නාඩි සෙට් එක

Friday, September 16, 2016

වෝක් GMOA සහ තවත් අතුරු කතා

සිරි ලංකාවේ සයිබර් වාසී අපි සති පඩි කාරයෝය! ඒ කියන්නේ සතිය ගෙවා ගන්නට හොඳ ලෙල්ලක් අනිවා හැම සතියෙම සුවර් ය. සමහර සති වල බෝනස් එක්ක දෙකක් තුනක් එනවාය. අපි ඉතිං තියෙන ඩේටා ටිකටත් කෙලෝගෙන ඒවාට හුරේ දමනවාය. මොනවා ආවත් ප්‍රභා කිව්වා මෙන් අනිත් සතියේ කලින් එක අතමකය. :D

මං තුමා කොහොමත් ගැජමැටික් වලට ආසා එකා වෙච්චි අයි පෝන් හත එළියට දාපු එක හෙනම ඉන්ටරස්ටින් සිද්ධියක් උනේය. ඊටත් වඩා ආතල් උනේ අපේ උන් ඒවා ගැන හදලා දාපු පොස්ට් බලන එකය. සමහර උන් කියන කතා වලට ස්ටීව් ජොබ්ස් වලෙන් නැගිටලා එයිද කියලත් සුවර් නැත. ඇවිත් අයි පෝන් සෙවන් හැම එකේම බුරුමෙන් හිලක් විද්දවා හෙඩ් පෝන් එක නැත්නම් ඕනේ ඉලව්වක් ගහ ගන්න කියනවා සිකුරුය! 

හැබැයි ඉතින් කොච්චර ස්මාට් පෝන් ගත්තත් සම හරක් අපේ උන් එව්වා පාවිච්චි කරන්න තරම් ඉස්මාට් නැත. වට්සැප් වයිබර් කොලාට තමන්ගේ පෝන් එකෙන් හැමදාම මේල් එකවත් චෙක් කරන්නේ, කැලැන්ඩරේ ඕනේ කරන එව්වා දාගෙන කොරගෙන ඉන්නේ එහෙමත් එකෙක්ය! හැබැයි හැමෝම අතේ කොට්ටයක් වගේ ලෑලි පතුරක් නම් තියනවාමය.  

ස්ලිට් වෝක්
ඒ අල්ල පනල්ලේ අපේ ස්ලිට් එකේ උදවිය වෝක් එකක් ගියේය. ඒ මේ හැමදාම උදේට බඩ අඩු කරගන්න යන වෝක් එකක් නෙවෙයි ය. නැත්නම් ඔය “අන්තරේ” කියන කස්ටිය යන උද්ඝෝෂණ පා ගමනක් එහෙම නෙවෙයි ය. මේවා ටිකක් පොෂ් එකට “චැරිටි” කරන්න “ෆන්ඩ් රේස්” කරන්න යන රේස් ය. මොනවා කිව්වත් වැරිටි කරන එක පට්ට හොඳය. කොල්ලෝ කෙල්ලෝ කාලේ ඔව්වා නොකලොත් වැඩක් නැත. ෆන් ද ගත යුතුය. නැත්නම් ඇත්තටම උන්ගේ ඊස්ට්‍රජන් ටෙස්ටෙස්ටෙරෝන් ශ්‍රාවය වෙනවාදැයි සොයා බැලිය යුතුය. 
අනික උන් දැන ගතයුත්තේ චැරිටි කරන්නේ උන් පමණක් නොවන බවය. ව්ශ්වවිද්‍යාල වල උන්ද බහුතරයක් කොහේ හෝ ඉස්කෝලයක බිල්ඩින් එකක් හදන්න සිමෙන්ති අනා ඇත. පොඩි උන්ට මාස ගණන් නොමිලේ උගන්නා ඇත. AL/OL වර්ක්ෂොප් කර ඇත. උතුරු මැද ඉස්කෝල ගානක ජල පිරිපහදු පද්ධති වලට ටැංකි උස්සං යන්නට ඇත.  වෙනස තියෙන්නේ උන් වෝක් යන්නේ නැතිව කැට හොල්ලලා ස්ටිකර් ටිකක් විකුණා ඒ ටික කර ගැනීමය. 
කොටින්ම කිව්වොත් ඕනෑම කොම්පැනියක් ද CSR කියා චැරිටි එකක් කළ යුතුය. :D 
හැබැයි හැමෝම පීචන් වෙන්නේ ඔය නිදහස වල් බූරු නිදහසක් උනාමය. “ස්ලිට් එකේ ෆර්ස්ට් ඉයර් එකේ කෙල්ලෝ වර්ජින්ද” “නරි බිරුවට සයිටම් වහන්නේ නෑ” වගේ ගොන් පාට් වලින් වෙන්නේ තියෙන හොඳ නමත් කැත වීමය. ඔව්වා ඉතින් කජු කැලේකට හරි පඩිපෙළකට හරි ගිහිං කියා ගත්තාට අපිට කම් නැත.
වෙන රටවල “Reduce the fees” කියා බෝඩ් අල්ලං යද්දී අපේ උන් “ල ළමයාව දාපං ස්ලිට් එකට” කියා බෝඩ් අල්ලං යන්නේ අපි සාපේක්ෂව වෙනස් නිසාය! සමහර විට අපේ මිනිස්සු අම්මටසිරි වෙන්න රිච් නිසාද වෙන්න ඇතිය. :D
අර කවුරුදෝ බුකියේ කියලා තිබ්බා වගේ “සල්ලි දීලා උගත්තු වෙන්න දගලන මෝඩයෝ සෙට් එකයි - නොමිලේ උගත්තු වෙන්න දගලන මෝඩයෝ සෙට් එකයි” පයිට් දමා ගද්දි හබන් කුකුළන්ට ජය මඟුල් ය.

අන්තරේ
හැමදාම මොකක් හරි නිව්ස් එකක් අන්තරේ දෙනවාමය. මේ වෝක් අස්සේ ඔව්වත් එළියට ආවේය. පක්ෂ පාට පැත්තක දාල කතා කලොත් අන්තරේ හොඳ වෙච්චි වෙලාවල් ගොඩක් තියනවාය. උතුරු කොළඹ මෙඩිකල් ෆැකල්ටිය (අද රාගම), අධ්‍යාපන ධවල පත්‍රිකාව, පොඩ්ඩක් හරි හරි ගිය 6% සටන වගේ එව්වාට නරකක් කියන්න බැරිය. නිෂ්මිලා, ත්‍රිමාලා, වෙනුර එදිරිසිංහ ලා ඇත්තටම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම ප්‍රේම කළේය. ඇත්ත සමාජවාදියෝ උනේය. 
හැබැයි ඉතිං අද වෙන සමහර එව්වා නම් අනුමත කරන්න බැරිය. උගත් මෝඩයෝ ලෙස හැසිරෙනවා බලං ඉන්න පවුය.  “මිනිසා දේශපාලන සත්වයෙකි” කවුද කියලා තියනවාය. එහෙම කිව්වා කියා ශිෂ්‍ය දේශපාලනය බංකොලොත් පක්ෂ දේශපාලනය එක්ක පටලාවා ගත්තහම නවනින්ගිරියාව ඔක්කොටමය. පේරා උන් මේ ලඟදි electricity පැත්තේ මරු මරු වැඩ කිඩ දමා තිබ්බේය. මොරටුවේ උන් ෆෝමියුලා කප් ගැසුවේය. තව සෙට් එකක් ඉමැජින් කප් එක ලංකාවට ගෙනාවේය. ඔන්න ඔහොම එව්වා පොඩ්ඩක් අප් කරලා ගත යුතුය. 

GMOA මොන්ටිසෝරිය
ඒ අහව් අස්සේ වෙද්‍ය සබාවේ ලොකු උදවිය කේස් එකක් දාගෙනය. ඒ උත්තමයොන්ගේ දරු උත්තමයෝ ටික උත්තම පාසල් වලට විතරක් ඇතුළු කරගන්න කියා වැඩ වර්ජනේ කරන්න යනවාය. දොස්තරලා ජිවකවරු බව සැබෑය. එය රැකියාවක් නොව වෘත්තියකි. තමන්ගේ ගෞරවේ රැක ගන්නට සුදු කෝට් දාන උදවිය දැන ගත යුතුය. නැත්නම් බමුණු පැලැන්තියක් විදිහට අහසින් බැසීම ගෞරවේ ලබා ගැනීමේ උප්පරවැට්ටියක් නොවේ. ඉගෙන ගන්න එකා රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ නෙවෙයි හොරොව්පතානේ මහදිවුල්වැව කනිටු විදුහලට ගියත් ඉගෙන ගන්නවාය. දැනුම් තේරුම් තියෙන මිනිස්සු විදිහට ඩොක්ටර්වරු හිතන්නෙත් මේ විදිහටනම් ඉතිං කවද කතාද?
මේ විදිහට ස්ට්‍රයික් කිරිල්ලෙන් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවානම් කොරන්න තියෙන්නේ පාර පිරිසිදු කරන සින්නම්මාටත් ස්ට්‍රයික් කරන්නටය! රෝයල්ම දියන් කියා කෑ ගහන්නටය!රතු P අකුරු ගැසූ පර්මිට් වාහන පාරේ යන්න බැරි වෙන තුරු කුණු කන්දක් ගොඩ ගැසුවානම් මල් හතය! 

බ්ලොම් එකේ දවස් දෙකක්
කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ බ්ලොම් එකේ කොල්ලෙක් සියදිවි හානි කරගෙනය. අන්ත පව් වැඩකි. පට්ට අවුල්ය. ඊටත් වඩා ප්‍රශ්නේ හොස්ටල් එකක් ඇතුලේ මිනියක් දවස් දෙකක් තිබ්බේ කොහොමද කියන එකය. අපි තුමාලත් අවුරුදු හතරක් හොස්ටල් කල්දේරමේ බත් කෑවෙමු. ඒ දවස් වල හොස්ටල් එකේ දොරක් වහපු දවසක් මටනං මතක නැත. අල්ලපු කාමරේ නෙවෙයි පල්ලෙහාම තට්ටුවේ එකෙක්ට හයියෙන් පඩයක් ගියත් අපේ උන් දනී. එච්චර පිට්ය! සමහර විට කොළඹ ඩොක්ටර් පැකල්ටිය වෙනස්ද අපි දන්නේ නැත.  එහෙ ඉන්න අපේ මලයෙක් කියපු හැටියට “අපිට හොඳටම වැඩ නේ අයියේ. රෑ හතෙන් විතර පස්සේ ඉතින් පාඩම් කරනවා. කට්ටිය මොනවා වෙනවද එහෙම දන්නේ නෑ” ඔහොම ඉගෙනගෙන දොස්තර නෙවෙයි කොන්දොස්තර කෙනෙක් උනත් වැඩක් නැතිය!

මනුස්සකම් නැති එකාගේ ඉලව් මගුල් නෙවෙයි මිනියවත් අපිට එපාය! 

කතා හතර පහක් උනාට පේන කෙරෙන හැටියට මේ ඔක්කොම එකට ඈදෙනවාය. රටේ උගත්තු, තරුණ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම කාගේ කාගේත් නූල් රූකඩ වේගන එන බව නාඩි අන්නශ්‍රෝතයට වැටහීගෙන එනවාය.

10 comments:

  1. මටත් ඕක ආහපු ගමං ප්‍රස්නෙ ආවේ මිනිය මෙච්චර දව්සක් මොකෙක්වත් නොදැක්කෙ මොකද කියලාය. මොකෝ අපේ කාමරේට වඩා තට්ටු තුනක් පහලිං හෝ ඉහලිං ඉන්න එකෙක් ට හීනෙං සද්ද නැති පඩයක් ගියත් ඔනම එකෙක් දන්න නිසාය. උඹත් ඉඳලා හිටලා ලිඅය්න්නෙම සුපිරි කතාය. මං වගේ හැමදාම ලියපංය.

    ReplyDelete
  2. අනේමන්ද බන් කාට කියන්නද කියලා මේවා.. සුපිරි පොස්ටුව.. හැබැයි හොස්ටල් එකේ පඩයක් ගියත් දන්න උඹ කනගාව හෝන් කරපු කොචිචයට ඇහැරුනේ නැති එක ගැන අපිට නැවත සොයා බැලීමට සිදුවනු ඇත

    ReplyDelete
  3. 1987 විතර දවසක බොහොම අමාරුවෙන් සින්ඩිකේට් එකක් දාලා ගල් බෝතලයක් ගෙනාව ජයතිලකෙ රූම් එකට.

    පොඩි වෙලාවකින් ලොකු කතන්දර. අල්ලපු කාමරේ හිටියෙ මෙඩ්ඩො දෙන්නෙක්. මෙන්න මුන්ග් කත කරල කියනව සද්දෙ කපන්නලු එක්සෑම් ලඟයි කියල.
    අපි බෝතලෙත් අරන්ග් එලියට ගිය. බැලින්නම් අපෙ විභාගෙ මාස තුනකින් මුන්ට මාස අටකින්.

    ReplyDelete
  4. හැක්.. හැක්.. නියම කතා ටික.
    මොනව උනත් මිනියක් දවස් දෙකක් කාමරේ තිබ්බෙ ඉන්න උං ඔක්කොම ඩොක් ෆීවර් හැදිච්ච එවුවො හංද වෙන්න ඇති.

    ReplyDelete
  5. සිරා කතාව!!
    හිතාගන්න බෑ රට කොහාට යනවද කියල!

    ReplyDelete
  6. කියන්න තියෙන දේ කෙලින්ම කියපු ගින්දර පෝස්ටුවක්...ජය වේවා නාඩි මලේ...

    ReplyDelete
  7. "පාසල් අවුල කුමක්ද?

    වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීම ගැන ප්‍රශ්න කීපයක් මේ දවස්වල උණුසුම් මාතෘකා. ඇත්තටම මේ ප්‍රශ්නය මොකක්ද? මේ ප්‍රශ්නය ගැන කෑ ගහන ඇරියස්කාරයන්ගෙන් 1% වත් මේ ප්‍රශ්නයේ හරි ස්වභාවය දන්නේ නෑ. ඇත්තෙන්ම ප්‍රශ්නයක් කිව්වට මෙතන තියෙන්නේ ප්‍රශ්න දෙකක්.

    පළමු ප්‍රශ්නය තමයි පළමුවැනි වසරට සිසුන් ඇතුළු කර ගැනීම. දෙවැනි ප්‍රශ්නය තමයි එක වසරෙන් ඉහළ පන්ති වලට බඳවා ගැනීම්.

    මුලින්ම පළමු වසරට බඳවා ගැනීම් ගැන බලමු. යම් පාසලක පළමු වසර පුරප්පාඩු පුරවන්නේ මේ ආකරයට.

    පදිංචිය අනුව 50%
    ආදි සිසු පදනම 25%
    සහෝදර පදනම 15%
    අධ්‍යාපන අමාත්‍යාංශ පදනම 5%
    ස්ථානමාරු පදනම 4%
    විදේශ පදනම 1%

    පදිංචිය අනුව යම් පාසලක් ලැබීමට නම් එම පාසලට ඇති දුර සහ ප්‍රදේශයේ වාසය කළ කාලය බලපානවා. අදාල චක්‍රලේඛය අනුව ලකුණු 100න් දෙන ලකුණු අනුව තමයි බඳවා ගැනීම් තීරණය වෙන්නේ. වෛද්‍යවරුන්ට ඇති ප්‍රශ්නය වෙන්නේ එක ස්ථානයක අවුරුදු 5ක් සේවය කිරීමට නොහැකි වීම. මොකද ස්ථාන මාරු අවුරුදු 4න් ක්‍රියාත්මක වෙනවා. මේ තත්වය යතතේ එකම පාසලකට තරඟ කරන වෛද්‍යවරයෙක්ගේ දරුවකුට ගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය 80 වෙද්දී වෛද්‍යවරයකු නොවන අයෙකුගේ දරුවකුට එම ප්‍රමාණය 100ක් වෙනවා.

    අප පෙනී සිටින්නේ මෙන්න මේ අසාධාරණය වෙනුවෙනුයි. ඒ නිසා ජාතික පාසල් වලට අප දරුවන් ඇතුළු කරන විට ලකුණු 80ක උපරිමයත්, අනෙක් අයට 100ක උපරිමයත් ලැබීම යන කාරණය තුළයි සටන පවතින්නේ. එක්කෝ වෛද්‍යවරුන් ගේ දරුවන්ගේ ලකුණු ගණන 1.25න් ගුණ කොට සැලකිය යුතු වන පරිදි චක්‍රලේඛය වෙනස් කළ යුතුයි. එසේ නැතිනම්, වෙනත් පදනමක් ඒ සඳහා ලබා දිය යුතුයි.

    අධ්‍යාපන සේවා වල සේවකයින්, තමන්ට හැන්දෙන් බෙදා ගනිමින් 5%ක් ඔවුන් සඳහා වෙන් කර ඇති අතර අනික් සියළුම දෙනා සඳහා වෙන්කර ඇත්තේ 4%කි. දැනට ප්‍රශ්නය උද්ගතව ඇත්තේ මේ 4% ස්ථාන වලටත් බත්ගොට්ටන්ගේ ළමයින් රිංගවා ගැනීම තුළින් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට සිදුවී ඇති අසාධාරණයයි.

    අප ඉල්ලන්නේ වෛද්‍ය වරුන් සඳහා වෙනම කෝටාවකි. දැනට අධ්‍යාපන සේවයට, විනිසුරුවරුන්ට සහ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික නිළධාරීන්ට ලබා දෙන කෝටාව අපටත් ලබාදෙන ලෙසයි. එනම් 9%, සේවක අනුපාතයට බෙදා දෙන ලෙසයි. වෛද්‍යවරුන් 24000ක් සිටීම තුළ ඔවුන්ට මේ කෝටාවෙන් විශාල කොටසක් හිමිවනු ඇත. නමුත් මහ පොළොවේ තත්වය එයයි.

    දෙවැනි ප්‍රශ්නය වන්නේ විදෙස්ගත අයගේ දරුවන් ඇතුළු ක්‍රීමයි. මෙදිදී විදෙස්ගත සියළු දෙනාට එම කෝටාව හිමි වෙන්නේ නැත. විදෙස්ගතවන්නේ රජයේ අවශ්‍යතාවයට නම් ඔවුන් පමණක් මෙහිදී සැලකේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුහුණුවේ එක කොටසක් විදේශ වලදී සිදු වන අතර, එය කෙරෙනුයේ රටේ අවශ්‍යතාවයක් වෙනුවෙනි. නමුත් තමතමන්ගේ බත්ගොට්ටන් රිංගවා ගත් පඩු හෙළුව වසා ගැනීමට මොවුන් කියන්නේ විදේශ පුහුණුව යනු රජයේ අවශ්‍යතාවයක් නොවන බවයි. කටාව එය නම්, එය සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇමතිලා කතා කරගත යුතු තත්ත්වයක් වන අතර අනාගත විශේෂඥ පුහුණුවෙන් විදෙස් පුහුණුව කපා දැමීමට හැකිවනු ඇත. අකිල විරාජ්ට "අවු ඔෆ් හිස් ආර්ස්" වර්ගයේ තීරණ ගැනීමට නොහැකිය."-

    යාපනය රෝහලේ වකුගඩු දොස්තර වන රංග මිගාර විරක්කොඩි ( බ්ලොග් ලෝකයේ නම් බඩා මාමා ) විසින් ලියන ලද පෝස්තුවක කොටසකි.

    .

    ReplyDelete
  8. මා දනා පරිදි මේ සිසුවාත් උසස් පෙල කාලයේ සිට මානසික රෝගයක් තිබී ඇති අතර තනිව සිටීමට කැමති අයෙකි. කෙනෙක් නිසා හා මේ කැමැත්ත නිසා බොහෝ විට අනිත් අය ඔහුට තනිව පාඩම් කිරීමට ඉඩ ලබා දෙන්න ඇති.

    වෛද්‍ය උපාධි සාමාන්‍යෙන් තිබෙන අමාරුම උපාධියකි. වෛද්‍ය සිසුන් දිනපතා සෑහෙන දෙයක් පාඩම් කල යුතු අතර සුපිරි මතක තබා ගැනීමේ හැකියාවක් නැතිනම් දිනකට පැය 4-5 වඩා නිදා ගත නොහැක. අවසන් වසර වන විට මෙය 2-4 දක්වා පහල බසී.

    එසේම ටොකු අනිමින්, ගුටි දෙමින්, දන ගස්සමින්, බනිමින් (උඹ, මෝඩයා, හරකා, වැනි හො ඊටත් අන්ත වචන දුලබ නැත ) උගන්වන වෙනත් උපාධියක් මම අවංකවම නොදනිමි. එවැනි උපාධියක් මම කිසිවිටෙකත් තොරාද නොගන්නෙමි.

    එසේම සිය දිවි නසා ගැනීම හා උපාධිය දමා යාම්ද මානසික රෝග වැලදීම හෝ තිබෙන ඒවා වැඩි වීමද වෛද්‍ය පීඨවලට අලුත් දේ නොවේ. මේ ගැනත් බඩාමාමා ඔහුගේ බ්ලොගේ ලියා ඇත.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...