නාඩි සෙට් එක

Monday, April 18, 2016

ආලය නම් වූ අග්නිය - Ashiqi Angar

සංගීතය විශ්ව භාෂාවක්. සප්ත ස්වරයට දේශ සිමා නෑ. සුදු කළු බේද නෑ.. පකිස්තානය කිව්වහම මුලින්ම අපිට මතක් වෙන්නේ බෝම්බ පිපිරෙන රටක්.. හා නැද්ද? හැබැයි ඒ අළු පාට කඳුළු අස්සේ හරි අපූරු සුන්දරත්වයක් මං දැක්කා. පහුගිය දොහේ පාකිස්තානේ ගච්චපු නාඩියා අහපු දැකපු අපූරු දෙයක් බෙදා හදා ගන්න හිතුවා.

පාකිස්තානයේ චිත්‍රාල් කඳුකර ප්‍රදේශයේ කෝවර් (Khowar) භාෂාවෙන් ලියවුනු මේ ගීතය විශ්වීය ආදරය ගීතයක්...

Noor, Shujaat... how can I forget the warmth of this music... ;)

Ishq hai khuda ki pehchan
(Love is the depiction of God)
Farishton ka hai yeh bayaan
(It is the discourse of the Angels)
Ishq se zameen asman
(Love holds the sky and the earth within)

Asheqi angar ki birai
( If love is a Fire )
Mashooq gulsambar ki birai
(If beloved is a spring-flower)
Haseen parchamdar ki birai
(With soft and beautiful leaflets)

Ishqa se pului behchurey
(A lover will rejoice buring in the fire of love )
Hamish tan burui behchurey
His soul will always keep melting with it.
Hardi beer ului behchurey
(His Heart will keep flying )

Jale Mora Man
(My heart burns)
More sajan
(O beloved!)
Rasta na Koi
(There is no way out)
Main hui birhan
(I am a shattered being)

Haye yeh majburi
(O this helplessness)
Kaisi hai duri
(Why is there a separation?)
Dastaan yeh kaisi
(Why this story end up like this ?)
Reh gayi adhuri
(Why we have become partitioned)

Ishq hai khuda ki pehchan
(Love is the depiction of God)
Farishton ka hai yeh bayaan
(It is the discourse of the Angels)
Ishq se zameen asman
(Love holds the sky and the earth within)

Jungle'a shotara asum
( I am wondering in Jungle and deserts )
Umeed aitbara asum
(Surviving in the hope and trust of you )
Nishi intizara asum
( I am waiting with a conviction)

Jale mora man
Mere sajan
Rasta na koi
Main hui birhan

Hoi khyo ta posheen
( The time I saw you )
hardiyo bateen
(Oo the beat of my heart)
Ma hush hoi boteen
( My senses have been tied )
Harush tu haseen
(That is how charismatically beautiful you are)

Ta choom hosik, bo zalim,
(Your witty smile is cruel inside)
Ta choom hosik, ma bo khosh,
( Oh your smile, the most loveable thing )
Ta roi marik, ma bo khosh ta choom hosik
(People die over it and I love are way you smile )
 
මාර්ගලා කඳු පාමුල... සීතලට ගුලි වෙමින්... හිනාවෙනකොට කම්මුලේ වලක් හැදෙන, හිම වගේ සුදු..... ඈ.... නෑ ඕනේ නෑ...

Thursday, March 24, 2016

කොම්පීතර සිංහලෙන්


පරිගණක එක්ක ගනුදෙනු කරන්න හදන කස්ටියට තියෙන එක අවුලක් තමයි කඩ්ඩ. හැබැයි කඩ්ඩ පොඩ්ඩක් නැතිව සෙල්ලම් දාන්නත් ටිකක් අමාරුයි.

හැබැයි පලවෙනි ස්ටෙප් එක විතර දන්නා කියන සිංහලෙන් ගොඩ දා ගත්තොත් ඉතිං මල් හතයි!

කොම්පිතර එක්ක දවසට පැය 28ක් විතර ගනුදෙනු කරන එකා වෙච්චි අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට මොකක් හරි වටින කියන දෙයක් දෙන්න උවමනාව තියෙන එක වෙච්චි ඔන්න නාඩියා අද ගෙනාවා පොඩි ඔත්තුවක්!

ASP.NET, SQL Server, Azure, Python වගේ ටිකක් ඔන්න සිංහලෙන් අරං ආවා. තියෙන්නේ Microsoft Channel9 එකේ. ඔක්කොම FREE ඈ!!!

ඔය අහක යන Data වලින්වටින කියන වැඩක් කරන එකේ වැරැද්දක් නෑ.

Python courses එහෙම ඉස්කෝලේ A/L කරන කස්ටියට ගොඩක් වැදගත් වෙයි. මොකෝ සිලබස් එකටත් තියනවනේ.

ගල් මල් තියනවනම් කියන්න. ඉස්සරහ ටික තව හොඳට කරලා එවන්නම්!

https://channel9.msdn.com/Series/SINHALA-Introduction-to-Programming-with-Python 

https://channel9.msdn.com/Series/SINHALA-Developing-Microsoft-SQL-Server-Databases

https://channel9.msdn.com/Series/SINHALA-Microsoft-Azure-Fundamentals
https://channel9.msdn.com/series/SINHALA-Introduction-to-ASPNET-MVC 



https://channel9.msdn.com/Series/SINHALA-Microsoft-Azure-Fundamentals-Websites





Monday, March 14, 2016

ටුක් ටුක්

ටුක් ටුක්… ලංකාවේ අපේ කටට හුරුවෙච්චි ඒ අපූරු වචනේ අහපු නැති කෙනෙක් නැති තරම්. දුප්පත් පෝසත් කොයි කාගේත් වාහනේ වෙච්චි ත්‍රී විලරේ ලංකාවේ සංස්කෘතියේ නැතිවම බැරි අංගයක් වෙලා. 

ගම්බද පළාත් වල ලෙඩට දුකට බේතක් හේතක් ගන්න කොයි රෑක දවාලක උනත් උදව්වට එන්නේ ත්‍රී විල් මල්ලි. කොලොම්පුරේ හදිස්සියට එහාට මෙහාට යා ගන්න.. ඕනේ රෑක ආපහු බෝඩිමට යන්න අපිට තියෙන්නේ ඉතිං ටුක් එක තමයි.

“මේ ත්‍රී විල් කාරයෝ හින්දා තමයි පාරක යන්න එන්න බැරි!”
මේ ගෝරනාඩුව කාර් බස් එලවන කොයි කවුරුත් මන්තරේ වගේ කියන එකක්. කොයි ට්‍රැෆික් එකක උනත් අස්සෙන් රිංගලා යන්න ත්‍රී විල් අයියලා හරි දක්ෂයි. “මේ ත්‍රී විල් හින්දා තමයි අපරාධ වැඩි වෙන්නේ”... තවත් කොම්ප්ලේන් එකක්! ලැඟුම්පොළවල්, ගණිකාවන්, මත්ද්‍රව්‍ය එක්ක ඈඳුණු වෙනමම ත්‍රී විල් සංස්කෘතියක් තිබ්බත් අද කතාව ඒ ගැන නෙවෙයි. 

ඉස්සර නම් ආටා මල්ලි හයර් දිව්වේ හිතේ ගාන මිම්මට.. දැන ඇඳුනුම්කමට හිතවත්කමට ගාස්තුව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා. පොඩ්ඩක් හෙට්ටු කරලා ගාන පොඩ්ඩක් බස්ස ගන්නත් පුළුවන් අය හිටියා. 

හැබැයි ඊට පස්සේ මීටරේට දුවන්න පටන් ගත්තා. එක එක මීටර් කොම්පැනි, ඒ අයගේ පැකේජ වලට ත්‍රී වීලර් වල මීටර් හයි කළා. ත්‍රී විල් වලින් මාසෙකට ගානක් ගෙවන්න උනා. හැබැයි රියදුරු මහත්තුරු එහෙම ගානක් ගෙවලා උනත් මීටරයක් හයි කරගන්න කැමති උනේ මිනිස්සු මීටරේ ගානට ගෙවන එක ලේසියි වගේම ලාභයි කියලා තේරුම් ගත්තු නිසා. 

ඊට පස්සේ ත්‍රී විලරේ උනත් බුක් කරන්න පුළුවන් mobile app ආවා. මිනිස්සු smart phone වලට පුරුදු වීමත් එක්ක ඇප් එකෙන් වැඩේ කරගන්න එක දැන් හරියට ප්‍රචලිත වෙලා. PickMe App එක වගේ එකක් පාවිච්චි කරපුවහම හරි ලේසියි. කිලෝමිටරේට රුපියල් තිස්පහයි. ආපහු හෙට්ටු කරන්න වගේ සීන් මොකුත් නෑ! ගමන ගිහිං ඉවර උනාම රිසිට් එකත් කෙලින්ම e-mail එකට එනවා. ඔෆිස් එකෙන් ක්ලෙම් කරන්න උනත් ලේසියි. ටුක් ටුක්, මිනි, කාර් ඕනේ එකෙක්නේ... 

මට මේ ලඟදි මරු වැඩක් උනා. හදිස්සියටකට කොළඹ ඇතුලේ ත්‍රී විලරයක් අරගෙන යද්දී අරං ගිය බෑග් එකක් ටුක් එක ඇතුළේ අමතක උනා! අවාසනාව කියන්නේ එක පික්මි එකක් නෙවෙයි! නැත්නම් ආපු ගියපු තැන ට්‍රැක් කරගන්න තිබ්බනේ. ඉතිං ලොසේ ලොස් තමා!

එහෙ මෙහෙ යද්දී එද්දී ත්‍රී විල් අයියලා එක්ක කතා බහ කළොත් අපූරු විස්තර ටිකක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. සමහර අය ත්‍රී විල් එක හයර් කරන්න පාට් ටයිම් ජොබ් එකක් විදිහට. දවල් කාලේ රස්සාව කරලා රෑට ත්‍රී විල් එක දුවනවා. නැත්නම් වදුවෙන ජිවන වියදමත් එක්ක ගොඩ යන්න බෑනේ!

“උදේ හයට විතර පටන් ගත්තහම රෑ එක දෙක වෙනකං උනත් පාරේ ඉන්න දවස් තියනවා මල්ලි..නැත්නම් කොහොමද මේකේ රෙපයාර් එකක් ආපුවහම, රෝදයක් දා ගන්න උනාම කවර් කරගන්නේ!” එක දවසක් දෙහිවලදී සෙට් වෙච්චි අයියා කෙනෙක් කියපු කතාවක්.

“ඇප් එකනං හොඳයි. හැබැයි පිළියන්දල, කොට්ටාව පැත්තට හරි වත්තල ජා ඇල පැත්තට හරි හයර් එකක් වැදුනොත් ආපහු ගමන හුළං තමා. ඒක ටිකක් පාඩුයි.” තාමත් app එකෙන් ත්‍රී විල් එකක් බුක් කරගන්න එක ප්‍රචලිත කොළඹ වටේ විතරයි. 

“සමහර වෙලාවට බුකින් එක අපිට මැප් එකේ පෙන්නවා. එතනට ගිහාම මනුස්සයා ඉන්නේ ඊට කිලෝමීටරයකටත් වඩා එහා. නිකමට හිතලා බලන්න කොළඹ හවස ට්‍රැෆික් එකක විනාඩි 30ක් විතර වටේ ගිහිං මනුස්සයා ලඟට ගිහාම රුපියල් අසූවක විතර පොඩි හයර් එකක් වැදුනම තියෙන සනීපෙ! එතකොටනම් පට්ට පාඩුයි!” මේ තවත් පික්මි ෆෝන් මීටර් හයි කරපු ත්‍රී විල් අයියා කෙනෙක් කියපු කතාවක්. 

“සුද්දෝ ආපුවහම ඉස්සර නම් පොඩ්ඩක් වැඩි ගානට ගියා. දැන් මීටර් නිසා ඒ වැඩේත් බෑ. දුර පාරවල් වලින් අරං යන්නත් බෑනේ. ෆෝන් එකේ මැප් එක දාගෙන එන්නේ!” ගල්කිස්ස සයිඩ් එකේ හයර් කරන මල්ලි කෙනෙක් මේ සීන් එක කිව්වේ. හැබැයි ඒ වගේ නම් හොඳයි. මොකෝ ලංකාවට එන සංචාරකයෝ හූරන් කන්න බලාගෙන හිටිය කට්ටියකුත් ලංකාවේ හැදිලා හිටියනේ. මේක ඒ වගේ දේවල් වලට හොඳ විසඳුමක්. 

ලංකාවේ ත්‍රී වීලර් අනාරක්ෂිතයි කියනවනේ... නිකමට ඉන්දියාවේ, නැත්නම් කාම්බෝජේ වගේ රටක ටුක් ටුක් එකක ගිහිං බලන්නකෝ.. මතක් කරලා හයියෙන් අල්ලගෙන යන්න! :D
  

Related Posts Plugin for WordPress, Blogger...