්
මැදගෙන හිටියේ ඈ!
ආයේ එලටම අපේ OC ලා වැඩේ කරලා
තිබ්බා! <3 u OC!!!!!!!!
අන්තිමට ....
“මචං උඹ යන්න
බෑග් ඒක පැක් කලාද?”
කියල
අහපුවහමත්....
“Yaaa Machan…AWESOME!!! “
කියල තමයි
කස්ටිය උත්තර දුන්නේ....
පුදුමේ
කියන්නේ top50 delegates ලාටත් නාඩියා select වෙලා තිබ්බා ඈ!!
රටවල්
ගානකින්....එකම රටේ එක එක පැති වලින් ආවත් අපි ඔක්කොම රතු පාට ලේ ඇගේ දුවන කොල්ලෝ
කෙල්ලෝ....ඒක තමයි සහෝදරත්වය...මුළු ලෝකෙම මෙහෙම එකතු වෙනවානම් කොච්චර හොඳද.....
අන්තිම දවසේ
පුංචි බොරළු කැට වගේ වැටෙන වතුර බිංදු මැද්දෙන් තෙත් වෙච්ච ඇස් පිහ පිහ හයියෙන්
හිනා වේවි අලුතින් හම්බෙච්ච අතීසාර මිත්තරයෝ ටිකත් එක්ක පාරට එද්දී නාඩියා ට එහෙම හිතුනා....නාඩියාගේ
අතේ පාට දෙකක් තියෙන පුංචි රිබන් කෑල්ලක් ගුලි වෙලා තිබ්බා....ඒ "ඔයාව" මතක්
වෙන්න......
Youth Fest 2012!!!!!!! It’s simply AWESOME ඈ!!!!
![]() |
Youth Fest 2013?????? අනිවා
ඩෙෆා නාඩියා එනවා!
-ඉංගිරිසි
අකුරු වැඩිද මන්දා...... ?-
ලයික් එකකුත් දාල යමු ඈ!