මේක අමුතුම කතාවක්.. විශ්වාස කරන්න අමාරු උනත්
විශ්වාස කරන්න වෙන කතාවක්! මොකද අදෘශ්‍යමාන බලවේග... භූතයෝ... කුම්භාණ්ඩයෝ ගැන කතා
කරන ලෝකේ.. අංජනම් එලි වලින් ලෝකේම හොල්ලන කාලේ අපේ මනුස්සයෙක් ඉරට්ටෙන් පොළොව
ඇතුලේ හැංගිලා තියෙන භූගත ජල ධාරා ඉරට්ටකින් හොයන්න පටන් අරගෙන!
මේ සිද්ධිය මට ආරංචි උනේ අවාරෙට පොල් වැටෙනවා වගේ
ගමේ ගිය වෙලාවක. ආරංචිය ආපු විදිහට මේ හපන්කම කරන කෙනා මම හොඳට දන්නා අඳුනන
කෙනෙක්! මෙච්චර කාලයක් කොහොමද මේ නාඩියා දන්නේ නැතිව මෙහෙම දෙයක් වෙන්නේ ඈ!
කෙටියෙන්ම කිව්වොත් මෙහෙමයි වෙන දේ!
ඒ මාමාගේ නම ජයසුන්දර. ගමේ අය කියන්නේ ගොවිරාළ
මාමා කියලා... ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මා ඔයට මායිම් වෙලා පිහිටලා තියෙන කොහොඹපොළ
කියන ගම.
ඒ මාමට පුළුවන් පොල් ගහක අත්තකින් කඩා ගන්න
ඉරට්ටක් නමලා අතේ අරගෙන ගිහින් පොලොව යට ජල උල්පත් තියෙන තැන් හරියටම කියන්න! ඒ
මාමා අතේ තියෙන ඉරට්ට පොළොවේ යට වතුර තියෙන තැන් වලදී පොලොව දිහාට ඉබේ හැරෙනවා!
මම ඉතිං ප්‍රශ්න පත්තරයක් දිග ඇරියා...
කොච්චර යටක තියෙන වතුරක් මේ ක්‍රමයෙන් හොයන්න
පුලුවන්ද?
“ඒ ගැන නම් මම දන්නේ නෑ! බඹ 10ක් 15කට වඩා වැඩි
යටකින් තියෙන වතුරක් උනත් මේකට අහු වෙනවා.”
මාමාට මේ විදිහට වතුර හොයන්න පුළුවන් කියලා
කිව්වේ කවුද? කවුරු හරි ඉගැන්නුවාද?
“එහෙම නෑ.අපේ අප්පොච්චා කියලා තියනවා මේ විදිහට
කරන්න පුළුවන් කියලා. ඒ උන්දෑ ටත් පුළුවන්. මේක මං නම් හිතන්නේ අපේ ලේ භූගත ජලය
එක්ක තියෙන ආකර්ෂණයක් කියලා.”
පොලොව මතුපිට තියන වතුරටත් මේ විදිහට ඉරට්ට
ඇදෙනවද?
“නෑ.පාලමක් උඩින් ගියත් යටින් වතුර ගලාගෙන ගියා
කියලා ඉරට්ට ඇදෙන්නේ නෑ.(මේ වග මා විසින් සනාථ කරගන්නා ලදී)”
මේ ගන්න ඉරට්ටේ මොකක් හරි විශේෂත්වයක් තියනවද?
“කිසිම දෙයක් නෑ.නිකම් ගහකින් කඩා ගන්න ඉරට්ටක්”
මේ දේ කරන්න ඉස්සරලා පේ වෙනවා හරි මොකක් හරි
දෙයක් කරනවද?
“නෑ...”
මේකට මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක් සම්බන්ධ
කරගෙනද කරන්නේ?
“නෑ..එහෙම දෙයක් කරන්නේ නෑ...”
මේ විදිහට මාමා දැන් ළිං කීයක් විතර කපන්න උදව්
කරලා තියනවද?
“අපේ ගමෙයි අහළ පහල ගම් වලයි ළිං තුන් හාරසීයක්
විතර කපන්න ඕනේ තැන් මම පෙන්නලා දීලා තියනවා කිසිම සල්ලියක් ගන්නේ නැතිව”
මෙන්න මේකයි කතන්දරේ... ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්
එකකුත් ඔන්න යටින් දැම්මා.... බලලා කියලා එහෙම මොකද්ද මේ කියලා හොයලා කියන්නකෝ....
අපේ ගම් වල ඉන්න මිනිස්සු ළඟ කොච්චර නම් අපූරු තොරතුරු රහස් හැංගිලා තියනවද.... ඇයි අපි ටිකක් ඒ ගැන හොයලා බලන්නේ නැත්තේ???
මේ කතාව ඇත්ත, මමත් ඔහොම කෙනෙක් ගැන දන්නවා, ඒක කරන්නේ කොහොමද කියන්න නම දන්නේ නෑ, කිසිම විද්‍යාත්මක පදනමක් බැලූ බැල්මට පේන්නෙත් නෑ, ඒත් මිනිහා පෙන්නන හැම තැනකම අනිවා වතුර තියෙනවා.
ReplyDeleteඅන්න ඒකනේ! මොකක්ද මේකට හේතුව කියලා හොයන එකයි වටින්නේ...
Deleteඅඩේ මචන් මාර කේස් එකක් නෙ... එහෙම වෙන්න පුළුවන්ද බොල.... මට හිතාගන්න බෑ...
ReplyDeleteවෙන්න පුළුවන් නේ! මේ වෙලා තියෙන්නේ!
Deleteමෙි මහත්මයා හමුවෙන්න පුළුවන්කොහොමද ?
Deleteමෙි මහත්මයා හමුවෙන්න පුළුවන්කොහොමද ?
Deleteමෙි මහත්මයා හමුවෙන්න පුළුවන්කොහොමද ?
Deleteඉන්නේ ගිරිඋල්ල, පන්නල. කොහොඹපොල ගමේ. තලම්මැහැර පන්සල ළඟට ගිහිං ජයසුන්දර ගොයි රාළ මාමා හම්බෙන්නෙ කොහොමද කිව්වොත් හොයා ගන්න පුළුවන් වෙයි. දුරකතන අංකයක් හොයා ගන්න පුළුවන් උනොත් එවන්නම්.
Deleteඅම්මට සිරි නාඩියෝ පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. මචං ඔය තනි ඉරට්ටක් දෙකට නමලද තියෙන්නේ, ඒ ඉරට්ට නමලා තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියහං . ඉරට්ටේ පොටෝ කෑල්ලක් දැම්මානං පංකාදු පහයි
ReplyDeleteඔව්.. තනි ඉරට්ට දේකට නමලා තියෙන්නේ..කැඩෙන්නේ නැති විදිහට...
DeleteTel no. ලැබුනේ නැද්ද?
Deleteපිස්සු හැදෙනවා. නාඩියත් දැන් අටපට්ටම වගේ සීන් පෙන්නන අරගෙන.
ReplyDeleteහික්ස්! මේ දහඅටපට්ටම්!
Deleteමෙහෙම දේවල් තියනවා නාඩියා. බලන හැමෝටම පුදුමයි. එත් කිසිම විද්‍යාත්මක හේතුවක් නෑ පේන්න. නමුත් කවුරු මොනවා කිව්වත් වැඩේ සාර්ථකයි. ඒ වගේම මේ දේවල් කරන මැජික් කාරයොත් ඉන්නවා. උන් නිසා තමයි මෙවැනි දේවල් පිරිහිමට ලක්වෙලා තියෙන්න්නේ.
ReplyDeleteඋඹටත් ඉතින් ඕන මැජික් එකක්... "මාරයි ඈ"
Deleteමැජික් එකක් නම් වෙන්න බෑ මේක!!!
Deleteසාමාන්‍යයෙන් ලංකාවේ හැම තැනම දිය උල්පත් තියෙනවා.. ගැඹුර තමයි ප්‍රශ්ණය වෙන්නේ.. ඉතින් ඉරට්ට නැතුව මට උනත් පුළුවන් පෙන්නන්න. අර අන්දරේගේ පුතා ළෝකේ මැද පෙන්නුවා වගේ තමයි..... ඔය වගේම තමයි පැද්දෙන් සුරත්.... (කරේ එල්ලගෙන ඉන්න සුර.)
ReplyDeleteකරේ එල්ලගෙන ඉන්න සුරේ විස්තරේ මොකද්ද??
Deleteමෙයා වතුර තියෙනවා කියලා පෙන්නපු හැමතැනම වතුර තිබුනද? එක තැනක්වත් වැරදිලා නැතිද?
ReplyDeleteකියපු විදිහටනම් නෑ..මම හොයලා බැලුවා...බොරු කිව්වා කියලා කියන්න තැනක් නෑ..හැම තැනම කියපු තන ගොඩක් යටට යන කලින් වතුර තිබිලා!
Deleteමමත් ඔය සිද්දිය ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා මේ ලගකදී , මගේ යාලුවෙක්ගෙ ගෙදරක ළිදක් කැපුවා, ළිදක් කපන්න සුදුසු තැනක් පෙන්නන්න ආව කෙනත් ඕකම කළා ..(මිනිහා බොරු කාරයෙක් නෙමේ ,අපි ඉගෙන ගත්ත පාසලේම සිටි ගුරුවරයෙක්) වතුර ඇති තැන වලදී ඉරට්ට නැමුනා .. පස්සේ මිනිහා කපන්න ඕනේ බබ ගානත් කිව්වා උල්පත් අහුවෙන්න , හරියටම කියපු බබා ගානේදී උල්පත් අහුවුනා , පුදුම වැඩ තමයි ..
ReplyDeleteපස්සේ මමත් ඉරට්ටක් කඩාගෙන වත්ත වටේම ඇවිද්දා.. මම නැමුනත් ඉරට්ට නෙමේ නැමුනේ..හික්
.හික් .හික්......... :D
Deleteඒමොකෝ බං..උඹනැමුනෙ..හති වැටිලද..හික්..!
Deleteහික්ස්! වෙන වෙන ඒවා නැමෙන්න ඇති!
Deleteහ්ම්ම් සුද්දගේ විද්දියාවට අහු නොවෙන හැම දෙයක්ම බොරු විජ්ජාවක් නෙවේ...
ReplyDeleteහහ්, හහ්, හා!
Deleteමෙන්න ආටියෙක්!!!
හ්ම්ම්... විජ්ජාවක් නම් වෙන්න බෑ වගේ තමා!
Deleteමොකෝ මේ ආටි කතාව? ;)
අහලා තිබුනට දකිනකන් විශ්වාස කරේ නැහැ
ReplyDeleteජයවේවා
ඒකනේ! දකිනකම් විශ්වාස කරන්න අමාරුයි.
Deleteමාරයි ඇ .....
ReplyDelete:)
Deleteළමායි, ඔය වැඩේ කරන්න අමුතු හැකියාවක් තියෙන කෙනෙක් ඕනි නෑ. අපි ඕනෑම කෙනෙකුට කරන්න පුළුවනි.
ReplyDeleteඅනික මේ විදියට වතුර හොයන ක්‍රමය ලංකාවේ විතරක් නොවෙයි මුළු ලෝකේ පුරාම දන්නා දෙයක්.
මෙන්න විකිපීඩියා පිටුව බලන්නකෝ!
https://en.wikipedia.org/wiki/Dowsing
මාත් මේක අත්හදා බැලුවා පසුගිය දෙසැම්බරයේ. අපි එක්ක හිටිය අයගෙන් හුඟ දෙනෙකු අත තිබුණු එල් හැඩයේ යකඩ කූරු එකම තැනදී ක්‍රොස් වුණා. වතුර තියේද කියලා හාරලා බලන්න නම් ගිහින් නෑ.
ඉස්සර රත්තරං ඉල්ලම් තියෙන තැන් (පොළවෙ යටින් යන වතුර පාරවල්) හොයා ගෙන තියෙන්නේ මේ ක්‍රමයෙන්.
මමත් අහලා තිබ්බා.. හැබැයි මමත් කරන්න හැදුවා..වැඩේ හරි ගියේ නෑ..ආයේ ට්‍රයි කරලා බලන්න ඕනේ!
Deleteනාඩිය මේක සුපිරිම වැඩක් බං. පහුගිය කාලෙ පැවිල්ලට අපිට වතුර නැත්තටම නැති උනානේ. ඒ වෙලාවේ තමයි මමත් ඕක ඉගෙන ගත්තේ. ආය ඉතින් නියමෙටම වැඩ. ඕකෙන් බලල එක ළිඳක් කැපුවා බඹ 2ක් ගියෙ නෑ වතුර හම්බුනා.
ReplyDeleteඅප්පට සිරි! උඹටත් වැඩේ කැරකෙනවද එතකොට?
Deleteමාත් මේක අහල තිබුණට දැකල තිබුණෙ නෑ.
ReplyDeleteඅර මනුස්සය ඕක හිතල කරකවනව වෙන්න බැරිද.
හිතලා කරකවන්නේ නෑ බං.. එහෙනම් හැම තැනකදීම කරවන්න එපැයි!
Deleteඅහලා තිබබා විතරයි. කොහොම කරනවාද කියලා දැන ගත්තේ අද ඔන්න
ReplyDeleteඒකනේ....
Deleteමේක සුපිරි වැඩක් බං, අපිට පුළුවන් නං ලංකාවේ මෙහෙම හැකියාවන් තියන මිනිස්සුන්ට දිරි ගන්නන්න.. පට්ට බං....
ReplyDeleteඒකනේ! කරමු කරමු!
Deleteමම මේ අත්දැකීම මුලින්ම ලැබුවේ 2003 දී වැලිඔය පරදේශයේ රාජකාරි කරමින් සිටියදී. ඒ පැත්තේ තිබුන හමුදා කඳවුරකට ජලය ලබා ගැනීම සඳහා, ඒ කඳවුරට මීටර් 75 ක් පමණ දුරින් පිහිටි වැව දෙසට සිටින්නට, බැකෝ යන්ත්‍ර යොදා, මහා ළිඳක් හෑරුවා. එක වතුර පොදක් ගන්න බැරිවුනා. වතුර ඉනුවේ අඩියක් විතර. ඒ පැත්තේ අය කිව්වා වතුර හොයලා දෙන කෙනෙක් ඉන්නවා කියලා. මේ පින්තූරයේ ඉන්න කෙනා තරම් වයසක, ගොවි මහතෙක්, මේ විදිහටම කරලා, කලින් ලිඳ හෑරූ පැත්තට හාත්පසින්ම විරුද්ධ පැත්තේ තැනක්, හොයලා දුන්නා. වැඩේ හරියටම හරි. හැබැයි ඒ පුද්ගලයා මෙය කරන්නේ උඩුකයට කිසිවක් අඳින්නේ නැතුව සහ වැලමිටි දෙක ඉන දෙපස ගෑවෙන විදිහට තියාගෙනයි. ඒ වගේම සපත්තු සෙරෙප්පු කිසිවක් දාගෙන ඉන්න බැහැ. මමත් ගෙදර ඇවිල්ලා කරලා බැලුවා. හරියට හරි. අපේ දැන් තියන ලිඳ අසලට එනවිට ඉරටය පහලට නැවෙනවා අඟල් 4 ක් විතර.
ReplyDelete@ අටම්. මේක අමු පොල් ඉරටයක්. නැවුනම මැද්දෙන් කැඩී වෙන් වෙන්නේ නැති ගානට බාගෙට කඩලා තියෙන්නේ.
අසමි දකිමි සොයමි ලියන විචාරක
අවිශ්වාස අයට මෙන්න ....අලගිය,මුලගිය හැටිත් එක්කම..!
Deleteඅනේ මට නම් ඕව විස්වාස නැහැ ඇස් දෙකට දකිනකම්...ඒත් ඉතින් විචාරක මහත්තයා කිව්වම පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා....නැත්නම් මම මෙහෙම කමෙන්ට් එකක් නෙවේ දාන්න ආවේ...:)
Deleteඒකනේ... මමත් දකිනකම් විශ්වාස කලේ නෑ.. අන්තිමට විශ්වාස කරන්න උනා...
Deleteඇත්තටම කවදාවත් මෙවැනි දෙයක්, ප්රත්යක්ෂයෙන්ම අවබෝධ කරගන්නා තුරු විශවාස කරන්න එපා. සොයාබලන්න, ප්‍රශ්න කරන්න, තමන්ම සැකහැර දැනගන්න. ඒ තමයි බුදුවදන.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
බලමු කරලම..
ReplyDeleteහරි ගියොත් කියන්න.....
Deleteසමහර අයට විතරක් වෙන්න ඇති හරි යන්නෙ. මං කරල බැලුවා. හරි ගියේ නෑ.
Deleteඅටපට්ටමට දාන්න.නාඩියටත් අහුවෙන දේවල්.
ReplyDeleteබලමු......
Deleteඅපේ ලිඳත් කැපුවෙ ඔහොම කෙනෙක් ගෙන්නල බං.. ඕක අදෘශ්‍යමාන බලයක් නෙවෙයි.. පුරුද්දෙන් කියන්නෙ. දැං නම් ඕකට මැෂින් එකක් හදලද කොහෙද.. අර නළලිං කපන්න කලින් බලන පොඩි ගැජට් එක
ReplyDeleteඒකනං මම දැකලා නෑ.. හොයලා බලන්න ඕනේ එහෙනම්...
Delete
ReplyDeleteඅපේ ගෙදර ලිදවල් 2 තියෙනවා. එකක් අපේ අම්මලාට හිතුන තැනක කපපු එකක් එකේ වතුර අජ පල්ය.කහම කහ පාටය. අනිත් ලිද කොට්ටක් අරන් අපු වෙද මහත්තයෙක් ලකුණු කරපු මායිමක කොටපු එකක්ය.මේ ලිද කලින් ලිද ලග ඉදලා අඩි 15 ක් විතර දුරින් තියෙන්නේ,වතුර සුදුම සුදුයි ගමේ කොයි ලිද හිදුනත් මේ ලිද හිදිලා නෑ (එ දවස් වල මම පොඩි නිසා කොට්ටක් අරන් අවා වගේයි මතක)
මම හිතනේ ඕක පරම්පරාවෙන් උරුම වෙන හැකියාව වෙන්න ඇති
එහෙමත් වෙන්න පුළුවන්...
Deleteමේක වෙන්න පුළුවනිද බොලව්,, විකාරයි වගේ.. ඒක මාරයි අප්පා... :O :O
ReplyDeleteෙවලා ෙබාල
Deleteමේ වෙලා තියෙන්නේ!
Deleteඅම්ම ගායි , හැබැයි පට්ට වැඩේ , ඔය වගේ තව නොකී දේවල් කීය කියල ඇතිද
ReplyDeleteඒකනේ! හොයලා බලන්න වටිනවා...
Deleteලස්සන වැඩේ විශ්වාස කරන්නත් අමාරුයි...හැබෑටම නාඩියත් හොයාගන්න දේවල්
ReplyDeleteමටත් මුලින් විශ්වාස කරන්න බැරි උනා....
Deleteඅඩෝ අපේ වැඩපොලේ ලිද හාරන්නගත්තෙත් ඔහොමනේ බං. සිරා...හිතාගන්නත් බෑ!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒ කියන්නේ මේ පැත්තේ මේක ටිකක් ප්‍රසිද්ධයි වගේ.
Deleteමගේ අප්පච්චී භූ විද්‍යාඥයෙක්. අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාව පුරාම භූගත ජලය සෙවීමේ කටයුතු වල නියුතු වෙලා ඉඳලා තියෙනවා. ඔහු ඒ සඳහා භූ භෞතික විද්‍යාත්මකව තහවුරු කරන ලද ක්‍රමවේදයන් කිහිපයක්ම භාවිතා කරනවා. ඔහුටත් ක්ෂේත්‍ර චාරිකා වලදී මෙවැනි පුද්ගලයන් බොහොමයක් හමු වී තිබෙනවාලු. ඔවුන් සොයාගන්නා ස්ථාන හා ඉහත භූ භෞතික ක්‍රමවලින් සොයාගන්නා ස්ථාන සමග සමපාත වී තිබෙනවාලු. අප්පච්චී කියන හැටියට එලෙස හමුවූ සාර්ථක ජල මූලාශ්‍ර සොයන්නන්ගේ ලේ වර්ග, වර්ග කිහිපයකට විතරක් සීමා වෙනවාලු.
ReplyDelete++++
Deleteමමත් හිතුවා මේකට ලේ වල මොකක් හරි ගුණයක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා....
මාරයි අප්පා......
ReplyDeleteමාරයි තමා!
Deleteමමත් ඔය ක්‍රමය ගැන අහල තියෙනවා.අපිට නොපෙනෙන දේවල් විශ්වාස කරන්න අමාරු වුනාට එහෙම දේවල් අනන්තවත් තියෙනවා.අපි අභිමානවත් ඉතිහාසයකින් පැවත එන ජාතියක්නෙ.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්.. :)
Deleteමිස්ටර් නාඩිරත්න වතුර සෙවීම සම්බන්ධව තවත් ගැමි ජීවිතත් එක්ක ගෙතුණූ විශ්වාස තියෙනවා ඔයාගෙ කතාව මං විශ්වාස කරනවා ඒ ගැන මං අහල තියෙන නිසා
ReplyDeleteහ්ම්ම්.. අපිටත් දැනගන්න ඒ ගැන ටිකක් කියමුද?
Deleteමට කියනන් තියෙන්නේ හරි පුදුමයි කියන එක විතරයි
ReplyDeleteඅඩේ මරුනේ. මොකද්ද අර ලේ වර්ග වල සම්බන්දේ මේකට. අඩ කමෙන්ටුවක දැක්කා
ReplyDeleteපොල්ගෙඩියේ කතාව අහල තියෙනවාද
ReplyDeleteනෑ! ඒ මොකක්ද ඒ??
Deleteමම මේ අත්දැකීම ලැබුවේ දැනට අවුරුදු 15 කට විතර උඩදී.....අපි හිටියෙ හෝමාගම ප්‍රදේශයේ.....අපේ ගෙදර ඉඩමට වතුර නෑ අපි ළිං 7ක් කැපුවා ගේ හදන්න ඉඩමදි ළිං කපපු නිසා.කොහොම හරි අපිට කොහෙන්දෝ ඉරට්ටෙන් වතුර හොයන කෙනෙක් ගැන ආරංචි වුණා.කවුද කින්ද මන්ද කියල නම් දන්නෙ නෑ.එයාව අප්පච්චී එක්කන් අවිත් බැලුවා.ඔය සිද්ධිය මමත් ඇහින් දුටුව කෙනෙක් නිසා විශ්වාස කරනවා.
ReplyDeleteඇත්තටම එයා බලල බලල අපිට කිව්වෙ මේ ඉඩමේ මෙතන විතරයි වතුර තියෙන්නෙ ඒකත් පාචිච්චියට සරිලන තරම් වතුරක්නම් ලැබෙන්නේ නෑ කිව්වා. හාරල බලන්න ඕනි ප්‍රමානයත් කිව්වා.ඇත්තටම ඒ දුර හෑරැවට පස්සෙ උල්පතක් හමුවුණා.ඒත් එයා කිව්ව වගේම පාචිච්චියට සෑහෙන්න මදි ඒ නිසාම අපි ඒ ඉඩම ගන්න මිනිස්සුන්ට ඇත්තම කියලා ඒ ඉඩම විකුන්නා...
බලපුවහම හැම තැනම මේ වගේ කට්ටිය ඉන්නවා වගේ...
Deleteමට මෙහෙමයි .....පොලව උඩ තියෙන වතුරටත් ඉරටුව පොලවට නැවුනා ,,,,පොළව යට තියෙන උල්පත් වලටත් ඉරටුව නැවෙනවා....සත්‍ය මැණික් බොරු මැණික් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ඉරටුවෙන් ......සත්‍ය රත්තරං බොරු රත්තරං හඳුනා ගන්න පුළුවන් ඉරටුවෙන් ......
ReplyDeleteමේ කමෙන්ට් දාල තියෙන කවුරු හරි මේක කරල බැලුවද.. මම කරල බැලුව .. මටත් එහෙම් වෙනව ...
ReplyDeletewhatsapp görüntülü show
ReplyDeleteücretli.show
MZQG
görüntülü.show
ReplyDeletewhatsapp ücretli show
AU60K