Needy Readers; නාඩියාගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියෙන අපූරු
පින්තුරේ දැකලා පුරුදු අපේ අයටනම් අමුතු වචනයක් නෙවෙයි! 2012 අවුරුද්දේ පටන්
අරගෙන, ලංකාවේ අවශ්‍යතා ඇති පාසල්, පුස්තකාල, සංස්කෘතික මධ්‍යස්ථාන වලට කියවන්න
පොත් බෙදා දෙන අපේ පුංචි වෑයම!
2013 අවුරුද්දෙත් අපි දුෂ්කර පළාත් වල ආදරණිය
නංගිලා මල්ලිලාගේ අතට කියවන්න පොතක් දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මේ අවුරුද්දේ
අපි මුලින්ම පොත් බෙදා දෙන්න හිතුවේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පාසල්
වලට...
පොත් 10,000 ක් අරගෙන ඉස්කෝල 12ක නංගිලා මල්ලිලා
බලන්න යන මේ ගමනේදී අපිට යෝධ හයියක් උනේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 4 වෙනි සන්නාහ
සන්නද්ධ රෙජිමේන්තුවේ මේජර් මැක්සිවෙල් මහත්තයා ඇතුළු අපේ යුධ හමුදා සහෝදර පිරිස..
“නලීන් අයියේ....”
“ඔව්...කතා කරනවා....”
“අයියේ..මම නාඩියා...මට පොඩි උදව්වක් ඕනේ...”
ඒ විදිහට පුංචි දුරකථන ඇමතුමකින් සමකය වටේ නලීන්
අයියා අපිට ලොකු උදව්වක් දුන්නා.. දිනය මාර්තු මාසේ 15 වෙනිදා.... මෙන්න දිනමිණ
පත්තරේ විස්තරේ...
13 රෑ පොත් ඔක්කොම ලොරියක පටවාගෙන මරදානේ ඉස්ටේසමට
ආපු වෙලාවේ ඉඳන් අපේ කට්ටිය නොසෑහෙන්න මහන්සි උනා. කිලෝ අටසිය ගානක් අපි දහ පහළොස්
දෙනෙක් අතින් එහා මෙහා අදිද්දී වැටුණු දහදිය බින්දු පැණි රස උනේ ඒ පොත් අතට ගත්ත
අහිංසක නංගිලා මල්ලිලාගේ සතුටු සිනා නිසා...
මොරවැව දකුණ සිංහල විද්‍යාලය, මහදිවුල්වැව විද්‍යාලය,
ත්‍රිකුණාමලය කාන්තා විද්‍යාලය, ශ්‍රී සිධාර්ථ විද්‍යාලය, රොටවැව මුස්ලිම් විද්‍යාලය,
ශ්‍රී මිහිදුපුර විද්‍යාලය, කිවුල්කඩ මහා විද්‍යාලය, අවිනගර් දෙමළ විද්‍යාලය,
ගෝමරන්කඩවල මහා විද්‍යාලය ඇතුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් වලට අපි මේ පොත් 10,000 බෙදා දුන්නා .
ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජෙනරාල් T.T.R
ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රි’මලේ
චීන වරාය නාලන්දා විද්‍යාලේ තිබිච්ච උත්සවේ සාර්ථක කරගන්න අපිට ගොඩක් කට්ටිය උදව්
කළා..ලංකාවේ විතරක් නෙවෙයි..මහ සයුරින් එහා ඉන්න තෙත් හදවත් තියෙන ශ්‍රී ලාංකිකයෝ
විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු උනා. ඒ හැමෝටම බොහොම ස්තුතියි!
කියවලා ඉවර වෙලා පොත් රාක්කේ කොනක තියෙන පොතක්
හරි...අලුත්ම පොතක් හරි අපේම සහෝදරයෙක්ට පරිත්‍යාග කරමු...
තවත් විස්තර ඕනෙනම් 071-6663282 න් උපුල් හරි 071-6312367
නාඩියාට හරි කතා කරන්නකෝ....
මේ අහිංසක මල් කැකුළු හිනා වෙන්නේ ඔයාලා දීපු
පොත් නිසා.... එන්න අපි එකතු වෙමු.... මල් කැකුලකට පාට දෙමු......





