ඔන්න එහෙනම් පට්ටන්දර
ජාතකේ පටාන් ගන්නයි යන්නේ.... හැබැයි වැඩිය දිගට කොටන්න කම්මැලියි... යකෝ සති පහක
වෙච්චි කෙරිච්චි දේවල් ඔක්කොම කොටන්න ගියොත් අත ගෙවිලා යයි!
කලින් කිව්වා විදිහට
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙන් ප්‍රදානය කරපු ශිෂ්‍යත්වයකට නාඩි ඇතුළු
ලංකාවේ හතර දෙනෙක් මේ වැඩසටහනට ලංකාවෙන් සහභාගී උනා.
SUSI for StudentLeaders තමයි මේ ශිෂ්‍යත්වයේ නම.
මම සහභාගී උනේ New Media &
Journalism අංශය ගැන හදාරන්න.
ජුනි මාසේ 21 වෙනිදා Qatar Airways ගුවන් යානයකින් ඔන්න නාඩි තුමා ඇමරිකාව බලා සංචාරේ ආරම්භ
කළා. Transit පලවෙනි එක තිබ්බේ දෝහා
කටාර් වල. වැඩි අවුලක් නෑ. පැය හතරනේ... ෆිල්ම් එකක් බලලා නිදා ගෙන ගියා. එතනින්
ඊළඟ නැවතුම ඇමරිකාවේ මයාමි ගුවන්තොට ! පිහිටලා තියෙන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ..
අප්පේ පැයම 16ක්! මොනවා කරන්නද බකං නිලාගෙන හිටියා ඉතිං..
![]() |
| සුන්දර මයාමි වෙරළ |
මයාමි වලදී මම දැක්ක එක
විශේෂත්වයක් තමයි මයාමි වල මිනිස්සු ඉංග්‍රීසි වලට වඩා Spanish භාෂාව පාවිච්චි කරන එක. මොකද කියන හේතුව නම් මම දන්නේ
නෑ. තාමත් ගමන අවසාන නෑ පින්වතුනි! ඇමරිකාවේ නැගනහිර කෙලවරේ ඉදගෙන බටහිර කෙලවරේ
තියෙන මගේ ගමනාන්තය වෙච්චි සියැටෙල් නුවරට තවත් ගුවන් ගමනක් සිදු කරන්න උනා. පැය 6ක් රට ඇතුලේ flight එකක!! නයි කයිද රෝස් පාන් කියපි. ප්ලේන් එකෙන් Seattle Tacoma International Airport එකෙන් බහිද්දී හොඳ පණ
ගිහිං!
අපිට දේශන සියල්ල වගේ
තිබ්බේ University of Washington වල. ගොඩක් කස්ටිය වරද්ද
ගන්න එකක් තමයි මෙන්න මේ වොෂින්ටන් හුටපටේ. Washington ප්‍රාන්තය, ඒ කියන්නේ
සියැටෙල් නගරේ.. වොෂින්ටන් සරසවිය එහෙම තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදේ බටහිර
කෙලවරේ. හැබැයි ඔය ධවල මන්දිරේ, පෙන්ටගන් එහෙම තියන Washington D.C නැත්නම් ඇමරිකාවේ අගනුවර තියෙන්නේ නැගෙනහිර කෙලවරේ. එක
අයිති වෙන්නේ District of Colombia වලට.
බල්ලෙක් ට ගිය සරසවිය
![]() |
| චෙරි මල් පිපිලා |
වොෂින්ටන් සරසවිය 1861
පටන් ගත්තු සරසවියක්. UDub කියලත් හදුන්වනවා. සිසුන්
30,000 පමණ මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ලෝකයේ ජනප්‍රිය වගේම ඉතා හොඳ වෙද්‍ය
විද්‍යාලයක් සරසවියට අයත් වෙනවා. UDub
එකේ nickname එක. නැත්නම් කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ තමන්ව හදුන්වා
ගන්නේ Washington Huskies කියන නමින්. ඒ කියන්නේ
බල්ලෙක්! ඒ ගොල්ලොන්ගේ official
mascot එක විදිහට පාවිච්චි
වෙන්නේ Husky dog කෙනෙක්. මරු ආතල් වැඩේ..
| Official Mascot at a basketball game |
හැරී පෝටර් ලයිබ්‍රි එක
විදිහට ලෝක ප්‍රසිද්ධ suzzallo
library එක තියෙන්නේ මේ කැම්පස්
එකේ. හැබෑවටම ඒකනම් ෆිල්ම් එකක තියෙන ලයිබ්‍රි එකක් වගේ තමා
![]() |
| ලෝක ප්‍රසිද්ධ සුසලෝ පොත් ගුල |
ඒ වගේම Burke Museum එක තියෙන්නෙත් කැම්පස් එකට අයත් භූමියේම තමා. ඇමරිකන්
ස්වදේශී ඉතිහාසය ගැන වගේම ස්වභාවික විද්‍යාවට අදාළ බොහොමයක් වටිනා පුරාවස්තු ඒ
කටුගෙයි තියනවා.
![]() |
| කටු ගෙයි ඇතුලේ පරණ එකෙක් |
සියැටෙල් ඉදිකට්ට!
බිල් ලොක්කාගේ ජනෙල් 8
පාවිච්චි කරන මිනිස්සු ඔය රූපේ දැකලා ඇති! ඕනෑ ඔකේ තියෙන හුටප්පරේ තමයි Seattle Space Needle කියලා කියන්නේ. (නෙලුම් කුළුන හදපු දවසට අපිත් නගිමු ඈ!
) ඔය ඒක පිටිපස්සෙන් තියෙන්නේ Mount
Rainier ගිනිකන්ද.. ඒක ගැන පස්සේ නාඩියක කොටන්නම්.
බිල් ලොක්කා ඕක ජනෙල් 8
ට ඔබන්න ඇත්තේ Microsoft head office
එක තියෙන්නේ සියැටෙල් වල
නිසා වෙන්න ඇති. කොහොම වෙතත් ඕක උඩට නැග්ගහම නගරේ වටේටම පංකාදු පහට පේනවා! හැබැයි
උඩට නගින්න නම් ටිකට් එකක් කඩනවා! :D
කෝපි කාලේ...
![]() |
| Starbucks කෝපි කඩයක් |
වටේ පිටේ තොරණේ විස්තරේ
පොඩ්ඩක් කියලා මිනිස්සු ගැන එහෙම ටිකක් කියන හිතුවා. මොකෙක් හරි ඇමරිකා ගිහිං තේ
බොන්න හිතාගෙන ඉන්නවනම් පුතේ ඒ අදහස හිතෙන් අත ඇර ගනින්! එහෙ උන් නැති වෙනකම්
බොන්නේ කෝපි! ලෝක ප්‍රසිද්ධ Starbucks
කෝපි කඩ සෙට් එකේ කඩයක්
හැම හන්දියක් ගානෙම තියනවා. ආ... ලෝකේ මුල්ම Starbucks කඩේ තියෙන්නෙත් සියැටෙල්
වල තමා. කෝපි කිව්වට මේ කෝපි සමහර ඒවා පට්ට තිත්තයි! දැන් අහන්න එපා තෝ ඔච්චර කෝපි
බීලා සරීර කෘත්‍ය කොලේ කොහොමෙයි කියලා! :D
මිනිස්සු සහ බල්ලෝ!
පාරේ උදේට හම්බ වෙන හැම එකාම හොඳට හිනා වෙලා ගුඩ් මෝනින් පාරක් දාගෙන ගිහිං උදේට කන්න කඩේට ගිහාම කඩේ එකා හොඳට හිනා වෙලා “කොහොමද ඉතිං” කියලා අහලා... බස් එකට නැග්ගහම ඩයිවර් මාමා තැන්කු පාරක් දාලා බස් එකට නග්ගගෙන බස් එකේදී ඇන්ටි කෙනෙක් ඇඟේ හැප්පුනාම sorry. Pardon me කියලා කිව්වහම තියන කික් එක කොහොමද කියලා හිතපන්කෝ...
එහෙම තමයි මෙහෙ
මිනිස්සු! හරිම ආචාරශිලියි. නීති නම් නීති! පාර මාරු වෙන්න බල්බ් එක වැටිලා
නැත්නම් පාරේ වාහන එකක්වත් නැති උනත් පාර පනින්නේ නෑ! එච්චර නීති රකිනවා!
මිනිස්සු සත්තුන්ට හරි
ආදරෙයි. නිවාඩු දවසක පාක් එකකට ගියොත් එක එක සයිස් එකේ බල්ලෝ අල්ලාගෙන ජෝගින් යන
සූදු අක්කලා ඇන්ටිලා ඕනෑ තරම් බලා ගන්න පුළුවන්. බල්ලෝ අරගෙන බස් එකේ උනත් කස්ටිය
ගමන් බිමන් යනවා. කොටින්ම කිව්වොත් බල්ලොන්ටම ඇරිච්චි සැලෝන් මසාජ් සෙන්ටර් හිටං
තියනවා බොලව්!
දැන් අහපන් බලු බෙටි
ගැන! පාරේ කිසි තැනක මම නම් බෙට්ටක් දැක්කේ නෑ! මොකෝ මෙහෙ මිනිස්සු පාරේ තමන්ගේ
සුරතලා එක්කගෙන යද්දී ඌ මලපහ කලොත් අරගෙන දානවා! ඔන්න මිනිස්සු!
![]() |
| විවිධ පාටින් තියෙන කුණු කුඩ |
ඇමරිකා එක්සත් ජනපදයේ
පරිසර හිතකාමී නගර අතරින් මුල් තැනක් ගන්නේ සියැටෙල් නගරය. අපද්‍රව්‍ය බොහොමයක් ප්‍රතිච්ක්රිකරණය
කරනවා. දිරන ඒවාගෙන් කොම්පෝස්ට් හදනවා. පාරේ කිසි තැනක කුණු දාන්නේ නෑ. හරිම
විධිමත් විදිහට අපද්‍රව්‍ය බැහැර කරනවා. වැඩියෙන්ම මිනිස්සු ගමන් යන්නේ බයිසිකලේ!
කොටින්ම අපිට ලෙක්චර් වලට එන ප්‍රොෆිසර් කාරයා කැම්පස් එකට එන්නෙත් පුට්සයිකලේ.
ඔන්න ගන්නවනම් ආදර්ශ.
එක එකාට වැරැද්ද පටවන්නේ
නැතිව, ආණ්ඩුවේ අන්ධයෝ ටික වැඩේ කොරනකම් බලාගෙන ඉන්නේ නැතිව, විපස්සේ උන්ගේ පස්සට
එලිය වැටෙනකම් ඉන්නේ නැතිව අපි අපි හැදෙමු. ඇමරිකාව කියන්නේ අයිස්චර්යේ නෙවෙයි
බොලව්. හැබැයි උන් අම්බානෙකට මහන්සි වෙනවා ඒක අයිස්චර්යේ කරන්න. පාර අතු ගාන එකාගේ
ඉදං..
පලවෙනි පට්ටන්දරේ අහවරයි
ඕං . තව ඕනෙනම් කියපං. නැත්නම් පුරුදු විදිහට පචයක් හලාගෙන ඉන්නම්.












