නාඩි සෙට් එක

Saturday, February 9, 2013

කැලේ පැන්නෙමි!

මේ දවස් වල නාඩි තුමා බරටම වැඩය! Exam කියා එකක් තියනවාය! ඩේටාබේස් කෑලි...ලින්ක් ලිස්ට්...ලිනක්ස් කර්නල්...ජාවා අනම් මනම් ඔලුව වටේ කැරකෙනවාය... නිවී හැනහිල්ලේ නාඩියක් කොටා බාන්නවත් වෙලාවක් කලාවක් නැති තරම්ය!

එහෙම එකක් කියා පරිගණකගත  වීමටම බැරිය! අනිවා කර්නල් එක අවුල් ගොස් මෙමරි ඩම්ප් වීමට ඇති සම්භාවිතාව ඉතා වැඩිය! 9 කාමරේ දිවි ගෙවන බයිගෙදර මනියාට එසේ වී ඇත.ඌ දැන් හීනෙනුත් කපල් සිම් එකක් ගැන කියවයි!බ්ලොග් අවකාසෙන් තාවකාලික විශ්‍රාම ලබා සිටින සැගියාට ද ලින්ක් ලිස්ට් එකක් උණ්ඩුක පුච්චේ හිරවී ගිය සතියේ ඒ මොකද්ද එක අයින් කර දැම්මාය!(අයින් කර දැම්මේ මොකද්ද කියා තාම ඌ පවසන්නේ නැත!)

ආදර කතා ලියමින් යුගයේ ආදර බ්ලොග්කතාකරු ලෙස පෙනී සිටීමට තැත් කල පොලොස් මාමා අතුරුදහන්ය! උගේ ලෙයින් ජනිත වූ පූස් පැටව් 4දෙනෙක් පමණක් චැස් චැස් ගගා සිටිති! ඌ දැන් තාත්තා කෙනෙකි!

මේ අන්ද කයිප්පු ජනතාව සමඟ සිටීමෙන් මටද බ්‍රෂ් යාමට ඉඩ ඇති නිසා මම වනාන්තර ගත වීමට තීරණය කලෙමි! සදාදර හිතාදර බයෝ මිත්තර පරුවා ඕනෑම කැලෑ ගමනකට එවරෙඩිය!

මා සිටිනා සරසවිය ස්වභාව සෞන්දර්යේ මහඟු දායාද රැසක් වට කොට ගත් අති සුන්දර බිම් කඩකි...පසෙකින් දම් සුවඳ විසිරෙනා මිස්සක පව්වය...කනදරාව පිස හමා එන මද නල කුරුළු කෙවිලියන්ට පෙම් ගී ගයන්නට චාමර සලයි.. (මේ මං තුමා නම් ඔන්න ඔය ගී ගයන්නේ නෑ ඔන්න ඈ!)

සරසවිය වට කොට ඇති මිහින්තලා අභය භුමිය කුරුළු පාරාදීසයකි.මහාචාර්ය සරත් කොටගම විද්වතාද ගිය සතියේ මේ පැත්තේ සංචාරය කර තිබුනේ ඒ අසිරිය විද ගන්නටය.

මංතුමාද මාගේ සිඟිති කැමරා පොඩියද රැගෙන කුරුල්ලෙක් දෙන්නෙක් කොටා ගන්න කියා වනාන්තරය පීරමින් ඉදිරියට ගමන් කරන ලද්දාහ.

එකෙක් දෙන්නෙක් කොටා ගන්නට පුළුවන් උනේය! තවත් ලස්සන දර්ශන නම් ඕනෑ තරම් තිබුනේය! හසු කර ගන්නට කැමරාවේ පවර් එක මදිය! අනිච්චේ දුක්කේ...

Spotted Dove (Spilopelia chinensis)

Red-Vented Bulbul (Pycnontus cafer)


මේනම් මම කලින් කැලේ පැන්න වෙලාවේ කොටපු ඒවා ටිකක්ය! බලලා කමෙන්ට් එකක් දාලා යනවානම් හොඳාය!
Changeable Hawk-Eagle (Nisaetus cirrhatus)
White-Billed Sea-Eagle (Haliaeetus leucogaster)


Painted Stork (Mycteria leucocephala)



පරිසරය වනාහි අවුල් වූ  සිත් සතන් සනසන්නා වූ අද්විතීය ඔසුවකි.සොභා දහම් මාතාවට ආදරය කරන්න.නිතැතින් ඇය ඔබට ආදරය කරාවි.

Monday, January 28, 2013

ගල් වැලි මඩ ඉවත් කර ඇත!








දිනය ඊයේය! ඊයේ කිව්වේ 27 ය! දවස මල් හතය! අන්තර්ජංජාලය වැනසූ බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් ගම්පහ මල් වත්ත වැනසුවේ ඊයේය!

බැලු බැලු අත මඩය! මංතුමා මඩ නොගසමි! සිදුවූ දෑ කියමි! ;)

ඔන්න ඉතිං නාඩියාත් ගෙට්ටුවට යන්න කියලා උදේ පාන්දරම ගෙදරින් පිටත් උනා කියමුකෝ...සිංහ ජෝඩුවත් මටත් කලින් එන්න පිටත් උනාලු! හැබැයි ඉතිං මං එනකම් ඒ ඩබල ගම්පහට ඇවිත් හිටියේ නෑ කියලයි ආරංචිය! අනේ අනිච්චං ඒකෙත් හැටි නේ!

වෙලාව උදේ 8.30 –
නාඩි - අයියේ..මම මේ ගම්පහ ස්ටේෂන් එක ළඟ ඉන්නේ..කස්ටිය කොහෙද?

ප්‍රදීප් අයියා - මල්ලි අපි මේ දෙමටගොඩ...හරි හරි වෙලාවට එනවා!

නාඩි - ^&%&%&$#!

යාන්තම් බස් ස්ටෑන්ඩ් එකට එද්දී දැකලා පුරුදු එකෙක් බස් එකේ කිරනවා! හුටස් පටස්! අසම්මතයා! ඔන්න ඉතිං ඩබල බස් කට්ටක ගාටලා මල් වත්ත යැයි හදුනා ගත ස්ථානයට සැපත් උනා.

නයි කයිද රෝස් පාන් කියපි! මඟුල් කාර් පෝලිමයි! මල මඟුලයි! අසම්මතයා ඉතා චිත්තප්‍රිතියෙන් යුතුව කියා සිටියේ “මගේ මඟුලත් මම මේකේ ගන්නවා බං” කියාය!

සිරා අයියාගේ ලෝ පරසිදු ස්කුටරය පට පට හඩින් ලඟා වෙද්දී තව පොඩ්ඩෙන් රත්ගමයා ඇලට වැටෙනවාය!

“මොකෑ රත්තෝ උඹ බය උනේ?”

“නෑ බං මම හිතුවේ අර ජස්ටින් කාරයා බේබි බේබි කියා කියා මේ පැත්තට එනවා කියලා!”


ඊලඟට තිබ්බේ ටිකට් ගන්නට පෝලිමය! ටිකට් කඩන සමියා එකේ Lunch කියන තැන “K” අකුර දැම්මේ “කුකුලා” සංකේතවත් කිරීමට බව ඔහු අවධාරණය කරන ලදී!

“මං දන්නවා ඉතිං චිකන් තියෙන්නේ කියලා! ඒත් සතා මොකාද කියලා ලියන්න ඕනෙනේ බං!”

මේ අලකලංචි අතරතුර වී පොකුරු අයියා සිරාගේ දඩුමොනරය පන්චිකාවත්තට export කිරීමට තැත් කල අවස්තාව නාඩි කාචයේ මෙසේ සටහන් විය!

නාඩි තුමා පිට එල්ලගෙන සිටි විශේෂ බෑගය නැන්දා සොරා ගැනීමට තැත් කල අවස්තාව ප්‍රවීන ඉන්දීය විකට නළු තරියාගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබී ඇත!

කුලියට සොයාගෙන පැමිණි කාරය මල් වත්තට ඇතුල් කිරීමට ගිය මලියාට වාහන පාක් ටිකක්ට් එකක් ගැනීමට රුපියල් 200ක් නොතිබි හිඟා කෑ බවටද දුෂමාන ආරංචියක් පැතිර ගියාය!

කස්ටියම සෙට් වූ පසු හදුනවා දීමේ මෙව්වා එක තබන ලදී! එහිදී හෙළි වූ විශේෂ කරුණක් වුයේ පවනි තරංගා යනු ලිංග විපර්යාසයට ලක්වූ සුවිශේෂ ගැහැනියක් බවය.

සිරා අයියා විසින් මාස ගණනාවක් ප්‍රැක්ටිස් කර ඉදිරිපත් කල රබර් කතාව ඉතා ලගන්නා සුළු විය! සිරා අයියා කියන විදිහට මුල්ම රබර් මෙව්වා එකක් මොකක් හෝ සම්බන්ධයක් ඒ සත්ගුණවත් මනුස්සයාට තිබිය යුතුය!

දිනෙල්කයා - “මචං මෙකලු ලංකාවේ ලොකුම කඳ!”

නොහික්මුණු ඇය - “වෙන්න බෑ බං *$%&*%& ඔයිට වඩා ලොකුයි!”

එසේ මෙසේ කෙසේ වී 96 ක්‍රිකට් කණ්ඩායමටත් උපදෙස් දුන් සු-දී-ක අයියාගේ ප්‍රධානත්වයෙන් මහා ක්‍රිකට් සංග්‍රාමය ඇරඹුණි!

නංගි සමඟ පැමිණි ලජ්ජා ටැක්සි රජා ( LT රජා) බංකු අන්තයේ ක්‍රීඩා කළාය! මඩිස්සලේ ඉතා දැක්ස අන්දමින් පන්දු රැක්කාහ! තරියා ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් 0 වට දැවී ගියේය! ස්කුබ්යා ද  ඉතා සතුටින් බින්දුවෙන් සැහීමකට පත්ව ක්‍රීඩාගාරයට පියමන් කරන ලද්දාහ!

දේවා සමඟ එක්වූ අහිංසක යැයි කියා ගන්නා සිංහයා සිංහ දේනුවගේ චියර් කිරීම් මැද අති ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළේය!

මැච් එක එසේය! දැන් ලන්ච් ටයිම් ය!  හුටස් පටස්! ලන්ච් නැත! කවුරුන් හෝ අලුගුත්තෙරුවෙක් සෑමාගේ සපත්තු ජෝඩුව හන්ගලාය! ඒකාට නහයක් නොමැති එකෙක් බවනම් ඉඳුරාම ප්‍රකාශ කල හැක!

මේ අලකලංචි මැද අයිස්, දුලා, නෙරන්ජි, උෂාන්, JD සමඟ බස් රේඩියෝ කස්ටිය බස් එකේ ඇවිත් තිබුණාය! ඒ සමඟ අයිස් ගේ ටකරන් වොයිස් එකෙන් මුළු ගම්පහ ප්‍රදේශයම ඒකාලෝක විය! කුරුල්ලෝ දසත් පියාඹා ගීයෝය! බංකු වල අසරණව සිටි පෙම් ජෝඩු තැත් කිටි කිටියේ එක එකා වැළඳ ගන්නා ලදී!

කෑම පැමිණියාය! ලොකු ජෝන් අයියා පපඩම් ඔක්කොම හොරෙන් කෑ බවට ආරංචිය! දමිතා..සිතුම් පැතුමා එක්ක පපඩම් හොරකම් කල බවටද පොලිසියට ආරංචි වී තිබේ!

අක්කෙක් සොයාගෙන පැමිණි අක්කපාලයා ප්‍රදීප් තුමා අසලටම වී සිටීම කාටත් ප්‍රගේලිකාවක්ම විය! ඇපල් මල්ලි කාටදෝ කියා බත් කවා ගත් බවටද ආරංචි පැතිර යමින් පවතී!

තරියා අනුෂ්කා නැතැයි කියා අඩමින් ඉස්මොල්ලේ යවා ගද්දි රත්ගමයා අලුත ගෙනා මනමාලිත් එක්ක බත් කෑවාය! 

තහනම් වචනයා නම් අවලං කතා සාගරයක්ය! යාමය ලියන ඒකාට ඒවා අසා බඩේ රුජාවක් සෑදී ඉතා ඉක්මනට ගෙදර දුව ගියාය! අනේ දුක්කේ සංසාරේ!

කෑමෙන් පසු කස්ටිය තොප්පි පාස් කරගෙන තිබුණාය! නාඩියා ඉස්පෙෂල් මිටීමක් තිබුන නිසා සුළු වෙලාවකට එතනින් බැහැර වූ බව කරුණාවෙන් සලකන්න... ;)

හවස මැච් එක දැඩි හිරු රශ්මිය මැද්දේ ගලා යද්දී.... කැලණියේ කොල්ලන් පරදා දේවා සහ සිංහයා කප් එක වයඹට ගෙන ආවෝය! මල් හතය! අපිත් වයඹ කොල්ලෝ තමයි හරිය!

ගවේශකයා බොලේ දෙක මෙන් පෙනුණු බව කියා ඉතාතදින් වැළපුනාය!

රත්ගමිට සින්දු කවි කිරීමේ අපූරු හැකියාවක් ඇති බව විදහ පාමින් ගීතයෙන් ගීතය විකාසනය විය! නෙරන්ජි නම් කිව්වේ ළමා සින්දුමය! 

නලින් අයියා සින්දු කීමට නොහැකි බව පවසා බොරු ඇඩ් එකක් දමන ලදී! අනේ ගුණේ අපි නොදන්න නලීන්! :පි

උමා අක්කා ට සුපිරිම ගේමක් දෙමින් අපේ සෑම් අයියා 2013 ගම්පහ බ්ලොග් ගේට්ටුවේ ගීතදේව සම්මානය දිනා ගන්නා ලදී! අවසානයේ 18 පහල දරුවන්ට ඇස් වසා ගැනීමට කියා සිදුකල උම්මා වැස්ස අපි නම් දැක්කේ නැත!

අටම් අයියා අවසානයේ නැගී සිටිමින් කල කතාව තුලින් ගම්‍ය වූයේ ශම්මි කෙල්ල ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ කරන බවය!

වැඩේ උනේ ඔහොමය! ආපු හැමෝම එලය!!! මාගේ මෙමරියටද අතමක වූ කතා තිබිය හැක! මතක් වූ සැනින් කොටමි!ෆොටෝ ටික වටෙන් පිටෙන් හොයා ගතිමි!

අවසානයේ සභා තොමෝ සතුටින් නිවෙස් බලා??  ගිය බව ආරංචිය!  
Related Posts Plugin for WordPress, Blogger...