අලුත් අවුරුද්දේ පළවෙනි
නාඩිය ටිකක් වෙනස් විදිහකට කොටන්න හිතුවා. දැන් ඉතිං ඔක්කොම දවසේ වැඩි දවසක් ජිවත්
වෙන්නේ පරිගණක රාජයා එක්කනේ! අපේ සමහර උන්ට නම් ඉතිං ලැපී නැත්නම් ජිවිතයක් නෑ. මංතුමාටත්
එසේම තමා. ඔය පරිගණක රාජයෝ එක්ක ගනුදෙනු කරන්න යමක් කමක් කරන්න පුළුවන් එකා වෙච්චි
මට ඔය අන්ජබකල් වෙච්චි ලැප් කේස්.. මැෂින් කේස් බර ගානක් අහන්න වෙනවා. “අනේ මේක
හදලා දෙන්නකෝ...” වැඩියෙන්ම ඉතිං බවලත් උදවිය ගෙන් තමයි.
මංතුමා කල්පනා කළා ඒ
හින්දා පොඩි පොඩි උපදෙස් වගේ මෙව්වා ටිකක් දෙන්න කියලා අලුත් අවුරුද්දේ.
මට ඕනේ මොකද්ද?
මැෂින් එකක් ගද්දි
පොඩ්ඩක් බලන්න ඕනේ මට මේක ඕනේ මොකටද කියලා. මොකෝ ලියුමක් ටයිප් කරලා film එකක් බලලා Facebook යන්න වගේ පොඩි වැඩවලට
ලොකු RAM තියෙන VGA
තියෙන මැෂින් ඕනේ නෑ.
බොරු සල්ලි නාස්තියක්. හැබැයි ඉතිං programming
කරන්න එහෙම අදහසක්
තියනවනම් RAM එක හොඳ මැෂින් එකක් ගන්න
එක ඇඟට ගුණයි. අනිත් එක ඔය laptop එකක් එහෙම ගනිද්දී review ටිකක් එහෙම කියවලා ගන්න. සල්ලි ටිකක් වියදම් කරන එකේ හොඳ
එකක් ගන්න බලන්න.
පරිස්සම
මෙහෙමයි මං හිතන විදිහට
මේ ලැප්ටොප් වලට ඉතිං බබා වගේ සැප දෙන්න ඕනේ නෑ.මගේ එක 2011 අප්‍රේල් වල ගත්ත දවසේ
ඉඳන් මේ වෙනකම් අඩුම ගානේ දවසකට පැය 18ක් වත් on! බබා වගේ වැඩ! හැබැයි
ඉතිං ඔය ලැප් ඒක උඩ තියාගෙන චොක්ලට් කන ඒවා. කිරි බොන්න ගිහිං හලා ගන්න ඒවා වගේ
ඒවානම් කරන එක පව් ඈ! පුළුවන් හැමවෙලේම ලැප්ටොප් වල ventilation holes ඇරිලා තියන විදිහට තියන්න. පොඩි බ්‍රෂ් එකක් අරගෙන
සතියකට සැරයක් වත් ඒවා පිහලා දානවනම් හොඳයි.
Operating System එක
අපි වැඩිය සැලකිලිමත්
වෙන්නේ නැති දෙයක් තමයි මේක. ගොඩක් කස්ටිය හිතාගෙන ඉන්නේ windows තමයි ඉතිං එකම එක කියලා. නරකක් නෑ ඒකෙත්. මෙහෙමයි OS එක දාද්දි machine එකේ hardware requirements වලට හරියන එකක් දාන්න බලන්න. Windows family එකේ අලුතින් ඇවිත් තියන ජනෙල් 8 (Windows 8.1 එකත් තියනවා හරිය) ගොඩක් machine එක්කනම් හොඳට වැඩ කරනවා.
හැබැයි ඉතිං Windows පාවිච්චි කරනවානම් මම
දෙන අවවාදේ තමයි Original Software එකක් පාවිච්චි කරන්න
කියන එක. ටිකක් සල්ලි යනවා තමයි. හැබැයි performance අතින් පැහැදිලි වෙනසක්
තියනවා. කොහොම උනත් pirated
software පාවිච්චි කරන එක වැරදියි
නේ. (තොටනම් ඉතිං මොකෝ නිකම්ම හම්බ වෙනවනේ කියලා බැනපන් දැන්!)
සල්ලි ගෙවන්නත් අකමැතියි
නම් ඉතිං තියන හොඳම විසඳුම තමයි Free
& Open Source (FOSS) පැත්තට හැරෙන එක. Ubuntu, Fedora,
Hanthana Linux, Cent OS වගේ ඒවායින් තමන්ට
ගැලපෙන එකක් දා ගත්තහම ලේසියි. කට්ටිය කිව්වට ඒවාගෙන් වැඩ කරන එක අමාරුයි කියලා
මොකෝ අපේ අය ඒවා දාගෙන ලොකු system ගහන්න යන්නේ නෑනේ.
සාමාන්‍ය පාවිච්චියට පංකාදු පහයි ඉතිං. හැබැයි මේ වගේ OS එකක් install කරගන්න එක ටිකක් කල්පනාවෙන් කර ගන්න එක හොඳයි.
අලුතින් එන Dell laptop වල එහෙම Ubuntu
දාලමයි එන්නේ. එහෙම එකක්
windows වලට හරවා ගන්නවනම් දන්නා කියන කෙනෙක්ට කියලා hard එකේ partition ටික හරියට හදාගෙන දාන්න.
නැත්නම් ඉතිං ටිකක් ලෙඩ දෙනවා.
Software කෝටියයි
Application software
install කරද්දී අපිට ඕනේ ඒවා
විතරක් දා ගන්න. හිතන්න මට ටික දවසකට විතරක් video ටිකක් edit කරගන්න තියනවා කියලා. එහෙනම් ඒ editing software එක පාවිච්චි කරලා ඉවර
උනාට පස්සේ uninstall කරලා දාන්න. Setup එක ඕනෙනම් තියාගන්න පස්සේ ඕනේ උනොත් ආයේ දා ගන්න. අනිත් එක ඔය free software එහෙම පාවිච්චි කරද්දී ටිකක් පරිස්සමින්. ගොඩක් ඒවා අස්සේ
තව එක එක ඕනේ නැති දේවලුත් install වෙනවා.
Internet Downloading
දැන් ඉතිං හැමෝම internet එක්ක බද්ධ වෙලා ඉන්න එකේ අපි ගොඩක් දේවල් බාගන්නවා.
හැබැයි මම දැකලා තියනවා මේ download
කිරිල්ලත් එක්ක browser එක පිරෙන්නම එක එක add-on install වෙලා. Homepage මාරු වෙලා එක විකාරයයි. ඒ හින්දා මොකක් හරි download
කරන්න යද්දී එන message ටික එහෙම හොඳට කියවලා බලන්න.නැත්නම් වෙන්නේ machine එක slow වෙන එක විතරයි.
C එකේ නෙවෙයි desktop එකෙයි save කලේ.
අද තියන ගොඩක් මැෂින් වල
ලොකු hard එකක් තියන නිසා ඒක partition කරලයි තියෙන්නේ. එහෙම
තියෙද්දී රීතියක් විදිහට C drive එකට අපි OS එක දානවා. Software ටිකත් දානවා. එහෙම එකේ
අනිත් තියන ෆිල්ම් සින්දු අනම් මනම් ටිකත් ඒක අස්සෙම පුරවන්න යන්නෙපා. ලබ්බේ ඇතුලේ
තොවිලේ වගේ තියෙයි එතකොට! ඔය desktop
එකත් තියෙන්නේ C එකේම තමයි ඈ! :D
පුළුවන් තරම් අලුත්
දේවල් හොයන්න. දැන ගෙන කලොත් ඔය මැෂින් වලට මොකුත් වෙන්නේ නෑ! ඕවා හදලා තියෙන්නේ
වැඩ ගන්න. හැබැයි computer එකේ වහලෙක් වෙන්නේ නැතිව
computer එක වහලෙක් කර ගන්න. හැබැයි තමන්ගේ ලැපී ගණිකාවක් කරන්න නම් එපා ඈ! තමන්ගේ ගෑනු ළමයා වගේ බලාගන්න. ;)
ආයු බෝ වේවා!!!








