නාඩි සෙට් එක

Friday, July 27, 2012

බුකිය යකෙක්ද???



මේ සතියේ හොඳට මඩ තැවරිච්ච ආතල් නාඩියක් දානවා කියල හිතන හිටියට මේ වෙන කෙරෙන වැඩ එක්ක අමුතුම නාඩියක් කොටන්න ඕනේ කියල හිතුනා...අලුත් කැටගොරියක් එහෙමත් හදන්න සිද්ද උනා ඔන්න..

මේ ටිකේ නාඩියා බුකිය පැත්තේ එනවා අඩුයි...වැඩ හොද ගැහිලා...ඒත් ඊයේ හදිස්සියේ ඔන්ලියින් ආපුවහම අයියා කෙනෙක් ලින්කුවක් එව්වා...

“මේක බලපන්!”

නයි කයිද රෝස් පාන් කියපි!!!!මොකෙක් හරි අවලමෙක් හදපු බුකි පිටුවක්!මමත් හොඳට දන්නා කියන කෙල්ලෝ වගයකගේ ෆොටෝ දාල මහා කැත විදිහට!!!තව අවලමෝ රැලක්ම ඒවාට කමෙන්ට් හිටං දාල! ඇඟේ මාළු ගඟේ නටනවා දකිද්දී!!

මොනවා කරන්නද..දන්න කියන සෙට් එකට කියල report කළා..දන්න වැඩ කෑලි ඔක්කොම දාල page එක හදපු එකාගේ ප්‍රොෆයිල් එක හොයා ගත්තා..ඒකත් ෆේක් එකක්ද මන්දා...

යාන්තම් අද උදේ වෙද්දී page එකත් නෑ!හදපු එකත් නෑ!

ඔන්න ඉතිං ඒක දැකලා නාඩියාට හිතුනා බුකිය පාවිච්චි කරන සෙට් එකට පොඩි උපදේස ටිකක් දෙන්න ඕනේ කියල..ගොඩක් අය මේක දන්නවා...හැබැයි දන්නේ නැති අයත් ඉන්නවද දන්නේ නෑනේ....

ඔන්න ඉතිං මාක් අයියා කියල කෙනෙක් 2004 දී පේස්බුකිය හැදුවා..දැනට ලෝකේ වැඩියෙන්ම පාවිච්චි කරන social networking එක කියලනේ කියන්නේ...සෙල්ලන් නෑ!

සිරි ලංකාවෙත් 1,293,560 දෙනෙක් බුකියේ ඉන්නවා! (http://www.socialbakers.com/facebook-statistics/sri-lanka) එ කියන්නේ රටේ ජනගහනෙන් 6.01% ක්!

කොහොමත් බුකිය එක්ක වැඩිය ඉන්නේ අපි වගේ තරුණ කොල්ලෝ කෙල්ලෝ...හිරිමල් වයසනේ නේ... ;)

හැබැයි ඉතිං ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියනවනේ..ඒ වගේ තමයි මේකත්!දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්!

එහෙනං ඔන්න නාඩියා පොඩි වැඩ කිඩ ටිකක් පෙන්නනම් පරිස්සමෙන් බුකියේ ඉන්න ඕනෙනං කර ගන්න ඕනේ..
 
01. හැම වෙලේම බුකියට ලොග් වෙද්දී ඒක secure connection එකකින්ද connect වෙන්නේ කියල බලන්න.ඒ කිව්වේ address එකේ මුලට https:// කියලද තියෙන්නේ කියල පොඩ්ඩක් බලන්න. http විතරක් තියනවනම් පොඩ්ඩක් පරිස්සමෙන්...

02. Friend request එකක් accept කරද්දී දෙපාරක් හිතන්න..කිරි කෑලි වගේ මුණු දාගෙන හිටියට බාගෙට බාගයක් ෆේක්!

03. ඔයාලගේ ෆෝන් නම්බර් එක...ඊ-මේල් එක වගේ පුද්ගලිකයි රහසිගතයි ඒවා බුකියේ දාන්න එපා!

04. අනිත් එක තමයි Facebook apps! ඔය කවුද වැඩියෙන්ම මට ලයික් කලේ...  වැඩියෙන්ම මාව බලන්න ආවේ වග එක එක මගුල් හොයන ඒවා! මේ වගේ apps පාවිච්චි කරද්දී සමහර apps වලින් FBML නැත්නම් php processor එකක් පාවිච්චි කරලා user ගේ තොරතුරු ඔක්කොම ගන්නවා අපි දන්නෙම නැතිව! ඊට පස්සේ ඉතිං........... තමා!!!

05. Chat කරද්දී එන එක එක ලින්ක් ක්ලික් කරන්නේ බලාගෙන!!!!!මැෂින් එකම පිස්සු කෙලින්න පටන් ගනියි!

06. You have won!  Verify your account... මේ වගේ ඒවා ආවොත් කොටන්නේ බලාගෙන!!කොට්ටෝරුවට උන වැඩේ තමයි අන්තිමට වෙන්නේ!

07. හොඳම දේ තමයි Facebook privacy settings හරියට පාවිච්චි කරන එක! https://www.facebook.com/settings/?tab=privacy මේ තියෙන්නේ.....ඕකෙන් අපේ profile එක බලන්න පුළුවන් අය පවා පාලනය කරන්න පුළුවන්! සෝක් නේ!


08. අනිත් එක ඔය ගෑනු ළමයි එහෙම තමන්ගේ ලස්සන ලස්සන ෆොටෝ (තියනවනම්..හික්ස්...)බුකියට දාද්දි  ටිකක් පරිස්සම් වෙන්න....ඒක ඇල්බම් එකකට දානවානම් මතක් කරලා ඒක බලන්න පුළුවන් අය කවුද කියල හොයල බලන්න!

09. අපිට මීටාර් වෙන්නේ නැති එක තැනක් තියනවා අපේ timeline එකේ! Cover photo කියන එක! අපි ආසාවට ඕකට අපි ඉන්න පින්තුර දානවා!හැබැයි පුතේ අවසනාවට ඕක public විදිහට තියෙන්නේ!වෙනස් කරන්නත් බෑ!ඕනේ එකෙක්ට බලන්න පුළුවන්!(මටත් අද උදේ මගේ හොඳ යාලුවෙක් කිව්වේ...එයාට තැන්කු ඈ!) අනිත් ඔක්කොම ඒවා හංගලා තිබ්බත් ඕකට දාල තිබ්බොත් ඕනේ කෙනෙක්ට අර ගන්න පුළුවන්!

10. අන්තිමට......ළමයිනේ බුකිය පාවිච්චි කරද්දී මම මොකටද මේක පාවිච්චි කරන්නේ කියල හැම වෙලේම හිතන්න....



නාඩියා 2011 දී අර වයඹ විස්ස විද්‍යාලේ ඉංගිරිසි diploma එක කරන කාලේ project එක විදිහට කලේ “පෙස්බුකිය යකෙක්ද?”(Facebook; Is it a MONSTER?”) කියල එකක්! සමීක්ෂණ විද්වත් සාකච්චා එහෙම කරලා තමයි ලිව්වේ!සිරා ඈ! කැමති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා බලන්නකෝ...

හරි..බැරි වෙලාවත් අපිට බුකිය නිසා මොකක් හරි අපහසුතාවක් වෙන විදිහේ දෙයක් උනොත් මොකද කරන්නේ...?
ලංකාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉන්නේ SLCERT (Sri Lanka Computer Emergency Response Team) ආයතනය..රජයට අනුබද්ධ ආයතනයක්..ඕනෙම වෙලාවක පරගණක අපරාධ සම්බන්ධයෙන් ඒ අයව දැනුවත් කරලා නීතිමය වශයෙන් පියවර ගන්න පුළුවන්..



        COMPUTER CRIME ACT, No. 24 OF 2007 මේක තමයි පරිගණක අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ තියන පනත් කෙටුම් පත...පොඩ්ඩක් කියවලා බලන්නකෝ මොනවාද තියෙන්නේ කියල...
  

මෙන්න අපේ ජාතිකේ බුකිය ගැන දාපු නිව්ස් එකක්!



  අන්තිමට නාඩියාට කියන්න තියෙන්නේ මෙච්චරයි......දැලි පිහියෙන් කිරි කනවනම් පරිස්සමෙන් කන්න!නැත්නම් කටයි දිවයි දෙකම කැපෙන්න පුළුවන්!!!




ලයික්  එකක් එහෙම දාල යමු ඈ!

Thursday, July 19, 2012

නාඩියා හිරේ යයි! (16+)

එක දිගට පොස්ට් දාල දාල නාඩියා විකාර ටොපික් ගොඩක් කතා කරද්දී වොර්නින්ග්ස් ආවා “පරිස්සම් වෙලා ඉදපන්!!!සුදු වෑන් එකක්වත් ගේ ඉස්සරහ නවත්තයි කියලා”! ඔන්න එහෙනම් හීනේ හැබෑ උනා! නාඩියා හිර ගෙදර!

හී..ආසයි නේ...!!! 

නෑ යකුනේ තාම නෑ!නාඩියා යහතින් ස්ට්‍රයික් සුවවිදිමින් ගෙදරට වෙලා ඉන්නවා!හැබැයි අද කොටන්න යන්නේ මහා උළු ගෙදර විස්තරයක්!!

නාඩියා ගෙදර හිටපු ටිකේ ඔය එක එක අහු මුළු වල් රිංගන්න ගියානේ...ඔය යන ගමනේදී එක එක ආකාරයේ නාඩි වැටෙන ගෑනු මිනිස්සු හම්බෙන්න පුළුවන් උනා... 

AL කරන කාලේ නාඩියාට සෙට් වෙච්ච සුපිරි කඩයක් තියනවා **** බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ...හැබැයි ගොඩක් මිනිස්සු එතනට යන්නේ නෑ...ඒක ඉතින් කඩයක් කිව්වට කඩයක්ම නෙවෙයි...ලෑලි ගහලා ඇතුලේ පුටු දෙක තුනක් තියාපු පොඩි කාමරයක්! ඇතුලට ගියාම මොකුත් පෙන්නේ නෑ!ඒ තරම් මීදුම!මාර පිරිසිදුකමක් තියෙන්නේ!කොච්චරද කිව්වොත් ටැප් එකක්වත් නෑ!හැබැයි එතන තියෙන තරම් රස බිත්තර බනිස් හිල්ටන් එකේවත් නෑ!

ඔතනට එන්නේ සාමාන්‍යයෙන් සමාජයේ පහත් යැයි සම්මත කරගෙන තියෙන මිනිස්සු !(හැබැයි නාඩියා නම් කවදාවත්ම එහෙම කියන්නේ නෑ!!!!!) නාට්ටාමිලා...කුණු කරත්තේ ගෙනියන අය...ඔය අතරේ එතනට එන්න පුරුදු වෙච්ච මරුම කස්ටියක් ඉන්නවා!ඒ මහඋළුගෙදර ජිවත් වෙලා පොඩි නිවාඩුවකට එලියට ඇවිත් යන්න ආපු ඩයල්!!!

ඔන්න ළඟ පාත දවසක නාඩියා මේක ඇතුලට වෙලා බිත්තර බනිසයක් කකා ඉන්නවා...මනුස්සයෙක් ඇවිත් එහා පැත්තේ තිබිච්ච ප්ලාස්ටික් බංකුවේ වාඩි  උනා...ගත්තා ආසිරි බීඩියක් !දැන් හෙමින් හෙමින් දුම පිට කරනවා...ටිකකින්..

“මල්ලි..අදිනවද උගුරක්‌?”
“නෑ..අයියේ..පාවිච්චියක් නෑ...”


“අන්න එල කොල්ලෙක්!පුරුදු වෙන්න එපා බං ඕවට!අපි වගේ නාස්ති වෙන්න එපා!මේ ඇතුළේදී බං මටත් මේ මඟුල හුරු උනේ..”

නාඩියා පොඩ්ඩක් මිනිහට ඉන්ටරස්ටින් පාර දානවා වගේ පෙන්නුවා!
ඩයල් ඒක දැන් සිරා මනෝ පාරක් ගහගෙන ටෝක් එකක් දෙන්නයි ලෑස්තිය!

“මෙහෙම හිටියට කොල්ලෝ මං මිනිමරුවෙක්!”

පිස්සු බම්ප් වෙනවා ඕයි!!නාඩියා මිනිමරුවෙක් එක්ක සම්මුඛ සාකච්චාවක්!

“නෑ බං!ඒක විතරයි මට කරන්න තිබුන එකම දේ!මම මගේ අයියගේ ගෑනිව මැරුවා!එකී පට්ට ***ක්!මගේ අයියා ඉන්නේ රට..ඒකා අවු කාස්ටකේ දහ දුක් විඳලා එවන සල්ලි වලින් ඒකි මෙහෙ මිනිස්සුත් එක්ක ජෝගි නටනවා!!මට ඉවසුවේම නැත්තේ මල්ලි අයියගේ පොඩි කෙල්ල නිසා බං!ඒ අම්මණ්ඩි හින්දා අර අහිංසක කෙල්ල නාස්ති වෙනවා මට බලාගෙන ඉන්න බැරි උනා බං!”

“හා..උඹම කියපන් මම ගත්ත තීරණේ වැරදිද?ඒ  **යොන්ව කොට්ටේ තියලා නලවන්නද බං ඕනේ?”

“හ්ම්ම්....”

ගෙදර තිබිච්ච මන්නේ අරං ගිහින් කෙටුවා ඔලුවටම!පස්සේ පිහියත් එක්කම ගිහින් පොලිසියේ භාර උනා!ඇතුලේ හිටියා දැන් මාස තුනක්!ඇප පිට එළියේ ඉන්නේ..නඩුව මේ මාසේ ** දා ..


“ඇතුළ මෙහෙට වඩා මරු ඕයි!!ආයේ යන්න හිතෙනවා!උඹ ගිහින් තියනවද?”
(යකෝ නාඩියාගේ අහිංසක මුණ දැක්කහම එහෙම හිතෙනවද මං අහන්නේ.....)

"නෑ අයියේ...."

ඊට පස්සේ ඩයල් එක මට පට්ට විස්තර ටිකක් කිව්වා..ඒවා මේ කොටන්නේ ඇතුලට හදිස්සියෙවත් යන්න උනොත් කෝකටත් දැනගෙන ඔන්න එක හොඳ නිසා!

මහඋළුගෙදර හිරකාරයෝ සෙට් දෙකයිලු!එකක් සැකකාරයෝ(අර මාත් එක්ක කතා කරපු එකත් සැකකාරයෙක්!) අනිත් සෙට් එක අච්චු කාරයෝ!(ඒ කියන්නේ වරදකට උසාවියෙන් දඬුවම් ලැබිච්ච කට්ටිය)
අච්චුකාරයොන්ව හිරේ ඇතුලේ එක එක වැඩ වලට දැම්මට (ඒවාට කියන්නේ “පාටි” කියල... “කුස්සි පාටි”.....එහෙම එක එක ඒවා තියනවා..) සැකකාරයෝ මේවට දාන්නේ නෑලු!නිකම්ම ඉන්නලු තියෙන්නේ!මරු නේ!

නාඩියා එක්ක කතා කරපු ඩයල් එක වැටිලා තියෙන්නේ “මෝරා” වාට්ටුවකට! ( ඒ කියන්නේ ටිකක් හයි ෆයි ඩයල් ඉන්න එකකට!)  ඒකෙ ඉඳල තියනවා නිදන් හොරකම් වලට අහුවෙච්ච හමුදාවේ මහතැනක්...ප්‍රසිද්ධ පන්සලක හාමුදුරු කෙනෙක්....ඔන්න ඔය වගේ ලිස්ට් එකක්!

“මල්ලි..අපේ ***ට (හමුදා නිලයක නමක්) ඉරිදට ගෙදරින් විසිට් එක හම්බෙනවා 25,000 ක විතර බඩු!වතුර බෝතලේ ඉඳන් ඇතුලට එනවා!

ඔන්න වැඩේ!මේවා මෙහෙම එන එක නිතිවිරෝධිද නැද්ද කියල මමනං දන්නේ නෑ...

තව මරුම කතාවක් මට මගේ අලුත් මිත්තරයා කිව්වා!

“කොල්ලෝ ඇතුලේ පට්ට බිස්නස් එක තමයි ලහිපිට බිස්නස් එක!”

“ඒ කිව්වේ අයියේ..”

“ලහිපිට කොළ වලින් වේලලා කුඩු කරපු දුන්කොල ඔතලා ඇතුලේ හදනවා ලෝකල් එකක්!!විටමින් කුරු වලටත් වඩා මාකට්! මම කලේ ඇතුලට එන පත්තර ඔක්කොම එක්කහු කරල ඒවා කොලේ කොලේ විකුනපු එක! ලහිපිට පිටු දෙකක් රුපියල් 20 දීලා අරං යන වෙලාවල් තියනවා බං!”


නාඩියාට ඔක්කොම අත ඇරලා ඇතුලට යන්න හිතුනා!!!!


ප.ලි  - මොනවා උනත් හිරකාරයෝ කියන්නෙත් අපි වගේම මනුස්සයෝ...හුගක් වෙලාවට ඒ අය ඇතුලට යන්නේ සමාජයේම වරදින්!ඕනේ තරම් වැරදි කාරයෝ එළියේ යහතින් වැජබෙනවා!කුඩු මුදලාලි ප්‍රාඩෝ එකේ යද්දී කුඩු කන හැන්දක් විකුණපු එකා ඇතුලේ!

ඔන්න ඕක තමයි අද තත්ත්වේ ඈ!අනිත් එක අපරාධ කරන කෙනාගේ මානසික තත්ත්වේ!ඒ ගැනනම් මම දන්නේ නෑ! ප්‍රදීප්අයියගෙන් තමයි අහන්න ඕනේ! නැත්තනම් අර හොඳට හිටපු මිනිහෙක් එක පාරට තමන්ගේ අයියගේ භාර්යාවට මන්නෙන් කොටයිද??

සමහර ජේලර් ලා....කාකි සූට්...ගැන කතා නොකර ඉමු නේ!මොකෝ කතා කරලා වැඩක් නෑනේ!!!

 (16+ කියල දැම්මේ දුම්කොළ හා මධ්‍යසාර පනත නිසා ඈ!මොකෝ නිස්කාරනේ දඩගෙවන්න බෑනේ)

Friday, July 13, 2012

අඹ කෑලි...


බස් රේඩියෝ බ්ලොග් සතිය ඔන්න ඉවර වෙන්නයි එන්නේ...අද නාඩියා කොටන්න කියලා හිතුවේ ඊයේ කොලොම්පුරේ යන වෙලාවේ දැකපු සිද්ධියක්..මීගමුවෙන් හවස කෝච්චියට ගොඩ උනා  කොටුවට එන්න...

රාගම පාස් කරලා ටිකක් දුර එද්දී..පෙට්ටියට අන්ධ මිනිහෙක් ගොඩ උනා......සුදු සැරයටියක් අතේ තියාගෙන හිටියත් එයාගේ දුව දෝ කොහෙද කණ වැල ඇල්ලුවා...තමන් ගෙනාපු බෑග් මල්ල බිමින් තියපු ඒ මනුස්සයා සාක්කුවෙන් බට නලාවක් ඇදලා ගත්තා...ටිකකින් මුළු කෝච්චි පෙට්ටියම ඒ බට නලාවෙන් පිට වෙච්ච ස්වර හතෙන් පිරිලා ගියා...

මිනිස්සු අතේ ගුලි වෙච්ච දහයේ කොළ..විස්සේ කොළ...පහේ කැට මනුස්සයා අතේ තිබ්බ ටින් එකට එකතු උනා..

ටිකකින් මනුස්සයා ඉඳ ගත්තා...ලුණුයි මිරිසුයි දාපු විස්සේ අඹ කෑලි මලු එල්ල ගත්ත මිනිහෙක් පෙට්ටියට ගොඩ උනා...

“අනේ තාත්තේ.....ටෙස්ට් අඹ මල්ලක්.....”

අන්ධ මනුස්සයා එක්ක හිටිය පුංචි ගෑනු ළමයා තැඹිලි පාටට දිලිසෙන අඹ කෑලි දිහා කෑදරෙන් බලාගෙන කෙඳිරි ගෑවා...
අන්ධ මනුස්සයා ගොළු උනා..

කෝච්චියේ හිටිය මිනිස්සු....

“අපි මුන්ට සල්ලි දෙන්නයි..මුන්ට අඹ කන්නයි!”

 කියල මුණු මුණු ගානවා නාඩියාට ඇහුනා....
ඒත්...අනේ මන්දා....නාඩියාට මොකක්දෝ අමුත්තක්  හිතුනා...


 - - -


ඔන්න අදට එක දිගට දවස් හතක් නාඩි කෙටුවා! ලේසි පහසු වැඩක් නෙවෙයි ඔන්න කලේ ඈ!කස්ටිය දාපු කොමෙන්ටු...ලයිකු වලින් තමයි නාඩියා හයිය ගත්තේ...

ඔන්න පහලින් ලින්කු ටික ඔක්කොම දැම්මා...කස්ටියට හිතෙන දේ...ගල්.....මල්...මුල්...ටික අදත් කොටලා යන්නකෝ...

බස් රේඩියෝ බ්ලොග් සතියට එක දිගට කොටපු නාඩි...(අද කෙටුවේ හත්වෙනි එක ඈ!)
 


ඔන්න එහෙනම් නාඩියාත් පොඩි නිවාඩුවක් ගන්නවා ඔන්න...වැඩ කන්දක් ගොඩ ගැහිලා තියනවා කොරන්නත්!

අලුත් රසබර ජෝලිබර හැගීම්බර නාඩියක් එක්ක ළඟදීම අනිවා එනවෝ!!!




ලයික්  එකක් දාලම යමු ඈ...

Thursday, July 12, 2012

කවුද යකෝ මෙච්චර ලොකු ** දාපු එකා???

අල ගෝනි හානයිස් බුරි එකේ කාගේදෝ ෆොටෝ කෑල්ලක් දාල අටම්පහුරා කිව්වා සුදු වෑන් එකක් එයි පරිස්සමෙන් හිටපන් කියල..පඩ සරත් කොටපු වෙලේ අවතාරයා කිව්වා “US ARMY ඒකෙන්  තෝව උස්සනවා අනිවා!”  කියල...එහෙම කියල ඉතිං නාඩි කොටන්නේ නැතිව ඉන්න පුළුවන්යැ!අද නාඩියා කොටන්න කියල හිතුවේ නාඩියාගේ අසල්වැසි රටේ සංචාරේ ජෝලිබර මතක ටිකක්!


නාඩියා නම් වූ උත්තම පුරුසයා තමන්ගේ රටට පැමිණෙන බව ආරංචි වූ මං මෝහන සීයා ප්ලේන් එකෙන්  බහින්න කලින්ම තෑගි පාර්සලයක් ට්‍රොලියක පටවා ඒවා තිබුනේය...ඒ සමගම නාඩියාගේ මෝබයිලාට ඇමතුමක් ලැබුණි!

“හලෝ...”
“හලෝ ශ්‍රී ලංකා....”

“හලෝ හුස්‌ ඉස්පිකින් හේ?”

“හලෝ නාඩියා...දිල්ගේ නාම්හේ ශාරුක් කන්නන්ගර්හේ...වෙරි වෙල්කම් ටු හින්දුස්තාන් හේ...කභි අලවිදනා ප්‍රීති හෝම්හේ...නයිට් ලන්ච් රෙදියා ඇට් ප්‍රියංකා චොප්රා නිවාස් හේ!”

“පිස්සු බම්ප් වෙනවා ඈ හේ! OK බේටා....!! TK TK…..

එයාර් පෝටයේ සිට හෝටලයට යාමට ප්‍රියංකා චොප්රා චොපර් එකක් ඒවා තිබුනේය...එතැන් සිට නාඩියා තමන්ගේ අතීසාර මිත්තරයන් දෙදෙනෙකු සමඟ කල සංචාරයේ පිස්සු බම්ප් වෙන තැන් දෙක තුනක් මෙසේය..


නාඩියා හිතන විදිහට ප්‍රවාහන ප්‍රශ්නෙට නියමම විසදුම හොයා ගෙන තියෙන්නේ හින්දුස්තාන් කස්ටියය ..ත්‍රි විලරයක උනත් බස් එකක සෙනග යන්නේය...පාරේ යද්දී මේ ෆොටෝ ගත්තේ...කොහොමද වැඩේ කියල බලන්නකෝ...(අපිත් ටෙස්ට් කොරල බලමුද?)


අනිත් සුපිරිම සෙට් එක තමයි පොලෝසියේ ඩයල්!සම්තින් එක ගන්න දන්නෙම නෑ!උන් ඉන්නේ දිග උණ බටයක් අතේ තියාන!සබන් කෑල්ලක් හරි සිද්ධාලේප කුප්පියක් හරි දුන්නොත් ආයේ පු* උනත් හෝදයි!(ඉන්දියාවේ යන උන් ඉන්නවනම් ඔය දෙකෙන් ටිකක් වැඩිපුර අරං යමල්ලා...)

උණ බට පොලිසිය
මේ සිද්ධිය උනේ පැය 48 ක් එක දිගට කෝච්චියේ එද්දී...ඉන්දියාවේ ඉන්නවා අර ගෑනු වගේ ඇදන් ඉන්න පිරිමි!(අර නච්චිද මොකක්ද කියල කියන්නේ) උන් කෝච්චියටත් නගිනවා...කොල්ලොන්ට තමයි කරදර කරන්නේ!සල්ලි ටිකක් දීල තමයි ශේප් වෙන්න ඕනේ!ඔන්න දැන් අපි ඉන්න පෙට්ටියට එහා පැත්තේ එකේ ඇහෙනවා අරුන් අප්පුඩි ගගහා සින්දු කියන සද්දේ...ලඟට ආපු ගමන් නාඩියා කලේ ටොයිලට් එකට රිංගන එක!මක්කයත් තිබිච්ච අනිත් එකට රිංග ගත්තා! බඩ චමතා හරි බැරි ගැහිලා හැංගෙන්න යද්දී ඩයල් ටික ඇවිත් ඉවරයි! ඔන්න දැන් කස්ටිය අරුව වට කර ගත්තා...නාඩියා ටොයිලට් එකේ දොරේ හිලකින් බලාන ඉන්නවා..සාරි ඇදලා..වළලු දාල..ලස්සනේ බැරුවා(ඊයා..........)

සෙට් එක හින්දියෙන්ද කොහෙද චමතට මොනවාදෝ කිව්වා!ඩයල් එක ටස් ගාල කොලයක් ඇදලා අරුන්ට දුන්න!යාන්තම් උන් ටික ගියාට පස්සේ අපි වීරයෝ වගේ එලියට බැස්සා!

“පවු බං අසරණයෝ.....”

“ඇයි මොකෝ???”

“නෑ බං මම උන්ට දුන්නේ ලංකාවේ රුපියල් 10 ක්!”

ඔන්න ඉතින් නාඩියා ඉන්දියාවට ගොඩ බැස්ස කියමුකෝ..මුලින්ම ගියේ දිල්ලියට!අර කතාවටත් කියන්නේ “දිල්ලි ගියා වගේ” කියල!ඒකනම් අනිවා ඇත්ත කතාව!මෙලෝ මගුලක් හොයා ගන්න බෑ!උදේ පාන්දර නැගිටලා මම මක්කයට කතා කළා අපි යන බස් එකට බඩු මලු ටික ඇද ගන්න රික්ෂෝ එකක් ගේන්න යමු කියල...(රික්ෂෝ එක කියන්නේ බයිසිකලේක පිටිපස්සා සිට් එකක් හයි කරපු අයිටම් එකක්!ඔය තියෙන්නේ පහලින්)


දැන් නාඩියයි මක්කයයි පාරේ යනවා..පොඩ්ඩක් පටු පාරක්...යන ගමන් මක්කයා මෙහෙම අහනවා..

“ඈ බං නාඩියෝ මෙහෙ බල්ලෝ ගොඩක් ඉන්නවා වගේ නේද?”

“හ්ම්ම්....” 
(එහෙම කියන ගමන් එක ජොනි බට්ටෙක් උඩින්  පැන්නා)

“මුන් කන්නේ මොනවාද දන්නේ නෑ බං මෙච්චර තඩි බොග දාන්න!මුන්ගේ පු*වල් මහන්න එපැයි මේ හැම තැනම දාල තියෙන විදිහට...”
 (මක්කයා තව ජොනි බට්ටෙක් උඩින් පැන්නා)

නයි කයිද රෝස් පාන් කියපි!!!!ඉස්සරහ දැකපු දර්ශනෙන් මාස හතක් කාපුවා වමාරලා ආයේ කන්න හිතුනා...අපේ ආදර හින්දුස්තාන් කොල්ලෝ සෙට් එකක් පාරේ ඉදගෙන උදේ සිහිල් සුළං රැල්ලේ බඩවල් හිස් කරනවා..පාරේ ගෑනු මිනිස්සුත් යනවා....ඒ යක්කුන්ට ගානක්වත් නෑ!!(එතකොට අපි උඩින් පැනපු ජොනි බට්ටෝ???)

රික්ෂෝ එකක්නම් තියනවා..පදින එකා නෑ!දැන්නම් නාඩියාට අන්නශ්රොතේ ඉදන්ම ඔක්කරේ වගේ..ඉක්මනට යන්නයි හිත...පොඩ්ඩක් වටේ කැරකි කැරකි ඉද්දි අර කොල්ලෝ සෙට් එකෙන් එකෙක් නැගිටලා ඇවිත්(හේදුවද දැක්කේ නෑ)

“කම් සර්ර්...රෙක්සෝ සර්ර්.....මහා බෝධි පා...න්සල්.... ගෝ සර්ර්....”

මොනවා කොරන්නද නාඩියයි මක්කයයි නහය වහගෙන පිටි පස්සෙන් වාඩි උනා!

මේ ඉන්නේ ඒ උත්තම කොල්ලා!

ඔන්න ඔහොමයි ඉන්දියාව..හැබැයි ලස්සන පැත්තකුත් තියනවා..ඒ ගැන පස්සේ කියන්නම්....අනිත් එක මුන් පාරේ කැත කලත් රට ගැන හැගීමයි..රටේ දේ ගැනීමයි බොක්කෙන්ම තියෙන ජාතියක්! රටේ අගමැති යන්නෙත් ඒ රටේම හදන එම්බසඩර් කාර් එකේ!

ඒකනේ උන් අග්නි මිසයිලේ උඩ යවද්දී අපි තාම රාවණාගේ **** අල්ලන් කෑ ගගහා ඉන්නේ!

බස් රේඩියෝ බ්ලොග් සතියට එක දිගට කොටපු නාඩි...(අද කෙටුවේ හයවෙනි එක ඈ!)
 



ලයික්  එකක් දාලයමු නේද?
Related Posts Plugin for WordPress, Blogger...