එක දිගට
පොස්ට් දාල දාල නාඩියා විකාර ටොපික් ගොඩක් කතා කරද්දී වොර්නින්ග්ස් ආවා “පරිස්සම්
වෙලා ඉදපන්!!!සුදු වෑන් එකක්වත් ගේ ඉස්සරහ නවත්තයි කියලා”! ඔන්න එහෙනම් හීනේ හැබෑ
උනා! නාඩියා හිර ගෙදර!
හී..ආසයි නේ...!!!
නෑ යකුනේ තාම නෑ!නාඩියා යහතින් ස්ට්‍රයික්
සුවවිදිමින් ගෙදරට වෙලා ඉන්නවා!හැබැයි අද කොටන්න යන්නේ මහා උළු ගෙදර විස්තරයක්!!
නාඩියා ගෙදර
හිටපු ටිකේ ඔය එක එක අහු මුළු වල් රිංගන්න ගියානේ...ඔය යන ගමනේදී එක එක ආකාරයේ
නාඩි වැටෙන ගෑනු මිනිස්සු හම්බෙන්න පුළුවන් උනා...
AL කරන කාලේ නාඩියාට
සෙට් වෙච්ච සුපිරි කඩයක් තියනවා **** බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ...හැබැයි ගොඩක්
මිනිස්සු එතනට යන්නේ නෑ...ඒක ඉතින් කඩයක් කිව්වට කඩයක්ම නෙවෙයි...ලෑලි ගහලා ඇතුලේ
පුටු දෙක තුනක් තියාපු පොඩි කාමරයක්! ඇතුලට ගියාම මොකුත් පෙන්නේ නෑ!ඒ තරම් මීදුම!මාර
පිරිසිදුකමක් තියෙන්නේ!කොච්චරද කිව්වොත් ටැප් එකක්වත් නෑ!හැබැයි එතන තියෙන තරම් රස
බිත්තර බනිස් හිල්ටන් එකේවත් නෑ!
ඔතනට එන්නේ
සාමාන්‍යයෙන් සමාජයේ පහත් යැයි සම්මත කරගෙන තියෙන මිනිස්සු !(හැබැයි නාඩියා නම්
කවදාවත්ම එහෙම කියන්නේ නෑ!!!!!) නාට්ටාමිලා...කුණු කරත්තේ ගෙනියන අය...ඔය අතරේ
එතනට එන්න පුරුදු වෙච්ච මරුම කස්ටියක් ඉන්නවා!ඒ මහඋළුගෙදර ජිවත් වෙලා පොඩි
නිවාඩුවකට එලියට ඇවිත් යන්න ආපු ඩයල්!!!
ඔන්න ළඟ පාත
දවසක නාඩියා මේක ඇතුලට වෙලා බිත්තර බනිසයක් කකා ඉන්නවා...මනුස්සයෙක් ඇවිත් එහා
පැත්තේ තිබිච්ච ප්ලාස්ටික් බංකුවේ වාඩි උනා...ගත්තා ආසිරි බීඩියක් !දැන් හෙමින් හෙමින්
දුම පිට කරනවා...ටිකකින්..
“මල්ලි..අදිනවද
උගුරක්?”
“නෑ..අයියේ..පාවිච්චියක්
නෑ...”
“අන්න එල
කොල්ලෙක්!පුරුදු වෙන්න එපා බං ඕවට!අපි වගේ නාස්ති වෙන්න එපා!මේ ඇතුළේදී බං මටත් මේ
මඟුල හුරු උනේ..”
නාඩියා
පොඩ්ඩක් මිනිහට ඉන්ටරස්ටින් පාර දානවා වගේ පෙන්නුවා!
ඩයල් ඒක දැන්
සිරා මනෝ පාරක් ගහගෙන ටෝක් එකක් දෙන්නයි ලෑස්තිය!
“මෙහෙම හිටියට
කොල්ලෝ මං මිනිමරුවෙක්!”
පිස්සු බම්ප්
වෙනවා ඕයි!!නාඩියා මිනිමරුවෙක් එක්ක සම්මුඛ සාකච්චාවක්!
“නෑ බං!ඒක
විතරයි මට කරන්න තිබුන එකම දේ!මම මගේ අයියගේ ගෑනිව මැරුවා!එකී පට්ට ***ක්!මගේ
අයියා ඉන්නේ රට..ඒකා අවු කාස්ටකේ දහ දුක් විඳලා එවන සල්ලි වලින් ඒකි මෙහෙ
මිනිස්සුත් එක්ක ජෝගි නටනවා!!මට ඉවසුවේම නැත්තේ මල්ලි අයියගේ පොඩි කෙල්ල නිසා බං!ඒ
අම්මණ්ඩි හින්දා අර අහිංසක කෙල්ල නාස්ති වෙනවා මට බලාගෙන ඉන්න බැරි උනා බං!”
“හා..උඹම
කියපන් මම ගත්ත තීරණේ වැරදිද?ඒ **යොන්ව කොට්ටේ
තියලා නලවන්නද බං ඕනේ?”
“හ්ම්ම්....”
ගෙදර තිබිච්ච
මන්නේ අරං ගිහින් කෙටුවා ඔලුවටම!පස්සේ පිහියත් එක්කම ගිහින් පොලිසියේ භාර
උනා!ඇතුලේ හිටියා දැන් මාස තුනක්!ඇප පිට එළියේ ඉන්නේ..නඩුව මේ මාසේ ** දා ..
“ඇතුළ මෙහෙට
වඩා මරු ඕයි!!ආයේ යන්න හිතෙනවා!උඹ ගිහින් තියනවද?”
(යකෝ නාඩියාගේ
අහිංසක මුණ දැක්කහම එහෙම හිතෙනවද මං අහන්නේ.....)
"නෑ අයියේ...."
ඊට පස්සේ ඩයල්
එක මට පට්ට විස්තර ටිකක් කිව්වා..ඒවා මේ කොටන්නේ ඇතුලට හදිස්සියෙවත් යන්න උනොත්
කෝකටත් දැනගෙන ඔන්න එක හොඳ නිසා!
මහඋළුගෙදර
හිරකාරයෝ සෙට් දෙකයිලු!එකක් සැකකාරයෝ(අර මාත් එක්ක කතා කරපු එකත් සැකකාරයෙක්!)
අනිත් සෙට් එක අච්චු කාරයෝ!(ඒ කියන්නේ වරදකට උසාවියෙන් දඬුවම් ලැබිච්ච කට්ටිය)
අච්චුකාරයොන්ව
හිරේ ඇතුලේ එක එක වැඩ වලට දැම්මට (ඒවාට කියන්නේ “පාටි” කියල... “කුස්සි පාටි”.....එහෙම
එක එක ඒවා තියනවා..) සැකකාරයෝ මේවට දාන්නේ නෑලු!නිකම්ම ඉන්නලු තියෙන්නේ!මරු නේ!
නාඩියා එක්ක
කතා කරපු ඩයල් එක වැටිලා තියෙන්නේ “මෝරා” වාට්ටුවකට! ( ඒ කියන්නේ ටිකක් හයි ෆයි
ඩයල් ඉන්න එකකට!) ඒකෙ ඉඳල තියනවා නිදන්
හොරකම් වලට අහුවෙච්ච හමුදාවේ මහතැනක්...ප්‍රසිද්ධ පන්සලක හාමුදුරු කෙනෙක්....ඔන්න
ඔය වගේ ලිස්ට් එකක්!
“මල්ලි..අපේ
***ට (හමුදා නිලයක නමක්) ඉරිදට ගෙදරින් විසිට් එක හම්බෙනවා 25,000 ක විතර බඩු!වතුර
බෝතලේ ඉඳන් ඇතුලට එනවා!
ඔන්න
වැඩේ!මේවා මෙහෙම එන එක නිතිවිරෝධිද නැද්ද කියල මමනං දන්නේ නෑ...
තව මරුම
කතාවක් මට මගේ අලුත් මිත්තරයා කිව්වා!
“කොල්ලෝ ඇතුලේ
පට්ට බිස්නස් එක තමයි ලහිපිට බිස්නස් එක!”
“ඒ කිව්වේ
අයියේ..”
“ලහිපිට කොළ
වලින් වේලලා කුඩු කරපු දුන්කොල ඔතලා ඇතුලේ හදනවා ලෝකල් එකක්!!විටමින් කුරු වලටත්
වඩා මාකට්! මම කලේ ඇතුලට එන පත්තර ඔක්කොම එක්කහු කරල ඒවා කොලේ කොලේ විකුනපු එක!
ලහිපිට පිටු දෙකක් රුපියල් 20 දීලා අරං යන වෙලාවල් තියනවා බං!”
ප.ලි - මොනවා උනත් හිරකාරයෝ කියන්නෙත් අපි වගේම
මනුස්සයෝ...හුගක් වෙලාවට ඒ අය ඇතුලට යන්නේ සමාජයේම වරදින්!ඕනේ තරම් වැරදි කාරයෝ
එළියේ යහතින් වැජබෙනවා!කුඩු මුදලාලි ප්‍රාඩෝ එකේ යද්දී කුඩු කන හැන්දක් විකුණපු
එකා ඇතුලේ!
ඔන්න ඕක තමයි
අද තත්ත්වේ ඈ!අනිත් එක අපරාධ කරන කෙනාගේ මානසික තත්ත්වේ!ඒ ගැනනම් මම දන්නේ නෑ! ප්‍රදීප්අයියගෙන් තමයි අහන්න ඕනේ! නැත්තනම් අර හොඳට හිටපු මිනිහෙක් එක පාරට තමන්ගේ අයියගේ
භාර්යාවට මන්නෙන් කොටයිද??
සමහර ජේලර් ලා....කාකි
සූට්...ගැන කතා නොකර ඉමු නේ!මොකෝ කතා කරලා වැඩක් නෑනේ!!!
(16+ කියල දැම්මේ දුම්කොළ හා මධ්‍යසාර පනත නිසා ඈ!මොකෝ නිස්කාරනේ දඩගෙවන්න බෑනේ)












_0430_-_Economic_crisis.jpg)


