මගේ ප්‍රියම්බිකාව කියන විදිහට මැටි කිඹුල් දඩයම කියන්නේ පිරිමි වෙච්චි අපේ ප්රියතම ක්රීඩාවක්.
ඒක පටන් ගන්නේ මෙහෙම..
මගේ අත්දැකීමෙන් මට නං හොඳටම මැටි කිඹුලෝ සෙට් වෙලා තියෙන්නේ සෙල්ලං බඩු කඩ, ලෙගෝ ශොප් වල සහ බනින්ග්ස් වගේ හාඩ්වෙයාර් ශොප් වල රාක්ක අස්සේ හැංගිලා ඉඳලා. ඔය ඩැයල් හැංගිලා ඉන්න හරිම දක්ෂයි… හොඳ පළපුරුදු ඇහැකට විතරයි මේ නං සුපිරි මැටි කිඹුලෙක් කියලා අඳුන ගන්න පුළුවන්.
ඊට පස්සේ හොඳට සෝදිසි කරලා බලන්න ඕනි අපි ටැකල් කරගත්තු මැටි කිඹුලට ඩිස්කවුන්ට් එහෙම වැටිලා තියෙනවද කියලා.. බ්ලැක් ෆ්රයිඩේ වගේ සීන් එකක් නං මරු. එතකොට බජට් ඇපෲවල් එක ඊසි. ඒත් එක්කම බෝනස් එකක් එහෙම account එකට වැටිලා තියෙනවානම් ඔයා වාසනාවන්තයෙක්!
ඔය ප්රයිස් රිසර්ච් එක යද්දිම හොඳට review එහෙම බලන්න ඕනි. මොකෝ මැටි කිඹුල්ලු හැම එකාම වටින්නේ නෑ.. YouTube පැය විස්සක් විසි පහක්, බ්ලොග් පෝස්ට් දුසිමක්, Reddit thread දහයක් විතර ගොඩ දැම්මහම අපිට තේරෙනවා මේ මැටි කිඹුලා නං සුපිරි…මූ හරිම අත්යවශ්ය එකෙක් කියලා.. ඔය literature review එක attachment එකක් විදිහට ඉහළ මන්ත්රී මන්ඩලයට දාන්නත් යොදා ගන්න පුළුවන්.
ඒ අතරවාරේ පුළුවන් සෙසු මැටි කිඹුල් දඩයම් බලකාය (මැ.කි.ද.බ) දැනුවත් කරන්න. ලෝකේ වටේ විහිදිලා ඉන්න ඒ උදාරතර මිත්ර රත්නයට පුළුවන් ඒ ඒ රටවල් වල මැටි කිඹුලන්ගේ ප්රයිස්, උන්ගේ සයිස් වගේ දේවල් ගැන හොයන්න උදව් වෙන්න. ඒත් එක්කම අපි දඩයම් කරන්න බලාපොරොත්තු වෙන ජාතියේ එකෙක් බලකායේ එකෙක් ගොඩ දාලා තියෙනවනම් වැඩේ ලේසියි. මොකෝ පොර අර literature review එක කරලා තියෙන්නේ. එව්වා open source විදිහට share කරගන්න මැටි කිඹුල් දඩයම් බලකාය ඕනි වෙලාවක සූදානම් වෙලා ඉන්නේ.
ඊට පස්සේ පුළුවන් හොඳ වෙලාවක් එහෙම බලලා.. තමන්ගේ ආදරණීයයන් dinner එකකට එහෙම අරං ගියාට පස්සේ වගේ දවසක උදේම නාලා කාලා පිරිසිදු වෙලා අපි ටැකල් කර ගත්තු මැටි කිඹුලා අල්ලගෙන එන්න යන්න. ඕක BBQ මැශින් එකක් වගේ වාහනේට ෆිට් වෙනවටත් වඩා ලොකු එකක් නං මැ.කි.ද.බ ට inform කරපුවහම ලොකු කැබ් එකක්, trailer එකක් උනත් හොයා ගන්න පුළුවන්.
සාඩම්බර විදිහට මැටි කිඹුලා ගෙදර ගෙනාවට පස්සේ හොඳට නාවලා කරලා අරගෙන ෆොටෝ එකක් එහෙම අරගෙන බුකියට දාන්න. එතකොට අනිත් මැ.කි.ද.බ සාමාජිකයන් උනත් දැනුවත් වෙනවා මෙහෙම එකෙක් ඉන්නවා දඩයම් කරගත්තානම් හරි කියලා.
ඔන්න ඔහොමයි මිත්රවරුනි මැටි කිඹුලෙක් ව සාර්ථක විදිහට දඩයම් කරගන්නේ. දඩයම් කරගත්තට පස්සේ එන බර බර, මේක තියෙන්න ගෙදර ඉඩක් වත් නෑ, දූවිලි පිරෙනවා වගේ එන දූෂමාන චෝදනා වලට කන් පාත් කරගෙන ඉන්න ඕනි. මොකෝ කාලයක් ගිහාම ඔව්වා පට්ට වටිනවා!
මහත්මයා, මානසික ව්‍යාධියකින් පෙලෙනවද?
ReplyDelete