නාඩි සෙට් එක

Monday, August 22, 2016

රංගධරයාගේ බිරිඳ

ඔහු නැත සැම විටම ළඟ පාතක...
ඇත ඒ විටක ඈ ළඟ තිරය පිටුපස...
සුසුම් හෙලුවත් දැනුනේ මටම මිස
වළකනු කෙලෙස ඉකි බිඳුමන් ගැහැණු හිතකට

ආලින්දය පිරි පිත්තල සම්මාන ගොන්නට
පෙනෙනා ආලිංගන රඟනා ඔහු මැදි කොට
සැප එරෙන මෙට්ටයට බර දී
නො ඔරවා සිටින්නේ කෙලෙස රූ පෙට්ටියට

බදු ගත් පළල් උර මත සැතපෙවෙන ළඳකට
බුරුසු රැවුලේ පහස ලැබූ ඕ ගත පිපුණු හිරි ගඩුවකට
සාප නොකරනු කියම් කෙලෙසද
කෙලෙස් සපිරුණු මිනිස් ළඳකට

නිදහසේ තොදොල් වන්නට
යන විටෙක උයන් කෙළියට
කෙලෙස ඉවසම්ද කරන කෝලම
ඇදෙන කෙල්ලෙන් සෙල්පි ගැනුමට  

යනෙන හැම තැනකම
ලැබෙනා පුද සත්කාර අඩු නැතිවම
කඳුළු ගෙන දෙයි දෑසට
උදම් වනවා වෙනුවට

11 comments:

  1. හස්බොන්ඩා ගේ ලයිෆ් ස්ටයිල් එකට හැඩගැහෙන්න බැරි වුන ගැහැණියක්. පවුල් ජීවිතයේ අසාර්ථකත්වය ළඟ ළඟම පේනවා නොවැ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං... එහෙම කියන්නත් පුළුවන්...

      Delete
  2. ගොඩක් නළු නිලි පවුල් ඔහොම තමයි.
    තමුන් කැමරාව ඉස්සරහා මොකා ඉම්බත්, මොකා එක්ක නිදා ගත්තත් තමුන්ගේ මිනිහා හෝ ගෑනි ඒ විදියටම කැමරාව ඉස්සරහා කරනකොට මේ වගේ සුසුම් හෙලනවා.

    තේරුම් ගැනීමක් නැති වුනාම ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් කෙලෙස් ප්‍රහාණය කරපු මිනිස්සු නෙවෙයිනේ...

      Delete
  3. ඔව් .. බොහෝමයක් නළු නිළියන්ගේ සැබෑ ජීවිත පෙන්වන තරම් සුන්දර නෑ..

    ReplyDelete
  4. නළු නිළියන්ගේ ජීවිත අසාර්ථක වෙන්න හේතු ඕවා තමා. එක්කෝ රඟපාන පාර්ශවය කැමරාව ඉස්සරහ කරන කෙළි සැබෑ ජීවිතේදිත් කරන්න යනවා. ඒ වගේම නළු නිළියන්ගෙ බිරිඳ හෝ සැමියා රඟපෑම හුදෙක් රඟපෑමක් බව තේරුම් ගන්නෙ නෑ.

    ආත්ම සංයමයක් තියෙනව නම් ඔය කොයිකත් ඒ හැටි ප්‍රශ්න නෙමේ..

    ReplyDelete
  5. මට මතක විධිහට ඔය වගේම අනිත් පැත්ත ගැන ලියු කවියක් කියවල තියනවා. නිළියකගේ සැමියෙක් ගැන. මතක නැහැ දැන්. සාර්ථක පද පෙළ.

    ReplyDelete
  6. කොයි පැත්තෙන් බැලුවත් ප්‍රායෝගික ප්‍රශ්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...