ආදරේ නාමයෙන් සීනිබෝල සුකුරුත්තම් විකුණන තොරොම්බල්කාරයන්
පාරේ කොහෙවත් නෑ....
ආදර කෝච්චි....ආදර ඩිස්කවුන්ට් කොහෙවත් හොයන්ඩ
නෑ....
පීසා එකක් එක්ක ආදර ටෙඩියෙක් ගන්න කොහේවත් තැනක්
නෑ....
ආදරේ උණුසුමට box එකක්
ඇතුලේ කවුරුවත් ඉන්නේ නෑ....
ඉන්ටසිටියක කොනේ මුල්ලේ තුරුළු උන ජෝඩුවක් බේතකට
ගන්න නෑ....
කොල්ලගේ පර්ස් එක හිදෙනකම් රවුම් යන ගැහැනියන්
මෙහේ නෑ.....
ආදරේ ලාබෙට උණු උණුවේ විකිනෙණා පෙට්ටි කඩයක් වත් නෑ....
ආදරේ නාමයෙන් ජපන් කොඩි ඉල්ලනා නරුමයන් මේ ලෝකේ කිසි තැනක නෑ...
- Meanwhile in a Parallel Universe (සමහර
විට සමාන්තර විශ්වයක....)

