කලින් නාඩියා දෙබරෙට ගල්
ගැසුවා වගේ CHOGM කතාවක්
ලියා කස්ටිය ඇවිස්සුවේය! දැන් ඉතිං උත්තර දිය යුතුය. වැඩේ සාධාරණය. මොකෝ උඩින්
පල්ලෙන් කියෙව්වාට අපේ උන්ට හරි යන්නේ නැති බැවිනි.
ඒත් ඉස් ඉස්සරින් කරණු කාරණා තුනක් සිතේ තබා
ගන්නවානම් හොඳය.
- නාඩියා මේ සමුළුවට සහභාගී වූයේ ශ්‍රී ලංකාව
නියෝජනය කරන තරුණයන්ගෙන් සුසැඳි සමාජ සේවා ආයතනයක් නියෝජනය කරමින් විනා පාලක පක්ෂය
හෝ දේශපාලන මතයක් නියෝජනය කරමින් නොවේ.
- නාඩියා පාලක තන්ත්‍රයට හෝ යම් දේශපාලන ප්‍රවාහයකට
කඩේ යන්නෙක් නොවේ!
- CHOGM පසුපස ඇති දේශපාලන භූමිකාව හෝ ඒ හා බැදී පවත්නා
වූ දුෂණ වංචා ආදිය මේ නාඩි තුලින් සාකච්චා කිරීමට මම බලාපොරොත්තු නොවෙමි! (එසේ ඒවා
සිදු නොවුනා කියා සුදු හුණු ගෑමට කිසිඳු අවශ්‍යතාවයක් මට නොමැත)
නොවැම්බර් 9 වෙනිදා මහරගම youth එකෙන් උදේ 9 ට විතර අපි පිටත් උනා. ශ්‍රී ලංකා
නියෝජිත කණ්ඩායම අධිවේගී මාර්ගය ඔස්සේ හම්බන්තොට ටත් විදේශ නියෝජිත කණ්ඩායම විශේෂ
ගුවන් යානයකින් කටුනායක සිට මත්තල ඔස්සේ හමබන්තොට ටත් ලඟා උනා.
සමුළුවේ ආරම්භක සැසිවාරය පටන් ගන්න ඉස්සරින්දා
රාත්‍රියේ පෙරහැර සමඟින් සංස්කෘතික සංදර්ශනයක් තිබ්බා රන්මිණිතැන්න ටෙලි සිනමා
ගම්මානයේ. එතැනදී අපේ අය උත්සාහ කලා ලංකාවේ සංස්කෘතිය විදේශ නියෝජිතයන්ට විදහා
පෙන්නන්න. හැබැයි මගේ මතය අනුව එතැනදී අපේ සාර්ථකත්වය 60% පමණ. මොකද ලංකාවට ආපු
විදේශ තරුණ නියෝජිතයෝ මෝඩයෝ නෙවෙයි! රටකින් එන්නේ දෙන්නයි! ඒ කියන්නේ ඒ ඒ රටවල් වල
gist එක! ඒ අය ලංකාව ගැන පොත පත අන්තර්ජාලය ඇසුරින්
කියවලා කරලා තමයි එන්නේ. එතැනදී අපිට ඊට වඩා දෙයක් දෙන්න තිබ්බා.
දෙවැනි දවසේ ආරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ
මුලිකත්වයෙන් තිබ්බා. තිබ්බේ MRICC නැත්නම්
මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ. එය ඇත්තටම විශාල ඉදිකිරීමක්.
නමුත් මට ඇති වෙච්චි ප්‍රශ්නයක් තමයි අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වීමට තරම්
යටිතල පහසුකම් ඒ ආශ්‍රිතව ඉදි වෙලා තියනවද කයන එක. මොකද සංවිධායකයන් මුහුණ දීපු
ලොකු ගැටලුවක් තමයි නවාතැන් සැපයීම. සමහර නියෝජිතයන් කතරගම, අම්බලන්තොට, රන්න ආදී
තැන් වලත් නවාතැන් ගෙන තිබුනා. ඒ Logistic ඉතා
විශාල ප්‍රශ්නයක් බවට හැරිලා තිබ්බේ මේ වගේ කරුණු නිසා.
සමාරම්භක උත්සවය ප්‍රසංශනීයයි. අබාධිත තරුණයන්
ඉදිරිපත් කල Heal the world ගීතය හැමටම කඳුලක් එක් කලා. මම ඒකෙ video එකක් කලින් නාඩියේ attach කරලා තිබ්බා.ඔන්න ඔය අතරේ නාඩියා
ට පොඩ්ඩක් හිනා කටක් පහල උනේ අපේ R
දුමින්ද සිල්වා මහත්තයා අනර්කලී නඟා වත් පෙරටු
කරගෙන අපිට පොඩ්ඩක් එහා පැත්තේ සිට් එකක ඉගෙන ඉන්නවා දැකලා. :D වෙඩි වදිලත් මැරෙන්නේ නැති මිනිස්සු! :P
සමාරම්භක උත්සවයෙන් පස්සේ ආරම්භ උනා සම්ලුව. මම
දැක්ක දෙයක් තමයි නියම වෙලාවට වැඩ කිරීම. මොකද විදෙස් නියෝජිතයන් බොහෝ වෙලාවට
විවාද සාකච්චා සඳහා පරක්කු උනේ නෑ! සමහර අය බෙදා ගත්ත කෑම එකත් අතින් අරගෙනම
සාකච්චා මේසේ වාඩි උනා. අංක 1 වැඩ!
පහුගිය ලිපියේ කියලා තිබිච්ච විදිහට කාරණා අටක්
යටතේ සාකච්චා පැවැත්වුනා. ආයෙත් මතක් වෙන්නත් එක්ක ඔන්න ඒ අට.
•
2015 න් පසු ජාත්‍යන්තර සංවර්ධන සැලැස්ම සදහා තරුණයන්ගේ
කාර්යභාරය
• ප්‍රතිසංවිධානය සහ සමාජ
ඒකාබද්ධතාවය.
• සුබසාධනය සහ සංවර්ධන ක්‍රියාවලිය
•
අරමුණු සපුරාලන ගුණාත්මක අධ්‍යාපනයක්..
•
තරුණයන් උදෙසා ශිෂ්ඨ සමිපන්න ඵලදායි රැකියා අවස්ථා
උත්පාදනය
• ස්ත්‍රී පුරුෂ
සමානාත්මතාවය
• ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
අයිතිවාසිකම්
• තරුණ කටයුතුවල
වෘත්තීයභාවය ඇතිකිරීම
මං තුමා ඔය
කරුණු අටෙන් සහභාගී උනේ “අරමුණු සපුරාලන
ගුණාත්මක අධ්‍යාපනයක්” සහ “තරුණයන් උදෙසා ශිෂ්ඨ සමිපන්න ඵලදායි රැකියා අවස්ථා
උත්පාදනය” කියන කරුණු දෙකේ විවාද සඳහා. මොකෝ රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂයෙක් නිසා මම
ආස කලේ පොඩ්ඩක් අධ්‍යාපනේ ගැන කතා කරන්න. රැකියා ගැන කතා කරන්න යන්න හිතුවේ ඉස්සර
ඉදන්ම ඔලුවේ වැඩ කරන මගේම කියලා business එකක් පටන්
ගැනීමේ ඇම්ම තව පොඩ්ඩක් වැඩි කර ගන්න.
අධ්‍යාපනය සඳහා තිබිච්ච සාකච්චාවට මොහාන් ලාල් ග්‍රේරු
මහත්තයත් එක්ක ආචාර්ය සුනිල් නවරත්න ලංකාව නියෝජනනය කරමින් අදහස් දැක්වුවා. මෙහිදී
මතුවෙච්ච වැදගත් කරුණක් තමයි වෘතීය අධ්‍යාපනය (vocational education) ප්‍රචලිත කල යුතුයි කියන එක. මොකද පවත්නා අධ්‍යාපන
රටාව රැකියා වෙළඳ පොලට සරිලන මනුස්සයෙක් බිහි කරන්නේ නෑ කියන එක තරුණ නියෝජිතයෝ එක
හෙලා කියා සිටියා.
අපි ලංකාවේ ඇත්තටම වැඩිය දැක්කේ නැති දෙයක් තමයි
ප්‍රාථමික අධ්‍යාපනයක් වත් නොලබපු මිනිස්සු. නමුත් අප්‍රිකානු කලාපයට ඒක ලොකු ප්‍රශ්නයක්
වෙලා තිබුනේ. ඒ සඳහා අවශ්‍ය තීරණ ගන්න යෝජනා උනා.
ලංකාවේ නියෝජිත කණ්ඩායමේ සහභාගී උනා ආබාධිත තරුණයෙක්. ඔහු අදහසක් මතු කලා සැමටම අධ්‍යාපනයේ
සම අයිතිය ලැබිය යුතුයි කියන එක. මොකද ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ගේ සමහර පාඨමාලා
වලට අබාධිත අයවලුන් ඇතුලත් කරගන්නේ නෑ ඔවුන්ට අවශ්‍ය access නැති වීම ආදී ගැටළු නිසා. මේ නිසා ඒ සඳහා පිළියම්
සෙවීම කාලින අවශ්‍යතාවයක් වෙලා.
ඌරුවරිගේ සුමනසේන ආදිවාසින් නියෝජනය කරපු අපේ
නියෝජිතයා රටවල් වල ආදිවාසි ජනයාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අදහස් මතු කලා. ඇත්තටම
මම දැකපු එක සාධනීය කාරණයක් තමයි ඒක! අපි කියනවා වැද්දෝ වැද්දෝ විදිහට ඉන්න ඕනේ.
කැලේම ඉන්න ඕනේ කියලා. හැබැයි ඒ අයගේ සමහර ප්‍රශ්න අපි කවුරුත් හරියට දැකලා නෑ!
අධ්‍යාපනය, මුල්‍ය වගේ ප්‍රශ්න ගණනාවක් නිසා තමයි ඒ අයගේ උරුමය විනාශ වෙලා යන්නේ.
ආදිවාසි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක්
සකස් කිරීමට (ලක්සල, සමුපකාරය ආදී ආයතන උදව්වෙන්) අපි යෝජනා ඉදිරිපත් කලා.
ඒ විතරක් නෙවෙයි අප්‍රිකානු කලාපයේ අයට තිබිච්ච
ප්‍රශ්නයක් තමයි අඩු වයස් මාතෘත්වය. ඒ නිසා ගොඩක් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය
කඩාකප්පල් වෙලා. මේ සමුළුවට අප්‍රිකානු රටකින් ආපු එක නියෝජිතවරියක් single
mother කෙනෙක්! ඇත්තටම ඒ අයට ඒ වගේ ප්‍රශ්න විසදගන්න එක
හරිම වැදගත් සංවර්ධනය සඳහා.
මේ සමුළුවට සහභාගී වෙච්චි සමහර රටවල් වලට ඇති ප්‍රශ්නයි
ඒවාගේ සමාජ ස්වභාවයයි තේරුම් ගන්න හරිම අමාරුයි! බෘනායි රටට තියෙන ලොකුම ප්‍රශ්නේ
තමයි අඩු ජනගහන අනුපාතය. අපිට ඉතිං උදව් කරන්න බැරි කමකුත් නෑ! ;)
අනිත් එක මම තව දැක්ක දෙයක් තමයි අප්‍රිකානු
කලාපයේ රටවල් අතර තියෙන බැඳියාව! බොහෝ රටවල් අතර අභ්‍යන්තර අර්බුද තිබ්බත් ඔවුන්
පොදු ප්‍රශ්නයකදී බොහෝ වෙලාවට මහාද්වීපයක් විදිහටම එකතු වෙනවා. ඇත්තටම මම
ආසියාතිකයන් වෙච්ච අපේ එහෙම දෙයක් දැක්කේ නෑ.
අපි දන්නා කියන විදිහට ඉන්දියාව පකිස්තානය පස
මිතුරෝ! හැබැයි තරුණ සමුළුවේදී මේ අය හැමෝම හිටියේ හරිම මිත්‍රශීලි විදිහට! අපි
ඉතිං විහිලුත් කලා “Beware!! We have to inform about this for your embassies!
:D “ කියලා! තරුණ
හිත් වල කහටක් නෑ.. (බොහෝ වෙලාවට)
පොදුවේ ගත්තහම අප්‍රිකානු කස්ටිය හරිම මිත්‍රශිලියි!
නටන්න කරන්න හරිම කැමතියි! දකින්න ඇතිනේ දගලපු දැගලිල්ල. සිරා අයියේ රජෝ..... ඒ
මිත්‍රශීලිකම වැඩි වෙලා! :D
සමුළුවට එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ නියෝජිතයෝත්
සහභාගී උනානේ. මම note කරපු දෙයක් තමයි ඒ රටවල ප්‍රතිපත්ති සකස් කරන්න,
රාජ්‍ය පාලනයට වගේ දේවල් වලට තරුණ සහභාගිත්වය වැඩියි! ඒ අය ඉතා බුද්ධිමත් විදිහට
රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරගෙන යනවා.
අනිත් වැදගත් දෙයක් තමයි ආපු එක නියෝජිතයෙක් වත්
එක පැත්තකට කොටු වෙච්චි අය නෙවෙයි. ඔක්කොම multitasking මිනිස්සු.
ගොඩක් පැති ගැන දන්නවා. හරිම ප්‍රායෝගිකයි! ඒ ඉතිං ඇත්තටම අධ්‍යාපන ක්‍රමය ඇසුරින්
නිර්මාණය වෙච්චි දෙයක්ම නෙවෙයි! තම තමන්ගේ කැපවීම හා උත්සාහය.
අරූ අයියා අහලා තිබ්බා link එකක් දාලා සමුළුවට hotels අල හිටිය සුද්දෝ ගෙන්නුවද කියලා! :D මම දන්නා විදිහටනම් නෑ! මොකෝ පොදු රාජ්‍ය මණ්ඩලීය
රටවල් වැඩි ගණනක් අප්‍රිකානු, කැරබියන් හා ආසියානු කලාපයේ රටවල් ඉතිං ඒවාගේ කොහොමද
සුදු අය! හැබැයි ලස්සන සුදු අක්කලා ටිකක් ඇවිත් හිටියා UK වලින් volunteers ලා
විදිහට.මම දන්නා විදිහට එතන volunteers ලා 80 ක්
සහභාගී උනා. ඒ අයත් සමාරම්භක උත්සවයට අවසාන උත්සවයට එහෙම සහභාගී උනා. සමහර විට ඒ media
show එකට වෙන්නත් පුළුවන්! ;)
ගස් හිටෝපු සීන් එක ගැනත් අහලා තිබ්බනේ. ඒ ගස්
හිටෙව්වේ මිරිජ්ජවිල වියලි කලාපිය උද්භිද උද්‍යානේ... ළමයි බමයි ඉන්න කාලෙක හිගින්
මෙන්න පුතේ අපි හිටෝපු ගහක් කියලවත් කියන්න බැරියැ... ;)
Beach party එකකුත් තිබ්බා අන්තිම දවසේ. නරකක් කියන්න බෑ.
මොකෝ youth නේ. හැබැයි ඒ වැඩේ එච්චර සංවිධානාත්මක බවක් මම
දැක්කේ නෑ. මොකද තවම අපේ ලංකාවේ අයට සුදු හැම තියෙන මොකෙක් හරි දැක්කහම මොකද්දෝ
වෙන ගතියක් තියනවා. ඉතිං ඒ වගේ වෙලාවක අපි ඒ අයගේ ආරක්ෂාව ගැන ටිකක් සැරට බලන්න
වෙනවා. මොකෙක් උනත් රාජ්‍ය නියෝජිතයෙක් නේ.
Youth forum එකේ අමතක කරන්නම බැරි සෙට් එක තමයි අපේ ලංකාවේ
නියෝජිතයෝ ටික! ආයේ එක බඩවැල කඩාගෙන ආපු සෙට් එක වගේ අපි ඔක්කොම එකට හිටියා. අපේ
මව්බිම වෙනුවෙන් කතා කලා. රෑ වෙනකම් පිස්සු කෙලියා. හිනා උනා. සීරියස් වෙන්න ඕනේ
තැන් වලදී සීරියස් උනා. මොනවා උනත් ඒ සෙට් එකනම් මරු! :D
අනිත් සෙට් එක volunteers ලා. හැමදෙයක්ම කැප කරගෙන ස්වේච්චාවෙන් මේ event
එක ගොඩ දාන්න ලොකු කැපකිරීමක් කලා. ඒ තමයි තරුණ
ජවය! #HatsOff
යසිත් කොලුවා කියලා තිබ්බේ මම ඇමති පුතෙක් කියලා!
:D අනේ නෑ යකෝ අපේ අපුච්චා රජයේ දෙපාර්තමේන්තුවක වැඩ
කරලා දැන් පෙන්ෂන් පිට ගෙදර ඉන්නේ. අනේ මන්දා ඉතිං කොහොමෙන් කොහොම හරි මං තුමාට ඔය
ගොඩක් ඒවාට යන්න එන්න සිද්ධ වෙලා තියනවා.
වැදගත්ම දේ මෙන්න මේකයි! අපි වැඩ විවේචනය කරන
ගමන්ම වැදගත් වැඩක් කරන්නත් පුරුදු විය යුතුයි. තනි තනියෙන් හරි....