නාඩි සෙට් එක

Tuesday, October 16, 2012

ලව් පලහිලව්


කාලෙකට පස්සේ නාඩියා ඔන්න නාඩියක් කොටනවා!මේ ටිකේ එක එක වැඩ සෙන්ටිමෙන්ටල් වෙලා තිබ්බනේ!NeedyReaders කස්ටිය අහනවා කස්ටියගේ මඩ ෆයිල් ටික එලියට දාන්නේ නැද්ද කියල..ඉන්න සුදෝ ටිකක් ඉවසලා...ලඟදීම දානවා..
ඔන්න අද නාඩියා පඩි ටෝක් එකක් දෙන්නයි ලෑස්තිය ඈ!  “මම ඔයාට ආදරෙයි” කියලා අත්දැකීම් අඩුම සයිඩ් එකක් ගැන කෙටුවනේ..අද නාඩියත් ඒකට ටිකක් සම්බන්ධයි ඈ...
මේ නාඩි සෙට් එකේ නාඩි වැටෙන කස්ටිය ඔන්න ඔය කියන සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් ගත්ත experience ටිකක්! (මේක ලියන්නේ දෙතුන් දෙනෙක්ගේ ඉල්ලීමක් උඩ ලු හරිය...)
සාමාන්‍යයෙන් තරුණ ගැටව් ගැටිස්සියෝ කියන්නේ ආදරේ කරන්න ඕනේ වයසේ ඉන්න ආදරේ ලබන්න ඕනේ වයසේ ඉන්න කස්ටියනේ...ඒ අපි ඈ! Love කරන එක වැරැද්දක් නෙවෙයි...ඒක මානුෂිය අයිතියක්ලු ඈ!හැබැයි කේස් එක කියන ලව් ඉලව් වෙන එකනේ! 
ඔන්න එක ඩයල් එකක් නාඩියාගේ හෝඩි පොතේ “සාමා එන්න මල් කඩන්න” කාලේ යාලුවෙක්!මහා විභාගේ කොරද්දීත් එකම පන්තියේ හිටියේ...මේ ඩයල් එක 8 වසරේ ඉදන් වගේ පොඩි මෙව්වා එකක් තිබ්බා..ගෑනු දැරිවිත් හිටියේ මේ පන්තියෙමයි... හැබැයි අවාසනාවට ඇත්ත කතාවක් කියන්නේ ඒ ළමයා අර අසරණ පිරිමි දරුවට කැමති නෑලු! L ඌ ඉතිං මොනවා උනත් කෙල්ලට බොක්කෙන්ම ලව්! අපිත් ඉතිං ඒ කාලේ කරන්නේ මූව පොඩ්ඩක් අවුස්සලා මුගේ ලව් ස්ටෝරිය අහගන්න එක! J හරිම අලංක්රුතයි!
ගෑනු ළමයව මතක් වෙන්න කියල මේ ඩයල් එක මරු බඩු සෙට් එකක් තාම පරිස්සම් කරගෙන ඉන්නවා!
  • අර ඔටෝ බුක් කියන එකක පොඩි යතුරක්(කෙල්ලගේ එකේ යතුරලු!)
  • ලේන්සුවක්(දීපු එකක් නෙවෙයි!වැටිලා තිබිලා අහුලා ගත්ත එකක්!)
  • උප්පැන්න සහතිකේ කොපියක්!(කොහොම ගත්තද කියල කියන්නෙත් නෑ!)
ඒක නම් ඉතිං සුන්දර අහිංසක ආදර කතාවක් ඈ!
ඊලග සිද්ධිය උනේ නාඩි සෙට් එකේ තවත් එක බොක්කියක්ට!(බොක්කි = බොක්ක හෙවත් බුදු ෆිට් එකේ ගෑනු සතා) මේ දැරිවිත් ලස්සන ආදර කතාවක් හෙමෙන් හෙමෙන් ලියාගෙන යද්දී කොහොම හරි ලව් එක ඉලව් උනා! පවු ඉතිං අර අසරණ කෙල්ල බොක්කෙන්මලු ලව් කලේ! (බොක්කෙන් ලව් කරන්නේ කෙසේද යන්න තාම නාඩි විද්‍යාගාරයේ පරීක්සන මට්ටමේ පවතින මෙව්වා එකකි!) දැන් ඉතිං මේ කෙල්ල හොඳටම මෙන්ටලි වැටිලාලු!(ඕවා දන්නේ ඉතිං ප්‍රදීප් අයියා තමයි!) කොලු නර පණුවා අතමක කරන්නම බැලූ! දුක නැති කර ගන්න කියල ගෙදර තිබිච්ච ගල් බාගයක් සැන්ටින් වත නොකර හොරෙන්ම ගහලා!!
අප්පේ විහිළුවටවත් මෙහෙම දේවල් නම් කරන්න එපා ඈ! ජිවිතේ හැමදාම අපේ ලගින් ඉන්න අම්මයි අප්පච්චි ගැනයි හිතන්න..ඒ දෙන්නට කවදාවත් දුකක් දෙන්න එපා.
ඊළඟ සිද්ධියට සම්බන්ධ ජෝඩුවම නාඩියාගේ ගජයෝ! නාඩියා සියවසේ හොඳම ලව් කපල් එක විදිහට මේ දෙන්නා නොමිනේට් කරලා එහෙම තිබ්බේ! හත් ඉලව්වට ගහපු කලාබරේ කියන්නේ බලපුවහම මුන් දෙන්නගේ හඳහන් ගැලපෙන්නේ නෑලු! හොඳටම අපලයිලු! දෙන්නා වෙන් උනා...හැබැයි තාමත් ඒ දෙන්න ඒ දෙන්නටත් හොරෙන් අනිත් එකා ගැන හොයා බලනවා...(මේ ළමයා කිව්ව විදිහට ඒ ආදර කතාව ලියන්න ගියොත් ඒක නවකතාවක් වෙනවා!)
බලහන්කො ග්‍රහයෝ ටිකක් කරපු වැඩක්!
තව මේ වගේම සිද්ධිමන්ට් එකක් උනා නාඩියාගේ අතීසාර මිත්තරයෙකුටත්! ඒ යකාට කවුද හිත දියුණු කරලා කියන මනුස්සයෙක් කියල දැනට සම්බන්ධෙ පවත්වන එක්කෙනාගෙන් අපලයි කියල! දැන් ඒ ඩබලත් වෙන් වෙලා! පවු ඈ!
සමහරු කියන්නේනම් “අපි පුවක් ගහකට නැග්ගත් ඒකෙත් දෙබලක්!” කියල....බලං ගිහාම දෙන්නට දෙන්නා හරියට තේරුම් අරගෙන ලස්සනට ස්ටෝරිය අරං යන්නේ කීයෙන් කී දෙනාද නේද?
නාඩියා ට නම් ඔය ලව් පලහිලව් තිබිලා නෑ...සත්‍ය කතාව කියනවනම් ඔය ක්‍රෂ් කියන එව්වා නම් දෙක තුනක් තිබිලා තියනවා...
කොහොම කොහොම හරි බලං ගිහාම මේකත් මහා අමුතු ලෝකයක් නේද බොලවූ...



ලයික් එකක් දාලම යමු ඈ...

Monday, October 1, 2012

එකුන් විස්ස(21+)



නාඩියා නාඩිරත්න නම් වූ ඒ ජීවියා මෙලොවට පහළවී අදට වසර විස්සකුත් තවත් වසරක් පසු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මඟින් දැනගන්නට ලැබී ඇත!

මේ අති උත්කර්ශවත් අවස්ථාවේ නාඩි පැලේ ඉදිනු කිරිබතක හා කට සූස් ගා දාල යන ලුණු මිරිසක රස බැලීමට සකල ලෝ වාසි නාඩි ප්‍රිය ජනයාට ගෞරව බහුමානයෙන් යුතුව ආරාධනා කරමු!

කිරිබත් හා ලුණුමිරිස් වළඳා යසට ඉදුණු කෝලිකුට්ටු ගෙඩියක්ද වලදනු යහපති!

දින 7670 (365*21+5) මුළුල්ලේ නාඩි වැටෙමින් ජිවත් වූ ඒ සත්වයා තවත් චිරාත් කාලයක් නාඩි වැටෙමින් ජිවත් වීමට කැමැත්තෙන් සිටින බව ලෝ වාසි ජනයාට මෙසේ ප්‍රකාශ කරමු!

පහුගිය  මැදියම් රෑ මට සර්ප්‍රයිස් ද මොනවදෝ දෙන්නට ගොස් මාගේ ජිල්මාට් එකකින් ජල්තර් වූ අහිංසක මිනිස්සු හා ගෑනු ළමයින්ටද, බුකියේ මාගේ බිත්තියේ කුරුටු ගෑ කස්ටියටද නාඩියා දයාබර ප්‍රමාණය පුද කර සිටි!!!!


එල ඈ!!!!! යකෝ මට දැන් 21 යි!!!!!!!

Tuesday, September 18, 2012

බුකියේ සංගමේ...




උදේ හවස chat කරන්න...HI කියන්න...
රටේ තොටේ ඕප දූප ඔක්කොම දැන ගන්න..

ඔය poke කරන...massage කරන
Set එක සැමදෙන රැස් වන
බුකියේ සංගමේ මුල් තැන...///

කැම්පස් ගිය angel ගේ යාලුවා princess…
නයිස් pose ෆොටෝ එකක් upload කරලා...
ඒක දැකලා කොල්ලෝ ගොඩක් request එවලා...
Sweet හනි මේක දැකලා බුකියේ කියලා!!

උදේ හවස chat කරන්න...HI කියන්න...

Group එකේ admin මේ ටිකේ චැට් කරන්නේ නෑ...
කාටත් නොකියා ඌ in a relationship වෙලා...
කවුද එකෙක් මූගේ account එක hack කරලා...
මනමාලිගේ ෆොටෝ අරං publish කරලා...!!

උදේ හවස chat කරන්න...HI කියන්න...


මේ ටිකේ වැඩ කටයුතු වලට බස් එකේ එල්ලිලා චපාන් එකේ ගමන් බිමන් යද්දී සුනිල් පෙරේරා මහත්තයා ප්‍රමුඛ ජිප්සීස් සෙට් එක කියන මල් හතයි ගස් දෙකයි සින්දුවක් නාඩියාගේ කණට වැටුනා...

තියෙන අලුගුත්තේරුකමට එකේ ලස්සනට තිබිච්ච පද වචන ටික මාරු කරලා අලුත්ම පද රචනයක් කළා...නාඩියා හෙනම පද රචකයා ඈ!!! ;)

ඔය සින්දු කියන්න කැමති කස්ටිය..අර ලිරික්කන් ද මොනාද හදන කස්ටිය ඕන උදව්වක් ඉල්ලන ඈ! :D
අවවාදයයි - bathroom වල මෙය ගායනා කිරීමෙන් වලකින්න!!!(ඉතා අනතුරුදායකයි!!අත්හදා බලා ඇත!)

මෙන්න ඔරිම ජිනල් එක ඈ!!


අනිත් සීන් කෝන් එක....අපේ Needy Readers සමාජ සත්කාරේ.....අපි මේ ටිකේ BMICH එකේ පොත් ප්‍රදර්ශනෙත්ඉන්නවා ඈ....ඔන්න ඒ පැත්තේ ආවොත් නාඩියා එහෙම meet වෙලා යන්න පුළුවන් ඈ! J




ලයික් එකක් දාලම යමු ඈ...  

Monday, September 10, 2012

මල් කැකුලකට පාට දෙමු....


අර මොකාටද ඇති වැඩකුත් නෑ..හිමින් ගමනකුත් නෑ කියල කතාවක් තියනවනේ!!! අපිට තියෙන ආදරේට සුදු බණ්ඩා මාමා කැම්පස් වැහුවට නාඩියා නම් හුස්මක් කටක් ගන්න ඉස්පාසුවක් නැතිව එක එක වැඩ වලට සෙන්ටිමෙන්ටල් උනා. දවස් 5 ක් එක දිගට කැලෑ ගානේ ගෑටුවා..ඒ අති භයංකර අත්දැකීම් ගැන ළඟදීම නාඩියක් කොටන්නම්කො...

මේ ඉතිං සැප්තැම්බර් මාසෙනේ....ලංකාවම පොත් වලින් පිරි ඉතිරිලා යන දකින දකින අත පොත් පෙරලෙන කාලෙනේ....ඔන්න ඔය අතරේ නාඩියා තවත් සමාජ සේවා කර්තව්‍යක් එක්ක සෙට් වෙනවා! මේකත් පොත් සම්බන්ධ එකක්!

බ්ලොග් ලියන කියවන අපේ අය දන්නවනේ මේ ටිකේ  2012 සයිබර් සිහින උළෙලට සමගාමීව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරන සමාජ සත්කාර වැඩසටහනත් හරිම ලස්සනට ගලා ගෙන යනවා කියලා....ගලහිටියාගොඩ මාධ්‍ය මහා විද්‍යාලේ අහිංසක නංගිලා මල්ලිලාට උදව් කරන්න ඔය ගොල්ලොත් එකතු වෙමු ඈ!


අනිත් සිද්ධියත් පොත් වලට සම්බන්ධ එකක් තමයි! මේ සමාජ සත්කාරය සංවිධානය කරන්නේ IMCD (International Movement for Community Development) එක.නාඩියා ව මේකට පන්ගරාත්තු උනේ අර Youth Fest 2012 ට ගියාට පස්සේ....

අපි ගොඩක් අය නිදහස් අධ්‍යාපනෙන් ඉසරහට ආපු ඒකෙ පිහිටෙන් කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන්න උත්සාහ කරන අය. ඉස්කෝලේ අගේ..ඉස්කෝලෙන් අපි ගත්ත අත්දැකීම් ආයේ කවදාවත් අපිට ලැබෙන්නේ  නෑ....

හැබැයි අපිට ලැබුණු ඒ පහසුකම් වලින් පුංචි කොටහක් වත් ලැබෙන්නේ නැති අහිංසක මල් කැකුළු ටිකකගේ පොත් පිපාසාව නිවන්න තමයි අපේ මේ වෑයම.

ඒ වගේම තමන් වරදක් කරලා සිරගත උනත් අපි අතරම හැදිලා වැඩුණු..අපිත් එක්ක හිනා වෙච්ච කතා කරපු අපේම සහෝදර පිරිසකට...ඒ කියන්නේ බොරැල්ල මැගසින් බන්ධනාගාරේ ඉන්න රැඳවියන්ටත් පොත් පරිත්‍යාග කරන්න අපි හිතන් ඉන්නවා... 

මේ ඉන්නේ හංවැල්ල තුන්නාන සිරි සුමනජෝති විද්‍යාලයේ අහිංසක මල් කැකුළු ඔබේ අතින් පිරි නමන ඒ සුවද හමන පොත් මල් භාර ගන්න හිනා කටක් පුරෝ ගෙන මග බලන් ඉන්න හැටි...


මේ වගේ හිස් වෙච්ච පොත් රාක්ක, මනුස්සකමේ ගුණ සුවඳ අදුනන ඔබේ අතින් පුජා වෙච්ච පුංචි පොත් වලින් පිරිලා....ඒ පොත් වල අකුරු අස්සේ පුංචි අහිංසක ඇස් බෝල  කැරකවෙද්දී.....වචන වලින් කියා ගන්න බැරි තරම් සතුටක් ඔයාගේ හිතේ පිරිලා දොරේ යන්න ගනීවි...

  
සුමනජෝතියේ පුංචි උන් විතරක් නෙවෙයි....දෑල දෙමළ විද්‍යාලය-දෑල ,සිරිහඬ සිංහල විද්‍යාලය-රාජගිරිය,කොලොම්බුගම විද්‍යාලය-නිවිතිගල .......මේ ඉස්කෝල වල පුංචි එවුනුත් ඔක්තෝම්බර් 1 වෙනිදා ඔයා දීපු පොතුත් අරං අපි එනකම් බලන් ඉන්නවා.... 






ඒ අහිංසක මල් කැකුළු වලට යවන පොත් පාර්සලේ දෙන්න ඕනේ හැටි..වැඩි විස්තර ඔක්කොම අපේ බුකියේ පිටුවට ගිහින් ගන්න පුළුවන්...

එහෙමත් නැත්නම් කෙලින්ම මේ විස්තර ටික පුරවන්න.

නැත්නම් කතා කරන්න....
+94 77 2517512
+94 71 5651502

එහෙමත් නැත්නම් නාඩියා මුලච්චි වෙන්නකෝ......

Related Posts Plugin for WordPress, Blogger...