නාඩි සෙට් එක

Showing posts with label නාඩි කවි. Show all posts
Showing posts with label නාඩි කවි. Show all posts

Thursday, May 5, 2022

මං ඔබේ කීකරු කුක්කා

 


දයාබර වැම්පයර්තුමනි,
අපි ඔබතුමාට මෙසේ රපෝර්තු කරමු!
හය හතරක් නොදන්නා මෝඩ ගුණමකු රැළක් ගෝ ගෝ ගගා හිටියා එකතු වී මහ පාරේ
යකෝ! කාගේ හයියෙන්ද උන් ලැයිට් ගැහුවේ ඔබතුමාගේ ඔපිසියට
යකෝ! කාගේ හයියෙන්ද උන් ගැහුවේ කළු කොඩි ඔබතුමාගේ මන්දිරේ දොර උඩ
තිබ්බේ නෑ එක කොඩියක් ගලෝලා දැම්මා ඒ ඔක්කොම!

මුන් මේ තෙල් ඉල්ලා කන්න ඉල්ලා කෑගන හඩ නෑහෙන්න
දැම්මා පිරිත් කැසට් එකක් ගෙනත් පැය විසිහතරටම!
එක දිගටම පිරිත් ඇහුනම මෙත් මල් පිබිදෙයි නේ ලොකු නෝනගේ නේද
ජාතියේ අපුච්චා වෙච්චි ඔබතුමාට මුන්ගේ මේ ලතෝනි ඇහෙන්න නරකයි හරිම!

ඒ අස්සේ රඹුක්කන සැට් එකක් ඉල්ලුවා තෙල්!
අපි දුන්නා ගල්! ඒත් එක්කම වෙඩි! පුහුණුව තිබ්බනේ අපිට රතුපස්වලදී දුන්නු!
එකෙක් මැරුණාලු.. ඔබතුමාට නම් මදි ඇති..
ගැත්තාට සමා වෙලා ඒ බිල්ල පිළිගන්න - තවත් ඇහැකි විට දෙන්නං කැරකෙන්න

සිවුරුයි තම්බි තොප්පියි - කුරුසෙයි කෝවිලේ සාමියි
ඔක්කෝම බැහැලා හිටියා පාරට එකට
එරෙව්වා උන් ඔක්කෝටම
ඔබතුමා කියපු විදිහට

අන්තරේ වදකාර හැත්තම - ආවානේ ඔක්කොම පෙරළගෙන
චුට්ටක් හෙල්ලුනා තමයි තරහ අවසර
කෝ ඉතිං දෙන්නකෝ ඕඩරේ
දෙන්නෙක් තුන්දෙනෙක් ඇක්සිඩන්ට් කොරන්නට!

ඔබතුමා කියපු විදිහට වෑල්ඩින් කළා පාරවල් ඔක්කොම
වහලාම දැම්මා එකෙක්ට යනු එනු බැරි වෙන්න
කටුත් හයි කළා බැරියර් අස්සටම හංගලා
ආසයි ඔබතුමා අමු ලේ වලට

ප්රශ්නයක් තියෙනවා තුමනි අපිට තව
ඉන්නවා කළු කෝට් රැළක් රොත්තක් පිටින් වට වෙන
කුදලාන ගිහාම අර අවලමුන් කූඩුවට
මුන් ගන්නවානේ උන්ව එළියට - දෙන්නද උන්ටත් පොරි හැලෙන්නට

රටට කෙළ උනත් මොකද - ඔබතුමා ඉන්නකං අපිට තරු පටි දෙන්න
ගෙදර ගෑනිටත් කිව්වා බම්බු ගහගන්න
නොකා මලත් සැපයිනේ
ලෙවකාලා තුමනි ඔබේ සපත්තුව

~ මං ඔබේ කීකරු කුක්කා, පොලෝසිය

සේයාරූ : Thilina Kaluthotage Photography

Monday, February 21, 2022

‘මිස්’ වීම

 


කිටි කිටියේ හිරවී 

ෆුඩ් බෝඩයේ එල්ලී 

දාඩිය පෙරාගෙන 

ආපු කාලය මිස් වී 


රත්මලානෙන් නඟින නංගී 

පෑවා හිනාවක් ලංවී 

කොල්ලුපිටියේ බැංකු අක්කා 

කියන ‘මෝනින්’ මිස් වී 


දුවනා ගමන් ඔපිසියට 

ගත්තු ශෝටිස් කෑලි තුන

ලේහවුසිය ළඟ කැඳ කඩේ 

හකුරු කැඳ රහ මිස් වී


උදේ සිට මීටින්

තිබ්බත් එක දිගට කෝඩින් 

ඔපිසියේ කෝපි මැෂිමේ 

නෙස්කැෆේ රහ මිස් වී 


ලන්ච් එකට දොළහට 

එළියට බැස්සොත් හරියට 

හාබරේ බත් එක බෙදාගෙන 

කාපු රඟ දැන් මිස් වී 


නිදිමතක් එනකොට 

එහා පැත්තේ එකා අරගෙන 

පෙට්ටි කඩයේ ප්ලේන්ටියෙ  

ගිනි රස්නේ දැන් මිස් වී


ඔපිස් ඇරෙනා මොහොතට

ඇරෙනා තවත් ඔපිසියන් ඇත 

ඒ ඔපිසියන් ඇතුළත 

උකුළු මුකුලුත් මිස් වී


ප්‍රොඩක්ෂන් බග් එකක් 

රෑටත් වැඩ වැටුනොත්

QA අමතං - අපි හොඳටම පදං 

නයිටවල් දැන් මිස් වී 


හවසට හීනියට 

ඔපිසියේ උන් එක්ක 

නැත්නං කාගෙහරි  බෝඩිමක 

සාර සුභාවිත මිස් වී 


ආවා කොරෝනා 

ගෙදරටම වී වැඩ කරන්නට ඕනා 

නිකමට හිතලා බැලුවම 

ජීවිතෙන් බාගයක් මිස් වී 


අහෝ කොරෝනා… 

සිරාවට උඹ කළ හදියක්! 

Sunday, December 5, 2021

නොනවතින


 

රෑ මැදියමට පැය තුනයි 

ඉර තාමත් උඩ වැඩ 

දහඩිය පෙඟුණු පුටුවක 

කැරකෙමි එක තැනක අපි වැඩ

 

විටෙක දුරබනුව නද දෙයි 

ඒ තව ‘ටාස්කයක්’ එන හඬ

ලිස්ට් එක නම් එහෙමමයි 

ඕටී නැතිවමත් අපි වැඩ 


මීටිම් කැලැන්ඩර් පුරවයි

හොය හොයා ඉඩකඩ 

ලන්ච් ප්ලෑනින් කැචප් දැම්මයි 

කන්නත් වෙලාවක් නැති හැඩ


ඇස් කෙවෙණි තදට කකියයි

මොනිටරේ දිස්නයට තද

ජනේලෙන් එළිය ‌බැලිමි මඳකට  

හිටියා කුරුල්ලෙක් පොඩි හරි හැඩ

Saturday, March 13, 2021

කඳුළු

 

නැගිටින්නෙපා ඉක්මනින් පුතේ අද
පෙන්නන්න බෑ මට කඳුළු
ගුරු “දෙ” ගුරු රැස්වීම ඉස්කෝලෙ අද
එක්කෙනෙක් ආවට මදිලු

එදා අවුරුදු පහට කලියෙන්
ආවේ පැනගෙන කඩුළු
ගිවිස ගත්තේ ආදරෙන් ඉමු
කියලා කරගෙන තුරුළු

උඹේ වාගේ ඇස් දෙකක්
රෑ ඉහ ඉද්දරින් මැකු පාලු
තෑගි දුන්නේ උඹේ ඇස් දෙක
මකන්නට දැන් පාලු

දවස් ගෙවුනා කාලයක් දැන්
හැමදාම බිව්වේ කඳුළු
යුද්දෙ කාලේ උන්නු හිමි ගැන
තාම තොරතුරු නැතිලු

ඇහුව යාදිනි අවලාද ගිනි
හිරිවැටෙන ඇට මිදුළු
ඉවසුවා උඹ හින්දාම මම
සිඹින්නැතිවම රේල්ලුව රෑ බදුලු

ඒත්…
නැගිටින්නෙපා ඉක්මනින් පුතේ අද
පෙන්නන්න බෑ මට කඳුළු

Tuesday, December 8, 2020

කැරළිකාරිය

කෝල සිනහව හිතේ රැඳුනා

උර තලේ බර සුසුම් දැනුනා

සුමුදු අතැඟිලි පහස දැනුනා

කැරලි කෙහෙරැලි අතර වෙලුනා


සිසි කැලුම් පරදන සිනා ඇත්තී

හී සරය පරදන බැලුම් ඇත්තී

වෙඬරු මෙන් මුදු හදක් ඇත්තී

කතරේ කෙම් බිම ඔබ මුවැත්තී


සවන් සනහන කතාකාරිය

නුවන් පිනවන ලතා නාරිය

දැහැන් බින්දන දේහ දාරිය

මගේ හිතගත් කැරළිකාරිය

Tuesday, October 8, 2019

දුම් දමන ජීවිත



දහඩියෙන් පෙඟුණු මිනිස්සු
පිඹිමින් උඩ බොත්තම් ගලවාගෙන ශර්ට් අස්සට
දුම් දමන ප්ලේන්ටිය - අනුපානයට සිකැරට්ටුවක් දල්වා
බ්ලොග්ගල් අට්ටි දෙකකට - හරහට බැලන්ස් වූ ලෑලි බංකුවේ ඉදගෙන
කරති වාද ළඟ එන කතිර හටන ගැන

බලමින් අත බැදි ඔරලෝසුව
තබමින් බාගයට ඉවර කළ කහට බැඳි කෝප්පය අහකට
දුවයි කඩිමුඩියේ - වැස්සට පිරී  ඉතිරුණු පාරේ කාණු උඩින් පැනගෙන
ආවත් හයේ මහවට - නැතිලු අදත් කෝච්චි
අපරාදේ ප්ලේන්ටියේ ඉතුරු බාගය...    


Wednesday, November 7, 2018

අරගලේ දවසක්



සුබාෂ් මෙහි එන්න...
ගිය සතියේ අපි දැමූ සිස්ටමේ බග් එකක්.
හනික ගොස් client හට - Fix එකක් කර එන්න.

ලොක්ක දුන් අවසරෙන් - ටුක් එකක නැඟුණු මම
කළු දුමාරය මැදින් ක්ලයන්ට් දෙවි සොයාගෙන -  පියාඹා දැන් යමි
උන්ගේ රස්පැට් බලා - දෙක තුනට වැඳ වැටී
පැච් එකක් අලවා - ජාමේ බේරා එමි.

දැන් ලන්ච් ටයිම් එක කියා - මොර ගසන බඩ ගෙඩිය
පොකැට්ටුව ගමි අතට - අසුවුනේ බිරින්දෑ අතට දුන් බඩු ලිස්ට් ය

ක්‍රෙඩිට් කාඩය හංගවා - සියයේ කොළයක් ගුලි කරන්
රිංගුවා මං හනික - තුන්මුල්ලේ කෙලවරේ සීයේ කඩයේ පිලට

මෙතැන නැත අමුත්තක් - අවුරුදුම හතරක් තැප උන්නු තැන වෙච්චි
නැහැ තවම වෙනසක් - හිටියේ ඒ අයියා මූනේ පැත්තක් කළු වෙච්චි

ආ.. මල්ලි මෙහි එන්න - දැක්කේ නෑ කාලෙකින්
ඔව් අයියේ දැන් ඉතිං වැඩ රාජකාරි නේ... - අවුට් වී ගිහිං හෙම උනා අවුරුදු දෙකක්!

අප්පේ එසේනම් දැන් හොඳට සරු ඇති - බැඳලා කරලා හෙම වාහනේ ගන්නැති

ගිය ජනේරුවේ බැන්දා - ගල්කිස්සේ හෝටලේ එක දවසේ වෙඩින් එක
දවස් දෙක තුන ගන්න දැන් හරිම වියදම්!
(ඒ දවසත් ගත්තේ ලෝන් එකකින් කියල - කටක් ඇරලා මූට කෙසේ නම් කියම් මම!)

මොනවාද අද කන්නේ
සීයේ රයිස් එක අයියේ - වෙනදා කන එකම අද කන්න කියලා හිතුනා
(ක්‍රෙඩිට් කාඩයේ ලිමිට් -  පැනපු බව මේකා දන්නවානම්...)

බැලුවා ගහ යට බංකුව - අපි දෙන්නා හිටිය තැන
ඉඩක් තිබුනේ නෑ මට - එතැන තිබුනා වෙනත් කුඩයක්

අනිත් මල්ලිලා හෙම - හම්බෙනවා වෙන්නැති
ඉස්සර වාගේම - සෙට් වෙනවාද තාම?

බැච් එකේ එකෙක්ගේ - වෙඩිමක් තිබ්බොතින්
හම්බෙනවා සමහරක් - උනුත් දැන් වැඩ වලම
(සෙට් වෙන්න කෝ ඉඩක් - පොකැට්ටුවේ ලොකු හිලක් - ගල් බෝතලෙත් දැන් ගිණි ගණන්!)

කාලෙකින් උඩ නාපු වට්ස්ඇප් ගෘප් චැට - අන්තිමේ අපි ගහපු කැම්පස් එකේ සෙල්ෆිය
මොබයිලේ අස්සේ හිර වෙලා දැක්කා මම

දේශපාලන ටෝක් දී හිටපු මල්ලී - කෝ දැන් තාම යනවාද එල්ලී
නෑ අයියේ ඌ ලඟදි පත්වීම ගත්තා - ඉස්කෝලේ උප ගුරු!
ක්ලාස් කරගෙන ඉන්නේ - ඌට නම් දැන් සරුයි.  

හැමදාම අයියගෙන් ණය ගත්තු කිතුලා - අයියාට මතකද අර බඩ තිබ්බ ලොකු එකා
ඌ දැන් පිට රටක - එන්නේ නෑ ආයෙත් කියලා එහෙ පැන්නා
(කිව්වහම මතක් උනේ - ගිය සතියේ ඌ එවපු මැසේජ් එක තිබ්බා අන්රීඩයේ)

මචං අපි සෙට් වෙමු!
ගෑනු දරු මල්ලොත් අරං හරි සෙට් වෙමු!
හොස්ටලේ බිත්තියේ අත ගසා දිව්රාපු - අපේ උන් සැට් එක උන්නාද මලා ද!!!

මතකද සුන්දරී ඉස්සර කාලේ දවසක...
බංකුවේ ඉඳගෙන.. උඹේ අතින් අල්ලා..
දුන්නා මං වචනයක්
යමු අපිත් සිංගා - හනිමූන් කැන්දා  
(ලෝන් එක මේ මාසේ ලැප් නොවී බේරුනොත් ඒ ඇති!)

අයියේ මේ සීය -  ගන්න දෑතින් ඔන්න
මල්ලි සිකැරට් එකක්?
එපා අයියේ දැන් - බ්ලොග් ගලක් ඔය ගණන්!       

Tuesday, December 27, 2016

අශෝකමාලා


වනේ වන කුසුම් පරයන පැහැ වත කමලේ
බාලේ ඉඳන් රැහැ බබලපු නෙත් සඟලේ
කොමළ සිනා කැන් වගුරපු දසන් පෙලේ
මිහිර කෙලෙස මකවන්න ද පපු මඩලේ

උක්දඬු බටනලා සර රස හිඟ උනාදෝ
මොර පලු කෝන් දිව තෙත් නොකලාදෝ
තුන් ගල් ලිපේ ඉදෙනා බත් රස නොවුනාදෝ
පුලා යදින්නට හිත දිරි මදි උනාදෝ

ඇත් අස් සෙනග පිරිවර නැත රැකවල් යන්න
රන්වන් දුහුල් සළු නැත සතපන්න
තන්තිරි මාල නැත ගෙල පටලා රදවන්න
ආල පිරුණු හිත ඇත මදි නොකියන්න

රන්මසු උයන් කෙළි කැප නැත රොඩි දනන් හට  
අඩ මස්සටත් වේ මහජන වැද යදින්නට
සාලිය නාමේ ළඟකින් බෑ තබන්නට
ඒත් හිතේ ආලේ බෑ වහන්නට  

රජ කුමරෙකු රවටපු මායම්කාරි
චණ්ඩාලියකැ වාසල අවමන්දාරි
රන්මසු උයනේ මල් නෙලනා කටකාරි
ඔබමයි තවත් මගේ හිත දිනු හැඩකාරි   



සාලිය අශෝකමාලා පවත ලක් ඉතිහාසයේ පරසිඳු පෙම්  වෘතාන්තයකි. සාලිය කුලගොත් නොසලකා රාජ සම්පත් අතහැර අශෝකමාලා සරණ කොටගත් බව සැබෑව...

නමුදු....

අශෝකමාලාවන්ට පෙම් බැඳී රැහේ එකෙක්ගේ සරය මෙසේ විය නොහැකිද...?


Monday, August 22, 2016

රංගධරයාගේ බිරිඳ

ඔහු නැත සැම විටම ළඟ පාතක...
ඇත ඒ විටක ඈ ළඟ තිරය පිටුපස...
සුසුම් හෙලුවත් දැනුනේ මටම මිස
වළකනු කෙලෙස ඉකි බිඳුමන් ගැහැණු හිතකට

ආලින්දය පිරි පිත්තල සම්මාන ගොන්නට
පෙනෙනා ආලිංගන රඟනා ඔහු මැදි කොට
සැප එරෙන මෙට්ටයට බර දී
නො ඔරවා සිටින්නේ කෙලෙස රූ පෙට්ටියට

බදු ගත් පළල් උර මත සැතපෙවෙන ළඳකට
බුරුසු රැවුලේ පහස ලැබූ ඕ ගත පිපුණු හිරි ගඩුවකට
සාප නොකරනු කියම් කෙලෙසද
කෙලෙස් සපිරුණු මිනිස් ළඳකට

නිදහසේ තොදොල් වන්නට
යන විටෙක උයන් කෙළියට
කෙලෙස ඉවසම්ද කරන කෝලම
ඇදෙන කෙල්ලෙන් සෙල්පි ගැනුමට  

යනෙන හැම තැනකම
ලැබෙනා පුද සත්කාර අඩු නැතිවම
කඳුළු ගෙන දෙයි දෑසට
උදම් වනවා වෙනුවට
Related Posts Plugin for WordPress, Blogger...