නාඩි සෙට් එක

Saturday, January 26, 2013

පිස්සෙක් ! ! !



කඩමාල්ලක් ඇඟේ දවටාගෙන කොණ්ඩය රැවුල වවාගෙන පොලිතින් කොළ, පත්තර ඇඟේ ඔතාගෙන පාරේ තොටේ ඉන්න මිනිස්සු ඔබ දැකලා ඇති...

සමහර විට ඒ මිනිස්සුන්ට බැනලා ඇති! නැත්නම් පව් අසරණයෝ කියලා රුපියල් කාසියක් නැත්නම් කොලයක් ඒ දිහාට විසික් කරන්න ඇති..ඒත්..... ඒ අයත් අපේම සහෝදරයෝ කියලා අපි හිතුවද????

නාඩියා අද කොටන්නේ නාඩි හිතට තදින් වැදිච්ච දෙයක්! පාරේ තොටේ නිතරම යන එන මිනිහා වෙච්චි නාඩියා ට මේ වගේ මානසික ආබාධ තියෙන හිසට වහලක් නැති මිනිස්සු අනන්තවත් හම්බ වෙනවා! ඒ මිනිස්සු හයියෙන් හිනා වේවි හිටියත් ඒ හිනාව පිටිපස්සේ හැංගිච්ච තනිකම..අසරණකම....ඒ වටකුරු ඇස් අස්සේ හැංගිලා තියනවා කියලා නාඩියාට හිතුන වාර අනන්තයි!

“සලමන්”! නාඩි පුරේ පැත්තේ හරිම ප්‍රසිද්ධ චරිතයක්. පොඩි මානසික ආබාධයක් තියනවා..මහ පාරේ තමයි දවසේ වැඩි හරියක් ඉන්නේ...ලොකු මල්ලක් කරේ දාගෙන දිග පොල්ලක් අතේ අරගෙන තමයි ඉන්නේ... හැබැයි අපේ පැත්තේ නාඩි වැටෙන මිනිස්සු ඒ අසරණයාට හැමදාම කන්න බොන්න දෙනවා! මනුස්සයා කිසිම කරදරයක් නොකර පාඩුවේ ඉන්නවා! හැබැයි මොනවා හරි කියලා විහිළු කලොත් එහෙම ගලකින් වත් ගහනවා...

නම නොදන්න තවත් මේ වගේ අසරණයෙක් මට හම්බ උනා... තනියම දේශපාලන කතාවක් කරනවා වගේ කතා කර කර පාරේ එහෙ මෙහෙ යන එක තමයි එයා කරන්නේ... දවසක් මම මහා වැස්සේ රෑක ගෙදර එද්දී අර මනුස්සයා ලයිට් කණුවක් එක ලොකු කතාවක්! 

හිනා වෙන්න එපා!!!!!!! අපි අඩන්නයි ඕනේ!!

මනස නොවැඩුණු..නැත්නම් මොකක් හරි හේතුවක් නිසා මනස විකෘති වෙච්ච දහස් ගානක් අපේ අය අපිත් එක්කම හුස්ම ගන්නවා. ඒත්... ඒ අය අපෙන් වෙන් කරලා...නැත්නම් “පිස්සෝ” කියලා හංවඩු ගහලා.. අංගොඩ පටෝලා ප්‍රශ්නේ ඉවර කරමු කියලයි අපි හිතාගෙන ඉන්නේ...

මචං ලා..මචීලා.... අනන්ත සසරේ අපිත් අනන්ත පව් කරන්න ඇති..අපිට වඩා ඩින්ගිත්තක් වැඩියෙන් පව් කරපු අය අර විදිහට දුක් විදිනවා ඇති! දැන්වත් අපි වෙනස් වෙමු! වෙනස්ම ඇසකින් අපිත් එක්කම ඉන්න ඒ අය දිහා බලන්න අපි පුරුදු වෙමු...

Thursday, January 10, 2013

රිසානා සහ මලාලා




රත් වෙච්ච වැලි කතර රතු වෙච්ච ලේ වලින්

තෙත් කරපු රිසානා....


ඔළු කට්ට සිදුරු කල ගිනියම් උණ්ඩයට

බිලි වෙච්ච මලාලා...


උස්සගෙන වැලපුනත්....නිහඩතා පැවතුනත්....


උන් අපේ ඔළු වලට දුන්නු දේ මොකද්දැයි....


කෑ ගහන එකෙක්වත් ඇස් ඇරලා බැලුවාද???


රිසානා යනු හුදෙක් ලාංකීය ගල්ෆ් ශ්‍රමිකයෙක් නොවේ! දහස් සංඛ්‍යාත වූ වැලි කතරේ දුක් විඳින අපේ අසරණ මව්වරුන්ගේ, සහෝදරියන්ගේ ශෝක ගීතය ගයන්නාවූ  රෑ කොකිලාවියකි...

මලලා යනු වැලි කතරේ සැඟව ගිය තවත් එක් ගැහැණු දරුවෙකු නොවේ! ලෝ වාසි සියලු කාන්තාවන්ගේ සම අයිතිය උදෙසා ඔළුව පසාරු කරවා ගත් සුර දුතිකාවකි...

ඒ හෙලූ රුධිරයට කෙසේ සාධාරණය  ඉටු කරමුද?

මම වැරදිකරුවෙක් වෙමි! ඔබ??  
 

Related Posts Plugin for WordPress, Blogger...