ගොඩ කාලයක් තිස්සේ කොටන්නම් කියලා හිතාගෙන හිටියට
එක එක හේතු නිසා කොටන්න බැරි වෙච්ච එව්වා මෙව්වා ටිකක් ඔන්න අද නාඩියා කොටනවා! මේ
නාඩිය කියවන්න ඉස්සරලා කස්ටියම දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවලා පැත්තකින් තියන්න! නිල්,කොළ,රතු,කහ
එක එක පාට කන්නාඩි දාගෙන මේ නාඩිය කියවන්න බෑ!
ඒත් එක්කම නාඩියා හෙවත් මංතුමා ගැන තියෙන මතක, ප්‍රතිරුප(තියනවනම්),
ඇදුනුම්කම්, ආලවන්තකම් ;) ඔක්කොම ටිකකට පැත්තකින් තියන්න. මොකෝ මේකේ අකුරු ගැලපිලා
තියෙන හැටියට සමහර විට ඔබ අකමැති වෙන්න පුළුවන් නිසා! කියවලා ඉවර උනාම මතක ඇතිව ඒ
ටික ආයේ install කරගන්න!
“සරසවිය” ලංකාවේ ජිවත් වෙන 18 කෝටියක් වෙච්ච ජනතාවගේ
වැඩි ප්‍රතිශතයකගේ හීනයක්! අපේ ගෙදර පොල් කඩන සිමියොන් පහ වසරටවත් ඉස්කෝලේ ගියේ
නැති උනාට සිමියෝන්ගේ පොඩි එකා ඉස්කෝලේ යවන්නේ කන්තෝරුවක ලියන රස්සාවක්වත් ලැබෙයි
කියලා බලාගෙන...
කන්නන්ගර මහත්තයාට පින් සිද්ධ වෙන්න නිදහස් අධ්‍යාපනේ
බුක්ති විදින්න අපිට පුළුවන් උනා.අපේ අම්මලා තාත්තලාටත් පුළුවන් උනා! අපේ සියා
කියන විදිහට ඒ කාලේ University of Ceylon තියෙන
කාලේ උපාධියක් ගත්තා කියන්නේ රටක් රාජ්‍යයක්
ගත්තා වගේ දෙයක්!
හැබැයි සකල සිරින් පිරි සිරි ලංකාවේ අදනම් ඕනේ
තැනකින් උපාධියක් ගන්න පුළුවන්! සතිය අන්තිමේ පත්තරයක් බැලුවොත් අඩු ගානට හොඳ
කන්ඩිෂන් තියෙන local හරි international හරි
imported හරි අකුරු ටිකක් නම ඉස්සරහින් ගහ ගන්න ක්‍රම සහ
විධි ඕනේ තරම් තියනවා!
මෙන්න මේ නිසා ලංකාවේ උපාධි කාරයෝ දැන් කොටස්
දෙකක් ඉන්නවා! එකක් රජයේ විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල
වල උපාධි සහිත අය!
මුලින්ම කිව්වා පාට කන්නාඩි එව්වා මෙව්වා අයින්
කරන්න කියලා! මොකෝ නැත්නම් අනිවාර්යෙන්ම කියයි මේකා රජයේ කැම්පස් එකක එකෙක් නිසා
ඒවාට ආවඩන්න...කැම්පස් නොයන උන්ට උසස් අධ්‍යාපනය එපා කියන තාලේ එකක් කියලා!
මෙන්න මේ දෙකොටස අතර ගැටුම නිර්මාණය වෙන්නේ එකම
රැකියා වෙළඳපොලක තරග කිරීමේදී විතරක් නෙවෙයි! පෙලවහක් කරගද්දී...සමාජ තත්ත්වය කියන
ප්‍රස්තුතය තුලදී වගේ කරුණු කාරණා වලදී මේ පිරිස ගැටෙනවා!
අපි එකින් එක අරං බලමු!
පටන් ගන්න හැටි -
නොවදිනා දුක් විඳලා එක වසරට තමන්ගේ පොඩි එකා
ඇතුල් කරන අම්මා තාත්තා හිතන්නේ ළමයා දොස්තර කෙනෙක් කරන්න.නැත්නම් ඉංජිනේරුවෙක්
කරන්න! සිහිනය සර්ව සාධාරණයි! ඒ සමාජය හැඩ ගැහිලා තියෙන හැටි! ඊට පස්සේ අර ටියුෂන්
මේ ටියුෂන් ඔක්කොම කරවලා ලෝකේ තියෙන අමාරුම විභාගේ වෙච්චි උසස් පෙළ කලාට පස්සේ
හැමෝම දත කට මැදගෙන බලාගෙන ඉන්නේ දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අජපල් වෙච්ච නැති
රිසල්ට් එකක් ඇවිත් සරසවියට පිය නගන්න!
හැබැයි මේ වරම හිමි වෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයකට!
ලංකාවේ තියෙන නිදහස් විශ්ව විද්‍යාල ප්‍රමාණය හා එහි පහසුකම් අවම විම මේකට හේතුවක්.
මාර වැඩේ...Exam කළා!
ඒත් කැම්පස් යන්න ලකුණු මදි..ආයේ පාරක් කළා...ඒත්..... ආයේ මදි..මොනවා කරන්නද? දොස්තර
ඉංජිනේරු සිහිනය බොඳ කරගන්නත් බෑ! ඒ වෙලාවේ තමයි පුත්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන
අපේ අම්මලා තාත්තලාගේ උදව්වට එන්නේ!
උසස් පෙළ කඩයිම ඉහලින්ම පනින අය රටේ බදු ගෙවන
ජනතාවගේ වියදමින් ඉගෙන ගද්දි.. උසස් පෙළ ඉහලින්ම පාස් වෙන්න බැරි වෙච්චි, නැත්නම්
රාජ්‍ය විශ්ව විද්‍යාල යාන්ත්‍රනයට එකතු වෙන්න අකමැති(එහෙම ය ඕනේ තරම් ඉන්නවා!) අය
යම් මිලකට නියම වෙච්චි උසස් අද්‍යාපනයක් සඳහා යොමු වෙනවා!
අන්න එතැනදී “මුදල්” කියන සාධකය “දැනුම හා
දක්ෂතාව” කියන සාධකය අතර ගැටුමක් නිර්මාණය කරනවා!
ඇතුලේ මොකෝ වෙන්නේ???
සරසවි ජීවිතය කියන්නේ වෙනමම එකක්! එකේ අටුවා ටීකා
ටිප්පනි වෙන දවසක කොටමු! සරසවි කුලකය සරසවිය ඇතුලේ සමාසික ක්‍රමයකට ලොව පිළිගත්
විෂය නිර්දේශයන්ට අනුකුලව ඉගෙනුම් කරයුතු කරගෙන යනවා! වැඩ වර්ජන, ඉල්ලීම්, පිකටින්
මැද අවුරුදු 3ක් නැත්නම් 4ක් සමහර විට ඊට වැඩි කාලයක් ගත කරලා උපාධියක් අරගෙන
එලියට එනවා!
උපාධි ප්‍රදාන ආයතන වල සමාසිකයට නියමිත මුදල්
ගෙව්වාට පස්සේ ගුරුවරු පිරිසක් විසින් වෙනත් රටක විශ්වවිද්‍යාලයක හරි ස්වයං
නිර්මිත විෂය පථයක හරි දැනුම ශිෂ්‍යාට ලවා දෙනවා! මේ එක් එක් ආයතනයකට අනාන්‍ය වූ
උප සංස්කෘතියක් ඉබේම නිර්මාණය වෙනවා! මේ ළමයාත් අවුරුදු 3කින්...මුදල් හදල් අමාරු
උනොත් මැද පොඩි විරාමයක් අරගෙන හරි උපාධි සහතිකයක් ලබා ගන්නවා!
ගැටුම ඊළගට!
කාගේ එකද වඩා හොඳ????
මේක සාපේක්ෂයි! රජයේ විශ්ව විද්‍යාලයක උනත් update
නොවිච්චි ඉතා පරණ විෂය නිර්දේශයක් ඉගෙන ගෙන එලියට
එන එකා කොහාට යවන්නද? වැඩ ලෝකෙට ගැලපෙන දැනුමක් ඒ උපාධිධාරියා සතුව අනිවාර්යෙන්
තියෙන්න ඕනේ!
අනික “අපි මේක සල්ලි දීලා ගත්තේ! University
of &^^$%^$,*&&” පිටරටක උනත් වැඩක් නැත්නම් වැඩක් නෑ! ඒ යකා සල්ලි
දීලා ඉගෙන ගෙන තියෙන්නේ විෂය කරුණු විතරයි නම්..සමාජය ගැන අවබෝධය බින්දුවයි නම්...ඒ
වගේ එකෙක් පොල් පිත්තකින් උනත් කපා ගන්න පුළුවන්!
University Ranking???
ලෝකේ විශ්ව විද්‍යාල යම් කිසි ප්‍රමිතියක් අනුව rank
කරලා තියනවා! මේකෙන් කියන්නේ නෑ යට තියෙන්නේ
පිචන් ඒවා කියලා! Rank එක සඳහා විවිධ කරුණු බලපානවා! ශිෂ්‍ය සංඛ්‍යාව, පහසුකම්, ජයග්‍රහණ මේ
වගේ කරුණු. සමහර වෙලාවට ලංකාවේ පුද්ගලික උපාධි ආයතන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වඩා
උඩින් ඉන්නවා!
ඒ ඇයි????
මම දකින විදිහට අංක එකේ වැරදිකරුවා විශ්ව විද්‍යාල
පරිපාලනය හා දේශපාලනය! විශ්ව විද්‍යාල තුල තිබිය යුත්තේ ශිෂ්‍ය දේශපාලනය පමණයි! ඒ
නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ උදාරතර අරමුණ සහිත වූ එකක්! රටේ දැවෙන ප්‍රශ්න
සම්බන්ධයෙන් ඔවුන් නැගී සිටිය යුතුයි! ඒත් දේශපාලන ඉත්තන් නොවිය යුතුයි!
විශ්ව විද්‍යාල පරිපාලනය තමන්ගේ වාසි සඳහා කොටු
නොවී විෂය යාවත්කාලින කිරීම් ආදිය කල යුතුමයි!
රටේ භෞතික සම්පත් දියුණු කරනවා සේම දැනුමේ තිඹිරි
ගෙය වන විශ්ව විද්‍යාල සඳහා පාලකයන්
ආයෝජනය කල යුතුයි! එය වියදමක් නොව ආයෝජනයක් ලෙස සිතිය යුතුයි!
මීළඟ වැරදිකරුවා සරසවි ශිෂ්‍යයා! ඇයි ඒ??මගේ ඇඟට
ගොඩ වෙන්න එපා! සරසවි ශිෂ්‍යයා කියන්නේ රටේ උගත් යැයි සම්මත පිරිසක්! එහෙව් අය
තමන්ගේ අසරණ දෙමව්පියන් ඇතුළු රටේ බඩු ගෙවන ජනතාගේ මුදල් වලින් ඉගෙන ගන්නවා යැයි
කියා කරන්නේ පිස්සු කෙලිමනම්??? පොතේ ගුරන් නොවිය යුතුයි! සරසවි ජීවිතය විදිය
යුතුයි! අසාධාරණයට එරෙහිව හඬ නැගිය යුතුයි! ඒත් සමඟ ඉගෙනීම හරියට කල යුතුයි! අනිවා
එතකොට කැම්පස් ranking ඉහළ නගිනවා ෂුවර්! එහෙම නැතිව හැමදාම කරන්නේ පාරට
බැහැලා කෑ ගහන එක විතරක් නම්...................
උන් අපිට අරහං!උන්ට අපි අරහං!
රාජ්‍ය සරසවි ශිෂ්‍යයා හා පුද්ගලික උපාධි සිසුවා
අතර ගැටුමේ එක් අවස්තාවක් තමයි එකිනෙකා නොරුස්සන ස්වභාවය! ඔවුන් අයත් වනවා යැයි
සිතන සමාජ පන්තියේ ඇති වෙනස මේකට එක හේතුවක්!
මේ මම කියන්න යන කරුණ ඔයාලා පිළිගනිද දන්නේ නෑ!
පුද්ගලික උපාධි ශිෂ්‍යයා තුල ඉබේ ජනිත වෙන අධි මානයක් තියනවා!(සමහරකගේ පමණයි!)
ඔවුන් එක්ක එක පන්තියේ හිටපු කොල්ලා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පිකට් එකකට ගිහින්
බැටන් පොලු පහරක් කද්දී ඔහු සියුම් සතුටක් ලබනවා! ඒ උසස් පෙලින් ඔහුව පරාජයට පත්
කරන්නට නොහැකි විම මෙතැනදී හැකි උනා කියන දැක්ම!
කැම්පස් එකා strike නිසා
ගෙදරට වෙලා ඉද්දි..කැට යද්දී... සල්ලි හොයා ගන්න, සමහර විට ගෙදරට සල්ලි යවන්න පාරේ
“අද” පත්තර විකුනද්දී ප්‍රමෝෂන් යද්දී ඒ දිහා බලාගෙන කෙනෙක් හිනා වෙනානම්??? එය
සාධාරණීකරණය කරන්න පුළුවන් නම්!!!!!
ඔහු ඒ තත්ත්වයට පත් වෙන්න කරපු එකම වරද උසස් පෙළ
උසස් ලෙස සමත් විම හා පුද්ගලික උපාධි සහතිකයක් ලබා ගැනීමට තරම් ඔහු ඇති දැඩි කරපු
මව්පියන්ට කාසි පනම් නොතිබීම පමණයි!!!!
සිත් රිඳීම් ඇත්නම් සමාව දෙත්වා! මේ සම “හරක්”
පමණයි!
දෙපිරිසේම සම සමව වැරදි ඇති! සම්පුර්ණ නිවැරදි
පුද්ගලයෙක් සෙවීම කළු නික හොයනවාටත් වඩා අමාරු වැඩක්! හැබැයි වැදගත්ම දේ සින්තටික්
ලෝක වලින් මිදිලා ඇත්ත ඇති සැටියෙන් ලෝකය දැකීම!
නැත්නම් ලංකාවේ කැම්පස් කියන එක නිදහස් අධ්‍යාපනය
කියන එක, රෙද්ද පල්ලෙන් බේරෙන ගෞරවේ ලීක් වෙන එක නවත්තන පැම්පස් එකක් විතරක් වේවි!!
සංවාදයට විවෘතයි....






