මේ ටිකේ ලංකාවේ කඩේ පිලේ වෙලේ ඉපනැල්ලේ වැඩියෙන්ම
කතා වෙන්නේ CHOGM ගැන. ඕන චුයින්ගම් එකක් කියලා නාඩියා CHOGM ගත වෙච්චි හැටි කොටන්න හිතා ගත්තා. නාඩියාත්
ඔන්න CHOGM ගියා. CHOGM කියන්නේ
Commonwealth Heads Of Governments Meeting කියන
එකලුනේ! නාඩියා සහභාගී උනේ ඊට සමගාමිව පවත්වපු Commonwealth Youth Forum ( පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව) කියන එකට!
තිබ්බේ හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ(MRICC)!
චෝගම් අස්සේ මොකෝ උනේ. හොරෙන් පිල්ලි ගහපු සල්ලි
නාස්ති අරවා මේවා කතා කරන්න... ලංකාවෙන් මේක ප්‍රයෝජනයක් ගත්තද නැත්නම් කාගේ කාගේ
හරි පුද්ගලික උවමනා එපාකම් මේකෙන් සපුරා ගත්තද කියන ඒවා කතා කරන්න මං තුමා හිතුවේ
නෑ! ඒ ඔක්කොම පාට කන්නාඩි අයින් කරලා ස්වාධින පුද්ගලයෙක් විදිහට මම ඒ දවස් පහ හයේ
ගත්ත අත්දැකීම් ටිකක් කොටන්න හිතුවා!
මිට මාස දෙක තුනකට කලින් බුකියේ දාල තිබ්බා මේ
සමුළුවට තරුණ නියෝජිතයෝ තෝරා ගන්නවා කියලා! නාඩියා ත් ඉතිං නිකම් ඉන්න බැරි කමට
කියලා තිබ්බ විදිහට abstract එකක් ලියලා කරලා යැව්වා! ඉන්ටවිව් දෙක තුනක්
තිබ්බා. අමුතු අමුතු ප්‍රශ්න ඇහුවා. කොහොම කොහොම හරි අන්තිමට කෝල් එකක් ආවා ලංකාව
නියෝජනය කරන්න තෝරාගෙන ඉන්න නියෝජිතයෝ 25න් එකෙක් මංතුමා කියලා! නියෝජනය කලේ IMCD ආයතනය.
මෙන්න මේ විදිහට තමයි ඔය තිබිච්ච එකේ official
media release එක තිබ්බේ...
“9 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඵවට සමගාමීව 9 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුඵව මෙම 10 දා පෙ.ව 11 ට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
මෙම 10 වැනි දා සිට 14 වැනි දා දක්වා පැවැත්වෙන මෙම සමුඵව
සදහා රටවල් 44 ක තරුණ නියෝජිතයන් 102 දෙනෙකු ද නිරීක්ෂකයන් 20 දෙනෙකුද , කාර්ය සාධන බලකාය සදහා 05 දෙනෙකුද , ශ්‍රිලංකාවේ නියෝජිතයන් 25 දෙනෙකුද, නිරීක්ෂකයන් 20 දෙනෙකුද, කාර්ය සාදක බලකාය සඳහා 05 දෙනෙකුද සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකාව ඇතුඵ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 54 ක තරුණ නායක නායිකාවන් ගේ ප්‍රධානත්වයෙන් 1997 වර්ෂයේදී ආරම්භ වූ මෙම තරුණ නායක සමුඵවේ 08 වැනි තරුණ නායක සමුඵව 2011 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී
පැවැත්වූ අතර වසර 02 කට වරක් මෙම සමුඵළු පැවැත්වේ.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ
සමුඵවේදී ඒ ඒ රටවල් අභිනවයෙන් එකගවූ පොදු රාජ්‍ය මණ්ඩලීය
තරුණ කවුන්සිලය හා එහි ව්‍යවස්ථාව අනුමත කර විධායක මණ්ඩලයක් පත්කර ගැනීම විශේෂ සිදුවීමක් වනු ඇත.මෙම නව නිළධාරී මණ්ඩලය ඉදිරි
සතියේදී කොළඔදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඵවේදී රාජ්‍ය
නායකයන් මුණගැසීමටද නියමිතය.
2013 වර්ෂයේදී පැවැත්වෙන මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය
තරුණ නායක සමුඵව පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ ජනයාගේ හැරවුම්
ලක්ෂයක් බවට පත්වනු ඇතැයි පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු
පිළිබද අධ්‍යක්ෂිකා කැතරින් එල්ස් පැවසීය.
මේ සදහා ශ්‍රීලංකාවේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින්
තරුණ කාර්ය සාධන බලකායක් පත්කර ඇත.
මෙම සමුඵවේදී උප මාතෘකා 08 යටත් කරුණු සාකච්ඡා වට ගැනීමට නියමිතය.
ඒවා නම්
• 2015 න් පසු ජාත්‍යන්තර සංවර්ධන සැලැස්ම සදහා
තරුණයන්ගේ කාර්යභාරය
• ප්‍රතිසංවිධානය සහ සමාජ ඒකාබද්ධතාවය.
• සුබසාධනය සහ සංවර්ධන ක්‍රියාවලිය
• අරමුණු සපුරාලන ගුණාත්මක අධ්‍යාපනයක්..
• තරුණයන් උදෙසා ශිෂ්ඨ සමිපන්න ඵලදායි රැකියා
අවස්ථා උත්පාදනය
• ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය
• ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය අයිතිවාසිකම්
• තරුණ කටයුතුවල වෘත්තීයභාවය ඇතිකිරීම
මෙම සමුඵව ආරම්භයේදී වෙනස් වූ හැකියාවන් සහිත තරුණ තරුණියන් ඉදිරිපත් කළ සංස්කෘතික ප්‍රසංගය අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම ආරාධිත අමුත්තන්ගේ හා සහභාගිකයන්ගේ නෙතට කදුලක් එක්කළ දර්ශනයක් විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වයස අවුරුදු 18 ත් 29 අතර තරුණ තරුණියන් සහභාගිවන මෙම තරුණ සමුඵව ශ්‍රිලංකාවේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය , ජාතික තරුණ සේවා සභාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු අංශය, පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ හුවමාරු කවුන්සිලය එක්ව සංවිධානය කරනු ලැබේ.”
මෙම සමුඵව ආරම්භයේදී වෙනස් වූ හැකියාවන් සහිත තරුණ තරුණියන් ඉදිරිපත් කළ සංස්කෘතික ප්‍රසංගය අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම ආරාධිත අමුත්තන්ගේ හා සහභාගිකයන්ගේ නෙතට කදුලක් එක්කළ දර්ශනයක් විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වයස අවුරුදු 18 ත් 29 අතර තරුණ තරුණියන් සහභාගිවන මෙම තරුණ සමුඵව ශ්‍රිලංකාවේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය , ජාතික තරුණ සේවා සභාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු අංශය, පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ හුවමාරු කවුන්සිලය එක්ව සංවිධානය කරනු ලැබේ.”
මං තුමා ඔය කරුණු අටෙන් සහභාගී උනේ “අරමුණු සපුරාලන ගුණාත්මක අධ්‍යාපනයක්” සහ “තරුණයන්
උදෙසා ශිෂ්ඨ සමිපන්න ඵලදායි රැකියා අවස්ථා උත්පාදනය” කියන කරුණු දෙකේ විවාද සඳහා.
මොකෝ රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂයෙක් නිසා මම ආස කලේ පොඩ්ඩක් අධ්‍යාපනේ ගැන කතා
කරන්න. රැකියා ගැන කතා කරන්න යන්න හිතුවේ ඉස්සර ඉදන්ම ඔලුවේ වැඩ කරන මගේම කියලා business
එකක්
පටන් ගැනීමේ ඇම්ම තව පොඩ්ඩක් වැඩි කර ගන්න.
ලංකාව නියෝජනය කරන අපේ අය අතරේ සුවිශේෂ පුද්ගලයෝ හිටියා. ආබාධිත පරිගණක
දෘඩාංග ශිල්පියෙක්, ඒත් එක්ක ලංකාවේ ආදිවාසි ජනතාව නියෝජනය කරන තරුණයෙක් වගේ අය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ඇතුලෙන් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව,
එංගලන්තය ආදී රටවල් ඇතුළු රටවල් 44කින් ආපු තරුණ නියෝජනය දවස් 5ක් තිස්සේ මේ කරුණු
ගැන සාකච්චා පවත්තලා අන්තිමට සකස් කලා “Declaration
by the young people of the commonwealth Hambantota, Sri Lanka 2013” කියන පත්‍රිකාව. මේකේ අඩංගු උනේ අර ඉහල
තියෙන බරසාර කරුණු 8 සම්බන්ධයෙන් රටවල් වල ආණ්ඩු කරයුතු කරන්න ඕනේ ආකාරය දක්වන
ලියවිල්ලක්! කොහොමෙන් කොහොම හරි මේක සම්මත වෙලා කෙරිලා ඉවට වෙද්දී එක දවසක පාන්දර
3යි! (සම්මත කරන්න එච්චර අමාරු උනේ ඇයි මොනවාද තිබ්බ ප්‍රශ්න කියන ඒවා ඉතිං......
)
මම දැක්ක විදිහට ඒ යෝජනාවලියේ තියෙන කරුණු හරියට ක්‍රියාත්මක උනොත්
තරුණ ගැටළු ගොඩකට විසදුම් හොයන්න පුළුවන්!
කතා බහ කරගෙන යද්දී දැක්ක දෙයක් තමයි අප්‍රිකා මහද්විපේ සමහර අයට තවම
අධ්‍යාපනය කියන එක prestige දෙයක් විතරයි! ඒ රටවල් වල ප්‍රාථමික
අධ්‍යාපනයට නැඹුරු වෙන ප්‍රතිශතය හරිම අඩුයි! අඩු වයස් විවාහ, විරැකියාව, ව්‍යවසායකත්වය
වගේ කරුණු කාරණා වලට අපූරු විසඳුම් ගොඩක් තරුණ නියෝජිතයෝ ඉදිරිපත් කලා.
තව කොටන්න ගියොත් පණ යනකම් කොටන්න පුළුවන්! වෙච්චි කෙරිච්චි ආතල්
සිද්ධි, දුක හිතෙන සිද්ධි එමටයි! හැබැයි ඒ ඔක්කොම මටනම් මිල කරන්න බැරි අත්දැකීම්!
ඒත් එක්ක ගොඩ නැගිච්ච සම්බන්ධතා...... ;)
මේ CYF එකේදී මම අහපු ලස්සනම කතන්දරේ.
සම්පුර්ණ ඇත්ත. මොකෝ මේ කියන මනුස්සයා එක්ක හම්බවෙලා කතා කරලා තමයි මේ කියන්නේ.
මේ ඉන්නේ රවී තේජා මුතු. ඉන්දියන් ජාතික තරුණයෙක්. අවුරුදු 22යි! Green
Energy තමයි මිනිහා කරන business එක! සාර්ථක ව්‍යවසායකයෙක් . මෙයා
ඉන්දියාවේ තියෙන දුප්පත් කරන්ට් නැති ගමකට දෙනවා solar
powered ලාම්පු! හැබැයි ලාම්පුවේ power
එක
දවස් එකෙන් දෙකෙන් ඉවරයි! කොහොමද ආයේ charge
කරගන්නේ
??? මිනිහා දීලා තියෙන්නේ මරු උත්තරයක්! Solar
charging panel එක හයි කරලා තියෙන්නේ ගමේ ඉස්කෝලේ! ගෙදර ළමයා ඉස්කෝලේ ගියොත් විතරක්
ළමයට පුළුවන් අර ලාම්පුව එදා දවසට ඉස්කෝලෙන් charge
කරගෙන
එන්න! එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි!
තරුණ මොළයක්.. තරුණ ශ්‍රමයක් හරිම අපූරු විදිහට ලෝකේ වෙනස් කරන්න
යොදවලා...
ඇයි අපිට බැරි??????


