නාඩි සෙට් එක

Thursday, January 16, 2014

සරණයි.. සරණා...යි....

සිරිපා කරුණා සමය සිතල උදුවප් මාසයේ නමෝ විත්තියෙන් පටන් ගත්තු වෙලේ ඉදන් අපේ උන් ලක ලැස්ති උනේ සිරිපා කරුණා කරන්න. කොහොමෙන් කොහොම හරි ඉස්පාසුවක් හොයා ගන්න පුළුවන් උනේ 14, 15 වැටිච්ච නිවාඩු දවස් දෙක! හරිම අමාරුවෙන් අනිත් වැඩ කටයුතු පස්සට දාල දවස් දෙක නිදහස් කර ගත්තා.
මේ කට්ටිය කිව්වේ අපේ විස්සවිද්‍යාලේ අතීසාර මිත්තරයෝ ටිකය!

13 වෙනිදා උදා විය! වෙනසක් නැත! අම්බානෙකට වැඩය!
මම - මේ හෙට නේද බං සිරිපාදේ යන්නේ..

පොලොස් මාමා - ඔව් ඔව් . හෙට රෑ නේ! හරි! මම වෙලාවට නගින්නම් කෝච්චියට!

මම - ඔව් උඹට රෑ නැගලා යන්න පුළුවන් &^%&*&!!

ඉතා සුන්දර ලෙස පොලොසා මේ සැරෙත් වෙලාව අනාගෙන තිබ්බේය! කොච්චර කට පාඩම් කරලා යැව්වත් ඌ ට වෙලාවල් මතක නැත! සාම්ප්‍රදනුකුලව ඌ මේ සැරෙත් train එක මිස් කරගෙන බස් එකක හැටන් ගෑටුවේය! ජොන්ටියා ද කොහේදෝ අවලමක ගොස් train එක මිස් කර ගත්තේය!

නාඩි උපදෙස් අංක 01 –
Trip එකක් යාමට දවසකටවත් කලින් අතමක ලෙඩේ තියන උන් සිහි බුද්ධිය ඇති උන් එක්ක නතර කල යුතුය! නැත්නම් ඌ නැගිටින්නේ කෝච්චි ගියාට පසුවය!

මංතුමා කල් වේලා ඇතිවම නුවරට ගියේ දළදා මාලිගාව වැද පුදාගෙනම සිරිපා කරුණා කිරීමටය! ඔන්න ඔය අහු පහු අස්සේ හෙන්ඩුවා...
හෙන්ඩු - මේ මචං කෝච්චිය නුවරට එන්නේ නෑලු!

මං - එහෙනම් කොහාටද යකෝ එන්නේ?

හෙන්ඩු - පේරාදෙණියට..
එහෙන් මෙහෙන් එන ඔක්කොම ටික එකතු පහදු කරගෙන GIC එකේ train time table database එක හදපු එකාට පින් දෙමින් අපි පේරාදෙණිය ට ගියෙමු!

නාඩි උපදෙස් අංක 02 –
ලංකාවේ train timetable කිසිදා විශ්වාස නොකරන්න! 

12.19 කෝච්චිය ආවේය! ආයේ පත්තරයක් එලා ගන්න ඉඩක් නැත! සූ ගෑවිල්ලේ සෙනගය! කොහොමෙන් කොහොම හරි අස්සේ පැක් වී හැටන් වලට පැමිණියෙමු!
 
හැටන් වල සිට ගමන නෝර්වුඩ් වලටය. අපේ සීනියර් අක්කා කෙනක් අසරණ අපිට කෑම වේලක් දීමට මග බලාගෙන සිටියාය! සහෝදරත්වය… පොංගල් බත් කුඩක් ඉතුරු නොකර ඉවර කිරීමට අපේ උන් වග බලා ගත්තෝය.

රෑ 8.30 විතර වෙන තුරු නෝර්වුඩ් ගෘගස්ථ ක්‍රීඩාංගනයේ විවේක ගත් අපි නල්ලතන්නි බස් එකක එල්ලී සිරිපා කරුණාවට පිටත් උනෙමු! අප්පේ.. බස් එකේ සැමන් අඩුක් කළාට දෙවැනි නැත! හරිම අමාරුවෙන් එල්ලී හිටිගඩු පිපෙන සීතලේ නල්ලතන්නියට ලඟා උනෙමු!

නඩේ ගුරා FM මහත්තයාය! ;) ඉතුරු 23 දෙනාගෙන් බහුතරය කෝඩු ය! කිරි කෝඩු නම් නෙවෙයි ය! දඩු කෝඩුය! පඬුරු ගැට ගසා රෑ 10 ට පමණ ඉහලට කරුණා කළෙමු.

දැන් සිරිපා කරුණාවේ තුන් සරණේ ඇහෙන්නේ හරිම අඩුවෙන්ය! එක් නඩයක් තුන් සරණේ කැසට් එකක් ටිකක් සද්දෙන් දමාගෙන යනවා මංතුමා දැක්කේය! නරකක් කියන්න බැරිය! නැතිනම් ඒ අපූරු රිද්මය සදහටම නැතිවී යා හැක!

නිවාඩු දවස් දෙක නිසා උඩ මළුවට යන හරිය වෙද්දී නම් ටිකක් සෙනගය! මහා ගිරි දඹ එහෙම නැග්ගේ අඩියෙන් අඩිය නැවතී නැවතිය! උදේ 5.30 විතර වෙද්දී අපි උඩ මලුවේ!

පහුගිය දොහේ හෙලිකොප්ටර් රාජයෝ උස්සාගෙන ආපු ගන්ටාර කුළුන ඇතුළු පුජා භාණ්ඩ මේ ටිකේ ලහි ලහියේ පිළියෙළ වෙනවාය.

සිරිපා පියුම වැද පුදා ටිකක් මහන්සි ඇරලා එහෙම පහලට එන ගමන පටන් ගත්තෙමු. කදුකර සදාහරිත වනාන්තරයකට උරුම අපූරු සුන්දරත්වය ආපසු ගමනේදී අඩුවක් නැතිවම විඳ ගත්තෙමු. 

ආපහු එන්න ලක ලැස්ති උනෙත් train එකේ. කරුමෙකට වගේ ට්‍රේන් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ! නුවර ආපහු බස් එකේ ඇවිත් යාන්තම් රෑ දෙගොඩහරියේ ගෙදරට ආවා. මතක් කරලා ආයේ මේ වගේ ට්‍රිපක් යන්න එහෙම ඉන්නවනම් ට්‍රේන් බුක් කරලා යන එක තමයි හොඳම වැඩේ. අනිත් එක පුළුවන් නම් නිවාඩු දවස් මඟ අරින්න පුළුවන් තරම් උත්සාහ කරන්න. නැත්නම් අධික තදබදය හින්දා විඩාවට පත් වෙන්න වේවි නිකම්ම...

නාඩි උපදෙස් අංක 03 –
සිරිපා කරුණා කරද්දී ඒ සුන්දර පරිසරයේ අරුමැසිය විඳ ගැනීමට අමතක කරන්නෙපා! ලංකාවටම ආවේනික වෙච්චි කුරුළු විශේෂ, සත්ත්ව විශේෂ, සුළඟින් කුරු වෙච්චි අපූරු ගස්, මීදුමෙන් වහිච්චි කඳු වැටී, ගස් මත වැවුනු ලයිකන, පාසි වගේ සොබාදහමේ අපූරු නිර්මාණ ගොඩක් ටිකක් විමසිල්ලෙන් බැලුවොත් දකින්න ලැබෙයි. 
"තනිකම" : Captured from Nokia Lumia 820

 මතක් කරලා ඔයගොල්ලෝ අරගෙන යන හැම දෙයක්ම ආපහු ගේන්න. පොලිතින් ප්ලාස්ටික්, චුයින්ගම් තලි, සිගරට් කොට සිරිපා අඩවියට ඕනේ නෑ.. පිය සටහන් විතරක් තියලා එන්න.




නාඩියා with මෝබයිලා
අලුත් අවුරුද්දේ පොඩි ගැජට් බැජට් එකක් නාඩියා දෙන්න හිතුවා. කොයි කවුරුත් හරි හරියට දැන් ඔය smartphone පාවිච්චි කරනවනේ! ඔන්න android කස්ටියටයි windows phone උදවියටයි නාඩි බ්ලොග් එකේ app එකෙන්ම නාඩි වැටෙන හැටි බලන්න පුළුවන්! බා ගෙනම බලන්නකෝ!!! ඇපල් මල්ලිලා ට ළඟදීම දෙන්නම් ඈ!  

Android කස්ටියට

Windows උදවියට
   



    

Tuesday, January 7, 2014

දයාබර පරිගණිකාව


අලුත් අවුරුද්දේ පළවෙනි නාඩිය ටිකක් වෙනස් විදිහකට කොටන්න හිතුවා. දැන් ඉතිං ඔක්කොම දවසේ වැඩි දවසක් ජිවත් වෙන්නේ පරිගණක රාජයා එක්කනේ! අපේ සමහර උන්ට නම් ඉතිං ලැපී නැත්නම් ජිවිතයක් නෑ. මංතුමාටත් එසේම තමා. ඔය පරිගණක රාජයෝ එක්ක ගනුදෙනු කරන්න යමක් කමක් කරන්න පුළුවන් එකා වෙච්චි මට ඔය අන්ජබකල් වෙච්චි ලැප් කේස්.. මැෂින් කේස් බර ගානක් අහන්න වෙනවා. “අනේ මේක හදලා දෙන්නකෝ...” වැඩියෙන්ම ඉතිං බවලත් උදවිය ගෙන් තමයි.

මංතුමා කල්පනා කළා ඒ හින්දා පොඩි පොඩි උපදෙස් වගේ මෙව්වා ටිකක් දෙන්න කියලා අලුත් අවුරුද්දේ.

මට ඕනේ මොකද්ද?

මැෂින් එකක් ගද්දි පොඩ්ඩක් බලන්න ඕනේ මට මේක ඕනේ මොකටද කියලා. මොකෝ ලියුමක් ටයිප් කරලා film එකක් බලලා Facebook යන්න වගේ පොඩි වැඩවලට ලොකු RAM තියෙන VGA තියෙන මැෂින් ඕනේ නෑ. බොරු සල්ලි නාස්තියක්. හැබැයි ඉතිං programming කරන්න එහෙම අදහසක් තියනවනම් RAM එක හොඳ මැෂින් එකක් ගන්න එක ඇඟට ගුණයි. අනිත් එක ඔය laptop එකක් එහෙම ගනිද්දී review ටිකක් එහෙම කියවලා ගන්න. සල්ලි ටිකක් වියදම් කරන එකේ හොඳ එකක් ගන්න බලන්න.

පරිස්සම

මෙහෙමයි මං හිතන විදිහට මේ ලැප්ටොප් වලට ඉතිං බබා වගේ සැප දෙන්න ඕනේ නෑ.මගේ එක 2011 අප්‍රේල් වල ගත්ත දවසේ ඉඳන් මේ වෙනකම් අඩුම ගානේ දවසකට පැය 18ක් වත් on! බබා වගේ වැඩ! හැබැයි ඉතිං ඔය ලැප් ඒක උඩ තියාගෙන චොක්ලට් කන ඒවා. කිරි බොන්න ගිහිං හලා ගන්න ඒවා වගේ ඒවානම් කරන එක පව් ඈ! පුළුවන් හැමවෙලේම ලැප්ටොප් වල ventilation holes ඇරිලා තියන විදිහට තියන්න. පොඩි බ්‍රෂ් එකක් අරගෙන සතියකට සැරයක් වත් ඒවා පිහලා දානවනම් හොඳයි.

Operating System එක

අපි වැඩිය සැලකිලිමත් වෙන්නේ නැති දෙයක් තමයි මේක. ගොඩක් කස්ටිය හිතාගෙන ඉන්නේ windows තමයි ඉතිං එකම එක කියලා. නරකක් නෑ ඒකෙත්. මෙහෙමයි OS එක දාද්දි machine එකේ hardware requirements වලට හරියන එකක් දාන්න බලන්න. Windows family එකේ අලුතින් ඇවිත් තියන ජනෙල් 8 (Windows 8.1 එකත් තියනවා හරිය) ගොඩක් machine එක්කනම් හොඳට වැඩ කරනවා. හැබැයි ඉතිං Windows පාවිච්චි කරනවානම් මම දෙන අවවාදේ තමයි Original Software එකක් පාවිච්චි කරන්න කියන එක. ටිකක් සල්ලි යනවා තමයි. හැබැයි performance අතින් පැහැදිලි වෙනසක් තියනවා. කොහොම උනත් pirated software පාවිච්චි කරන එක වැරදියි නේ. (තොටනම් ඉතිං මොකෝ නිකම්ම හම්බ වෙනවනේ කියලා බැනපන් දැන්!)

සල්ලි ගෙවන්නත් අකමැතියි නම් ඉතිං තියන හොඳම විසඳුම තමයි Free & Open Source (FOSS) පැත්තට හැරෙන එක. Ubuntu, Fedora, Hanthana Linux, Cent OS වගේ ඒවායින් තමන්ට ගැලපෙන එකක් දා ගත්තහම ලේසියි. කට්ටිය කිව්වට ඒවාගෙන් වැඩ කරන එක අමාරුයි කියලා මොකෝ අපේ අය ඒවා දාගෙන ලොකු system ගහන්න යන්නේ නෑනේ. සාමාන්‍ය පාවිච්චියට පංකාදු පහයි ඉතිං. හැබැයි මේ වගේ OS එකක් install කරගන්න එක ටිකක් කල්පනාවෙන් කර ගන්න එක හොඳයි.

අලුතින් එන Dell laptop වල එහෙම Ubuntu දාලමයි එන්නේ. එහෙම එකක් windows වලට හරවා ගන්නවනම් දන්නා කියන කෙනෙක්ට කියලා hard එකේ partition ටික හරියට හදාගෙන දාන්න. නැත්නම් ඉතිං ටිකක් ලෙඩ දෙනවා.

Software කෝටියයි

Application software install කරද්දී අපිට ඕනේ ඒවා විතරක් දා ගන්න. හිතන්න මට ටික දවසකට විතරක් video ටිකක් edit කරගන්න තියනවා කියලා. එහෙනම් ඒ editing software එක පාවිච්චි කරලා ඉවර උනාට පස්සේ uninstall කරලා දාන්න. Setup එක ඕනෙනම් තියාගන්න පස්සේ ඕනේ උනොත් ආයේ දා ගන්න. අනිත් එක ඔය free software එහෙම පාවිච්චි කරද්දී ටිකක් පරිස්සමින්. ගොඩක් ඒවා අස්සේ තව එක එක ඕනේ නැති දේවලුත් install වෙනවා. 

Internet Downloading

දැන් ඉතිං හැමෝම internet එක්ක බද්ධ වෙලා ඉන්න එකේ අපි ගොඩක් දේවල් බාගන්නවා. හැබැයි මම දැකලා තියනවා මේ download කිරිල්ලත් එක්ක browser එක පිරෙන්නම එක එක add-on install වෙලා. Homepage මාරු වෙලා එක විකාරයයි. ඒ හින්දා මොකක් හරි  download කරන්න යද්දී එන message ටික එහෙම හොඳට කියවලා බලන්න.නැත්නම් වෙන්නේ machine එක slow වෙන එක විතරයි.


C එකේ නෙවෙයි desktop එකෙයි save කලේ.

අද තියන ගොඩක් මැෂින් වල ලොකු hard එකක් තියන නිසා ඒක partition කරලයි තියෙන්නේ. එහෙම තියෙද්දී රීතියක් විදිහට C drive එකට අපි OS එක දානවා. Software ටිකත් දානවා. එහෙම එකේ අනිත් තියන ෆිල්ම් සින්දු අනම් මනම් ටිකත් ඒක අස්සෙම පුරවන්න යන්නෙපා. ලබ්බේ ඇතුලේ තොවිලේ වගේ තියෙයි එතකොට! ඔය desktop එකත් තියෙන්නේ C එකේම තමයි ඈ! :D

පුළුවන් තරම් අලුත් දේවල් හොයන්න. දැන ගෙන කලොත් ඔය මැෂින් වලට මොකුත් වෙන්නේ නෑ! ඕවා හදලා තියෙන්නේ වැඩ ගන්න. හැබැයි computer එකේ වහලෙක් වෙන්නේ නැතිව computer එක වහලෙක් කර ගන්න. හැබැයි තමන්ගේ ලැපී ගණිකාවක් කරන්න නම් එපා ඈ! තමන්ගේ ගෑනු ළමයා වගේ බලාගන්න.  ;)

ආයු බෝ වේවා!!!   
Related Posts Plugin for WordPress, Blogger...