සියාතු මාමාගේ ලොකු පුතා
ආමිකාරයෙකි!ඉස්සර රණවිරුවෙකි!පොඩි එකා දැන්නම් අවුරුද්දකටත් වැඩි දවසක ඉඳන් ගෙට
වෙලාය! ඌ මහා විභාගේ ඉහලින්ම පාස් උනත් තාම උන්ගේ අර Z අකුරේ අවුල්ද මොකද්දෝ එක හින්දා එලියට පහලියට බහින්නේ නැත!ඉස්සරහට ඌ
ආඩම්බරකාර කැම්පස් ශිෂ්‍යයෙක් වෙන්ඩ බලාගෙන ඉන්නවාලු!(ඒ කියන්නේ වෙන්ඩ ජෙප්පෙකි!)
මේ දොහේ ඌ පල්ලෙහා ගාමන්ට් එකේ සුපවයිසර්කමක්
කරනවාය....
පොඩි කෙලි නම් 10 විභාගේ
ලිව්වේ මේ සැරේ! ගණනුයි විද්‍යාවයි අමාරුයි කියලා ඒකි නහයෙන් අඩා ගත්තු ගමන්මයි!
ඒත් සියාතු මාමාගේ කොළඹ පොඩි මලයාගේ කෙලීටනම් පේපර් එක කලින් හම්බ වෙලාලු! සියාතු
මාමා ඒ හරුපේ ඩින්ගිත්තක්වත් විශ්වාස නොකළේ ඒ ටියුසන්කාරයාට නිරපරාදේ සෝලි තියන්න
එපැයි කියලා මායියාට දෙසා බාන ගමන්මයි!
පුදුමාතලන් මහ හටන ඉවර
උනාට පස්සේ ලොකු එකා කොළඹ කෑම්ප් එකට මාරු උනේ උගේ අතේ වැදුණු උණ්ඩයක් හින්දා කියලයි
සියාතු මාමාට කිව්වේ..හැබැයි ඒකෙන් උනේ බැංකුවට එන පඩියෙන් ගානක් කැපුණු එක
විතරයි!
කොහොමෙන් කොහොම හරි ගිය
සතියේ ලොකු පුතා සියාතු මාමාට පෝන් එකෙන් කතා කරලා මෙහෙම කියලා තිබුනා...
තාත්තේ....මේ සිකුරාදා
කොළඹ කාර් රේස් එකක් තියනවා....අපිත් ඒකට වැඩ! එනවනම් ඇවිත් යන්ඩ එන්න.පොඩි
මාමලාගේ ගෙදර නවතින්න පුළුවන්නේ...
අනේ පුතේ ලොකු ගානක්
යයිනේ බං ඕවාට! මද්දුවත් නහයෙන් අඩනවා මේ ටිකේ සල්ලි ඉල්ලලා ඌට නායකත්ව පුහුණුවද
මොකද්ද එකකට යන්ඩත් සල්ලි ඕනෙලු!
ඒ ගැන මං බලාගන්නම්කො
තාත්තේ....කෝච්චියේ එන්ඩ! වැඩි ගානකුත් නෑනේ!
හුම්......බලනම්කො.....
ඉස්සර ගමේ තිරික්කල්
රේස් එකේ මුදුනා වෙච්ච සියාතු මාමාට කාර් රේස් කියන එක අලුත් දෙයක්! පිම්මේ පිඹගෙන
යන වාහන කන්දරාවක් දැක්කේ ගිය පෙබරවාරියේ ඔයාමඩුවේ තිබිච්ච “සංගීතෙට” ආපු වෙලේ
තමයි! හැබැයි ලොකු එකා කියපු විදිහට මේක ඊටත් වඩා ලොකු එකක්ලු!
ගිය කන්නේ මහ නියගෙට අහු
වෙලා අස්වැන්න පාලු උනායින් පස්සේ දීපු සහනාධාර වලින් ටිකක් ඉතුරු වෙලා තිබිච්ච
හින්දා සියාතු මාමගේ හිතට පුංචි පහේ රස්තියාදුවක් ගහන්න හිතුනා...
කන්ඩ බොන්ඩ විදිහක් නෑ
කියලා ගෙදර උන්දෑ අඩෝ ඇඩියා දැම්මත් ඒවා තඹ සතේකට ගණන් නොගත්තු සියාතු මාමා පුරේ
ඉස්ටේසමෙන් යාල් දේවියට නැග්ගා.
ගල්ගමුවෙන් කෝච්චියට ගොඩ
වෙච්චි කළු හීන්දෑරි කෙලී ගෙනාපු දිවුල් වලින් මල්ලක්ම සියාතු මාමා ගත්තේ දිවුල්
වලට තිබිච්ච පෙරේත කමටම නෙවෙයි! ඒ අසරණ කෙලි පොඩිත්තගේ මූනේ හිනාවක් දකින්න තිබ්බ
ආසාවට.
කොටුවෙන් බැහැලා එළියට
බැහැලා බලපුවහම යම යුද්ධයයි! වෙලේ කඩාඩුව කැඩුනාම වැලි කොට්ට ගොඩ ගහන්නැහෙ පාර
දෙපැත්තේ වැලි මලු පුරෝලා! ලොකු ට පෝන් කරන්ඩ ඕනේ කියල එහේ මෙහෙ බලද්දී මෙන්න ලොකු
කොලුවත් එතැන! අප්පේ ඒකත් වැලි නාලා! සියාතු මාමාට හොඳටම හිනා! මොකෝ මේකා යුද්ධ
කොලාට මොකෝ කැත්ත උදැල්ල අරගෙන වැඩිය වැඩ
කරපු එකෙක්යෑ!
"හා..තාත්තේ...ඉන්ඩ මං
එන්නම්....."
හවස් වෙනකම් ලොකු එකාගේ
යාලුවෙක් කියල අදුන්නලා දීපු ළමයෙක් එක්ක
අලුතෙන් අස්ප වේගෙන් ගහන කොන්කිරිට් බිල්ඩිම් අස්සේ ඇවිදලා හවස සියාතු මාමත් ආවා
කියපු කාර් රේස් බලන්ඩ... ලොකු එකා ඒ වෙද්දී 50 හේ ටිකට් එකක් දීලයි තිබ්බේ....
රෑ උනාට මොකෝ ගිනි
මද්දහනේ වගේ එලිය! සැර ලාම්පු පත්තු කරලා! පාර යාන්තම් පේන නොපේන මායිමේ මුල්ලක්
හොයා ගන්ඩ සියාතු මාමගේ පුතාට ඇහැක් වෙලා තිබ්බා!
ඉස් මිස් නැතිව
සෙනඟ...අනේ මන්දා..සියාතු මාමනම් මහ දෙයක් දැක්කේ නෑ..එක එක පාට ගාපු සැර සද්දයක්
තියෙන වාහන ටිකක් ගිනිපුග්ගාය වගේ එහෙට මෙහෙට දුවනවා තමයි සියාතු මාමා දැක්කේ..
තාත්තේ....අරකෙ යන්නේ “පොඩිම
පුතා”.....
අනේ වාසනාවන්! ඌ හරි
දස්සයි නොවැ! අර හඳට යන්න පෙරුම් පුරන උත්තමයා නේ! සියාතු මාමට සතුට වැඩි කමට
ඇහෙන් කඳුළුත් ආවා! මොනවා උනත් කුරහන් සුවඳ විඳපු අපේ එකෙක් නොවැ!
පාන්දර ජාමේ වෙද්දී
ඔක්කොම සෙල්ලම් ඉවරයි!
තව හොඳ හොඳ සෙල්ලම් පන්දාහේ
කෑල්ලේ තිබ්බා කියලා ලොකු එකා ඇහැක් වහලා කිව්වට සියාතු මාමා ඒවා ගණන් නොගත්තේ අර
යකඩ අස්පයෝ පැදලා ඇඟේ අමාරුව යවා ගන්ඩ එහෙව් එකක් කොලාට මක්කෙයි කියලා ලොකු එකාට ඔරෝන
ගමන්!
පහුවදා මලයාගේ ගෙදරට ගොඩ
වෙලා රෑ තැපැල් රේල්ලුවට සියාතු මාමා එද්දී කොටුවේ එකම සා සූවයි! පෙට්‍රල් වැඩි
වෙලාලු!
ඉතිං අපිට මක්කෙයි...අපි
පෙට්‍රල් ගහන්නේ *කටයැ!!! සියාතු මාමට *කෙනුත් හිනා!!!!!
ලයික් එකකුත් දාමුද?