සිරිපා කරුණා සමය සිතල
උදුවප් මාසයේ නමෝ විත්තියෙන් පටන් ගත්තු වෙලේ ඉදන් අපේ උන් ලක ලැස්ති උනේ සිරිපා
කරුණා කරන්න. කොහොමෙන් කොහොම හරි ඉස්පාසුවක් හොයා ගන්න පුළුවන් උනේ 14, 15 වැටිච්ච
නිවාඩු දවස් දෙක! හරිම අමාරුවෙන් අනිත් වැඩ කටයුතු පස්සට දාල දවස් දෙක නිදහස් කර
ගත්තා.
මේ කට්ටිය කිව්වේ අපේ
විස්සවිද්යාලේ අතීසාර මිත්තරයෝ ටිකය!
13 වෙනිදා උදා විය!
වෙනසක් නැත! අම්බානෙකට වැඩය!
මම - මේ හෙට නේද බං සිරිපාදේ
යන්නේ..
පොලොස් මාමා - ඔව් ඔව් .
හෙට රෑ නේ! හරි! මම වෙලාවට නගින්නම් කෝච්චියට!
මම - ඔව් උඹට රෑ නැගලා
යන්න පුළුවන් &^%&*&!!
ඉතා සුන්දර ලෙස පොලොසා
මේ සැරෙත් වෙලාව අනාගෙන තිබ්බේය! කොච්චර කට පාඩම් කරලා යැව්වත් ඌ ට වෙලාවල් මතක
නැත! සාම්ප්රදනුකුලව ඌ මේ සැරෙත් train
එක මිස් කරගෙන බස් එකක
හැටන් ගෑටුවේය! ජොන්ටියා ද කොහේදෝ අවලමක ගොස් train එක මිස් කර ගත්තේය!
නාඩි උපදෙස් අංක 01 –
Trip එකක් යාමට දවසකටවත්
කලින් අතමක ලෙඩේ තියන උන් සිහි බුද්ධිය ඇති උන් එක්ක නතර කල යුතුය! නැත්නම් ඌ
නැගිටින්නේ කෝච්චි ගියාට පසුවය!
මංතුමා කල් වේලා ඇතිවම
නුවරට ගියේ දළදා මාලිගාව වැද පුදාගෙනම සිරිපා කරුණා කිරීමටය! ඔන්න ඔය අහු පහු
අස්සේ හෙන්ඩුවා...
හෙන්ඩු - මේ මචං කෝච්චිය
නුවරට එන්නේ නෑලු!
මං - එහෙනම් කොහාටද යකෝ
එන්නේ?
හෙන්ඩු - පේරාදෙණියට..
එහෙන් මෙහෙන් එන ඔක්කොම
ටික එකතු පහදු කරගෙන GIC එකේ train time table database එක හදපු එකාට පින්
දෙමින් අපි පේරාදෙණිය ට ගියෙමු!
නාඩි උපදෙස් අංක 02 –
ලංකාවේ train timetable කිසිදා විශ්වාස නොකරන්න!
12.19 කෝච්චිය ආවේය! ආයේ
පත්තරයක් එලා ගන්න ඉඩක් නැත! සූ ගෑවිල්ලේ සෙනගය! කොහොමෙන් කොහොම හරි අස්සේ පැක් වී
හැටන් වලට පැමිණියෙමු!
හැටන් වල සිට ගමන
නෝර්වුඩ් වලටය. අපේ සීනියර් අක්කා කෙනක් අසරණ අපිට කෑම වේලක් දීමට මග බලාගෙන
සිටියාය! සහෝදරත්වය… පොංගල් බත් කුඩක් ඉතුරු
නොකර ඉවර කිරීමට අපේ උන් වග බලා ගත්තෝය.
රෑ 8.30 විතර වෙන තුරු
නෝර්වුඩ් ගෘගස්ථ ක්‍රීඩාංගනයේ විවේක ගත් අපි නල්ලතන්නි බස් එකක එල්ලී සිරිපා
කරුණාවට පිටත් උනෙමු! අප්පේ.. බස් එකේ සැමන් අඩුක් කළාට දෙවැනි නැත! හරිම
අමාරුවෙන් එල්ලී හිටිගඩු පිපෙන සීතලේ නල්ලතන්නියට ලඟා උනෙමු!
නඩේ ගුරා FM මහත්තයාය! ;) ඉතුරු 23 දෙනාගෙන් බහුතරය කෝඩු ය! කිරි කෝඩු නම් නෙවෙයි ය! දඩු
කෝඩුය! පඬුරු ගැට ගසා රෑ 10 ට පමණ ඉහලට කරුණා කළෙමු.
දැන් සිරිපා කරුණාවේ
තුන් සරණේ ඇහෙන්නේ හරිම අඩුවෙන්ය! එක් නඩයක් තුන් සරණේ කැසට් එකක් ටිකක් සද්දෙන්
දමාගෙන යනවා මංතුමා දැක්කේය! නරකක් කියන්න බැරිය! නැතිනම් ඒ අපූරු රිද්මය සදහටම
නැතිවී යා හැක!
නිවාඩු දවස් දෙක නිසා උඩ
මළුවට යන හරිය වෙද්දී නම් ටිකක් සෙනගය! මහා ගිරි දඹ එහෙම නැග්ගේ අඩියෙන් අඩිය
නැවතී නැවතිය! උදේ 5.30 විතර වෙද්දී අපි උඩ මලුවේ!
පහුගිය දොහේ හෙලිකොප්ටර්
රාජයෝ උස්සාගෙන ආපු ගන්ටාර කුළුන ඇතුළු පුජා භාණ්ඩ මේ ටිකේ ලහි ලහියේ පිළියෙළ
වෙනවාය.
සිරිපා පියුම වැද පුදා
ටිකක් මහන්සි ඇරලා එහෙම පහලට එන ගමන පටන් ගත්තෙමු. කදුකර සදාහරිත වනාන්තරයකට උරුම
අපූරු සුන්දරත්වය ආපසු ගමනේදී අඩුවක් නැතිවම විඳ ගත්තෙමු.
ආපහු එන්න ලක ලැස්ති
උනෙත් train එකේ. කරුමෙකට වගේ ට්‍රේන්
එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ! නුවර ආපහු බස් එකේ ඇවිත් යාන්තම් රෑ දෙගොඩහරියේ ගෙදරට
ආවා. මතක් කරලා ආයේ මේ වගේ ට්‍රිපක් යන්න එහෙම ඉන්නවනම් ට්‍රේන් බුක් කරලා යන එක
තමයි හොඳම වැඩේ. අනිත් එක පුළුවන් නම් නිවාඩු දවස් මඟ අරින්න පුළුවන් තරම් උත්සාහ
කරන්න. නැත්නම් අධික තදබදය හින්දා විඩාවට පත් වෙන්න වේවි නිකම්ම...
නාඩි උපදෙස් අංක 03 –
සිරිපා කරුණා කරද්දී ඒ
සුන්දර පරිසරයේ අරුමැසිය විඳ ගැනීමට අමතක කරන්නෙපා! ලංකාවටම ආවේනික වෙච්චි කුරුළු
විශේෂ, සත්ත්ව විශේෂ, සුළඟින් කුරු වෙච්චි අපූරු ගස්, මීදුමෙන් වහිච්චි කඳු වැටී, ගස් මත වැවුනු ලයිකන, පාසි වගේ සොබාදහමේ අපූරු නිර්මාණ ගොඩක් ටිකක් විමසිල්ලෙන්
බැලුවොත් දකින්න ලැබෙයි.
 |
"තනිකම" : Captured from Nokia Lumia 820 |
මතක් කරලා ඔයගොල්ලෝ
අරගෙන යන හැම දෙයක්ම ආපහු ගේන්න. පොලිතින් ප්ලාස්ටික්, චුයින්ගම් තලි, සිගරට් කොට
සිරිපා අඩවියට ඕනේ නෑ.. පිය සටහන් විතරක් තියලා එන්න.
නාඩියා with මෝබයිලා
අලුත් අවුරුද්දේ පොඩි
ගැජට් බැජට් එකක් නාඩියා දෙන්න හිතුවා. කොයි කවුරුත් හරි හරියට දැන් ඔය smartphone පාවිච්චි කරනවනේ! ඔන්න android කස්ටියටයි windows phone උදවියටයි නාඩි බ්ලොග් එකේ app එකෙන්ම නාඩි වැටෙන හැටි බලන්න පුළුවන්! බා ගෙනම බලන්නකෝ!!! ඇපල් මල්ලිලා ට
ළඟදීම දෙන්නම් ඈ!