නාඩි සෙට් එක

Tuesday, September 18, 2012

බුකියේ සංගමේ...




උදේ හවස chat කරන්න...HI කියන්න...
රටේ තොටේ ඕප දූප ඔක්කොම දැන ගන්න..

ඔය poke කරන...massage කරන
Set එක සැමදෙන රැස් වන
බුකියේ සංගමේ මුල් තැන...///

කැම්පස් ගිය angel ගේ යාලුවා princess…
නයිස් pose ෆොටෝ එකක් upload කරලා...
ඒක දැකලා කොල්ලෝ ගොඩක් request එවලා...
Sweet හනි මේක දැකලා බුකියේ කියලා!!

උදේ හවස chat කරන්න...HI කියන්න...

Group එකේ admin මේ ටිකේ චැට් කරන්නේ නෑ...
කාටත් නොකියා ඌ in a relationship වෙලා...
කවුද එකෙක් මූගේ account එක hack කරලා...
මනමාලිගේ ෆොටෝ අරං publish කරලා...!!

උදේ හවස chat කරන්න...HI කියන්න...


මේ ටිකේ වැඩ කටයුතු වලට බස් එකේ එල්ලිලා චපාන් එකේ ගමන් බිමන් යද්දී සුනිල් පෙරේරා මහත්තයා ප්‍රමුඛ ජිප්සීස් සෙට් එක කියන මල් හතයි ගස් දෙකයි සින්දුවක් නාඩියාගේ කණට වැටුනා...

තියෙන අලුගුත්තේරුකමට එකේ ලස්සනට තිබිච්ච පද වචන ටික මාරු කරලා අලුත්ම පද රචනයක් කළා...නාඩියා හෙනම පද රචකයා ඈ!!! ;)

ඔය සින්දු කියන්න කැමති කස්ටිය..අර ලිරික්කන් ද මොනාද හදන කස්ටිය ඕන උදව්වක් ඉල්ලන ඈ! :D
අවවාදයයි - bathroom වල මෙය ගායනා කිරීමෙන් වලකින්න!!!(ඉතා අනතුරුදායකයි!!අත්හදා බලා ඇත!)

මෙන්න ඔරිම ජිනල් එක ඈ!!


අනිත් සීන් කෝන් එක....අපේ Needy Readers සමාජ සත්කාරේ.....අපි මේ ටිකේ BMICH එකේ පොත් ප්‍රදර්ශනෙත්ඉන්නවා ඈ....ඔන්න ඒ පැත්තේ ආවොත් නාඩියා එහෙම meet වෙලා යන්න පුළුවන් ඈ! J




ලයික් එකක් දාලම යමු ඈ...  

Monday, September 10, 2012

මල් කැකුලකට පාට දෙමු....


අර මොකාටද ඇති වැඩකුත් නෑ..හිමින් ගමනකුත් නෑ කියල කතාවක් තියනවනේ!!! අපිට තියෙන ආදරේට සුදු බණ්ඩා මාමා කැම්පස් වැහුවට නාඩියා නම් හුස්මක් කටක් ගන්න ඉස්පාසුවක් නැතිව එක එක වැඩ වලට සෙන්ටිමෙන්ටල් උනා. දවස් 5 ක් එක දිගට කැලෑ ගානේ ගෑටුවා..ඒ අති භයංකර අත්දැකීම් ගැන ළඟදීම නාඩියක් කොටන්නම්කො...

මේ ඉතිං සැප්තැම්බර් මාසෙනේ....ලංකාවම පොත් වලින් පිරි ඉතිරිලා යන දකින දකින අත පොත් පෙරලෙන කාලෙනේ....ඔන්න ඔය අතරේ නාඩියා තවත් සමාජ සේවා කර්තව්‍යක් එක්ක සෙට් වෙනවා! මේකත් පොත් සම්බන්ධ එකක්!

බ්ලොග් ලියන කියවන අපේ අය දන්නවනේ මේ ටිකේ  2012 සයිබර් සිහින උළෙලට සමගාමීව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරන සමාජ සත්කාර වැඩසටහනත් හරිම ලස්සනට ගලා ගෙන යනවා කියලා....ගලහිටියාගොඩ මාධ්‍ය මහා විද්‍යාලේ අහිංසක නංගිලා මල්ලිලාට උදව් කරන්න ඔය ගොල්ලොත් එකතු වෙමු ඈ!


අනිත් සිද්ධියත් පොත් වලට සම්බන්ධ එකක් තමයි! මේ සමාජ සත්කාරය සංවිධානය කරන්නේ IMCD (International Movement for Community Development) එක.නාඩියා ව මේකට පන්ගරාත්තු උනේ අර Youth Fest 2012 ට ගියාට පස්සේ....

අපි ගොඩක් අය නිදහස් අධ්‍යාපනෙන් ඉසරහට ආපු ඒකෙ පිහිටෙන් කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන්න උත්සාහ කරන අය. ඉස්කෝලේ අගේ..ඉස්කෝලෙන් අපි ගත්ත අත්දැකීම් ආයේ කවදාවත් අපිට ලැබෙන්නේ  නෑ....

හැබැයි අපිට ලැබුණු ඒ පහසුකම් වලින් පුංචි කොටහක් වත් ලැබෙන්නේ නැති අහිංසක මල් කැකුළු ටිකකගේ පොත් පිපාසාව නිවන්න තමයි අපේ මේ වෑයම.

ඒ වගේම තමන් වරදක් කරලා සිරගත උනත් අපි අතරම හැදිලා වැඩුණු..අපිත් එක්ක හිනා වෙච්ච කතා කරපු අපේම සහෝදර පිරිසකට...ඒ කියන්නේ බොරැල්ල මැගසින් බන්ධනාගාරේ ඉන්න රැඳවියන්ටත් පොත් පරිත්‍යාග කරන්න අපි හිතන් ඉන්නවා... 

මේ ඉන්නේ හංවැල්ල තුන්නාන සිරි සුමනජෝති විද්‍යාලයේ අහිංසක මල් කැකුළු ඔබේ අතින් පිරි නමන ඒ සුවද හමන පොත් මල් භාර ගන්න හිනා කටක් පුරෝ ගෙන මග බලන් ඉන්න හැටි...


මේ වගේ හිස් වෙච්ච පොත් රාක්ක, මනුස්සකමේ ගුණ සුවඳ අදුනන ඔබේ අතින් පුජා වෙච්ච පුංචි පොත් වලින් පිරිලා....ඒ පොත් වල අකුරු අස්සේ පුංචි අහිංසක ඇස් බෝල  කැරකවෙද්දී.....වචන වලින් කියා ගන්න බැරි තරම් සතුටක් ඔයාගේ හිතේ පිරිලා දොරේ යන්න ගනීවි...

  
සුමනජෝතියේ පුංචි උන් විතරක් නෙවෙයි....දෑල දෙමළ විද්‍යාලය-දෑල ,සිරිහඬ සිංහල විද්‍යාලය-රාජගිරිය,කොලොම්බුගම විද්‍යාලය-නිවිතිගල .......මේ ඉස්කෝල වල පුංචි එවුනුත් ඔක්තෝම්බර් 1 වෙනිදා ඔයා දීපු පොතුත් අරං අපි එනකම් බලන් ඉන්නවා.... 






ඒ අහිංසක මල් කැකුළු වලට යවන පොත් පාර්සලේ දෙන්න ඕනේ හැටි..වැඩි විස්තර ඔක්කොම අපේ බුකියේ පිටුවට ගිහින් ගන්න පුළුවන්...

එහෙමත් නැත්නම් කෙලින්ම මේ විස්තර ටික පුරවන්න.

නැත්නම් කතා කරන්න....
+94 77 2517512
+94 71 5651502

එහෙමත් නැත්නම් නාඩියා මුලච්චි වෙන්නකෝ......

Tuesday, August 28, 2012

YOUTH FEST 2012!

සෑහෙන කාලෙකට පස්සේ ඔන්න නාඩියා නාඩියක් කොටනවා...පහුගිය දවස් වෙලා එක එක වැඩ කඳු පිටින් ගොඩ ගැහිලා තිබ්බේ...

දවස් තුනක් එක දිගට බුකිය පැත්තේ නැත්තේ මොකෝ යකෙක් වත් ගහලද නැත්නම් පුංචි සුරන්ගනාවී එක්ක පැනලා ගිහින්ද කියලත් කස්ටිය අහල එවලා තිබ්බා...

එහෙම සීන් එකක් නෑ බොලවූ! නාඩියා Youth Fest 2012 ගියානේ!
මේකට ගිහින් බලන්නකෝ......බුකියේ නම් ඕනේ තරම් ෆොටෝ ඇති!

“අඩෝ නාඩියා උඹ කොහෙද ඉන්නේ?”

දවසක් රෑ පොලොස් මාමා කෝල් එකක් දුන්නා....

“මචං මම මේ පාරේ බං...මේ හුචක්කුවේ මොකද්ද ලෙඩක් බං...ගැරේජ් එකක් හොයනවා...!”

“හරි හරි...ඕන ඉලව්වක්! Youth Fest තියනවා!අනිවා යමු!ඔන්න උඹට ලින්ක් එක එව්වා!”

ගෙදරට සැපත් උණු ගමන් කලේ බුකියට ගිහින් මොකද්ද මේ වැඩේ කියල හොයල බලන එක...අඩේ!!!එල කිරි සහ ජලය වගේ වැඩක් නේ!ඒ වෙලේම රෙජිස්ටර් උනා....කොහොම කොහොම හරි 24 උදේ වෙනකොට කලින් දන්නා කියන නාඩි සෙට් එක විදිහට පොලොස් මාමා....මාමගේ ගෑනි(පොලොස් ඇන්ටි)....(මන්ද)බුද්ධි..... තුන් කට්ටුව තමා එනවා කියල තිබ්බේ... 

24 උදේම නාඩියා සෆාරි ජීප් එකක තුල්හිරියේ MIMT (MAS Institute of Management & Technology) එකට ගැච්චුවා..හීනියට වැටෙන පොද වැස්සේ පත බෑග් මල්ලකුත් ඇදගෙන තාර දාපු ලස්සන පාරක් මැද්දෙන් MIMT එකට ආවා!මල් හතයි....ගස් දෙකයි!හරිම ලස්සනයි.....!


Registration Desk එකේදිම සුපුරුදු පරිදි පොලොස් මාමා ඇඳගෙන නෑම ආරම්භ කළා! එතන registration වලට හිටිය අක්කා කෙනෙක්ට බලෙන්ම වගේ නොම්බරේ දෙන්න ගිහින්!

අක්කා - Your name please?
පොලොස් - I’m ****** *****kara. Then my mobile number is…….
 අක්කා - No. I don’t want that malla….thnx……


 පට්ටම චාටර්!ඔන්න ෆොටෝත් එක්ක සාක්කි!

2215! ඒ අපේ room එකේ නොම්බරේ!කරුමෙකට වගේ පොලොස් මාමත් මම ඉන්න එකේමයි...ආයේ ඉතිං accommodation ගැන නම් කියල වැඩක් නෑ!සුපිරියටම තිබ්බා..ඔන්න ටිකකින් room එකේ ඉතුරු සහචරයෝ ටික එකතු උනා....

ටියුබා - හන්තානේ සරසවියේ පොළොවේ ඈතුල ගැන ඉගෙන ගන්න එකෙක්!ඒ කියන්නේ ගූ විද්යා කොරන එකෙක්!(ටියුබා කිව්වේ මූ දත් බේත් ක්‍රීම් වෙනුවට මුණේ ගාන ජාතියේ මනුස්සයෙක් හින්දා) 

ගරුඩා - APIIT එකේ Management කරන බුවෙක්!(බලද්දී මම ඌව කලින් දන්නවා!ඇතුගල්පුර අක් මුල් තියෙන එකෙක්!)

No.03 - රූම් එකේ පොඩිම එකා! AOD එකේ designer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඩයල් එකක්!(මූට නොම්බර තුන කියල නම දැම්මේ මේකා අපිට කියපු කතාවක් නිසා..ඒක මෙතන කොටන එකනම් එච්චර සභ්‍ය නෑ!හික්ස්)

Mr.Thila – 2215 හිටිය එකම මහත්තයා! පුත්තලම් බූරුවෝ දෙන්නේක්ගේද කොහෙද වයස!

පොලොස් මාමා - නාඩිගේ අතීසාර මිත්තරයා හෙවත් පරාල ඇනේ! 

බෑග් මලු ටික ගබඩා කරලා කාලා බිලා සප්පායම් වෙලා auditorium එකට ආවා!අප්පේ සූ ගාල කස්ටිය!!ලංකාවේ විතරක් නම් මදැයි!!රටවල් ගානකින්....ඉන්දියාව...පෝලන්තය...නවසීලන්තය..ඕමානය...ජපානය...වියට්නාමය..චීනය...ඔය වගේ රටවල් ගොඩකින් youth සෙට් එක ඇවිත් හිටියා....

ලංකාවෙත් හැම කැම්පස් එකෙකින් වගේම කස්ටිය ඇවිත්!

10...9....8...7....6...5...4...3..2...1....!!!! Youth Fest 2012 පටාන් ගත්තා! කියන්න වචන නෑ! It’s simply AWESOME!!!

පලවෙනි දවසේ Wild Drift එකෙන් Outdoor Teamwork game session එක! පට්ටයි ඈ!ඇස් බැදගෙන team එකේ අයව හොයන්න....ලාවා ගඟක් තරණය කරන්න..කඹ අදින්න..තරගෙට SMS යවන්න..සෙල්ලම් ගොඩයි! “One Team – One Goal “!

හවස session 4 ක් තිබ්බා..නාඩියා ගියේ project management එකට..කොහොමත් ආස subject එකනේ...
Dinner එක එහෙම අරං ඉවර වෙලා කස්ටිය වෙස් මුණු එහෙම දාගෙන Masquerade Party යන්න ලක ලැස්ති උනා...අන්න fun එක! Party එක ඉවර වෙද්දී පාන්දර 4 යි! අන්තිම වෙනකම් ඉතින් 2215 එකේ විරෝධාර කොල්ලෝ ටික පිස්සු කෙලියා!

Room එකට ඇවිල්ලත් නිදා ගන්නේ නෑ! පොලොසාට සින්දු කියන්න ඕනෙලු!අපි කන් දෙක වහගෙන ඉන්නකම් ඌ ජනේලෙන් එලිය බලාගෙන හරිම අලංකෘත විදිහට උඩු බිරුවා!

පහුවදා උදේ පාන්දර 7 ට විතර හරිම අමාරුවෙන් ඇඳෙන් නැගිටලා audi එකට සෙන්ටිමෙන්ටල් උනා...ඒ ඉතින් Mr.Thili ගේ පිහිටෙන් තමා..මොකෝ නාඩියා වගේම අනිත් සෙට් එකත් උදේ නැගිටින්න හරිම ආසයි!
දෙවෙනි දවසේ උදේම තිබ්බේ NDB එකේ Mr. යසස් හේවගේ කරපු “The Apple Story” sesson එක.ඒක අහපු මටත් කොත්තු බිස්නස් එකක් පටන් ගන්න හිතුනනේ!!! “Essence of a volunteer” කලේ Mr. Fadhil Bakeer Marker….

Fashionable You කියන session එක වෙලාවේදී නම් කවුරුත් නිදා ගත්තේ නෑලු!මොකෝ ගම්‍යා විජේදාස on da stage!!!!! නේ!


නාඩියා වැටුනේ Grey group එකට! “The BEST group EVER!!!!” “අපි කුකුළෝ” තමයි අපේ cheering cry එක! කොහොම හරි අපිට අන්තිම දවසේ presentation එකක් කරන්න උනා.... Topic එක “Homosexuality” කිසි අවුලක් උනේ නෑ! ප්‍රදීප් අයියා ලියපුසමලිංගිකත්වය ලිපිය තිබ්බනේ! 

එදා රෑ තිබිච්ච Global night is SUPERB!!!!!! පිස්සු බම්ප් වෙනවා ඈ!!!රටවල් ගානක කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ රටේ දේවල් ගැන හරිම අපුරුවට විස්තර කළා....පොලොස් මාමා සින්දුවක් කිව්වා!පොලොස් ඇන්ටිට  ඒක අහලා අජීර්ණයක් හැදුනලු!ටියුබාත් ඇත ඇරියේ නෑ!රූ ට ඇහෙන්න කියලා සින්දුවක් කවි කළා!එලම වැඩේ තමයි එක එක රටවල් විදිහට ඇඳගෙන එන එක! නාඩියා නම් ඇන්දේ ලගකදී ලංකාවට සැපත් වෙච්ච පට්ට රජෙක් වගේ! හැඩයි නේ... )

 (මේ ෆොටෝ එකේ ගරුඩා සහ Mr. Thili ඇදන් ඉන්නේ ඇඳේ තිබිච්ච bed sheet නොවන බව කරුණාවෙන් සලකන්න) ;)


 
එදා රෑ පාටි එකත් වෙනසක් නෑ! පාන්දර 4 වෙනකම්!!! ඒ අහවූ අස්සේ මම presentation එකට රුපයක් හොයන්න කියල online ගිය වෙලේ මෙන්න බොලේ අපේ බ්ලොගියක්‌ ඇහැරිලා “නිදා ගන්නේ නැද්ද??” කියල අහනවා!! (එතකොට වෙලාව 0421h ඈ!එතකොට ඒ දරිවිගේ පිස්සුවෙ තරම හිතා ගන්න පුළුවන්නේ!)  ;)

පහුවදා උදේම තිබ්බේ young parliamentarians ලා එන වෙලාව! අනේ නාඩියාගේ අවාසනාවට බලං හිටිය බේබි ආවේ නෑ!ආවානම් කතා කොරන කියලා ටියුබා ගේ toothpaste එකෙන් දත් ටිකත් මැදගෙන හිටියේ ඈ!
 
ආයේ එලටම අපේ OC ලා වැඩේ කරලා තිබ්බා! <3 u OC!!!!!!!!

අන්තිමට ....
“මචං උඹ යන්න බෑග් ඒක පැක් කලාද?”
කියල අහපුවහමත්....

“Yaaa Machan…AWESOME!!! “
කියල තමයි කස්ටිය උත්තර දුන්නේ....

පුදුමේ කියන්නේ top50 delegates ලාටත් නාඩියා select වෙලා තිබ්බා ඈ!! 



රටවල් ගානකින්....එකම රටේ එක එක පැති වලින් ආවත් අපි ඔක්කොම රතු පාට ලේ ඇගේ දුවන කොල්ලෝ කෙල්ලෝ....ඒක තමයි සහෝදරත්වය...මුළු ලෝකෙම මෙහෙම එකතු වෙනවානම් කොච්චර හොඳද.....

අන්තිම දවසේ පුංචි බොරළු කැට වගේ වැටෙන වතුර බිංදු මැද්දෙන් තෙත් වෙච්ච ඇස් පිහ පිහ හයියෙන් හිනා වේවි අලුතින් හම්බෙච්ච අතීසාර මිත්තරයෝ  ටිකත් එක්ක පාරට එද්දී නාඩියා ට එහෙම හිතුනා....නාඩියාගේ අතේ පාට දෙකක් තියෙන පුංචි රිබන් කෑල්ලක් ගුලි වෙලා තිබ්බා....ඒ "ඔයාව" මතක් වෙන්න......


Youth Fest 2012!!!!!!! It’s simply AWESOME ඈ!!!!



Youth Fest 2013?????? අනිවා ඩෙෆා නාඩියා එනවා!


-ඉංගිරිසි අකුරු වැඩිද මන්දා...... ?-
       

  


ලයික්  එකකුත් දාල යමු ඈ!
Related Posts Plugin for WordPress, Blogger...