නාඩි සෙට් එක

Tuesday, November 27, 2012

"සී-හෙළ" නාඩියාගේ අතිවිශේෂ හෙළිදරව්ව!


මා හිතාදර නාඩි ප්‍රිය ජනතාවනි, හෙළයෙක් වශයෙන් අපට ඉතා ආඩම්බර විය හැකි අති මනලෝලි සොයාගැනීමක් ඔබ හමුවේ තැබීමට අවසර....

නාඩියා නාඩිරත්න (එනම් මං තුමා) මේ උත්කෘෂ්ට සොයා ගැනීම සිදු කලේ assignment එකක් නට්ටටම කෙලවී ඇති අති පජාත අවස්තාවක නොවන බව කරුනාවෙන් සලකන්න...මෙය වනාහි හෙළයන්ගේ ප්‍රෞඩත්වය හා තාක්ෂණික දැනුම් සම්භාරය ලොවට හඩගා කියන්නා වූ තවත් එක් ස්වර්ණමය අවස්ථාවකි!

රාවණා යුගයේ සිට පැවත එන ඉපැරණි පුස්කොල පොත් වල ෆොටෝ එක්ක අති ඉපැරණි තාක්ෂණික වාර්තා ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් මෙම මතය සනාත කල හැකි බවට දෙස් විදෙස් බොහෝ වියතුන් මට ඊ පණිවිඩ හා ඇස්.ඇම්.ඇස් ඒවා ඇත...ඒ වගත් මෙසේම....

ඔබ C දන්නවාද??එය හුදෙක් ඉංගිරිසි භාෂාවේ තුන් වෙනි අකුර නොවේ! C වනාහි තුන් වෙනි පරම්පරාවේ පරිගණක භාෂාවක් ලෙස හදුන්වන මෙව්වා එකකි...ඒ ගැන ඔබට වැඩි දුර කරුණු මේක ඔබා දැන ගත හැක.

නාඩියා කැම්පස් ගත වීමෙන් පසු පළමු සමාසිකයේ(එය අනේ අනිච්චං හේතු නිසා නමාසිකයක් බවට පත් විය) මේ C අකුර පිලිබඳ ඉගෙන ගැනීමට නියමිතව තිබුණි...දැනටද එහි ඇති කෙළිලොල් බව නිසා මං තුමා ඒ පිලිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටිමි.දැනට හෙළි වී ඇති ,ඔබාමා ප්‍රමුඛ බටහිර ගැති විජාතික බලවේග විසින් සඟවා තබාගෙන ඇති C පිළබඳ හෙළි නොවූ තතු මෙසේය!

C භාෂාවේ සම්භවය හා විකාශනය හෙළදිව ඇසුරින් සිදුවී ඇත!

බොහෝ පරිගණක භාෂා වල මූලය C වන්නා සේම සිංහලයේද මුලය C ය!
C-හෙළ > සී-හෙළ > සිනහෙළ > සිංහල

නුතනයේ අපි C ක්‍රමලේඛයක් compile කරනවා කියයි! නමුත් පුරාණ පුස්කොල පොත් වල දක්වා ඇත්තේ අපේ පුරාණ මෘදුකාංග ඉංජිනේරුවන් එය “කපෝති” කරනවා ලෙස හැදින්වූ බවයි!
Compile > කොම්පයිල් > කොපාල් > කෝපත් > කපෝති 

එහිදී දෝෂයක් පැන නැගීම “error” එකක් ලෙස හැදින්වුවද එහි විකාශනය සිදු වී ඇත්තේ
Error > එරර් > එරෙන් > එරෙනවා ලෙසටය!

ආඩම්බරයි නේද හෙලයිනි....

එසේම bug යන වචනයද “බොග” යන වචනය ඇසුරින් තනා ගත් එකක් බව පැහැදිලි වන්නේ දෙකම අනවශ්‍ය අවස්ථා වල පැන නැගී ප්‍රශ්න ඇති කරන බැවිනි!

එසේම මෙහිදී භාවිතා වන data type හෙවත් දත්ත වර්ග ද සිංහල ඌරුවට අනුව හැඩ ගැසී ඇති අපුරුව බලන්න.
Int > ඉන්ට් > ඉන්ට > ඉලක් > ඉලක්කම්
Double > ඩබල් > දශම් > දශම
Char > චා > චාටර් (මෙය එක් සංකේතයක් පමණක් ගබඩා කල හැකි කුජිත එකක් බැවින් ඉපැරණි මෘදුකාංග ඉංජිනේරුවන් මේ නාමය භාවිතා කරන්නට ඇත)

එසේම මෙහි ඇති array යන යෙදුම දත්ත ගබඩා කිරීම වියන්ගාර්තයෙන් ප්‍රකාශ කිරීමට ඉතා අපුරුවට යොදා ගෙන ඇත!
දොර ඇරේ” යන යෙදුම විමසා බලන්න..එහි “ඇරේ” යන පදයෙන් යම් කිසි විවෘත වීමක් අදහස් කරයි..එසේම සී භාශාවේද “array” යන්නෙන් දත්ත ගබඩා කරන ස්ථානයක් විවෘත කරනවා මෙන් අදහසක් ගෙන දේ!

මේ ආකාරයෙන් විමසා බලන කල්හි “සී” යනු හෙළයන්ගේම තවත් සාඩම්බර නිපැයුමක් බව අප පිලි ගත යුත්තේමය!

සියලු C කාරයෝ ගොඩ යත්වා!!!!



ප.ලි - දයාබර කොම්පිතර හිතැති ජනතාවනි, මේ ඔබේ හුදු පහන් සංවේගය තකා කෙටූ නාඩියකි! දවසම අඟල් 14.1 දිහා ඔටවාගෙන බලා සිටීමෙන් මෙවැනි දාර්ශනික අදහස් පහල විය හැක!ප්‍රවේශම් වන්න!


ලයික් එකක් දාලම යමු ඈ!

Monday, October 29, 2012

"වැඩක්" කරමුද?


 සැප්තැම්බර් මාසේ පළවෙනිදා මම නාඩියා හිටියේ කුමන කැලේ මැද්දේ....සත්තු බලන්න කියලා දවස තුනක් විතර කැළැවල් ගානේ හිටියේ....ඔන්න මෝබයිලාවට මැසේජ් එකක් ආවා..මේ ගමන mobitel එකේ අක්කානෙවෙයි...ශාරුක් අයියත් නෙවෙයි..අමුතුම එකක්...

නාඩියා Youth fest 2012 ගියාට පස්සේ සමාජ සේවා වැඩකටයුතු වලට සම්බන්ධ උනානේ...ඔන්න ඒකට සම්බන්ධ එකක්...Needy Readers කියල IMCD එකෙන් කරන සමාජ මෙහෙවරක්ලු...එන්න ඒ වැඩපිළිවෙලේ volunteer කෙනෙක් විදිහට වැඩ කරන්න කියල තමයි මැසේජ් ඒක ඇවිත් තිබ්බේ..කොහොම කොහොම හරි...හොඳ දෙයක් නේ කියලා නාඩියා අතීසාර මිත්තර පොලොස් මාමත් එක්ක ඔන්න ඒ වැඩේට සෙන්ටිමෙන්ටල් උනා....

මල් කැකුලකටපාට දෙන්න කියලා නාඩියා කෙටුවේ ඔන්න ඔය ගැන...

එදා අපි ඉල්ලපු ඉල්ලීම් වලට ලංකාවේ විතරක් නෙවෙයි...ලෝකේ වටේම නාඩි වැටෙන මිනිස්සු හරිම පුදුමාකාර විදිහට ප්‍රතිචාර දක්වලා තිබුනා...එදාම මට කතා කරපු දැනට දුර රටකට ගිහිං ඉන්න මගේම ආදරණිය ගුරුතුමී ඒ පුංචි මල් කැකුළු වලට ලොකු පරිත්‍යාගයක් කළා...

බ්ලොග් ලෝකේ අපේ අයත් හරිම ලස්සනට  මේ සත්කාරයත් එක්ක පෙළ ගැහුනා...BMICH එකේ පොත් ප්‍රදර්ශනේට ආපු red riding hood, ධරණී, මනියා,හිරුහිමාවී, සැගියා වගේ ගොඩක් කස්ටිය Needy Readers කස්ටියත් එක්ක එකතු උනා...(නාඩියා හොරෙන්ම කස්ටිය එනවා බලාගෙන හිටියේ ඈ! ;) ) ධරණී ළමයා එයාම ලියපු පොතක් ගෙනත් දුන්නලු ඔන්න..ඒක අලංක්රුතයි ඈ!

ඔක්තෝම්බර් මාසේ 5 වෙනිදා හංවැල්ල තුන්නාන ශ්‍රී සුමනජෝති ඉස්කෝලේ පොඩි පහේ උත්සවයක් තියලා ඒ පුංචි මල් කැකුළු වලට පොත් බෙදා දුන්නා...ලංකාව පුරා ඉස්කෝල..පුස්තකාල...සංස්කෘතික මධ්‍යස්ථාන...මේ වගේ තැන් වලට Needy Readers අපේ කස්ටිය බෙදා දුන්නු පොත් ගාන 12,000 ත් පැන්නුවා! ඒ ඔක්කොම ඉතින් නාඩි වැටෙන ඔයාලගේ අතින් දන් දීපු පොත්!

හැමෝටම එහෙනම් ඔන්න ස්තූතියි කිව්වා... :)

ඔන්න SundayTimes එකෙත් අපි ගැන ලියල තිබුනලු ඈ!ෆොටෝ එකේ හරිම ලස්සන කොල්ලෙක් ඉන්නවා නාඩියා කියල! ස්වාධිනරුපවාහිනියේත් අපි ගැන නිව්ස් එකක් දැම්මලු..

 ආයේ කියල වැඩක් නෑ...Volunteer team එකත් හරිම ආතල්! පිස්සු බම්ප් වෙච්ච ජනතාවකගෙන් සැදුම් ලත් හරිම අපූරු කණ්ඩායමක්! වැඩ කරන ගමන් පිස්සු කෙලින්න දන්නෙම නෑ!

ඔයාල අපිට භාර දීපු පොත් ඔක්කොම වගේ අපි එකතු කෙරුවේ බොරැල්ලේ මැගසින් ඒක ඉස්සරහ තිබිච්ච අපේ උපාලි අයියගේ බෝඩිමේ...බෝඩිමේ ඉන්නේ හතර දෙනෙක් උනාට ඒ මාස දෙක තුනේ හැමදාම හය හත් දෙනෙක් බෝඩිමේ නයිට ගහනවමයි...වහලේ ළඟටම ගොඩ ගැහිච්ච පොත් ගොඩවල් අස්සේ කාඩ්බෝඩ් එලාගෙන නිදා ගත්ත හැටි...දෙමටගොඩ නයිට් කඩේ නිදා ගත්ත හැටි....සතුට වැඩිකමට ගල්කිස්සේ මූදට පැන්න හැටි... NRPL 2012 වගේ හරිම ලස්සන මතකයන් ගොඩාරියක් මේත් එක්ක එකතු උනා..

ඔන්න ළමයිනේ Needy Readers 2013 ත් තියන්නයි අපේ ලෑස්තිය! ලංකාවේ දුර ඈත පළාත් වල අපේම නංගිලා මල්ලිලා ගොඩකට පොත් පත් බෙදා දෙන්න අපි හිතාගෙන ඉන්නවා..


අපිත් එක්ක එකතු වෙන්න කැමතිනම්...රටට සමාජෙට සේවයක් කරන්න ඕනේ කියල හිතෙනවනම්..... Needy Reader 2013 Volunteer Team එකත් එක්ක එකතු වෙන්න ඔයාටත් පුළුවන්...



වැඩි විස්තර ඕනෙනං නාඩියා අතමන්නකෝ ඈ... :)

Wednesday, October 24, 2012

අප්පේ..මේ ජංගි මෝස්තරේ !


ඊයේ මහා රාත්තිරියේ නාඩියා නිකමට වගේ ට්විටර් කුරුල්ලත් එක්ක කතා බහක් දාන්න කියල ලක ලැස්ති වෙනකොට පිස්සු බම්ප් වෙන සිද්ධියක් ඒ පැත්තේ වෙනවා! අපේ ජනයා එකතු වෙලා හෙළුවෙන් සිංදු කියනවා..පට්ට පට පට ඈ! 


මතක විදිහට රත්ගමයා කොල්ලත් මිට ඉස්සරලා ට්විටර් පැත්තේ වෙච්ච මේ වගේ ආතල් කේස් එකක් බ්ලොගේ ලියලා තිබ්බා..මේ තියෙන්නේ ඒක...

ඔන්න ඊයේ රාත්තිරියේ ජනතාව පිස්සු වට්ටපු ඒ අජපල් ගීත නාම සෙට් එකෙන් ටිකක්...



ඒක චුට්ටං වචනයක්! කැප කිරීමක් නෙවෙයි - Sacrifice , Elton John


අපි උඹව ගල් කරනවා - We will rock you, Queen


මම තනි වෙච්ච කැඩිච්ච සුරංගනාවියක් - Broken Angel, Arash


හෝටල් කාමරේදී මාව හම්බවෙයන්! – Hotel room, Pitbull


එක දෙක තුන හතර...මම දන්නවා උඹට මාව ඕනේ කියලා - I know you want me, Pitbull


පපු කැවුත්ත සල සල ගායි - My heart goes.., VengaBoys


කවුද යකෝ බල්ලෝ ලෙහුවේ?? – Who let the dogs out? - Baha men


හාද්දකින් මුද්‍රා තබා - sealed with a kiss – Jason Donavan


සූකිරි කඩේට එක්කන් යන්නම්..ලොලි පොප් කූරක් උරන්න දෙන්නම් - Candy Shop, 50Cent


පොම්ප කරපන් තව සද්දෙන් - pump it, Black Eyed Peas


මා ඔබට නොදුන් සැප ඈ ඔබට දෙත්වා - Adele


ඒක උරපන් ! – Smack That, 50Cent


ඉන බොරු කියන්නේ නෑ - hips don’t lie, Shakira


වමට අයියන්ඩි වමට - To the left, Beyonce


මෙහෙමත් *කක්‌! - Ass Like that, Eminam


ඒ මම නෙවෙයි - It wasn’t me, Shaggy


දෙයියෝ දනී මම නොදනී - Only god, Kid rock


උඹ හිමින්ම පපුවත් එක්ක සෙල්ලම් කරනවා - Quick playing games, BSB


මෝඩයෝ දුවගෙන එතැයි පණ්ඩිතයෝ කියති - Elvis Presley


ලස්සන බොරුකාරයා - Beautiful Liar, Betonce ft Shakira


තවම බඩු පැකට් උනේ නෑ - It’s not over, Daughtry


ආයුබෝවන්..මේ කැලිෆෝනියා සයිවර් කඩයයි! - Hotel California, Eagles


උඹ මොකා උනත් මට මොකෝ?? – I don’t care who you are!, Grace Chang


මේ ඇස් දිහා බලං -Look me in my eyes, Jonas Brothers


මී හරක් සොල්දාදුවා - Buffalo Soldier, Bob Marley


මට හීනයක් තියනවා - I have a dream, ABBA


ඔයා මගේ හුස්ම හිර කරනවා - Shayne Ward


*ක ආයෙත් ගෙදර ගෙන්න - Ass back home, Gym Class Heros


හිතුවෙවත් නැති දවසක..හිතන්නැතිවම ලං උනා - We found love – Rihanna


අම්මට හුඩු!පට්ට බැල්ලි - Sexy Bitch, Akon


කළුද සුදුද මට අදාළ නැත -Black & White , Michael Jackson


පොල් ගහ යට අපි හිටියේ - Coconut tree, Mohombi


උඹ හරිම ලස්සනයි නංගියේ - Beautiful, Akon


වටේ ගියපු එක ආයේ එනවා ! – Justin Timberlake


මගේ හදවත ස්ටීරියෝ බං - Stereo Hearts, Gym Class Heros


එකයි, දෙකයි තුනයි..උන්නා පැන්නා අන්න මරියා - Ricky Martin


ඇය මුළු රෑ පුරා මාව හෙල්ලුවා! - ACDC


මට උඩින් වැහැපන් - Rain Over me, Pitbull


උඩහ හන්දියේ කෙල්ල - Uptown girl, Westlife


කන්නාඩියේ ඉන්න මිනිහා - Man in the mirror, Michal Jackson


ඔව් ඔව් බබෝ මම හිතුවේ උඹ මගේ කියලා යේ යේ.. – Baby, Justin Beiber


බබෝ තව එක සැරයක්! – Baby one more time, Britney


හාමිනේ හාමිනේ මේ පාර දකුණු අප්‍රිකාවට ඈ! – Wakka Wakka, Shakira


රම්පා රම්පා මිනිහා බිම! - Shot a man down, Rihanna


අප්පේ..මේ ජංගි මෝස්තරේ - Gangam Style, Psy


කොහොමද වැඩේ????

නාඩි වැටීම නතර වෙන තුරු බිම පෙරලි පෙරලි හිනා වීමට මේවා Tweet කොරපු හැමෝටම නාඩියාගේ ප්‍රමාණය(ප්‍රණාමය) ඈ!

ඔක්කොම ටික බලා ගන්න ට්විටර් කුරුල්ලාගේ #SinhalenLyrics අත්ත බලන්නකෝ ඈ!




ලයික්  එකක් දාලම යමු ඈ!
H

Related Posts Plugin for WordPress, Blogger...