රෑ තවම තරුණයි සල්ලාල
දෙනෙතට
නුරා ගිනි නැවිලේද සුරා
සොඬ ඇසකට
තරබාරු මුදලාලි සයිමන්
නැතත් අද පැයකට
නාට්ටාමි පිටකින් ගත්තු
පන්සීය වටී මට ගමකට
පාට වැඩි කියුටෙක්ස්
රැළි ඇඟිලි කැත වහන්ට
වයසට සැලෙන තොල්
ලිප්ස්ටික් ලා මකා ගන්ට
එල්ලෙන පයෝදර ඉහළට කර එල්ලගන්ට
පේමන්ට් බලාගෙන අඩන තන
පුඩුව පේන්නට
කඩල ගොට්ටක් අරගෙන
යන්නත් හිතයි දෝණිට
අහුඋනොත් ඒකත් ගනියි මහ
එකා බයිටට
සන්තෝසම් මුදල් දෙන ලියන
මහතැන් ආවට
දුන්නෙත් නෑ කාසි උන්ගෙත්
පර්ස් බර නෑ ඕසෙට
දිගු දෑස් කෝල බැල්මන්
නැතත් කම් නෑ මෙතැනට
ඕනෑ ගුලක් විතරයි අසංවර
ලිඟුවට
ආටා එකත් කදිමයි ලිහිල්
සළු ගලවන්ට
සිලික් ඇතිරිලි සුදු රෙදි
ලැබෙයි මළගම දාට
ප්‍රස්තුතය - ආමර් විදියේ සුරා සැලක් අසළ රැයෙහි සරනා ගණිකාවක්